Wednesday, October 30, 2019

එන්නා සොල්ලුන්ග... දුකයි අඩා...













කොළබ ගෙන්දගම් පොළොවේත් ඒ සමතලා කළ ගහ කොළ වැල කියයි අපේ ඒ පැරණි රස කතා.


එදා අසූව දශකයේ මැද භාගයේ මා කොළඹ දෙවන වරටත් උසස් පෙළ විද්‍යා අංශයේ ඉගෙන ගන්න කාලේ පුරහල පිහිටි alexandra කොලිජියේ පීරියඩ් කට් කර වික්ටෝරියා පාක් එක මැදින් ඇහැල මල් සෙවනේ ගොස් මහජන පුස්තකාලටය. එහි වටා ඇති හුරි මාර, නා, අඔ ගස් වගේම එදා ඉංග්‍රීසි ආණ්ඩු කාලේ සුද්දෝ අලංකාරට එක පෙළට වවා තිබු පයිනස් ගස් සෙවනේ ඇවිද ගිය සිසිල් සුළං වදිමින්, ගීමන් හරිමින්,ගී ගයමින්, වල් පල් දොඩමින් කාලය ගෙවා දැමු අතීතය මා දැසට පොට්ට නැත පට්ටය.මැයි මල් රතට රතේ පිපුණු අද ඒ ගහ කොළ පරිසරය විනාශ කර අවසන්ය.

පොත් පත් අතර හීන ගොඩක් මැද අම්මා මිට මොළොවා දුන් කාසියෙන් ගත් ආතල් එදා කොලොබ හතේ හිට්ය පුස්තකාලයට පෙනෙන විසිල් පාරකින් එළියට එන දුරකින් පිහිටි ජේ ආර් ගේ පුතා වත් නවලෝක මුදලාලිගේ දුව වත් ගත්තේ නැතුව ඇති. libaryයෙ අයත් ටක් එකේ නිතරම අප කකුලේ දැවේටෙන නිතරම ඇනුම් අරින කිටියාද, ඉර්සියාවට ලව් කපල්ස් වලට බුරන 'ලපයා' නම් සුරතල් බල්ලා ඒ අවට තිබු ගහ කොළ වැල් සෙවනේ දුව පැන ගිය සුන්දරත්වය ආයේ දකින්න නොලැබෙනු ඇත. සොරි ඩොට් කොම්ය.

"හෙට අනිද්දා ආයෙත් හමුවෙමු මචෝ..." කියා ධර්මපාල මාවතේ සෙමින් ඇදෙන පිටකොටුවට දෙසට ධාවනය වන 138 බස් රථයක නැගී යූනියන් පෙදෙස හරහා ගොස් කොටුවේ රිගල් හෝල් එක ළඟින් බැස ඒ අසල ඇති විජය රාමනායක මහතාට අයත් තරංගා කැසට් අලෙවි සැලට ගොඩවන්නේ ඒ අපේ නව යොවුන් වීකසිත පැතුම් දොරේ ගලන ගී ඇති අලුත්ම කැසට් එකක් වට්ටම් ඇතිව ඔහුගේම අතින්ම ලබා ගැනීමටය.

අතේ ඇති ඉතිරි මුදලින් රීගල් හෝල් ඉදිරිපිට ගසා ඇති මේගා කටවුට් දිහා නෙත් යොමා ගැලරියට හෝ පළමු දෙවන පන්ති වලට රිංගා සමහර සිංහල චිත්‍ර පටි බැලුවේ මංගල දර්ශනයට සහබාගි වන නිෂ්පාදකවරු, අධ්‍යක්ෂකවරු, නළු නිළි, කැමරාමන් හා එහි සේවය කල ටි බෝයි දක්වා ටීම් එකත් සමගය. එහි සේවය කල ප්‍රොජෙක්ටරය ක්‍රියා කරුවු මාලිගාවත්තේ අප නිවස අසළ ජිවත් වූ යාපනේ මුරුගන් අයියා දැන හැදුනුම්කම් මත ඔහු මා සොයා ගෙනත් දෙන ආරාදනා පත්‍ර, ඕ,ඩි.සි හෝ බැල්කනි ටිකට්පත් දුන් අතීතය මට මතකයට නැගේ. චිත්‍රපට බලමින් ලැබෙන විවේකයේදී කොකා කෝලා, පැන්ටා බොන්නේ එහි තිරයේ පෙන්වන ඈඩ් බලමින්ය. වෙළුණු දිව කුල් කරමින් රස නහර පිනන "ඇලරිකස්" අයිස් පලමේ කිරි, වැනිලා, චෝකොලට් රසය දෑනුදු මතක් වෙන විට කෙළ උනයි.

මා ෆිල්ම් පිස්සෙක් කියා කිවේ තාත්තාට හොරෙන් අම්මාය. ඒ කියක් හරි ඉල්ලන මොහොතකය.මට ලැබුණු අමතක නොවන ආරාදනා පත්‍ර අතර සිදුවීම් වගතුග ලියතොත්......

ලංකාවේ පමණක් නොව හොලිවුඩයේ පවා නමක් දිනා සිටින සිනමා නිරමාණකරුවෙකු වූ චන්දරරත්නම් මහතා එදා ඔහුගේ නව යොවුන් ජිවිතයේ තොරතුරු ගෙන හැර පෑ සිනමා පටිය නම් "ආදර කතාව" සිනමා නිරමාණයවේ. කොළඹ හා අවට නගර තාප්ප වල, ලයිට් කණු අළවා තිබු පෝස්ටර්යට මා පෙම් බැන්දෙය. සිංහල කෙල්ල වූ මැණික් කුරුකුලසුරියගේත් දෙමළ කොල්ලා වූ සෙල්ලවරාජන් ගේ ආදර කතාව එහි සියලුම ශිල්පින් සමග එකම රිදී තිරයේ වී. අයි. පි රසිකයෙක් ලෙස නැරබුවේ මුරුගන් අයියාට පින් සිදු වෙන්නටය. මේ අතීතය සුන්දරත්වයෙන් පිරි සොඳුරුතම දසුන් මතක් කරමින් මොහොතකට හෝ සමවැදී සිතින් ගතින් උහුලන්නේද, දුක හිතෙන්නේද මට විතරද.....


Thursday, October 24, 2019

මල් පිපුණාට ගෙඩි නෑ තාම...


ගමේ උන්නු සන්දියෙ පොඩි ගතමනාවක් හොයාගන්ඩ කරපු සක්කරන් , බොලේ ගමේ බුවෙකුට ලිව්වොත් කිව්වොත් ඇහුවොත් දෑණුනොත් ආයේ දෙකත් නෑ තුනත් නෑ ඒ පැත්ත පලාතට යන්න බෑ දීග කලිසමක් නම් ගහගෙන...

හැලබගහ වැවේ තාවුල්ලේ බක්මී, නා, කොන්, දන් ගස් දෙවට ලන්ද වගේම..., මහ වෙල් යායට බර වෙලා කුදු ගැහී තිබූ පොල් ගස් පෙල කතා කොලොත් කියයි ඒ අපේ රස කතා... තෙන්නකෝන් වලව්වට අයිති වත්තේ වළි කුකුල්ලු ළගින ඇල්බීසියා වැට අයිනේ තිත්ත පැටවූ රංචු පිනන දොළ පාරට උඩින් පැහි වැටෙන නවසි පොල් ගහේ මදු වළලු අඹරා කරටියට බඩ ගා කලටි කුරුම්බා නෙලා පලා උලා ලෝද කැ අතීතය පට්ටය.හරියටම කිවොත් තාත්තා දින ගණනක් මද ගින්නේ හදන පොලොස් ඇබුලේ මැටි වළදේ අඩියේ ඉතිරි වුණු කුරුදු පට්ටේ අතින් ගෙන උරා බි සුප්පු කළා වගෙය.

 පැහිච්ච පොල් වළලු බාල් කර ඉතිරි වළලු බුවල්ලේ එල්ලෙන පොල් ගෙඩි ටිකත් කඩා ගෝලයට සිටී කරුණා, සරා, නවා කර මතින් පොල් ගෝනිය මාරුවට කර ගසා වක්කඩවල් පැන ගෙන ගොස් දෙන නැවුම් පොල් බාන් හරමානිස් නැන්දා කුණු කොල්ලයට ගන්නේ අඹ කජු මාදන් යාළුවෝ රොත්තම ඇය අප සැම බය කරය.කොල්ලා කාලේ අහිංසක හොරකම් මැරකම් වලට ගමේ නගරයේ පාසලේ අපි එදා ප්‍රසිද්ධ සිටියහ.ලගින් ගියොත් ඇහ අන්දය. හදිසියේ නැන්දලා කඩේට ගියත් මගේ කලිසම් සාක්කු කඩේ වැඩට උන්නු සෙනවි, මුර්ති අයියලා චෙක් කරන්න නැන්ද ඕඩර් දී තිබුනත් ගේම නම් අත ඇරියේ නැත.


"මේ ඇහුනද සෙනවිරත්න... ගුණසේන... අපේ අයීයගෙ ලොකු පුතා කඩේ එහෙ මෙහෙ යන කොට ඇහෙ ගහගෙන ඉන්න . හැහ්..හැහ්..හැහ්.."

දිනක් කඩේ නැන්දා එහි සේවකයන්ට කියනු මා හට අහම්බෙන් ඇසුණා.ගමේ හංදියේ තිබුණු ඕනෑම දෙයක් ගත හැකි රන්සිළු ස්ටොර්ස් නමින් ලොකු වෙළද සැලක් ඇය සතුව තිබුණා.ඉට අමතරව වන්නියේ හදවත වූ නිකවැරටිය නගර මද්‍යය්යේද තවත් වෙළද සැලක් ඒ නමින් ප්‍රසිද්ධ තිබුනා.


සමහර දිනවල පාසල් නිමවී නැන්දාගේ මුහුණ බලා දෙන දෙයක් බොමින් කමින් අහුවුණු දෙයක් සාක්කුවල පුරවා කාටත් නොකියා වෙළද සැලෙන්හොර රහසේ ගැඩවිල්ලකු සේ ලිස්සා යන ගතියක් මා තුළ තිබුනා.
දිනක් උපාසක ලීලාවෙන් වෙළද සැලට ගොඩවී එහි නානාප්‍රකාර වෙළද භාණ්ඩ සොකේෂ් විදුරැ තුලින් බලන මොහොතක සක්කරන් පැකට් සිතා කඩේදී කාටත් හොරා එහෙ මෙහෙ බලා විදුරු සොකෙෂ් එක අයිනේ ගසා තිබු 'ප්‍රිති' කියා තිබු පෙට්ටියෙන් පැකට් දෙක තුනක් ඉනේ ගසා ගෙන ගෙදර ඇවිත් අලූත් ටොෆී වර්ගක් යයි සිතා දිව රස කර කෙළ හලා කැඩුවත්, එය බලා සිතින් බැන්නේ ඒ කොම්පැනියේ පැකට් කරපු එකාටය.


ඒ උට වැරදිමකින් බැලුන් පැකට් කර ඇති නිසාය වෙනි.රබර් පුලටු ගදකින් හා ලිස්සන සුළු තෙල් ගතියක් යුක්ත නිසා මෙය මට එදා ප්‍රහේලිකාවක් උනා. අතින් ගෙන විපරම් කර දෙතොලට තියා පුම්බා හැඩය බැලු අයුරු සිනහා යමින් මට දැනුද සිහිවේ.


'යකෝ මාර භාණ්ඩයක්නේ'


මටම ඉබේටම කියවිණි. සවස ගේ මිදුලේ චක් ගුඩු අදින කොල්ලෝ සමග ඒවා පුම්බා ඉන්න මොහොතේ ගමේ කුකුල් නාම්බෙක් තැරි ගගාහා ලිප් ගල තූන උඩ මැටි වළදෙ සූවද දමමින් සිහින්ව ඉරු හනසූ දමා හොද්ද බොර කරන මොහොතේ පොල් කටූ හැන්දෙන් අල්ලට හොද්දේ අඩු පාඩුවට දෑනි නෙරිය උස්සා හනසු කඩුල්ල පැන දිව ආ බණ්ඩාරි නැන්දා අපේ ලිද ලග සේර පදුරෙන් සේර ගහක් උදුරා ගැනීමට ආ මොහොතේ අපි උඩ දමන බැලුන් දැක සිනහා වී

"කෝ කොල්ලනේ තොපේ අම්මා" කිවේ තාලයටය.


"ආන් කුස්සියේ ඇති" ..උඩ දමන බැලුන් දැක ඩ්ම් වූ


ඇය අම්මාගේ කනට කොදුරා කියූ රහසින් පොල් ගගා බර තියා උන් හිරමනය පෙරළා පොල් බැය විසිකර දිව ආ මගේ අම්මා මගේ කන මිරිකා ඇසුවේ කොහින්ද උබලට මේවා කියාය. දිපන්න්කෝ උත්තර...බඩු මාට්ටුය..ඇත්ත කිවේය. අම්මේ තාත්තාට නොකියන ලෙසය.


කොල්ලෝ ටික වැටවල් උඩින් පැන දිවෝය.

බලන්ඩ අක්කේ..අක්කා දැක්ක නිසා හොදයි..පාරේ යන කෙනෙක් හරි වෙන ගමේ කෙනෙක් දෑක්කා නම් අපේ පටි රෝලන්නේ.

එහෙමයි නගේ ඇමා නැන්ද දැක්කනම් මේකලා ඔක්කම දෑක්කාවගේනේ නංගි ,,බණ්ඩාරි නැන්ද පොර ටිකක් එකතු කලේ කට නිකන් තියාගෙන ඉන්න බැරි කමටය.

"ඉතින් අම්මේ... බැලුන්නේ... අපි පුම්බලා උඩ ඇරියේ..." මා සුදානා වෙන්න දෙසා බැවෙය.

"හා හා කට කට ඇති ඔතනින් ගියා.."

අම්මා කියූ අප්‍රබංශ තේරුනේ කොට මම ඊට වඩා දුර දිග ගොස්ය.

අපේ අම්මගෙ කෙසේ වෙතත් බණ්ඩාරි නැන්දාගෙන් මෙගා කරච්චලේට කොල්ලො පැන දිවූහ. එතන උන් උඩහගමේ ගාමිණී නොහොත් බඩා මා දුන් එක පැකට් එකක් ද රැගෙන ගිය වග දන්නේ පසුදා උදේ පාසලේදීය. පාසලේ වතුර බොන ලිඳ ලග පෙරදා මා දුන් ප්‍රීති කොපු වලට වතුර දමා ලබ්බක් සේ එල්ලා සිටින මොහොතේ කෙල්ලෝ කොල්ලෝ වටවෙලා මේ බලන්නේ අමුතු අගිස්සේ තන පුඩුවට සමාන අලුත් බැලුනයක් සිතාය. ඒ අසලින් කැන්ටිමට දෙසට ගිය වර්ණකුලසූරිය මිස් මේ දැක ඔහුව විවියන් කාමරය තුලට ගෙන ගියේ උගේ අතින් බැලුනේ වතුර හල හලය. ටික මොහොතකින් ඔහු එනවිට බව දුටු මා


"යකෝ මොනවද මිස් කීවේ උඹට..."

'උඹ තමයි මට දුන්නේ කියලා කිවා බන්...


මිස්ලා ඔක්කම හිනා උනා..

මල්ලිකා මිස් ළමය ඕක ඔය මේස උඩින් තියලා පන්තියට යන්න කිවා උඹලගෙ තාත්තාට එන්න කියන්නම් කියලා මිස් උබට කියන්නම් කිව්වා..මොකක්ද දන්නේ නෑ..."


පාසල් යන කාලයේ එහෙම වුණත් කොළඹ දී ද මට ප්‍රීති කසානා හැදුනා ය.ඩෙනිම් කලිසමක් අදින්න අපහසු ලෙස කසානා බෝ විය. කිහිලිවල තුවාල වෙනකම් කැසුවේය.හොරි කහපිය.ගිණි පිබ්පිය. අම්මා මුළු ගෙදරම මට බැන බැන රෙදි උණුවතුරේ තම්බා සෝදා වේලා සනීප කළේය. ගැර්න්ඩ්පාස් හන්දියේ නිමල් දොස්තර මහතා හමුවී සුව කරන ලෙස මා බැගෑපත් වී සැර ක්‍රම් වර්ගයක් ගාන විට නිමල් දොස්තර්ගේ දෙමාපියෝ පමණක් නොව තරු විසි වී මරු විසි වුණේය.

"ගෑනු ළමයටත් හැදිලද.." දොස්තර ඇසුවේය

"කොහේ හරි ගුබ්බැයමක ගියාද රිංගුවා ද..." අම්මා වහෙන් හොරා ඇසුවේය.

"මරදානේ ගියාද බන් අපිටත් නොකියා..." යාලුවෝ ඇසුවේය.

"ඇත්ත කියපන්..." මගේ ඇස් දිහා කෙලින් බලා තාත්තා ඇසුවේය.

ඔහුට කොලේ හංගන්න බැරිය. පිටකොටුවේ වර්ල්ඩ් මාර්කට් එකෙත්, කාපෙරි මුඩ්ක්කුවේ පෙමන්ට් එකෙත් එදා සුද්දෝ ඇදපු හම්පඩ පෙඩ් වූ ඩේනිම් කලිසම් කැලි ගානට විකුණු ඒවා ඇදීමෙන් මට කසානා බෝ වී තිබු බව වැටහෙන විට අල්ලපු ගෙදර අයටත් එකම වැටේ හිරුට වනා තිබෙන වැලේ රෙදි සුළගින් බෝ උනා.

කුඩා කල ක්‍රීම් පාටට මේ බැලුම් දැක පසු කලෙක දේදුනු වර්න ඒවාද, අඟර දඟර වැනිලා ස්ටෝබරි වැනි සුවඳ හමන නානාප්‍රකාර ලොකු කුඩා දැක පුදුම නොවුණේය

Monday, October 14, 2019

ගජමැන් නොහොත් මේරයාට සෙම හලපු අපේ ගෝඩ්ඩ්න් අයියා....







එදා රජ දවසේ සිගිරිය ගලේ ඇදී..ඉසුරුමුණියෙ නෙලූ..කැළණි විහාරයේ ඇදුන සිතුවම් අප සදා මතකයේ රැදෙන්නේ අපේ උරුමයත් සමගය........මෙදා අපේ පත්තර කලාවේ නිහඩව හාස්‍ය උපද්දන විකට කාටුන්ද මා සිත් ගත් සිතුවම් වගේම අද සමාජයේ අසාධාරණය අඩුපාඩු පොදුවේ පෙන්නා ලොක්කන්ගේ සහ සොක්කන්ගේ රෙදි ගලවන්නේ එම ශිල්පින්ගේ වෙඩි බෙහෙත් තැවරුනු තිත්ත හා ඇබුල් තීන්ත තුලිනි. එදා පත්තර පිටු අතර සිටි චරිත අතර ටික්කා සමග ලපයාද, සිරිබ්රිස් සමග දොන් සේතන්ද, සුවීට් සමග මිස්ට ලව්රිස්ද, ගොඩ්ඩ්න් අයියා සමග මේරායද, බෝලය සමග සෙල්ලන් සේනද, දෑක්කොත් පත්මාවති සමග චුටිද අප හිත් තුල සතිපතා අලුත්වූයේය. මගොඩ්ස්තුමාගේ සරම ඔලුවෙන් ගලවා ලෑජජා නහර කපා දිවන්න්නාවේ පිහිනීමට නොදී තටු කපපු කඩුව සේ නොවේලන පන්හිද තුලින් සිත්තම් කල එඩිතර චරිතය මැවූවේ ගජමැන් නමින්ය. මීගමුවේ සිට උදයෙ කාර්යාලය දුම්රියෙන් පැද්දී පැද්දී වාද විවාද,ඕපා දුප මැද කොලබ සේවයට යන එන ගමන් උපහාසාත්මක විකට කාටුන්හා අවකැපෙන කතා නිර්මාණය කලේ කැමිල්ස් පෙරේරා නම් අප ආදරය කල විකට කාටුන් රසවතාය.

මිස්ට ලව්රිස් බස් හෝල්ට් වල ගෝල්ඩ් ලිෆ් බිබි පෙම් රැගුම් කල හැටිත්..ගෝඩ්ඩ්න් අයියා මේරයාට සේම හලපු හැට්ත්..සිමොනා ඇන්ටිගේ අතේ තිබෙන කොස්ස ඇසට ටච් වූ සැනින් බෝතලේ ඉනේ හංගා කතා කරන දොන් සෙතනුත්..චුට් සමග තනියට යන විල්ල පෙන්නා යට කයට ඇස් යන මිනි ගවූම් අදින දැක්කොත් පද්මාවතිගේ සෙක්සි ගමනත්..පාරෙන් තොටෙන් කඩපිලෙන් වැඩපලින් දැකුනු ඇසුණු අත් දැකීම් තුලින් බිහිවුණු කතා බහට ලක්වූ චරිත විය හැකිය.

සාමාන්‍ය පවුලකින් දිවියක් ගෙවා කොචිච්යෙන් වැඩට ගිය ඔහු තම අතින් සැරවැඩි වෙඩි පහරක්සේ ඇදුනු විකට කාටුනයක් නිසා එක් රැයෙන් ලේක්හවුසියෙන් ගෙදර ගියේ නොවේලෙන පන්හිද පමණක් අතේ වකුටු කර ගෙනය.මා පාසල් යන කාලයේ සතිපතා නිකුත් වන සතර පත්ත‍රය ගන්න තාත්තා සල්ලි දුන්නත් ඉට කලින් වත්තේ පොල් ගෙඩියක් හෝ කජු විකුණා සිත්තර චිත්‍ර කතා පත්ත‍රය ගත් අතීතය අමතක නොවේ.එහි මැද පිටුවේ ගජමැන් බලන්නේ කොල්ලෝ අපි ඉවසුම් නැතුව පිටු ඉරා ගෙනය.නගරයේද,ගමේද,පන්තියේද එදා ගජමැන් කෙනෙක් අපටද සිටියේය. ඔහු හරියට අම්මා සදා දෙන බත් සමග කිරි හොදි දමා මැටි කෝප්පයට බැදපු කුණු කොරල කැල්ල පස්සේ අතින් දෙන මොහෙතේ එන සිනා රැල්ලත් කෑමට කලින් දිවට දැනුණු රසයත් වගේය.
මගේ ජිවිතේ දෙතුන් වතාවක් හමු වී ඇති අසම සම මේ සිත්තරා සොදුරු මහත්මා ගති මිනිසෙකි,. නමුත්.. කොචිචියෙන් පැද්දී ගැස්සි විකට කාටුන් අදිමින් යමින් මඩු පල්ලි ගියේ සිත්තර පත්‍රයෙ බාරයක් ඔප්පු කරන්නටය. එහි ගිහින් වන්දනා කර එන අතරේ මගදී රුපියල් 5000 ක් ගෙවා එදා පොක්ස්වැගන් රථයක් මිලට ගත්තෙය. අද ඔහුට ලෝකයේ වටිනාම රථයක් හිමි හා කොලොබ හතේ ජීවත් වෙමින් තම නිවසේ සිට නිදහස් චතුරශ්‍රයේ පයින් ඇවිද මින් ප්‍රභූන් යයි කියන සිතන සමාජයෙ පිරිස් සමග ඇගේ හැපෙමින් දිවිය හැක.අද පරිඟණක මගින් කාටුන් ඇද වයිබර් තාක්ෂණය ඔස්සේ තත්පර ගානකින් අපට බැලිමට එවිය හැක.

නමුත් මවුස් එක යටපත්ය ඔහුගේ ඒ පින්සලට තෙලිතුඩට. ශ්‍රී ලංකා
දුපතේ වැඩ කරන නොකරන අසරණ මිනිසුන්ට බොරු කියා ගොනාට අන්දවා බොහෝ දෙනෙක් තම පැවැත්ම පමණක් සදහා කතිරය ගසා පොරොන්දු කඩ කර මහජන මුදල් අපතේ සුද්ද කරන තම මඩිය තර කර ගන්නා මගෝඩිස්තුමාගේ බඩ ගිය සරම අබුඩයද සමග ඔලුවෙන් ගලවා..ලෑජජා නහරය කපන්නට ඉදිරියටත් තෙලිතුඩ මුවහත් වේවායි මාගේ පැතුමයි !

Sunday, October 13, 2019

ජීවිතේ අඩ සියවසක මතයකය...



යට කල මහ වගුරැ බිමක් තිබුණු එදා
බෝගස මැදි කර ගඩොලක් බැදුණු එදා
පියදාස බාලචන්ද්‍ර ඒබ්‍රහම් පඩුරු දැම්මා එදා
පන්සල පාළුයි ඔබ සැම නැතුව මෙදා...

මැද කොලොබ මාලිගාවත්තේ බෝදිරාජරාම මාවතේ හි බෝදිරාජරාම විහාරස්ථානයේ හැටේ දසකයේඅග බාගයේදී සැදෑහැ සිතින් අවට විසු සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ,කාපෙරි ජනයා හා සාසනයට පුජා කල විහාර මන්දිරය හා දේවාලය ඉදිරිපිටදී, එදින ගන්නා ලද දායක සහාවේ සමුහ චායා රුපයයි මේ.
 විහාරස්තානාදීපති, පුජ්‍ය වලල්ලාවිට සද්දානන්ද ලොකු හාමුදුරැවෝ සහ දායක සභාවේ හා අසල්වැසි අයවන දාවිත් සින්නෝ ගමේ පෙට්ටි කඩේ මුදලාලි, මැනින් මාර්කට් බක්කි කඩයක් කල විල්බට් සියා,රබර් දර මඩුවක් කල ඒබ්‍රහම් අතා,රේස් බුකියක් හා තයිලන් කාමරයක් හිමි පියදාස මාමා, නමගිය බොදු වෙසක් කාඩ් අච්චු ගැසූ සුජිකලා බාලචන්දර්න් දෙමළ මුදලාලි,ඩාර්ලි පාරේ හන්ටර් සයිකල් සමාගමේ බෙනට් මාමා, ඉගුරු කඩේ ආරි අයියාගේ තාත්තා, කඩයප්පන් හදා විකුණා ජිවත් වූ පසුව පොහොසත්වූ එන්ගල්තිනා නැන්ද, නගරේ කිරවිට විකුණු වට්ටි අම්මා උපාසක ලීලාවතී ආචිචි, මා හිතවත් ඉන්දිකගේ සියාවූ හාබර් එකේ සේවය කල රෝබෝසින්නෝ සීයාද සිටි.

එදා කොලොබ පිටකොටුව ඩයස් ප්‍රදෙසේ අද සුචරිතය මන්දිරය තනා ඇති බිමෙහි ලොව අංක එකේ මුද්‍රණ මැෂින් තැනු ජර්මනනියේ නිෂ්පාදීත හයිඩිල්බර්ග් මුද්‍රණ යන්ත්‍රනාලයක් සතුව තිබු හා එයට යාබද කීර්තිමත් සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ අනුග්‍රහයෙකු හා ප්‍රබල සාමාජිකයෙකු වූ ඩබ්ලිව්.කේ.ඇම්. සුමනපාල වීරසිංහ වන මාගේ ආදර සීයාගේ අතේ එල්ලී උණුසුමේ මමද අවුරුදු තුනක් හෝ හතරක් දගකාර,හොටු සුරන අවදියේ මේ සිටිමි. මා හැර අන් සියලුම වැඩිහිටියෝ එගොඩහය. මා පමණක් මෙගොඩහට වී වෙහෙස වී, පව් පින් මැද දෝලනයවේ.

සංසාරය නම් වූ මහා ගඟුලේ දෙ ඉවුරේ සිටින සුවහසක් ජනී ජනයා අතර මමද ඔබද අපි සැවොම සිටිමු.එදා කුඩා අවදියේ ටිකිරි මොළේට හැමෝගේම නම් ගම් මතක නැතත් සුරතලෙන් කතා කර ඔවුන් අතර බොලදවී, හුරතල්වී ඇත. මේ සැම පින්වත් පිරිස.... මා සගවා සංසාරේ කොහේ හෝ නිවන් සුවයෙන් සිටිනු ඇතයි මාගේ පැතුමයි...!

Jagath Randeniya ගේ ඡායාරූපය

Thursday, October 3, 2019

කවුද කිවේ මැරුණා කියලා කවට අන්දරේ...කියපු කෙනා දන්නේ නැහැනේ හරි කතන්දරේ...












"රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහෙදෝ යන්නේ..."
ගීතයත් ගැයූවේ අපේ යුගයේ අසහාය ගායක ජේ. ඒ. මිල්ටන් පෙරේරා මහතාය...

"රිදී කලේ රන් කොතලේ බීපු මට
නිකං කළේ දිය නැතිවිය පිපාසෙට
කොට්ට මෙට්ට ඇඳ ඇතිරිළි තිබුණු මට
මෙහෙමත් කළ යාද පලු වීර ගස යට"........

අවසන් හුස්ම පොද හෙලමින් කවියෙන් ගායනා කළේ එදා රජවාසලේ හිටිය කවට අන්දරේ නොහොත්
සද්ද විද්ද පළග පතිර රාජපක්ෂ වික්‍රමසිංහ මුතු කුමාරණ අධිකාරි යන ගරු නම්බු නාම ලැබූ එදා සෙංකඩගල රාජාධිරාජසිංහ රජුගේ (1782-1798) රජුගෙ රාජ්‍ය පරිපාලනයේ දී රජුට ඇති වන ඒකාකාරී බව කටුක හා nirasa අවස්ථාවන්හි ඇති වන පීඩනය අවම කිරීම උදෙසා ජාතික අවස්ථානුකූලව කිසියම් විනෝදාස්වාදය පැතීම කවටයා මගින් සිදු වී ඇත. එපමණක්ද නොව රජවාසලේ කවටයා නිලනොවන පුරෝහිතය කුගේ භූමිකාව මෙන්ම ඒ විහිළු කර රජු himashi මෙන් නොව නිසි විහිළුවෙන්ම නිසි උපදෙස් දීමෙන් ම න්දි හට් ප්‍රියන්ගෙන් මුරුංගා අත්තේ තැබීම්වලින් රජුව බේරා ගැනීම ද ිදුවී ඇති බව ජනප්‍රවාදයේ ඉතිහාසයේ සඳහන් වේ.

අන්දරේගේ සොහොන බැලීමට යාහැකි හොඳම අවස්ථාව ඔබ කතරගම යන විටකදීය.හම්බන්තොටින් තිස්සමහාරාම පාරේ යනවිට හමුවන උඩමලල හන්දියෙන් වමට ඇති පාරේ කිලෝමීටරයක් පමණ ගොස් එහි දකුණු දෙසින් වූ වැව අයිනදිගේ ඇති අතුරුමගක ගමන් කිරීමෙන් අන්දරේගේ සොහොන වෙත ලඟාවිය හැක.
අන්දරේ යනු හුදෙක් මනඃකල්පිත චරිතයක් නොවේ.18 වන සියවසේ සෙන්කඩගල මහනුවර රාජාධි රාජසිංහ රජු දවස රජවාසලේ සිටි විකටයෙකි,කවියෙකි.අන්දරේ වටා ගෙතුණු කතා රාශියකි.අන්දරේ සීනි කාපු හැටි,ගල උස්සපු හැටි,ගොනාට ඇඳීම,හතරබීරි කතාව,කිරි කෑ හැටි,රබන් පැලීම ඉන් වඩා ප්‍රසිද්ධ කතන්දර ලෙස දැක්විය හැක.මොහු රජවාසලේ සේවය කල වකවානුව ක්‍රි.ව 1781සිට 1798 දක්වා බවට ඔහුගේ සොහොනේ සටහන්ව පවතී.

ඔහුගේ උපන්ගම ලෙස සැලකෙන්නේ මාතර දෙවිනුවර ප්‍රදේශයයි.එය ඔහුගේ පියාගේ උපන්ගම වන අතර ඔහුගේ මවගේ ගම වශයෙන් සඳහන් වන්නේ දික්වැල්ල ග්‍රාමයයි.දිගු කලක් රජ වාසලේ සේවය කල අන්දරේ තම ජීවිතයේ අවසාන භාගයේ, තමන් ඉපදුනු සුන්දර ගම්මානයත් තරුණවියේ ගැටමානේ බිරිඳ සමග ගතකල ජීවිතයත් සිහිපත් වී තම වයස්ගත බවද,රෝගී බවද නොසලකා එහි යාමට තීරණය කල අතර, ගමනේ අතරමගදී ඉහත සඳහන් උඩමලල වැව ඉස්මත්තයේ පිපාසයෙන් මියගිය බවටඉතිහාසයේ සඳහන් වේ.
අන්දරේ විසින් කියන ලද කවි කිහිපයක්

#රජබිසවගැන රජුට කී කවියක්-

බොහොම හොඳට රන්කම්කල වැඩක් වගෙ යි
දේවතුමට මහබඹු දුන් ලියක් වගෙ යි
ලෝකේ ඉන්න පඬිහට පිස්සුවක් වගෙ යි
කොහොඹ ගහට කරවිල වැල ගියා වගෙ යි.....

#පෙම්වතියට

කොළඹ කළුතර අලුත් ගන්තර මුනේ මාතර ගාල්ලේව ත්
සපරගමු පුත්තලම උඩරට කොට්ටියරම් තොට මුනේ ව ත්
සතර සත් කෝරලේ ඇතුළුව මෙවැනි මැදි හත්පත්තුවේ ව ත්
නුබ සේ ලස්සන කතක් නුදුටිමි සතර වාසල් කොන් අටේ වත්....

#තමාගැනම

යන්තරේ හොඳයි ඉඳ කපු කටින්නට
මන්තරේ හොඳයි ඉඳ ජප කරන්න ට
ගින්දරේ හොඳයි සීතට තපින්න ට
අන්දරේ හොඳයි සීපද කියන්න ට....

#මරණයටපෙර

රිදී කලේ රන්කොතලේ බීපු මට
නිකන් කලේ පැන් නැතිවිය පිපාසෙට
කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබුන මට
මෙහෙමත් කල යාද පලු වීර ගස් යට...

සැ. යු. මෙහි ලියා සොයා ඇති කරුණු අන්තර්ජාලය ඇසුරින් සහ මා ඇසින් දුටු දෙ පමණක් බව කරුණාවෙන් සලකන්න.

- පින්තූර නඩේ සමඟ ගියේ 1995 වසරේ මැද භාගයේදීය. ඉතිරි පින්තූර අන්තර්ජාලයෙන්ය.

සාන්තුවරියන්ගේ රැජින ලෙස හදුන්වන ප්‍රංශයේ දූතිකාව









නව දෙනෙක්ගෙන් යුත් පවුලේ පලමු දරුවා ලෙස 1844 ජනවාරි මස 07 වන දින ප්‍රංශයේ ලූර්දු නුවරදි බර්නදෙත් සොබිරොස් දැරිය මෙලොවට උපත ලැබීය. දුප්පත්බවට උපතින්ම උරුමකම් කී ඇය මුලු ජීව්ත කාලයෙහිම ඇදුම රෝගයෙන්ම පීඩා විදිය.ජනවාරි මස 09 වන දින බෞතිස්ම කරනු ලැබිනි.1858 පෙබරවාරි මස 11වන දින එතුමියට වයස අවුරුදු 14 දි එතුමියගේ සොහොයුරියක් සහ මිතුරියන් කිහිප දෙනෙක් සමග දර ඇහිලීමට අසල වන ලැහැබකට යන අතර එහිදි පර්වතයක් අසල ප්‍රථමයෙන්ම දේව මාතාවන් වහන්සේ එතුමියට දිස්විය.ඉන්පසු එතුමිය හට දේව මාතාවන්වහන්සේව 16 වතාවක් දිස්විනි. 1866 ජූලි මස 29 වන දින එතුමිය නර්වර්ස් හි කන්‍යාරාමයට ඇතුලත්විනි.1879 අප්‍රේල් මස 16 වන දින එතුමිය මියයන විට ජපමාලය උච්චාරනය කරමින් සිට ඇත.එතුමියගේ ශරීරය භූමදානය කර 1897 මැයි මස 30 වන දින ගොඩගනු ලැබුවේ සාන්ත ජෝසප් චතුරශ්‍රයේ තැන්පත් කිරීමටයි.

නමුත් එ අවස්ථාව වන විටත් සිරුර නැවුම්ව තිබිනි.කිසිදු දුර්ගන්ධයක්වත් නොතිබිනි.පසුව අවුරුදු 13කට පසුව නැවත සිරුර ගොඩගත් අතර එ අවස්ථාවේද සිරුර නොදිරා පැවැතිනි.1919 අප්‍රේල් මස 03 වන දින නැවත ගොඩගත් සිරුර වෛද්‍යවරුන් 2 සහ හෙදියක් විසින් පරික්ශා කරන ලද අතර එවිට ඔවුන් පැවසුවේ ලුනු වැනි කුඩක් මුලු සිරුර වටාම ආරක්ෂක වලල්ලක් ලෙස විසිරි ඇති බවයි.පසුව 1925 නැවත ගොඩගත් සිරුර රත්‍රන් සහ ක්‍රිස්ටල් වලින් නිපදවු පෙට්ටික බහා එතුමිය අවසන් වරට ජීවත් වුනු කන්‍යරාමයේ තැන්පත් කර ඇත.එලෙසම සාන්ත බර්නදෙත් තුමියට දේව මාතාවන් දර්ශනය වු පර්වතයේ අදවන විට විශාල දේවස්ථානක් ඉදිකර ඇති අතර එය දැකබලාගනීමට වර්ෂයක් තුල මිලියන 5කට අධික වන්දනාකරුවන් පිරිසක් පැමිනෙන අතර එහිවු දිය උල්පතින් දහස් සංඛාත රෝගින් පිරිසක් සුවය ලබා ඇත.

සාන්ත බර්නදෙත් තුමියව සාන්තුවරයට ඔසවන ලද්දේ 1933 දෙසැම්බර් මස 08 වනදින 11වන පියුස් පාප්තුමා විසින් රෝමයේදිය.සාන්ත බර්නදෙත් තුමිය තරම් දේවමාතාවන්ට ආදරය කල සාන්තුවරියක් නොමැතිතරම් .එතුමියගේ ජීවිතයේ අනේකවිධ කරදර මධ්‍යයේ වුවද දේව මාතාවන්ගැන අවිශ්වාසය නොකර එතුමිය සමග එකතුව කතෝලික ආගම රැකගැනීමට උර දුන්නා...

සැ. යු. මෙහි ලියා සොයා ඇති කරුණු අන්තර්ජාලය ඇසුරින් සහ මා ඇසින් දුටු දෙ පමණක් බව කරුණාවෙන් සලකන්න.

-පින්තූර 1994 දෙසැම්බර් ශීත සෘතුවේදී

Wednesday, October 2, 2019

සිරිලක දකුණේ පින්බර කොත්දුව රජ මහා විහාරය









                   

මේම විහාරය දකුනෙ බළපිටිය ප්‍රදෙශයේ මාදු ගගෙ මැද අක්කරයක පමන භුමියකින් හෙබි ප්‍රදෙශයකි.මෙහි ඉතිහාසය දෙවන පරාක්‍රම බාහු රජ දවස දක්වා දිව යයි..වත්මන් විහාරය ඉදිවි වසර 120කි......

හේමමාලා හා දන්ත කුමරුන් දළදා වහන්සෙ ලක් දිවට වැඩම කරද්දි පැවති යුධ තත්වය නිසාවෙන් රොහණ දෙශයට පැමිණ වැලි තොට ආසන්නයෙ වරායෙන් ගොඩ බැස රට තුළට අවුත් මාදු ගග ආසන්නයෙ කොත්දුවෙ වැලිමත සැදු දැගැබක සිරි දළදා වහන්සෙ නිධන් කොට රැක බලා ගත් බවත් යුද්ධය අවසානයෙ අනුරපුරයට ගොස් කිත්සිරිමෙවන් රජුට පිරිනැමු බවත් ඉතිහාසයෙ සදහන්වේ.

මිට අමතරව පරසතුරු උවදුරු පැවති කාලයේ දළදා වහන්සෙ අරක්ෂා කිරිමට විදිය බණ්ඩාර කුමරු ද දළදා වහන්සේ කොත්දුවෙ සගවා අරක්ෂා කර ඇත....

මෙම විහාරය ගැන තොරතුරු අසන්නා රසවත් හා පුදුමයට පත් කරන ජන කතා ගම්මුන් අතර ප්‍රකටය.ගාලු පාර සිමාවේ සිට මාදු ගගේ බෝටුවක නැගී පරිසරය නරබමින් සත පහ දුපතද ආසන්නයෙන් මෙම පින් බිම දැක බලා වන්දාන මාන කිරීමට අපමන සතුටක්
හා සිතට නිවනක් ලෑබෙනු නියතය.......

2000 වසරදී..දිනක...

Monday, September 30, 2019

දරු සෙනෙහස උතුරා... පියවරු වෙසෙනා...




මොහු නමින් සේපාල ඒකනායක.

ඔබ සමහර විට අහලා ඇති සේපාල ඒකනායක ගැන. හරියටම 1982 ජූනි මාසේ 30 වෙනිදා සිවිල් ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීම නිසා ඔහු ප්‍රසිද්ධ වුණා. මේ සිද්ධිය ලාංකීය ගුවන් ඉතිහාසයේ සිදු වුණේ පළමු වතාවට. ඒ වගේම අද වන තුරු ශ්‍රී ලාංකිකයෙක් අතින් එවන් දෙයක් සිදු වී නැහැ. විශේෂත්වයක් තිබෙන නිසා අපි කැමතියි මේ ගැන ඔයාලාට කියන්න

සේපාල ඒකනායක ඉපදුණේ 1949 ජූනි මාසේ 03 වෙනි දා දිනයක මාතර දිස්ත්‍රික්කයේ කරතොට කියන ගමේ. පාසැල් ගියේ හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයට. අවුරුදු 15 දි විතර නිවසින් වෙන් වන ඔහු කොළඹ ට පැමිණෙනවා.

ඉන්පසු 1972 ඔහු ජර්මනියට පැමිණෙනවා. එහිදී ඔහුට ඇනා ඇල්ද්‍රොවන්දි නැමති ඉතාලි සුරූපිණිය හමු වෙනවා. පසුව ඔවුන් දෙදෙනා විවාහ වී ඉතාලියේ මොඩෙනා පෙදෙසේ පදිංචි වෙනවා. ඒ 1980 දී. එහිදී ඉපදෙන පුතාට ඔවුන් “ෆ්‍රී ඒකනායක“ නමින් නම් තබනවා.

මෙහිදී සේපාලගේ වීසා එක නැති වෙන අතර ඉතාලියේ දී වීසා ඉල්ලු විට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගන්නා ලෙස ඔවුන් පවසනවා. ඒ අනුව ඔහු ලංකාවට පැමිණ වීසා අයදුම් කරනු ලැබූ මුත් වසර හයක් ඒ සදහා බලා සිටින ලෙස ඔහුට දැනුම් දෙනවා.

ඔහු කීහිප විටක් ම උත්සාහ කරනු ලැබූ මුත් වීසා ලබා ගැනීමට ඔහුට නොහැකි වෙනවා. ඉන්පසුව තමයි ඔහු තීරණය කරන්නේ ඉතාලි ගුවන් යානයක් තමා යටතට ගෙන ඒ හරහා අදාළ ඉල්ලීම කරන්න.
ඒ අනුව 1982 ජූනි 30 ඔහු ඉන්දියාවේ නව දිල්ලියට ගොස් එහිදී ඉතාලියේ සිට ඉන්දියාව හා බැංකොක් හරහා ජපානය බලා යන “අලිටාලියා“ ගුවන් සේවයට අයත් බෝයිං 747 වර්ගයේ ගුවන් යානයකට ගොඩවෙනවා. මෙහි මගීන් 300 පමණ සිට තිබෙනවා.

ගුවන් යානය ගුවන් ගත වී අඩි 35000 ක් පමණ උසකට පැමිණ ස්ථායි වූ පසු සේපාල ගුවන් නියමුවා වෙත ලිපියක් යවමින් තම ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබූවා. පළමු ඉල්ලීම වුණේ ඔහුගේ පුතා සහ බිරිඳ බැංකොක් ගුවන් තොටුපළට ගෙනවිත් දීම. දෙවැන්න වුණේ ඩොලර් 300,000/- මුදලක් කප්පම් වශයෙන් ලබා දීම. මීට අමතරව ඔහුගේ ලිපියේ පහත කරුණුත් සඳහන් වුණා.

“මෙම ගුවන් යානය බැංකොක් ගුවන් තොටුපළේ නැවැත්විය යුතුයි. සියළු දොරවල් විවෘත නොකළ යුතුයි.සියළුම ඉල්ලීම් බැංකොක් සහ ඉතාලි බලධාරීන් වෙත වහාම දැනුම් දිය යුතුයි. සියළු සන්නිවේදන කටයුතු ගුවන් විදුලි සන්නිවේදන මාර්ගයෙන් පමණක් විය යුතුයි. දැනට අප සතුව ඉතාලියේ නිෂ්පාදිත නවීන බෝම්බ ඇති අතර යම් හෙයකින් අපව මුලා කළ හොත් යානය සියළු මගීන් සමග එම බෝම්බ උපයෝගී කරගෙන පුපුරුවා හරිනු ලබන අතර ඊට සමගාමීව ඉතාලියේ මොඩෙනා නගරයේ සහ වෙනත් නගරයක ද පිපිරීම් සිදු කරනු ඇත.“

සේපාලගේ ලිපිය දුටු විගස ප්‍රධාන නියමු ජියෝර්ගෝ අමරෝසා ගුවන් යානය අඩි 25000 දක්වා පහතට ගනු ලැබූවා. ඒ විනාශය අවම කරන්න.
පැය කීපයකට පසුව ඔහු ඉල්ලා සිටි පරිදි ඔහුගේ බිරිඳ සහ දරුවාත් ඉල්ලූ මුදලත් බැංකොක් වෙත ගෙන එන බවට තොරතුරු ලැබුණා. පැය 30 ට පමණ පසු ඔවුන් බැංකොක් වෙත පැමිණියා. ඉන්පසුව සේපාල විසින් මගීන් මුදා හරනු ලැබු අතර ඔහු ගුවන් යානයෙන් පිටතට පැමිණියා.

නමුත් ඉන්පසුව සේපාලට ගැටළුවක් ඇති වුණා දරුවාත් බිරිදත් අළුතින් ලැබුණ ධනයත් රැගෙන යන්නේ කුමන ස්ථානයට ද කියා. මේ අවස්ථාවේ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන මානෙල් අබේසේකර මහත්මිය පැමිණ ඔහුට බිය නොවන ලෙසත් ඔහුට ශ්‍රී ලංකාවට යා හැකි බවත් සදහන් කළා.

මේ අතර ඉතාලි රජය විසින් ශ්‍රී ලංකා රජයට බලපෑම් කරමින් සේපාලව ඔවුන්ට භාර දෙන ලෙස ඉල්ලා සිටියා. නමුත් පොදු මතය වූයේ එසේ නොකරන ලෙසයි. මෙහිදී ජේ. ආර්. ජයවර්ධන රජය උභතෝකෝටික ප්‍රශ්ණයකට මුහුණ දුන්නා. පසුව ගාල්ල පොලීසිය විසින් සේපාල ව අත් අඩංගුවට ගෙන වැලිකඩ සිරගෙයට ගෙන එනු ලැබූවා. මේ අතර සේ පාලගේ බිරිද සහ දරුවා ඉතාලිය වෙත යැවීමට ඉතාලි තානාපති කාර්යාලය ට හැකිවුණා.

සේපාල අත් අඩංගුවට ගත්ත ද ඔහුට විරුද්ධව නඩු පැවරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන එවකට තිබුණේ නැහැ. රජයට සිදු වුණා අළුතින් ම නීති සම්පාදනය කරන්න. ඒක තමා ලාංකීය ඉතිහාසයේ අතීතයට බලපාන ලෙස සකස් කරන ලද පළමු නීතිය. සේපාල ගේ නඩුව නීතිපති වෙනුවෙන් ඉහළ උසාවියේ විනිසුරු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජේ. ජේ. එස්. ඒ. ඩයස් උපවංශ යාපා ඉදිරියේ විභාග කරනු ලැබූ අතර සේපාල ඒකනායක වෙනුවෙන් සුප්‍රසිද්ධ නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න පෙනී සිටියා. යානයේ ප්‍රධාන නියමුවා වූ අමරෝසා මහතා ද සාක්ෂි සදහා ශ්‍රී ලංකාවට පැමැණියා.

නඩු විභාගය අවසානයේදී සේපාල ඒකනායකට වසර 5 ක සිර දඬුවම් නියමු වුවා. සිර ගතව සිටින කාලයේ දී ඔහු විසින් නාට්‍ය නිෂ්පාදනය කරනු ලැබූ අතර ඒවා සිරකරුවන් අතර ඉතා ජනප්‍රිය වූවා. කෙසේ වෙතත් 1987 වසරේදී ඔහුව නිදහස් කරනු ලැබූවා.පසුව ඔහු ඉංග්‍රීසි ගුරුවරියක් වූ යසංගනී මධුපාලි සමග විවාහ වූ අතර ඔවුන්ට දියණියක් සහ පුතෙක් සිටිනවා. පසුව ඔහු විසින් “උට සහ තොට“ නමින් පොතක් ද ලියා පළ කළා. ඔහු දැන් ව්‍යාපාරිකයෙක්.

මේ සිද්ධියේ යථාර්ථය වන්නේ ඔහු මේ කාර්ය සිදු කර තිබෙන්නේ දරුවාටත් බිරිඳටත් තිබූ අසීමිත සෙනෙහස නිසා. ඒ ආකාරයෙන් විමසා බලන කළ ඔහු යම් අගය කිරීමකට ලක් කළ යුතු පුද්ගයෙක්. ඒ වගේම 1982 වාගේ කාලයකදී ඔහු විසින් එය මැනවින් සංවිධානය කර තිබෙන බවත් පැහැදිලි වෙනවා. එකළ පළවූ පුවත් පත් වලට අනුව ඔහු ලබා ගත් මුදල ලංකා බැංකුව විසින් තැන්පතුවක් ලෙස භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. නමුත් පසුව යම් කොටසක් ඔහු තැන්පත් කර තිබෙන බවටත් වාර්තා වී තිබෙනවා.
කාලාකමි සිතක් ඇති සේපාල අයියා ඒතෙර මෙතෙර බොහෝ තැන් වල අප හමුවී අල්ලාප සල්ලාප දෙඩුවත්, ඔහු එදා මෙම සිදුවීම් ගැන වචනයක් හෝ මා අසා නැත. ඔහුත් ඒ ගැන වචනයක් මා හා දොඩා නැත.

සෑ. යු.
මේ ලිපිය සකස් කිරීමේ දී ගුණදාස ලියනගේ මහතා විසින් 1997 මැයි 04 වන දින සන්ඩේ ටයිම්ස් පුවත් පතට සපයන ලද ලිපියේ සිංහල අනුවාදය උපයෝගී කර ගනු ලැබිණ. ඉතිරිවා කොටා ගත්තේ අන්තර් ජාලයෙනි.

Sunday, September 29, 2019

කුරහන් යායේ සුවද දසත පැතැරු සිංහයා.........







88/89 වසර කාලයේදී පාදඩ දේශපාලන නරුමයන් විසින් බලය උදෙසා රටේ පාලනය දෝලනය වෙමින් තිබු මොහොතක, කැළණි ගගද පිටාර ගලා දුව්ලි පීන්න වැටෙන හිමිදිරියේ
කොලොබ ඔරුගොඩවත්තේ බයිසිකල් රෙපෙයාර් වැඩපලක් සහ රේකොඩ් බාර් එකක් කරමින් සිටියදී "ප්‍රා" "උකුස්සා" එවක රජයේ කුලී මිනීමරුවන් විසින් දස වද දී ඝාතනයට ලක්වූ මා මිත්‍ර නයන අයියාද.......................

එම කාලයේදීම රතු පාට එරබදු මල් පිපෙන, කොහා නාද කරන, කජු පුහුලන් සුවද හමන, බක් මහේ නිවාඩුවකට ගමේ ගිය මොහොතේ, බලදොර කෝරලයෙ සිමාව පසු කර කුබුක් ගස් මා දන් තුරැ ලතා මැදින් නිහඩව ගලා බසිනා කොළමුණු ඔය අසබඩ ගම්මුන්ගේ විලාප මැද ටයර් සැයක් මත අඩක් පිච්චේන නීරැවත් සිරැර ඉහළ ගමේ රත්නේ අයියාම බව මා හදුනා ගත්තේ ඔහුගේ බුලත් කහට දත් ඇන්දෙන්ය. රන්වන් පාටට පෙනෙන වෙල් යායේ ගැමි සුවදත් සමග හිරු මුදුන් හිස් අහස දෙස බලා ඇසේ කදුළු සගවා ගත්තේ දුක සමග මුසු ආවේගයනි. ඔහු සමග එදා ගමේ ඇලේ දොලේ වැවේ වෙලේ දුව පැනපු එල්ලේ ගහපු චක් ගුඩු ඇදපු අතීතයේ සොදුරැ දසුන් මතක් වීමෙනි.ඒ අවට ගම්මු කැ ගසමින් අයියනායක දෙවියන්ට කන්නලව් කරමින් දෙන විලාප මැදින් අප හන්දියට ආවේ මාද දැසේ කදුළු පිස දමමිනි.......

ගම් පෙරළිය පොත කියූ අහිංසක රත්නේ අයියාගේ මේ කුර ඝාතනයත්, දුප්පතා ගේ වාහනයේ රෙපෙයාර් කර පැච් දමා හුලං ගසා එදා වෙල පමණක් හම්බ කරගත් සොදුරැ කලා කරු සින්දු පිස්සෙක් වූ කොලොබ ඔරුගොඩවත්තේ සිටි නයන අයියාගේ ඝාතනයත් එදා මෙදා පමණක් නොව හෙටද ඔවුන් මතක් වෙන හැම මොහොතක් මොහොතක් පාසා මගේ සිත ගත හැගීම් වේදනාවෙන් සසල වේ. ගමේ ගෙදර ගිය මට තාත්තා ගෙන්ද හොද ඒවා අහන්නට ලැබුණේ "ගම් මැදි ගානේ කරක් නොගහා වහාම හෙට උදේම කොලබ යන ලෙස" ආදරයෙන් වේදනාවෙන් කිවේ "ගෝනි බිල්ලෝ උබටත් අත වනයි" ඉගි කරමිනි. වෙනදා වැවේ නා, වෙලේ ඇවිද, ලුල් කරිය පොලොස් ඇබුල පදමට අනා තිත්ත අගුණ කොළ මැල්ලුමද, බුරිය උල් වෙන්න කන මට රත්නේ අයියා මතක් වීමෙන් නින්ද නොගිය රැයේ පසුදා පාන්දරම කහට කෝප්පයක් පමණක් හනික බි කැලි කැපෙන ඝන අදුර කපා ආවේ හන්දියටය.

පසුව උදේ 5.15 ලංගම බසයට නැග එන අතරේ රත්නේ අයියා ගැන සිතමින් දුකින් වේදනාවෙන් ආවේ කොලොබ කොහේ හෝ තැනකට ජෝඉන්ට් වී මේ කාලකන්නිට විරුද්දව කුමන හෝ බලවේගයකට දිවි නොතකා උදවු කර පෙරළියක් කල යුතු කාලයද පැන ඇති බව සිතමින්ය. කාලය සමග ගෙවී කොලොබද මේ හා සමානව වාතාවර්නයක් නිර්මාණය වන්නට වැඩි කලක් නොගියේය. මගේ අම්මාගේ දැන හදුනා ගැනීම මත එකල කම්කරු සටන් නායකුවූ අලවි මුව්ලනා මහතා සමග කොස්ගස්හන්දියෙ ඔහුගේ කාර්යාලයේ සාමාජිකයන් හා හොද සම්බන්දතාවයක් ඉබේම ඇති වූයේ එදිනෙදා ජිවිත් වීමට දහදිය මහන්සියෙන් හම්බ කරන වෙර දරන සිටින සමයේය...........

පසුව එදා පැවති ආර් ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුවේ මෙම භීෂණයට, මර්ධනයට සහ පීඩනයට එරෙහිව ආරම්භකල පාද යාත්‍රාවට මැද කොලබින් මා සහභාගී වන්නේ මෙවන් වූ හේතු මතය.දහසක් කරදර කම්කොට්ලු මැදය.1992 මාර්තු 16 පෙරවරු 10ට කොළඹ විහාර මහාදේවි උද්‍යානයෙන් ආරම්භ වුයේ එදා පාර්ලි‌‌මේන්තුවේ එඩිතර මන්ත්‍රී වූ මහින්ද රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙනි. පාද යාත්‍රාව සංවිධානය කිරීමට විපක්ෂ ඒකාබද්ධ කමිටුව වෙනුවෙන් ලිපි නිකුත් කිරීමට සිදුවූයේ තංගල්ල කාල්ටන්හි මානව හිමිකම් හා නීති ආධාර කේන්ද්‍රයටය. ඒ වෙනුවෙන් අත්සන් කර තිබුණේ එහි සභාපතිවරයා වන විපක්ෂයේ ඒකාබද්ධ කමිටුවේ කැඳවුම්කරු ලෙසින් මහින්ද රාජපක්ෂටය මහතාය....

උදෑසන 9 වන විට එහි 500ක පමණ පිරිසක් සිටියේය. රාජ්‍ය මර්දනයට විරෝධය පෑම පාද යාත්‍රාවේ ප්‍රධානම සටන් පාඨය විය. එය ජනතාව පිබිදවීය. බියපත්වී, මුළුගැන්වී සිටි සාමාන්‍ය ජනතාවගේ බිය දුරුකර ඔවුන්ගේ විරෝධය එළිපිට ප්‍රකාශ කිරීමට, පාරට බැසීමට තරම් නිර්භීත වතාවරනයක් ඔහු විරෝධතා කරුවන්ගේ හා මහජනතාව තුල ඇති කළේය. කොළඹින් ඇරඹි පාද යාත්‍රාව දින 19 ක් ගමන්කර කතරගම ට පැමිණියේය.
විපක්ෂයක සිටියදී සැබෑ නායකයකු ක්‍රියාකළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව මහින්ද පූර්වාදර්ශ කන්දරාවක් ඉතිරි කොට ඇත්තේය.

වමේ දේසපාලනයට සම්බන්ධ විශාල පිරිසක්ද එයට එක්වි සිටියහ. පසෙක භික්ෂූන් රැසකි. තැනක සරසවි සිසුන්ය. මහින්ද රාජපක්ෂ පැමිණියේ සිය සොයුරු චමල් සමගින් පිරිසක්ද රැගෙනය. උදෑසන 9.45වන විට එක්වන පිරිස වේගයෙන් වැඩිවී මී මැසි පොදියක් බවට පත්විය. පාද යාත්‍රාව අරඹන විට එහි සිටි පිරිස 5,000කට අධික විය.

ආණ්ඩුවේ භීෂණයට, මර්ධනයට සහ පීඩනයට එරෙහිව ආරම්භකල පාද යාත්‍රාව ආරම්භකර මදක් දුර යනවිට සහභාගිත්වය දෙගුණයක් බවට පත්විය. ගාලුපාරට වැටෙන විට පාගමනේ ගිය පිරිස 15,000ක් පමණ විය. සෑම දිනකම පාද යාත්‍රාවට සහභාගිවූ පිරිස 15,000ක් පමණ වූ අතර ඇතැම් ස්ථානයන්හිදී එය 25,000ක් පමණ විය. අවසන් දිනය වන 1992 අප්‍රේල් 1වැනිදා කතරගමින් එය අවසන් වන විට එදින පමණක් පාද යාත්‍රාවට එක්වු සංඛ්‍යාව ලක්ෂයක් පමණ වේ. මෙම ගමනේ පළමු දිනයේ බම්බලපිටියෙන් ගාලු පාරේ වැටි වැල්ලවත්ත දෙහිවල ගල්කිස්ස රත්මලාන මොරෝටුව සටන් පාඨ කියමින් මග දෙපස සිටි ජනයා අප උද්යෝගය කල සැටිත් කෑම බිම දී සංග්‍රහ කල හැටි මට දැන්ද මැවී පෙන්නේ ඔව්න්ගේ සිනාහවත් සමගය.පානදුර ගග පසුකර එදා අප ගෙදර ගියේ අවසාන දිනයේ තිස්සමහාරාමයෙදී එකතු වී කතරගම කරා ගොස් කද සුරිදුට පඩුරු දී වැද පුදා නමස්කාර කර මේ පාපතරයින් පලවා හැර රටට නිදහස් සාමයක් උදා කර දීමට කතිකා කරගමිනි..කැරළි සමයේ ඝාතනයට ලක්වූ ඇඹිලිපිටිය විද්‍යාලයේ සිසුන් 32 දෙනෙකු ඇතුළු ඇඹිලිපිටියෙන් පැහැරගත් පාසැල් සිසුන් 48කගේ කදුළු වෙනුවෙන් පාද යාත්‍රවේ ගමන් කරන්නන් අතර සුවිශේෂ පුද්ගලයින්ගේ විරෝධතාද විය.

ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ අතුරුදහන් කල සිසුන් 30 දෙනාගේ දෙමාපියන් පාද යාත්‍රාවේ ගමන් කරනු දක්නට ලැබිණි. සැමියන් අහිමිවූ වැන්දඹු බිරින්දෑවරුන්ද, දරුවන් අහිමිවූ මව්වරුන්ද ඒ අතර විය. පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ 1989 ජුලි 29වැනිදා කල්පිටියේදී පැහැරගෙන පසුව අතුරුදහන්වූ සිය පුතු ඇතුළු වෛද්‍ය සිසුන් 22 වෙනුවෙන් යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා නීල් ලියනගේගේ පියා පුවරුවක් ඔසවාගෙන දින 17ම ගමන් කළේය.කාගේත් දෙනෙත් උණුහුමෙන් කදුළු තෙත් කරමිනි.ඩී.අයි. ජී. ධර්මසේකර මාතරදී තාවකාලිව දස ශීලය ලබා අනගාරික විය. මාතර උයන්වත්ත පිටියේ රැස්වීමට 20,000කට පමණ පිරිසක් විය. මාතර පැවති එම රැස්වීමේදී උණුසුම් කථාබහක්ද වේදිකාවේ සිටි අය අතර ඇතිවිය.

දෙවිනුවර, දික්වැල්ල, තංගල්ල අම්බලන්තොට, තිස්සමහාරාමය හරහා දින 17ක් පසුකර කතරගමට පාද යාත්‍රාව පැමිණෙන විට එය දිස්වූයේ එකම හිස් ගොඩක් ලෙසය. අවසන් දින පාද යාත්‍රාවේ මුල කතරගමට ලගා වන විට එහි අග තිබුණේ තිස්සමහාරාමයේය. කතරගම සිට තිස්සමහාරාමය දක්වා දුර ප්‍රමාණය කිලෝමීටර් 16කි. මඟ දෙපස සිටි ලක්ෂ ගණන් ජනයා දින 17ක් පුරා පාද යාත්‍රාව නැරඹූ අතර ඔවුනට ආහාරපාන ආදියෙන් සංග්‍රහද කළහ. මා ඇතුළු මැද කොලොබ තරුණ කැල පාද යාත්‍රවේ ඉදිරියේ ගමන් කලේ ආරක්ෂාව හා ඉදිරියේ ගමන කඩාකප්පල් කිරීමට සිටීමට ඉන්නා බව වහසි බස්දෙඩු එවක රජයේ කුලී මැරයින්ගේ සජීවිව මුහුණ දීම සදහාය. පාර දෙපස ගම්මුන් කිරි පැණියෙන් සංග්‍රහ කලේ ඔවුනට හැකි පරිදිය. දිවුල් කිරි බෙලි මල් වතුර අපට දුන්නේ "මේ මහින්ද මලයාගේ උන්නේ" ගමේ භාෂාවෙන් කියමින් උද්යෝග කරමින් මට අමතක නැත......එවන් අති භිහිසුනු කාලයේ මහ පාරට බැස මුහුණට මුහණ ගේමට ගේම ඉල්ලු මා දන්නා දේශාපලන සටන් කරුවා නම් ඒ අපේ හදවත් හොරා නොහොත් මහින්ද රාජපක්ෂ මහතාය.එදා මදාවි රජය දෙදරුම් කැවේද ඔබගේ මැවෙනි සටන් නිසාය..........


අප දෙකඩ වූ රට යුද සමයේ සුද්දන්ට යටත් නොවී, ලෝකයාගේ වදන් වලට නෝරවැටි..අපේ රණවිරැවන් අලිමංකඩ නොවේ පාමංකඩ යන්නේ කියූ දියවන්නාවේ බඩ ජහරියොත් රට පවාදෙන නරියන්ගේ කට පමණක් නොවේ වෙනත් අංගනද වැසුනේ ඔබ බිත්තියට හේත්තු වී ඉදිරියට පැන නුවණින් ගැසූ නිසාය, නොර්වේ සෝල්හයිම් ඇතුළු නඩ එලවා දමා කොටියා සුන් කර අපේ උන් කකුලෙන් අදිදීත් මවුබිම බේරා දුන් නායකයා ඔබය...එපමනක් නොව කෙටි කලක් තුල රටේ සංවර්දනයක් ඇති කලේ ඔබය....චිනාට වටින අපට නොවටින වාරය විකුණා කැ ටයි කොට් මහත් හොරුද..

සති අන්තයේ හයිවේ වල ලැබෙන ආදයම් නොදකින... ඔබ සැදු හයිවේ අන්තිම ගියර් එකේ කගවෙනා වගේ ගොස්...මේක හැදුවේ මහින්දට ඇබුල් තියල් ගේන්න කියා කියන අයද...ගමත් නගරයත් යා කෙරු ඔබට... අහිංසක වැඩ කරන නොකරන මහජනතාවගේ දුක් ගිනි නිමා කිරීමට ශක්තිය නොමදව ලැබේවායි මාගේ අපගේ පැතුමයි !

එදා මෙදා තුල අපගේද ....කාලය..ශ්‍රමය...වැය කර ඔබ කල මෙහෙයුම් සටන්, උද්ගෝෂණ,පාද යාත්‍රා රිය පෙරහර ගමන් මට අමතක නොවේ..එපමනක් නොව ජාති,ආගම්, කුල,මල,පාට,සලකුණු මා තැකුවේ නැත.වාසි වරප්‍රසාද ඉල්ලුවේ නැත. පොදුවේ අප රට ජාතිය ආගම වෙනුවෙන් අදද හෙටද දේශිය හෝ විදේශීය උදව් කිරීමට ඕනෑම මොහොතක අප සුදානමින් සිටිමු.මගේ මවුබිම වෙනුවෙන් ඔබගේ මුලිකත්වයෙන් කරන ඕනෑම කටයුතු වලදී ඉදිරියටත් මා නිබදව සිටිමි.

තෙරුවන් සරණයි !
ජය ශ්‍රී !

Saturday, September 28, 2019

රික්ෂෝ­කා­ර­යන් හොර­කම් කළ පෙට්ටියේ තිබූ බෝ පැළය පිට­කො­ටුවේ මහා බෝධිය වූ හැටි..............





පාන්දර එකට දෙකට කොළඹ පැමි­ණිය ද, මද්ද­හනේ පැමි­ණිය ද, පිට­කො­ටුව බෝධීන් වහන්සේ වන්දනා කර­න්නෙකු නොද­කින්ට ලැබු­ණොත් එය දුර්ලබ දෙයකි. රටේ කොයි කොනින් පැමි­ණිය ද බෝධින් වහන්සේ ඉදි­රියේ මොහො­ත­කට නතර වී දොහොත් මුදුන් දී වඳි­න්නෙක් දැකීම සාමාන්‍ය දසු­නකි. කාගේත් ජාති ආගම් කුල මල භේද­යෙන් තොරව කාගෙත් වන්ද­නා­මා­න­යට පාත්‍ර වූ පිට­කො­ටුවේ බෝධීන් වහ­න්සේට දිගු ඉති­හා­ස­යක් ඇත. මේ ඉති­හාස කතා දන්න අය අද වන විට හිඟය.

ඒ කාලේ කොළඹ කොටුවේ තැබෑ­රුම් දාහ­ත­රක් තිබුණා. රජ­යට ලොකු ආදා­ය­මක් ලැබුණේ මේ තැබෑ­රු­ම්ව­ලින්. ඒ කාලේ ඔය කොළඹ තිබුණේ වතු. සාංචි­ආ­රච්චි වත්ත, කෙසෙ­ල්වත්ත, පංචි­කා­වත්ත, බායිගේ වත්ත (දැන් මර­දාන කිය­න්නේ) යන වතු තිබුණේ.......

දැන් පිට­කො­ටුවේ බෝධීන් වහන්සේ තියෙන තැන එදා තිබුණේ ඇළක්. දැන් ඇළ ගොඩ­වෙලා ගිහිල්ලා......
ඒ....කාලේ පිට­කො­ටුව පොලිසිය තිබිලා තියෙන්නේ වේල්ල­විදීයේ. ඒ පොලි­සි­යෙන් තමයි පිට­කො­ටුවේ මහා බෝධිය බුද්ධ ප්‍රතිමාව හදලා තියෙන්නේ. යුනි­ව­ර්සල් හෝට­ල­යෙන් තමයි දෑග­සව් දෙනම හැදුවේ. ඇතුළේ තියෙන කත­ර­ගම දේවා­ලය හදලා තියෙන්නේ ලීලා ස්ටෝර්ස් අධි­ප­ති­තුමා. විෂ්ණු දේවා­ලය හදලා තියෙන්නේ වික්‍ර­ම­සිංහ මහ­ත්ත­යයි නෝනයි. ඔවුන්ට දරුවෝ හිටියේ නැහැ. ඒ නිසා එයා­ලගේ දේපළ අයි­ති­වුණා මහා­භා­ර­කාර මණ්ඩ­ල­යට. අදත් ඔවුන්ගේ දේප­ළ­වල මුදල් මේ සංග­ම­යට ලැබෙ­නවා. ගම්බාර දේවා­ලය හැදුවේ සී.ජේ ආරච්චි. පසු­කා­ලිනව රටේ නම්ද­රාපු බොහෝ ව්‍යාපා­රි­කයෝ පිට­කො­ටුවේ බිස්නස් කරපු අය.
අද බෝධින් වහන්සේ තියෙන තැන එදා තිබිලා තියෙන්නේ ඇළක්.

 මේ බෝධින් වහන්සේ ගෙනැල්ලා තියෙන්නේ අනු­රා­ධ­පු­ර­යෙන්. ඒ කාලේ අද වගේ බස් නැහැනේ. දකුණේ ඉඳලා අනු­රා­ධ­පුරේ වන්ද­නාවේ ගිය පිරි­සක් එන විට කාඩ්බෝඩ් පෙට්ටි­යක බෝ පැළ­යක් ගෙනැල්ලා. ඒ පිරිස කොටු­වට ඇවිත් තියෙන්නේ කෝච්චි­යෙන්. ඒ රෑ ඔවුන්ට තේ බොන්න කියලා තියෙන්නේ පුංචි ආප්ප කඩ­යක්.ඔවුන් තේ බොන්න ගිය අතරේ රික්සෝ­කා­රයෝ අර කාඩ් බෝඩ් පෙට්ටිය උස්සලා කැලේ හංගලා. අර මිනිස්සු ඒක හොයලා නැති තැන යන්න ගිහිල්ලා. කොහොම වුණත් රික්සෝ­කා­රයෝ පසුව පෙට්ටිය ඇරලා බැලු­වම එහි තිබිලා තියෙන්නේ බෝ පැළේ. ඔවුන් ඒක ඇළ ගාව හිට­වලා. කාල­යත් එක්ක බෝ පැළේ හැදිලා. ඒ වටේ රිස්සො­කා­රයෝ උණ බම්බු වැටක් ගහලා. ඔහොම ආව බොධීන් වහන්සේ තමයි දැන් රටේම ජන­තා­ව­ගෙන් පිදුම් ලබ­මින් වැඩ ඉන්නේ.

පිට­කො­ටුව බෝධී­රාජ සමි­ති­යෙන් ඇරඹි බත් දන්සල අද දක්වාම පැවැත්වේ. මෙය දින දෙකක් පුරා පැවැත් වෙන්නකි.

ඒ කාලේ පිට­කො­ටුවේ තොග බඩු ඒ කියන්නෙ සහල් කෙරුවේ වී.ටී.වී දේව­නා­ය­ගම් කියන මහ­ත්තයා.....
හැම­දාම බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා පූජා කරලා තියෙන මල­කුත් අර­ගෙන කනේ ගහ­ගෙන තමයි කඩේ වැඩ පටන් ගන්න යන්නේ. ඔහු දෙමළ වුණාට බෝධීන් වහන්සේ වන්දනා කර­නවා. හාල් මුට්ට එක­සිය දොළ­හක් දීලා තිබුණා. හාල් මුට්ට­යට හාල් සේරු අසූ­වක් තියෙ­නවා. පරිප්පු, ලූනු දුන්නේ ලීලා ස්ටෝර්ස් එකෙන්. එළ­වළු මැනිං මාර්කට් වෙළ­ඳු­න්ගෙන්. අද­ටත් පිට­කො­ටුවේ ව්‍යාපා­රි­ක­ය­න්ගෙන් තමයි දන්ස­ලට අනු­ග්‍ර­හය ලැබෙන්නේ.

ඒ කාලේ කෝකි­යාට දන්සලේ උයන්න රුපි­යල් 15000 ගෙව්වා. මේ දන්ස­ලට සහාය දක්වන්න කියලා යුද­හ­මු­දා­වට පොලි­සි­යට පවා ලියුම් ලිව්වා. දන්සලේ සෙනඟ බෝධිය ගාව ඉඳලා ගෑස්පහ ළඟට යන­තුරු හිටියා. නග­රා­ධි­පති ලෙස හිටිය ජබී­ර් කා­දර් මහ­ත්­තයා තමයි වතුර බවු­සර් දෙකක් දුන්නේ. බෞද්ධ අබෞද්ධ හැමෝම මෙයට සහාය වුණා.”

බෞද්ධ අබෞද්ධ හැමෝම එක්වී දන්සල පටන් ගත්තා......
තෙරුවන් සරණයි !
ජය ශ්‍රී !

Thursday, September 26, 2019

ඇලපාත මුදළි මං මදහාස නගන් ගජමන් නෝනා.....


ගජමන් නෝනා හෙවත් දෝන ඉසබෙලා පෙරුමාල් කොරණේලියා ගේ අවසන් කටයුතු කළ තැන සදහන් වසර 150ක් පැරණි ලිපියක් හමුවේ

ක්‍රි. ව. 1758 දී කොල්ලුපිටියේදී උපන් ගජමන් නෝනා හෙවත් දෝන ඉසබෙලා පෙරුමාල් කොරණේලියා 1814 දෙසැම්බර් මස 15 දින මියගොස් ඇත. ඇය වසර 56 ක් ආයු වළඳා ඇත. ඇගේ අවන්කටයුතු කළ තැන මෙතෙක් නිශ්චිතව තහවුරු කරගෙන නොතිබුණි නමුත් මා ජාතික කෞතුකාගාරයේ ඇති වසර 150ක් ඉපැරණි පොතක් පරික්ෂා කිරිමේ දි ඇගේ අවසන් කටයුතු මාතර එකළ සිටි මුදලිවරුන්ගේ අනුග්‍රහයෙන් කළ ස්ථානය සදහන් ලිපියක් සහ සොහොන්කළ තැන සදහන් ලිපියක් කියවිමට ලැබිණි. එහි ස්කෑන් කළ පිටපත ඉදිරියට මා ඉදිරිපත් කරමි.

මාතර දීප්තිමත් කිවිඳිය ‘ගජමන් නෝනා’ දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා මියගොස් වසර 204 යි

ක්‍රි. ව. 1758 දී කොල්ලුපිටියේදී උපන් ගජමන් නෝනා හෙවත් දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා මූලික අධ්‍යාපනය ලැබුවේ මාපියන් වෙතින් හා මිලාගිරිය පාසලෙනි. ඇයට දසමස් වියේදී එනම් 1759-7-30 දින බව්තිස්ම ලබා ඇති බව මිලාගිරිය තෝම්බුව අනුව පෙනී යන බව මහාචාර්ය බන්දුසේන ගුණසේකර මහතා පෙන්වා දෙයි.

ඇයගේ පියා වූයේ විරතාමුල්ල ගමගේ දොන් ප්‍රැන්සිස්කු සේනාරත්න කුමාරප්පෙරුමාල් ගජමන්ආරච්චි ය. 1737 බටහිර ගිරුවාපත්තුවේ බෙලිඅත්ත කහවත්තේ උපන් ගජමන්ආරච්චි උගතෙකි. දොන් සයිමන් විජේවර්ධන රණසිංහ තෙන්නකෝන් මුදලිගේ ලියනඅප්පු ලෙස සෙවය කරන ලදී. ඔහු කොළඹ ආණ්ඩුකාරවරයා වෙත හඳුන්වා දීමෙන් පසු ගජමන්ආරච්චි වසම හා කහවත්ත තෝම්බුව භාර වසම පවරා ඇත. විසිවන වියේදී කොල්ලුපිටිය මිලාගිරිය පල්ලියේදී බව්තිස්ම ලබා 1758-2-5 දින එම පල්ලියේ පාසලේ ප්‍රධාන ගුරුවරයාගේ එනම් ජසෙන්තු ග්‍රෙරුගේ දියණියක වූ ප්‍රැන්සිනා ග්‍රේරු හෙවත් නෝනා බබා හා විවාහ වී ඇත. විවාහයෙන් පසු කොළඹ කොල්ලුපිටියේ විසූ මොවුන් පසුව කහවත්තේ ද, පසුව මාතර වේරගම්පිට ද දරුවන් සමඟ විසීය. 1801-3-12 දින වීරකැටිය කහගල් විහාරය අසලදී ඇ‍ෙතකු විසින් දෙන ලද පහරදීමකින් මිය ගියේය. පියාගේ මරණය ගැන ගජමන් නෝනා ලියන ලද කවියකි.

සුපසන් ගුණ නුවණ දිලුම මහ

ගජමන් යන නම පැවතුම් කළ

මදුවන් යුග සදිසි ම පිය තනි මඟකට පැමිණිලා

ගජමන් යුවළට දරුවන් තිදෙනෙක් වූහ. වැඩිමලා ගජමන් නෝනා, දෙවැන්නා දොන් ලුවිස් සේනාරත්න පෙරුමාල් විජයරාම කුමාරසිංහ ගජමන් මොහන්දිරම්. ගජමන් යුවළගේ බාලයා වූයේ දොන් අර්නෝලියා පෙරුමාල් ය.

වැඩිමලා වූ ගජමන් නෝනා භාෂා ශාස්ත්‍රය පිළිබඳ වැඩිපුර අධ්‍යාපනය ලබා ගත්තේ සිය මාමා කෙනෙකු වූ පාත්තායමේ ලේකම්ගෙන් හා වේරගම්පිට සිය නිවෙස ඉදිරිපිට පන්සලේ කරතොට ධම්මාරාම හිමියන් ගෙනි. භික්ෂූන් වෙතින් කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමට වරම් නොමැති අවදියක ගජමන් නෝනා පිරිමි වෙස්ගෙන හිමි වෙත ගොස් කාව්‍ය ශාස්ත්‍ර උගත් යැයි කතාවකි. සිටිනාමළුවේ ධම්මජෝති හිමි වෙතින් ද මැය ශිල්ප හදාරා ඇත. සහජ කවීත්වයක් හිමි ගජමන් නෝනා කාගේත් ආදරයට පාත්‍ර වූ‍ෙවකි.

සිය කුඩා කළ තම පත්තායමේ මාමා විසින් කරන ලද විහිළුවකට

ඇය විසින් කියන ලද කවියකි.

පුංචි රුවන් පුංචි රුවන් පුංචි කලේ

වතුර අරන් ළිඳ උඩ තැබුවාය කලේ

අට පහ නොදන්නා ජඩ‍යකි මේක කලේ

ගෙදර යන්න දෙනවද මගේ පුංචි කලේ

ලන්සි පන්නයට සිය මව වූ නෝනබබා මෙන් ඇඳුම් ඇඳි ඇයට පළමුව මාතර මිනිසුන් ගජමන් නෝනා යනුවෙන් ආමන්ත්‍රණය කරන ලද්දේ ඇගේ මවටයි. කවිකාරියක් වූ කොර්නේලියා වියපත්ව ප්‍රසිද්ධ වෙත්ම ඇයට ගජමන් ‍නෝනා ලෙස හඳුන්වන්ට පටන් ගත් අතර ඇගේ මවට මාතර වැසියන් මහ ගජමන් නෝනා ලෙස හඳුන්වන්න පටන් ගත්තේය.

පියාගේ මරණින් පසු මහ ගජමන් නෝනා කොරනේලියා ගාල්ලේ ගාර්දියේ ආරච්චි කෙනකුට කසාද බන්දවා දී ඇත. එක් දරුවකු ලැබූ පසු ඇගේ සැමියා මියගොස් ඇත. ඉන්පසු මාතර උයන්වත්තේ දොන් හෙන්ද්‍රික් සිරිවර්ධන විජය විමලසේකර මුහන්දිරම්ට කසාද බැඳ දී තිබේ. එම විවාහයෙන් දරු තුන්දෙනෙක් උපන්නේය.

‍මෙසේ ඇගේ කලින් විවාහයේ දරුවා සමඟ උපන් දරුවන් සතරදෙනාගේ නම්, පළමු විවාහයෙන් ජුවානිස් අප්පු, දෙවන විවාහයෙන් ගිරිගෝරිස්, දාවිත්, දොන්දියස්, නොහොත් බබා ගුරුන්නාන්සේය. මොවුන් අතරින් දෙදෙනකු කොළඹ කොල්ලුපිටියේ පාසලක ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින විට රෝගයක් වැළඳී මියගොස් ඇත. තවත් පුතකු මහණ වී සිට අපවත් විය. සියල්ලන්ගෙන් බාලයා වූ විජය විමලසිරිවර්ධන මුහන්දිරම් දොන් දියස් පෙරුමාල් මාතර ප්‍රදේශයේ ජීවත්විය. ඔහු ද මව මෙන් කවි කීමේ ලිවීමේ දක්ෂයෙකි.

දොන් දියස් පෙරුමාල් තුඩාවේ මලවලආරච්චිගේ දුවණියක හා කසාද බැඳ දරු දෙදෙනකු උපන් පසු ඔහුගේ බිරිය ද මිය ගියේය. ඉන්පසු ඇගේ නැගණිය සමඟ විවාහ වූ ඔහුට ඇගෙන් පිරිමි දරුවකු ලැබීය. ඉන්පසු ඈ ද මියගොස් ඇත. ඔහුගේ පළමු කසාදයේ දියණියන් දෙදෙනකුගේ දියණියක් පැලෑනේ ලියනආරච්චිවරයකු හා කසාද බැඳ දී ඇත.

එම දියණියට දරුවන් හයදෙනකු ලැබ ඇත. ගජමන් නෝනාගේ අනිත් මිණිපිරිය වේරගම්පිට දොන් දියස් පෙරුමාල්ගේ ඥාති සහෝදරියකගේ පුත්‍රයකුට කසාද බැඳ දී ඇත. දොන් දියොස් පෙරුමාල්ගේ (ගජමන් නෝනාගේ බාලම පුතා) බෑනා පණ්ඩිත ගුණවර්ධන මුහන්දිරම් මහතා හෙවත් තුඩාවේ ගුරුන්නා‍න්සේ මහතාය. මොහු 1860 වකවානුවේ සිටි පණ්ඩිතයෙකි.

ගජමන් නෝනා හෙවත් දෝන ඉසබෙලා පෙරුමාල් කොරණේලියා 1814 දෙසැම්බර් මස 15 දින මියගොස් ඇත. ඇය වසර 56 ක් ආයු වළඳා ඇත. ඇගේ අවසන් කාලය ඉතා දුක් කම්කටොලුවලින් පිරී තිබූ එකකි. විවිධ පුද්ගලයන්ට කවි ලියමින් තම ජීවිකාව ගෙන ගිය ඇය මාතර එකල සිටි දිසාපති වූ ඩොයිලි වෙත ලියන ලද කවි ඉල්ලීම නිසා ඇය වෙත “නෝනාගම” නමින් අද හඳුන්වන එකල පලතුරු වත්තක් අම්බලන්තොටට නුදුරුව ලබා දී ඇත.

1915 වන විට ගජමන් නෝනාගේ මුණුබුරකු වන විජය විමල සිරිවර්ධන මුහන්දිරම් අප්පු සිංඤ්ඤෝ උපාසක රාල නමින් ද පොරවකආරච්චි මහතාගේ මුණුබුරකු පරණ අබේසිංහ ලියනආරච්චිගෙයි දොන් බාරොන් ද සිල්වා යන නමින් මාතර ජීවත් වී ඇත.

මා මාතර සිට ගජමන් නෝනා ජීවත්වූ නිවෙස වෙත ගිය අතර එය දැනට මාතර නගර සභාව භාරයේ ඇත. මාතර ගබඩා වීදියේ පිහිටි ලන්දේසි සමයේ සිට පැවත එන (කැරකෝප්පුව) සුසාන භූමිය මාතර පුරපති හඳුන්ගේ මහතාගේ අවසරය පරිදි වසර 45 පමණ එහි සේවය කළ සුසාන භූමි සේවකයකු සමග පරීක්ෂා කිරීමේදී ගජමන් නෝනාගේ මිනිබිරියකුගේ සොහොන් කොතක් හමුවිය.

වයස 90 ක් පමණ වන මාතර උයන්වත්ත ප්‍රදේශයේ වයෝවෘද්ධ මහතකු දෙන ලද තොරතුරක් අනුව ගජමන් නෝනාගේ සොහොන් කොත මාතර සුසාන භූමියේ ක්‍රිස්තියානි අය මිහිදන් කරන ප්‍රදේශයේ ඇති බවත්, තමා තරුණ කාලයේ ගජමන් පරපුරේ අය එම ස්ථානයේ ගජමන් නෝනා සිහිකිරීමේ කටයුත්තක් කළ බවත් පැවසීය. නමුත් ඉතා පැරණි සොහොන් කොත් දිය සෙවළ බැඳී අවර්ණ වී ශක්තිමත් නොවීම නිසා දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියාගේ වසර 200 ක් පමණ පැරණි ඒ සොහොන මා හට සොයාගැනීමට නොහැකි විය.

ගජමන් නෝනා විසින් රචිත පද්‍ය

i. දෙනිපිටිය නුගරුක වැනුම

ii. පියා මරණය පිළිබඳ ශෝකාලාපය

iii. ඇලපාත මුදලි හා හුවමාරු කවි

iv. වෙනත් සමකාලීන උගතුන්ට ලියූ කවි

v. චතුරශ්‍ර ජාලම, ශඩරචක්‍ර බන්ධන දුෂ්කර බන්ධ

vi. ජනකවි සම්ප්‍රදායේ රචනා

vii. තිලකරත්න දිසානායක මුදලිට සෙත්පතා ලියූ කවි

viii. තිලකරත්න මුදලිට සෙත් පැතූ දුෂ්කර බන්ධනය

ix. තිලකරත්න ළමාතැනී කළ පින්කම් වරුණ

x. සමරසේකර ගුණවර්ධන ගජනායක නිලමේගේ මරණය පිළිබඳ කවි

xi. සේවි වික්‍රමාරච්චිට සෙත්පතා ලියූ කවි

xii. තිලකරත්න මුදලිගෙන් පිහිට පතා ලියූ කවි

xiii. සහබන්දු මුදලිගෙන් ආධාර පතා ලියූ කවි

xiv. ජෝන් ඩොයිලි දිසාපතිට ආධාර පතා ලියූ කවි

xv. විවිධ අවස්ථාවන්හි කියූ කවි

xvi. දැඩිතර සෝක මාලය ඇය විසින් ලියා ඇති දීර්ඝතම කවි පොතයි.

ඇලපාත මුදලි හා කවි සංවාදයක්

ඇලපාත මුදලි

පාලා සරඹ ජය කොඩි බඳිති සැම දෙනේ

සීලාචාර‍ සේ කම් පාන අට ගුනේ

බාලා අඟනුන්ගෙ තව් කපන තොරපනේ

ගාලා කොතැන මුවහත් කරම් ද නෝනේ

ගජමන් නෝනා

පසන් නැණ ගුණැති හිමි සදිනි සසො බනේ

පසන් පිරිමින්ගේ ඔද බඳින ජල මනේ

වසන් කර තිබෙන මගෙ පළිඟු ගල් වනේ

නිකන් ගා දිනන්නට නොදෙමි තොර පනේ

ඇලපාත මුදලි

රුති රති ලද ලියෙහි අප අසන පැනකිය

නැතිවිය බාල කාලේ සිට රති ‍ කෙළිය

ඇතිවිය දැන් මෙමට සිල් රැකපු අවදිය

රති සැප විඳින හැටි මට කියව ලද ලිය

ගජමන් නෝනා

වහා තිබූ සළුව උනමින් කර අහකා

රහා ලෙස අමුතු බොජුනක් බුදින ලකා

පගා නොව හඬන කොවුළිඳු හඬ වලකා

කහ කොටන වැනි ඉඳගෙන මිරිස් කකා

ඇලපාත මුදලි

රූබර දිගැසියන් වෙල් මැදට බසිමිනේ

ආදරයෙන් කරල් මිටි රැගෙන යන තැනේ

වා සරයෙන් ඉන ඇඳි වත ඉවත් වුනේ

වාහර මුව සෙ නැබ මුල සුරති ගති පෙනේ

ගජමන් නෝනා

කේසර එන්ට පෙරතුරු ගජකුගෙ දැක්සේ

වේ සර හට වුවොත් කුරුලුට වෙයි දුක් සේ

ඒ සැර ලියෝ ඇසුවොත් මේ වග දක්සේ

වානර මුව උලති හම යනකන් ‍හොස්සේ


නන්නාත්තර ජීවිතයෙන් බිඳක්...
උපුටා ගැනීම සහ තොරතුරැ නන්දික බැද්දේගම ගෙනි.

Sunday, September 22, 2019

දුක් දොම්නස් නැති කරන ප්‍රාර්ථනා ඉටු කරන දෙව් මැදුර...





කොළඹ කොච්චිකඩේ පල්ලියේ පෙනෙන දුර ජම්පටා වීදියෙ උපන් මගේ අම්මා පොඩි කාලේ මගේ සීයාගේ සුලඟිල්ලේ එල්ලී සතියකට වරක් වත් සාන්ත අන්තෝනි මුනිඳුන් දේවස්ථානය වැඳ පුදා ගැනීමට නිතරම ගෞරවාන්විතව ගිය බව මා හට පැවසූ වාර අනන්තය.

මාද බහ තෝරන වියේ සිට මගේ අම්මා ගේ සාරිපොටේ එල්ලී ඇය සමග යමින් පල්ලියේ මහ වීදිය අවට ජීවත් වන නෑදෑයෝ හිතවත්තු සමග දුක සැප අසා මුනිදුට ද පඬුරු දමා හිස නමා යාච්ඤා කළ හැටි මට සිහිවේ. පසුව තරුණයකු වූ මම රස්සාවක් නැති ව රස්තියාදු ගසා ඉබාගාතේ යමින් එමින් සිටි අවධියේත් , රස්සාවක් කර යමක් කමක් තිබූ අවධියෙත් ගෙදරදි අම්මා පවසනුයෙ.....


"ලොකු පුතේ..

කොච්චිකඩේ පල්ලියට ගිහිල්ලා ඉටිපන්දමක් පත්තු කරලා මට බූන්දි, ඉඟුරු දෝසි, මූරුක්කූ මුලකුත් පිච්ච මල් විකුණන චෙල්ලයියා ගෙ කඩෙන් අරං වරෙන් කියලා ය."

කැලණි විහාරයට, ශ්‍රී මහබෝධියට, කතරගම දේවාලයට, බෙල්ලන්විල ගංගාරාම පන්සල්, අයියනායක දේවාලයට, දෙවටගහ පල්ලියට, ශ්‍රී පාදයට, රුවන්වැලිසෑයට, කලුතර බෝධියට, සීනිගම දේවාලයට, අපේ ගමේ උස්ගල පන්සලට,වැල්ලවත්ත මාතලේ නාගදීප මොදර කෝවිල් වලට ද බෞද්ධයකු වූ මා වරක් දෙවරක් නොව, ලංකාව වටේ රස්තියාදු ගසන යමින් එමින් නිදහස ඇති සෑම වෙලාවකම පයින් බයිසිකල් වල මෝටර් සයිකල් වල බස් වල එල්ලී නඩ පිටින් පඬුරු දමා මල් පළතුරු දැහැත් වට්ටි දෝතින් තියා වැඳ පුදා සිහිනටත් එහා ගිය අතීතය මට සිහිවේ............

එදා වගේම හෙටත්.....

කොස් ගස් හන්දියෙන් බසයක නැගී තෙරපි දුවිලි කාගෙන දුවන බසයෙන් තාලයට පැන ගෑස්පහ හන්දියේ පොල් තෙල් ගුදම් අතරින් පුන්නක්කු සුවදින් රත්තරන් පිරුණු හෙට්ටිවීදියෙන් තෝඩු මාල දැක බඩගින්නට කෙහෙල් කොලේ පසාරු කරගෙන යන උණුසුම් සාම්බාරු පරිප්පු මුරුංගා වම්බටු ගොඩ හොද්දත් තෝසයක් දෙකක් ගිල දමා රසම් හොද්දත් බි

මුත්තුසාමිගේ මල් කඩෙන් කෙහෙල් පට්ටෙන් ඈමුණු පිච්ච මල් මාලයක් වගේම පල්ලිය ඉදිරිපිට අසරන මිනිසුන් විකුණන ඉටිපන්දම්ද මිලදීගෙන පල්ලිය තුළට ඇතුල් වී මාල දමා පහන් පත්තු කර සිතට ගතට දැනෙන වේදනා යටපත් කර ගෙන ප්‍රාර්ථනා යදින්න ඇත්නම් කොතරම් මා සතුටුවෙයිද.....

සාන්ත අන්තෝනි පියතුමනි ඔබ ජීවමානයි !
සැ.යු.මෙහි සියලුම පින්තුර මුස්ලිම් අන්තවාදීන් එල්ල කර ප්‍රහාරට කලින් ගත් පැරණි දේවස්ථානයේ අයිතිහාසික පින්තුර වේ.

Saturday, September 21, 2019

අහෝ සංහිඳියාව...

                             කාගෙත් කඳුල දැකපු "එල පවුසි"




60 දශකයේ මැද කොලොඹ "යට කල මහ වගුරු බිමේ " ජීවත්වන නාගරික සාමාන්‍ය‍ය ජනතාවට දිනපතා වෛද්‍ය සායනයක් සමග නොමිළේ අවශ්‍ය බෙහෙත් හේත් දීම සදහා අලුතින් ඉදිකරන මැද කොළඹ මාලිගාවත්තේ බොදීරාජරාම මාවතෙ පිහිටි අප නිවසට යාබද නව දෙමහල් නගර සභාවේ ඩිස්පැන්සරියට සුබ මොහොතින් විවෘත කරන අවස්ථාවේ, එදා කොලොබ නගර සභාවේ නාගරික මන්ත්‍ර වූ එච් එම් පවුසි මහතාගේ දෑතට මල් පොකුරක් දී පිළිගත්තේ සුමනපාල සහෝදරයාය.

එදා සෝවියට් දේශයේ සමාජ පෙරළියක් වූ රුසියන් බසින් ලියවුනු ලෝක ප්‍රසිද්ධ "අම්මා" නවකතාව ඇතුළු පොත්පත් සිය ගණනක් සිංහලයට පරිවර්තනය කළ දැදිගම වී රුද්‍රිගු සහෝදරයාගේ හොඳම මිතුරෙක් සිටි ඔහු මගේ ආදරණීය සීයාය. ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, පීටර් කෙනමන් මහත්තුරු සමග ළගින් ඇසුරු කරමින්ය. එදා සමසමාජ පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරියෙකු වූ මගේ සීයා අලුත්කඩේ මුද්‍රණයනාලයක් හිමි සමාජ සේවකයකු හා සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ තනතුරක් දරු වි.කෝ.‍මු. සුමනපාල නම් විය.

එපමණක් නොව ඒ හා සමාන අදහස් දැරූ අප පවුලේද කිට්ටුම හිතවතකු වූ පවුසි මහතාගේද ළඟම හිතවතෙකි. එදා ඔහු මගේ සීයා සමග ගත් චායාරුවක් මැතක් වන තුර අපේ නිවසේ පරණ කබඩ් එකේ අලවා තිබුනේය. සීයා මිය යනතුරුම ඔහු සමග ඉතා කුළුපගව ඇසුරු කරමින් ජාති ආගම් කුල භේදයෙන් තොරව සෙල්ල සාමිට,සෝමේ අයියට, අම්බි නානට, ගෙලේන් නැන්දට මෙකී නොකී මහජනයාට පොදුවේ උදව් පදව් කළේ අද මෙන් තම වාසි තකා නොවේ.

පසු කාලයේදී 80 දසකයෙ සිට ප්‍රබල සමාජ සෙවිකාවක් වූ මගේ මව් සමග මැද කොළඹ හා දිවයින පුරා සමාජ සේවය සඳහා පවුසි මහතා ඉවක් බවක් නැතුව බොහෝ ආධාර උපකාර කටයුතු කළහ. අප බෝධිරාජාරාම , ඛෙත්තාරාම විහාරස්ථාන වලට, නාග කෝවිලට, ජුම්මා මස්ජිඩ් පල්ලියට නිතර ඔහු පැමිණ ගියහ.
කෙදිනකවත් අප ඔහු සොයා ගියේ නැත. ඔහු අපව සොයා පැමිණියේය.
නමුත්...

දේශපාලන ගැන මෙලෝ දෙයක් නොදාත් මා එදා වගේම අදත් හෙටත් ඔහු පට්ට සමාජ සේවකයකු නිසා දකින්න අසන්න හමුවෙන්න මා කැමති එදා හිටිය "එල පව් සිය"...නානාය.

(පරණ පොටෝ එකක් වුණත් එය මට වටින්නේය. මාලිගාවත්තේ මා ඔහුගේ ඉදිරිපිටදී ඇසූ පොදු ප්‍රශ්නයකදී.., උත්තරයට පිළිතුරක් එනතුරු මෙම පින්තූරයේ ඔහු දුරකථනය අමතා කතා කරන්නේ එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය වෙතටයි.- 2002 බක්මහේ)

Friday, September 20, 2019

කාලා වරෙන්කෝ බූට් ...


'' එක සැරයක් හෝ බූට් එකක් කාලා තියනවා නම් ඒ හැගීම් මතකයන් මත සිරාවටම ලියන්න ගයන්න වයන්න පහසුයි "

රුපවාහිනී වැඩ සටහනකදී එදා එසෙ කිවේ ආචාර්ය අජන්තා රණසිංහයන්ය.

වස විස පොදක් කටට හලා නහයට උරා ඇගට දාගත්තම ගිටාර්යකින්, මෙස තට්ටුවකින්, වළලු දාපු අතකින් ඇසෙන හඩට...

මේ ගීත රටාවෙන් පිට පැනලා හෝ තැන නොතෙන නොහිතා, නොබලා, අමුවෙන්න හෝ නොගයා ඉන්න පුලුවන්ද අපට...

ඇහැල මලින් බරවූ ගස් යට, බක් මී මල් සුවඳ හමන, කජු පිච්චෙන පුලුටු හමන කාලයට රංහොටි අයියා සමග අජන්තා රණසිංහයන් කදේ දාගෙන මූහුණනට මූලචිචි වූ ඒ අතීතය ගමෙ හන්දියේ කොට්ටම්බා ගහ සෙවනේ අංගෝ නැන්දගේ බුලත් කඩේ පිලේ විදපු කාලේ මාගේ සුන්දරය...
අපේ ගමට නූදූරු තලමිමැහර සූන්දර ගමේ ජිවත්වූ අජන්තා රණසිංහයන් තම ජිවිතෙ ගමේ අත් ව්දපු සූන්දර මතකයන් තම තෙලි තුඩින් ලියා දුන් ඒ පද වැල්ගොතා අමුණා...

මෙම ගීතයේ ඒ සුන්දර ආදර වදන් පද වැල් නලවා නටවා මිහිරෙන් තම ඇගිලි තුඩු වලින් සැක්ෂීපොනයෙන් වාදනය කර ස්ටැන්ලි පීරිස් නම් මැයුම් වැයූම් නිමැවුම් ශිල්පියාගේ ඒ නාද රටා සමග ...

ආදරයේ සුන්දර හදවත් නළවාලු... එදා අපේ යෞවනයේ ආකර්ශනීය ප්‍රේමාවිත ගී හඬින් ආදරයේ විරහ වේදනාවෙන් කම්පිත දුක්‌බර හදවත් සනසවමින් ගී ගැයූ ඒ මිල්ටන් මල්ලවාරච්චි ගායකයානන්ගෙ.......

හඩද, නාද මාලාවන්ද, පද වැල්ද අප හදවත් තුල සදා අමරණීයයි !!!

(කම්බි තද කරමින් තට්ටු දමන්නේ නීල් අයියාගේ sunflower original ජැන්සියයි)

https://www.youtube.com/channel/UC0mtwvNfsiuxMO5bWDViUXQ/videos