Thursday, October 3, 2019

සාන්තුවරියන්ගේ රැජින ලෙස හදුන්වන ප්‍රංශයේ දූතිකාව









නව දෙනෙක්ගෙන් යුත් පවුලේ පලමු දරුවා ලෙස 1844 ජනවාරි මස 07 වන දින ප්‍රංශයේ ලූර්දු නුවරදි බර්නදෙත් සොබිරොස් දැරිය මෙලොවට උපත ලැබීය. දුප්පත්බවට උපතින්ම උරුමකම් කී ඇය මුලු ජීව්ත කාලයෙහිම ඇදුම රෝගයෙන්ම පීඩා විදිය.ජනවාරි මස 09 වන දින බෞතිස්ම කරනු ලැබිනි.1858 පෙබරවාරි මස 11වන දින එතුමියට වයස අවුරුදු 14 දි එතුමියගේ සොහොයුරියක් සහ මිතුරියන් කිහිප දෙනෙක් සමග දර ඇහිලීමට අසල වන ලැහැබකට යන අතර එහිදි පර්වතයක් අසල ප්‍රථමයෙන්ම දේව මාතාවන් වහන්සේ එතුමියට දිස්විය.ඉන්පසු එතුමිය හට දේව මාතාවන්වහන්සේව 16 වතාවක් දිස්විනි. 1866 ජූලි මස 29 වන දින එතුමිය නර්වර්ස් හි කන්‍යාරාමයට ඇතුලත්විනි.1879 අප්‍රේල් මස 16 වන දින එතුමිය මියයන විට ජපමාලය උච්චාරනය කරමින් සිට ඇත.එතුමියගේ ශරීරය භූමදානය කර 1897 මැයි මස 30 වන දින ගොඩගනු ලැබුවේ සාන්ත ජෝසප් චතුරශ්‍රයේ තැන්පත් කිරීමටයි.

නමුත් එ අවස්ථාව වන විටත් සිරුර නැවුම්ව තිබිනි.කිසිදු දුර්ගන්ධයක්වත් නොතිබිනි.පසුව අවුරුදු 13කට පසුව නැවත සිරුර ගොඩගත් අතර එ අවස්ථාවේද සිරුර නොදිරා පැවැතිනි.1919 අප්‍රේල් මස 03 වන දින නැවත ගොඩගත් සිරුර වෛද්‍යවරුන් 2 සහ හෙදියක් විසින් පරික්ශා කරන ලද අතර එවිට ඔවුන් පැවසුවේ ලුනු වැනි කුඩක් මුලු සිරුර වටාම ආරක්ෂක වලල්ලක් ලෙස විසිරි ඇති බවයි.පසුව 1925 නැවත ගොඩගත් සිරුර රත්‍රන් සහ ක්‍රිස්ටල් වලින් නිපදවු පෙට්ටික බහා එතුමිය අවසන් වරට ජීවත් වුනු කන්‍යරාමයේ තැන්පත් කර ඇත.එලෙසම සාන්ත බර්නදෙත් තුමියට දේව මාතාවන් දර්ශනය වු පර්වතයේ අදවන විට විශාල දේවස්ථානක් ඉදිකර ඇති අතර එය දැකබලාගනීමට වර්ෂයක් තුල මිලියන 5කට අධික වන්දනාකරුවන් පිරිසක් පැමිනෙන අතර එහිවු දිය උල්පතින් දහස් සංඛාත රෝගින් පිරිසක් සුවය ලබා ඇත.

සාන්ත බර්නදෙත් තුමියව සාන්තුවරයට ඔසවන ලද්දේ 1933 දෙසැම්බර් මස 08 වනදින 11වන පියුස් පාප්තුමා විසින් රෝමයේදිය.සාන්ත බර්නදෙත් තුමිය තරම් දේවමාතාවන්ට ආදරය කල සාන්තුවරියක් නොමැතිතරම් .එතුමියගේ ජීවිතයේ අනේකවිධ කරදර මධ්‍යයේ වුවද දේව මාතාවන්ගැන අවිශ්වාසය නොකර එතුමිය සමග එකතුව කතෝලික ආගම රැකගැනීමට උර දුන්නා...

සැ. යු. මෙහි ලියා සොයා ඇති කරුණු අන්තර්ජාලය ඇසුරින් සහ මා ඇසින් දුටු දෙ පමණක් බව කරුණාවෙන් සලකන්න.

-පින්තූර 1994 දෙසැම්බර් ශීත සෘතුවේදී

3 comments:

  1. මෙහි ලියා සොයා ඇති කරුණු අන්තර්ජාලය ඇසුරින් සහ මා ඇසින් දුටු දෙ පමණක් බව කරුණාවෙන් සලකන්න.

    ReplyDelete
  2. හොඳ වැඩක් .... ජගත් ,දිගටම කරගෙන යන්න ,, ජයවේවා !

    ReplyDelete

හිතෙන දේවල් මතක දේවල් කියලා යනඑක හයියක්