Showing posts with label අදහස්. Show all posts
Showing posts with label අදහස්. Show all posts
Sunday, September 22, 2019
දුක් දොම්නස් නැති කරන ප්‍රාර්ථනා ඉටු කරන දෙව් මැදුර...
කොළඹ කොච්චිකඩේ පල්ලියේ පෙනෙන දුර ජම්පටා වීදියෙ උපන් මගේ අම්මා පොඩි කාලේ මගේ සීයාගේ සුලඟිල්ලේ එල්ලී සතියකට වරක් වත් සාන්ත අන්තෝනි මුනිඳුන් දේවස්ථානය වැඳ පුදා ගැනීමට නිතරම ගෞරවාන්විතව ගිය බව මා හට පැවසූ වාර අනන්තය.
මාද බහ තෝරන වියේ සිට මගේ අම්මා ගේ සාරිපොටේ එල්ලී ඇය සමග යමින් පල්ලියේ මහ වීදිය අවට ජීවත් වන නෑදෑයෝ හිතවත්තු සමග දුක සැප අසා මුනිදුට ද පඬුරු දමා හිස නමා යාච්ඤා කළ හැටි මට සිහිවේ. පසුව තරුණයකු වූ මම රස්සාවක් නැති ව රස්තියාදු ගසා ඉබාගාතේ යමින් එමින් සිටි අවධියේත් , රස්සාවක් කර යමක් කමක් තිබූ අවධියෙත් ගෙදරදි අම්මා පවසනුයෙ.....
"ලොකු පුතේ..
කොච්චිකඩේ පල්ලියට ගිහිල්ලා ඉටිපන්දමක් පත්තු කරලා මට බූන්දි, ඉඟුරු දෝසි, මූරුක්කූ මුලකුත් පිච්ච මල් විකුණන චෙල්ලයියා ගෙ කඩෙන් අරං වරෙන් කියලා ය."
කැලණි විහාරයට, ශ්‍රී මහබෝධියට, කතරගම දේවාලයට, බෙල්ලන්විල ගංගාරාම පන්සල්, අයියනායක දේවාලයට, දෙවටගහ පල්ලියට, ශ්‍රී පාදයට, රුවන්වැලිසෑයට, කලුතර බෝධියට, සීනිගම දේවාලයට, අපේ ගමේ උස්ගල පන්සලට,වැල්ලවත්ත මාතලේ නාගදීප මොදර කෝවිල් වලට ද බෞද්ධයකු වූ මා වරක් දෙවරක් නොව, ලංකාව වටේ රස්තියාදු ගසන යමින් එමින් නිදහස ඇති සෑම වෙලාවකම පයින් බයිසිකල් වල මෝටර් සයිකල් වල බස් වල එල්ලී නඩ පිටින් පඬුරු දමා මල් පළතුරු දැහැත් වට්ටි දෝතින් තියා වැඳ පුදා සිහිනටත් එහා ගිය අතීතය මට සිහිවේ............
එදා වගේම හෙටත්.....
කොස් ගස් හන්දියෙන් බසයක නැගී තෙරපි දුවිලි කාගෙන දුවන බසයෙන් තාලයට පැන ගෑස්පහ හන්දියේ පොල් තෙල් ගුදම් අතරින් පුන්නක්කු සුවදින් රත්තරන් පිරුණු හෙට්ටිවීදියෙන් තෝඩු මාල දැක බඩගින්නට කෙහෙල් කොලේ පසාරු කරගෙන යන උණුසුම් සාම්බාරු පරිප්පු මුරුංගා වම්බටු ගොඩ හොද්දත් තෝසයක් දෙකක් ගිල දමා රසම් හොද්දත් බි
මුත්තුසාමිගේ මල් කඩෙන් කෙහෙල් පට්ටෙන් ඈමුණු පිච්ච මල් මාලයක් වගේම පල්ලිය ඉදිරිපිට අසරන මිනිසුන් විකුණන ඉටිපන්දම්ද මිලදීගෙන පල්ලිය තුළට ඇතුල් වී මාල දමා පහන් පත්තු කර සිතට ගතට දැනෙන වේදනා යටපත් කර ගෙන ප්‍රාර්ථනා යදින්න ඇත්නම් කොතරම් මා සතුටුවෙයිද.....
සාන්ත අන්තෝනි පියතුමනි ඔබ ජීවමානයි !
සැ.යු.මෙහි සියලුම පින්තුර මුස්ලිම් අන්තවාදීන් එල්ල කර ප්‍රහාරට කලින් ගත් පැරණි දේවස්ථානයේ අයිතිහාසික පින්තුර වේ.
Subscribe to:
Posts (Atom)


