Saturday, September 21, 2019

අහෝ සංහිඳියාව...

                             කාගෙත් කඳුල දැකපු "එල පවුසි"




60 දශකයේ මැද කොලොඹ "යට කල මහ වගුරු බිමේ " ජීවත්වන නාගරික සාමාන්‍ය‍ය ජනතාවට දිනපතා වෛද්‍ය සායනයක් සමග නොමිළේ අවශ්‍ය බෙහෙත් හේත් දීම සදහා අලුතින් ඉදිකරන මැද කොළඹ මාලිගාවත්තේ බොදීරාජරාම මාවතෙ පිහිටි අප නිවසට යාබද නව දෙමහල් නගර සභාවේ ඩිස්පැන්සරියට සුබ මොහොතින් විවෘත කරන අවස්ථාවේ, එදා කොලොබ නගර සභාවේ නාගරික මන්ත්‍ර වූ එච් එම් පවුසි මහතාගේ දෑතට මල් පොකුරක් දී පිළිගත්තේ සුමනපාල සහෝදරයාය.

එදා සෝවියට් දේශයේ සමාජ පෙරළියක් වූ රුසියන් බසින් ලියවුනු ලෝක ප්‍රසිද්ධ "අම්මා" නවකතාව ඇතුළු පොත්පත් සිය ගණනක් සිංහලයට පරිවර්තනය කළ දැදිගම වී රුද්‍රිගු සහෝදරයාගේ හොඳම මිතුරෙක් සිටි ඔහු මගේ ආදරණීය සීයාය. ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, පීටර් කෙනමන් මහත්තුරු සමග ළගින් ඇසුරු කරමින්ය. එදා සමසමාජ පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරියෙකු වූ මගේ සීයා අලුත්කඩේ මුද්‍රණයනාලයක් හිමි සමාජ සේවකයකු හා සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ තනතුරක් දරු වි.කෝ.‍මු. සුමනපාල නම් විය.

එපමණක් නොව ඒ හා සමාන අදහස් දැරූ අප පවුලේද කිට්ටුම හිතවතකු වූ පවුසි මහතාගේද ළඟම හිතවතෙකි. එදා ඔහු මගේ සීයා සමග ගත් චායාරුවක් මැතක් වන තුර අපේ නිවසේ පරණ කබඩ් එකේ අලවා තිබුනේය. සීයා මිය යනතුරුම ඔහු සමග ඉතා කුළුපගව ඇසුරු කරමින් ජාති ආගම් කුල භේදයෙන් තොරව සෙල්ල සාමිට,සෝමේ අයියට, අම්බි නානට, ගෙලේන් නැන්දට මෙකී නොකී මහජනයාට පොදුවේ උදව් පදව් කළේ අද මෙන් තම වාසි තකා නොවේ.

පසු කාලයේදී 80 දසකයෙ සිට ප්‍රබල සමාජ සෙවිකාවක් වූ මගේ මව් සමග මැද කොළඹ හා දිවයින පුරා සමාජ සේවය සඳහා පවුසි මහතා ඉවක් බවක් නැතුව බොහෝ ආධාර උපකාර කටයුතු කළහ. අප බෝධිරාජාරාම , ඛෙත්තාරාම විහාරස්ථාන වලට, නාග කෝවිලට, ජුම්මා මස්ජිඩ් පල්ලියට නිතර ඔහු පැමිණ ගියහ.
කෙදිනකවත් අප ඔහු සොයා ගියේ නැත. ඔහු අපව සොයා පැමිණියේය.
නමුත්...

දේශපාලන ගැන මෙලෝ දෙයක් නොදාත් මා එදා වගේම අදත් හෙටත් ඔහු පට්ට සමාජ සේවකයකු නිසා දකින්න අසන්න හමුවෙන්න මා කැමති එදා හිටිය "එල පව් සිය"...නානාය.

(පරණ පොටෝ එකක් වුණත් එය මට වටින්නේය. මාලිගාවත්තේ මා ඔහුගේ ඉදිරිපිටදී ඇසූ පොදු ප්‍රශ්නයකදී.., උත්තරයට පිළිතුරක් එනතුරු මෙම පින්තූරයේ ඔහු දුරකථනය අමතා කතා කරන්නේ එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය වෙතටයි.- 2002 බක්මහේ)

2 comments:

  1. සුමනපාල සොහොදරය සංසාරෙන් එතෙර බලාන ඉන්නවා. පිස්සු නම් කෙලින්න එපා නානා...වෙනදා වගේ ඉමු හොදේ..

    ReplyDelete
  2. පවුසි හැට ගණන් වල යූඑන්පී. හැත්තෑ ගණන්වලත් යුඑන්පී එකෙන් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙසයි හිටියේ. ඒ කාලයේම සිරිලංකා එකට එක්කහු වුනා.

    ReplyDelete

හිතෙන දේවල් මතක දේවල් කියලා යනඑක හයියක්