Showing posts with label ජීවිතයෙන් බිඳක්. Show all posts
Showing posts with label ජීවිතයෙන් බිඳක්. Show all posts

Thursday, July 16, 2020

ස්විස් ඇල්පයින් සිත කදුකරයේ සිට ජර්මන් මිදී වතු හරහා ගලන රයින් ගගේ සුන්දර මිටියාවතේ...

යුරෝපයේ රයින් ගඟට සමාන්තරව සදාහරිත කොළපාට නිල්ල පිරුණු මිටියාවතේ අවට පරිසරය නරඹමින් ඉඳහිට හෝ ඇවිදගෙන යන්න ඇත්නම් සිතට ගතට දැනෙන සුවය කියල නිම කරන්න බැහැ.

එම මිටියාවතේ ජීවත් වන පරිසරයට ආදරය කරමින් සත්ව ගොවිපලක් හා බැටළුවන් ඇති කරමින් ජීවිකාව ගෙන යන පාරම්පරික ජර්මන් ජාතික ගොවි මහතෙකු වන හිතවත් හර්මන් මහතා සහ ඔහුගේ බිරිඳ වන රෙනාටා මහත්මියට අයත් ගොවිපලේ සුභාවික කැලෑ මී පැණි නැවුම් වගේම හරිම රසයි.

හරියට ගමේ කිතුලේ නැවුම් බඩු වගේ.
ජර්මන් කැලේ මලේ බඩු.

යුරෝපයේ උතුරු දෙසින් අත්ලාන්තික් වනයේ ගහ කොළ මැදින්ද, සහ දකුණු දෙසින් ඇල්පයින් කඳු තිසාරා හමන ඒ සීතල සුළං රැලිද, හිමිදිරියේ හිරු රශ්මිය පසාරු කරගෙන මී මැසි ජනපදයෙ රැජිනගේ අණ පරිදි විහඟුන් නැවුම් මල් පැණි සොයා අවට සිසාරා පියඹා උදෑසනම යන්නේ කඩිසර ලෙසිනි.
අවට ඝන ලදු කැලෑවල ඉබාගාතේ වැවී තිබෙන කෑලෑ මල් හා පාරම්පරික ජර්මන් ගොවි පොළවල් වල සූරියකාන්ත, බඩ ඉරිඟු, නොයෙක් වර්ගයේ යුරෝපීය එළවළු සහ පලතුරු, අබ, බියර් සෑදීමට ගන්නා මයින්ස්, විවිධ වර්ගයේ දේදුනු පාට ඇති ශාක වල මල්වල රොන් උරා රුගෙන තම ජනපද සොයා විහඟුන් පියාඹන්නේ රූන් රූන් හඩ නගා ගෙන කනට ඇසෙන පේන තෙක්මානේ කැලෑ රොදවල් පීරමින් ය.

පරිසරයේ නිහඬතාවය බිඳිමින් සතා සිවුපාවා කුරුල්ලෝ හඬ අසමින් නිදහසේ පරිසරයෙහි ඇවිදන යන විට මා ගත සිත සුන්දරත්වයෙන් සොඳුරු පිටිසර වන්නියේ ගමට යන්නේ අතිතයේ මතක සූවද විදිමිනි...
එදා කැලෑවල ඇවිදිමින් ජනපදයක් දැක්කොත් හුබස් වල බෙන වල මී වද කඩා තොල් ඇස් කන් ඩබල් ට්රිබල් වී මී පැණි තොල ගෑ හැටිද, තාත්තගේ කන්දොස්කිරියාව ද මට අමතක නොවේ.

Sunday, May 3, 2020

ආදරණිය තණමල්විල දිප්තයා වෙත... උබ අපේ යට ගියාව ඇවිස්සුවා...

උබ අපේ යට ගියාව ඇවිස්සුවා.

"විභාගේ පෙල් උනාම කරන දේ තමයි හිතුවේ."

ජිවිතේ සොදුරු වයසේ සියල්ල යටපත් කරගෙන කට්ටා පොළොවේ හැල්මේ දුවන නුබේ චරිතේ, වරිගේ පට්ටයි.

අපේ ගෙවල් වල විතරද මිසිස්සු ඉන්නේ...
ඇයි... උබලාගේ ගෙවල් වල සත්තුද ඉන්නේ...
නෑ.. නැ... නැ... ම.. මම කිවුවේ...
අනේ පලයන් බන් යන්න...

වෙලාවකට මට හිතුණා. උබේ හදවතට රිංගා බලන්න ඇත්නම් කියලා.

විරාගයේ , යුගාන්තයේ දෝලනයවී සිරි යහනේ මකුළු දැල් කැඩුවා කියලයි මට හිතෙන්නේ.
හරියට යශෝරාවයේ බලදේව වගේ.
උබේ උන්ට, නොහොදක් නෝක්කාඩුවක් වෙන්න දුන්නෙම නෑ..
තරාදිය වගේ...

මුහුදු හතකින් එහා පැරිස් සුවද හමා වතේ දැවටුනත්,
ගමේ දහදිය, වෙල් ඉපනැල්ලේ ගහේ කොලේ සුවදට උබ හදවතින්ම ආසා කළා.
දීප්ත රටඉදලා ගමට එන දවසේ.....මෙගා...

අඩෝ බොක්කා... දීප්තයා උබ අවා නේද.. උබ අවා...

ගමේ කොල්ලෝ එහෙම කියලා බදා ගන්නවා...

මං ගමට යනවා...........

කිතුලා සේව්න්දිකට පෙම්බැදි නටපු හැටි, පට්ටම සින් එකක්.
ඌ ගිය දවසේත් එහෙමයි.

වැලටත් බර, බඩටත් නැති පතොලයාගේ පිස්සු කතා යටි බඩ කොර උනා.

"ඒ පර බල්ලා අපිව දාලා ගිහිල්ලා බන්..."

මල්ලි... කටු නැති චිකන් දෙකක් දාපන්..
අපි කටු කෑවට... ලමයිටයි ගැනිටයි කටු කවන්න බැනේ..

අමමට හුඩු, ඒ සුස්ති මනෝ ලෝකය...

කූරා...නිකන් ගම්බිරිස් ඇටේ වගේ.
එත්... සුලෝ නොම්බරය නොදී ගිය එක හිත තැලිලා උන්නා එදා..

"අඩෝ පරයෝ මේ ගගේ වැලි අපිටත් අයිතියි.
පුලුවන්නම් නවත්තපල්ලා...."

ගේම මයි ඌ ඉල්ලන්නේ.

පැරදිලා පලා ගියේ නෑ...හා... රැවටිලා සුවේ හෙලා නෑ..
පිටු පාලා සුවේ හෙලා නෑ...හා.. මා කවදාවත් වෙනස් උනේ නෑ..

ජගා එහෙම ඇක්ෂන් දමා කිවත්
සුලෝ මෙහෙම කියනවා

'සමහර කෙල්ලෝ කැමති නෑ...විභාගේ ඇන ගත්ත කොල්ලන්ට...
සුලෝ ආස ලස්සන කොල්ලන්ට...
මේ... මන් වෙනස්...
මේ පතෝ...
මම කිව්වේ සමහර කෙල්ලන් හිතන විදිහ...'

උසස් කුලේ සුලෝට... පහත් කුලේ ජගාට මනාපයක් නෑ...

"මං සුලෝව බදිනවා යකෝ මං සුලෝව බදිනවා.
සුලෝලා ගෙදරින් මට කැමති නෑ. අපේ පරම්පරාවම බෙරකාරයෝ උනාට මං ඩ්‍රම්ස් ගහන එකෙක් යකෝ...."

සුලෝ දුවිලෙන් වස්තුනු තවරු එක යායේ එකට උන් නොදක්කාසේ සිදාදියේ රහසින් යනවා.
අපේ ගම්වලත් දෙතුන් දෙනෙක් කෙල්ලන් කොලොබදී අපෙන්ම නොදන්න විදිය අහලා එහෙම මාරු වෙනවා.

අසා ඉමු අපි...සුමුදු වැල්ලක...
සයුර මුමුමුන පෙම් කතා...
බලා ඉමු අපි...
ඇත සිටිජයේ මැවෙන හසරැලි පෙම් රටා...

සොරි...සොරි...
පට්ට බැල්ලි...

දිප්තට ඒවාට ලැජ්ජයි...

අලියා වැටුණු වැවේ වගේ අතීතේ මතකයන්

'මාත් ආසයි ඔයත් එක්ක ගිලෙන්න...'

වැවේ මන්කඩේ දග
දන්නෝ දනී.

කෝකටත් තයිලයට පට්ටියේ උන්නු උදිතයා උස්ගලේ ලොකු සාදු උනා පොසොන් සදක් පැවූ දිනක. හරියට කුසුම්සිරි ඇගේ...

ඩින්ගා අයියා වගේ විනෝදයට බර, පොඩි පඩ බිස්නස් කරමින් කාලේ අනුව වෙනස් වෙමින්. හයියක් වෙමින්. මේ වගේ පොකුරක ගුරු හරුකම් කියා දෙන දුකේදී සැපේදී පිහිටවෙන, සොරොම් අදින ලොස් නැති අයියා කෙනෙක් ඉන්නවාමයි .
හරියට යක් දෙහි ඉස්ම වගේ...
අපේ ගමේ අතුරේ යන පොල් මල් තලන, දේශීය මන්ඩිය හැදී ගාන චුට්ට් අයියා වගේ...

"හා.හා පුරා යමුද කතරගම ගිහිල්ලා එන්න.."

අබ ඇටයක් වැටුනත් මල පනින. කෙටි දරදඩු වචන කියන ලොක්කා අයියා ආමි උණ හොද කරන්න බැ...

"කාපන්උබ හන්දා ගේනවා
යකෝ තෝ විභාගේ පෙල් උනා කියලා ගෙදරින් කන්න බොන්න එපා කිවේ නැනේ...
යුද්දේ කරපු සල්ලි වලින් මේවා ගේන්නේ..."

බුළුවල අයියා වගේ...විනාශේ වගේම ඇත දකිනවා.හිත හොද උනත් පොසස් නිසා ඇම්ම.

"ජගා ගාව ඇති බන්...

වන වදුලේ වසන්තේ වෙන්න ඇති...

ඇත්තද අපේ හාමුදුරුවෝ කියනවා අපි කරපු දේ විතරයි ඉතිරි වෙන්නේ..."

ජගාගේ සුලෝගේ ආදර දෙබස් අමුතු ගතියක් දැනෙනවා...!

යශෝදරා අක්කාගේ පොත් රාක්කේ දුවිලි බැදී ඇති බව කියයන්නේ ඇයයි.
නොකීවට ගමේ හිටියා ප්‍රේමා අක්කා වගේ.

ගොම පොළොවට පය ගස ගෙන කතා නැති සරළ තාත්තා කිරි අප්පචිචි වගේ..

"ඔන්න ඔහේ මට තේ ටිකක් හදලා දියල්ලා..

දීප්තගේ තාත්තා ඔහේ කියාගෙන යනවා."

වන්නියේ වැරදිලාවත් අවොත්
දැදුරු ඔයෙන් නාලා, තෙප්පලි බියිට් එක්කලා රා කලයක් තොල ගලා ඇන්න යන්න වරෙන්...
සෙට් එකේ ඔක්කොමට අයියනායක දෙවි පිහිටයි

ඕන යටි බඩක් බන්...

"ඉස්ම යකෝ අපි"

- මං

- වන්නියේ කොල්ලේක්


Jagath Randeniya ගේ ඡායාරූපය

Thursday, October 3, 2019

කවුද කිවේ මැරුණා කියලා කවට අන්දරේ...කියපු කෙනා දන්නේ නැහැනේ හරි කතන්දරේ...












"රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහෙදෝ යන්නේ..."
ගීතයත් ගැයූවේ අපේ යුගයේ අසහාය ගායක ජේ. ඒ. මිල්ටන් පෙරේරා මහතාය...

"රිදී කලේ රන් කොතලේ බීපු මට
නිකං කළේ දිය නැතිවිය පිපාසෙට
කොට්ට මෙට්ට ඇඳ ඇතිරිළි තිබුණු මට
මෙහෙමත් කළ යාද පලු වීර ගස යට"........

අවසන් හුස්ම පොද හෙලමින් කවියෙන් ගායනා කළේ එදා රජවාසලේ හිටිය කවට අන්දරේ නොහොත්
සද්ද විද්ද පළග පතිර රාජපක්ෂ වික්‍රමසිංහ මුතු කුමාරණ අධිකාරි යන ගරු නම්බු නාම ලැබූ එදා සෙංකඩගල රාජාධිරාජසිංහ රජුගේ (1782-1798) රජුගෙ රාජ්‍ය පරිපාලනයේ දී රජුට ඇති වන ඒකාකාරී බව කටුක හා nirasa අවස්ථාවන්හි ඇති වන පීඩනය අවම කිරීම උදෙසා ජාතික අවස්ථානුකූලව කිසියම් විනෝදාස්වාදය පැතීම කවටයා මගින් සිදු වී ඇත. එපමණක්ද නොව රජවාසලේ කවටයා නිලනොවන පුරෝහිතය කුගේ භූමිකාව මෙන්ම ඒ විහිළු කර රජු himashi මෙන් නොව නිසි විහිළුවෙන්ම නිසි උපදෙස් දීමෙන් ම න්දි හට් ප්‍රියන්ගෙන් මුරුංගා අත්තේ තැබීම්වලින් රජුව බේරා ගැනීම ද ිදුවී ඇති බව ජනප්‍රවාදයේ ඉතිහාසයේ සඳහන් වේ.

අන්දරේගේ සොහොන බැලීමට යාහැකි හොඳම අවස්ථාව ඔබ කතරගම යන විටකදීය.හම්බන්තොටින් තිස්සමහාරාම පාරේ යනවිට හමුවන උඩමලල හන්දියෙන් වමට ඇති පාරේ කිලෝමීටරයක් පමණ ගොස් එහි දකුණු දෙසින් වූ වැව අයිනදිගේ ඇති අතුරුමගක ගමන් කිරීමෙන් අන්දරේගේ සොහොන වෙත ලඟාවිය හැක.
අන්දරේ යනු හුදෙක් මනඃකල්පිත චරිතයක් නොවේ.18 වන සියවසේ සෙන්කඩගල මහනුවර රාජාධි රාජසිංහ රජු දවස රජවාසලේ සිටි විකටයෙකි,කවියෙකි.අන්දරේ වටා ගෙතුණු කතා රාශියකි.අන්දරේ සීනි කාපු හැටි,ගල උස්සපු හැටි,ගොනාට ඇඳීම,හතරබීරි කතාව,කිරි කෑ හැටි,රබන් පැලීම ඉන් වඩා ප්‍රසිද්ධ කතන්දර ලෙස දැක්විය හැක.මොහු රජවාසලේ සේවය කල වකවානුව ක්‍රි.ව 1781සිට 1798 දක්වා බවට ඔහුගේ සොහොනේ සටහන්ව පවතී.

ඔහුගේ උපන්ගම ලෙස සැලකෙන්නේ මාතර දෙවිනුවර ප්‍රදේශයයි.එය ඔහුගේ පියාගේ උපන්ගම වන අතර ඔහුගේ මවගේ ගම වශයෙන් සඳහන් වන්නේ දික්වැල්ල ග්‍රාමයයි.දිගු කලක් රජ වාසලේ සේවය කල අන්දරේ තම ජීවිතයේ අවසාන භාගයේ, තමන් ඉපදුනු සුන්දර ගම්මානයත් තරුණවියේ ගැටමානේ බිරිඳ සමග ගතකල ජීවිතයත් සිහිපත් වී තම වයස්ගත බවද,රෝගී බවද නොසලකා එහි යාමට තීරණය කල අතර, ගමනේ අතරමගදී ඉහත සඳහන් උඩමලල වැව ඉස්මත්තයේ පිපාසයෙන් මියගිය බවටඉතිහාසයේ සඳහන් වේ.
අන්දරේ විසින් කියන ලද කවි කිහිපයක්

#රජබිසවගැන රජුට කී කවියක්-

බොහොම හොඳට රන්කම්කල වැඩක් වගෙ යි
දේවතුමට මහබඹු දුන් ලියක් වගෙ යි
ලෝකේ ඉන්න පඬිහට පිස්සුවක් වගෙ යි
කොහොඹ ගහට කරවිල වැල ගියා වගෙ යි.....

#පෙම්වතියට

කොළඹ කළුතර අලුත් ගන්තර මුනේ මාතර ගාල්ලේව ත්
සපරගමු පුත්තලම උඩරට කොට්ටියරම් තොට මුනේ ව ත්
සතර සත් කෝරලේ ඇතුළුව මෙවැනි මැදි හත්පත්තුවේ ව ත්
නුබ සේ ලස්සන කතක් නුදුටිමි සතර වාසල් කොන් අටේ වත්....

#තමාගැනම

යන්තරේ හොඳයි ඉඳ කපු කටින්නට
මන්තරේ හොඳයි ඉඳ ජප කරන්න ට
ගින්දරේ හොඳයි සීතට තපින්න ට
අන්දරේ හොඳයි සීපද කියන්න ට....

#මරණයටපෙර

රිදී කලේ රන්කොතලේ බීපු මට
නිකන් කලේ පැන් නැතිවිය පිපාසෙට
කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබුන මට
මෙහෙමත් කල යාද පලු වීර ගස් යට...

සැ. යු. මෙහි ලියා සොයා ඇති කරුණු අන්තර්ජාලය ඇසුරින් සහ මා ඇසින් දුටු දෙ පමණක් බව කරුණාවෙන් සලකන්න.

- පින්තූර නඩේ සමඟ ගියේ 1995 වසරේ මැද භාගයේදීය. ඉතිරි පින්තූර අන්තර්ජාලයෙන්ය.

Wednesday, October 2, 2019

සිරිලක දකුණේ පින්බර කොත්දුව රජ මහා විහාරය









                   

මේම විහාරය දකුනෙ බළපිටිය ප්‍රදෙශයේ මාදු ගගෙ මැද අක්කරයක පමන භුමියකින් හෙබි ප්‍රදෙශයකි.මෙහි ඉතිහාසය දෙවන පරාක්‍රම බාහු රජ දවස දක්වා දිව යයි..වත්මන් විහාරය ඉදිවි වසර 120කි......

හේමමාලා හා දන්ත කුමරුන් දළදා වහන්සෙ ලක් දිවට වැඩම කරද්දි පැවති යුධ තත්වය නිසාවෙන් රොහණ දෙශයට පැමිණ වැලි තොට ආසන්නයෙ වරායෙන් ගොඩ බැස රට තුළට අවුත් මාදු ගග ආසන්නයෙ කොත්දුවෙ වැලිමත සැදු දැගැබක සිරි දළදා වහන්සෙ නිධන් කොට රැක බලා ගත් බවත් යුද්ධය අවසානයෙ අනුරපුරයට ගොස් කිත්සිරිමෙවන් රජුට පිරිනැමු බවත් ඉතිහාසයෙ සදහන්වේ.

මිට අමතරව පරසතුරු උවදුරු පැවති කාලයේ දළදා වහන්සෙ අරක්ෂා කිරිමට විදිය බණ්ඩාර කුමරු ද දළදා වහන්සේ කොත්දුවෙ සගවා අරක්ෂා කර ඇත....

මෙම විහාරය ගැන තොරතුරු අසන්නා රසවත් හා පුදුමයට පත් කරන ජන කතා ගම්මුන් අතර ප්‍රකටය.ගාලු පාර සිමාවේ සිට මාදු ගගේ බෝටුවක නැගී පරිසරය නරබමින් සත පහ දුපතද ආසන්නයෙන් මෙම පින් බිම දැක බලා වන්දාන මාන කිරීමට අපමන සතුටක්
හා සිතට නිවනක් ලෑබෙනු නියතය.......

2000 වසරදී..දිනක...

Sunday, September 29, 2019

කුරහන් යායේ සුවද දසත පැතැරු සිංහයා.........







88/89 වසර කාලයේදී පාදඩ දේශපාලන නරුමයන් විසින් බලය උදෙසා රටේ පාලනය දෝලනය වෙමින් තිබු මොහොතක, කැළණි ගගද පිටාර ගලා දුව්ලි පීන්න වැටෙන හිමිදිරියේ
කොලොබ ඔරුගොඩවත්තේ බයිසිකල් රෙපෙයාර් වැඩපලක් සහ රේකොඩ් බාර් එකක් කරමින් සිටියදී "ප්‍රා" "උකුස්සා" එවක රජයේ කුලී මිනීමරුවන් විසින් දස වද දී ඝාතනයට ලක්වූ මා මිත්‍ර නයන අයියාද.......................

එම කාලයේදීම රතු පාට එරබදු මල් පිපෙන, කොහා නාද කරන, කජු පුහුලන් සුවද හමන, බක් මහේ නිවාඩුවකට ගමේ ගිය මොහොතේ, බලදොර කෝරලයෙ සිමාව පසු කර කුබුක් ගස් මා දන් තුරැ ලතා මැදින් නිහඩව ගලා බසිනා කොළමුණු ඔය අසබඩ ගම්මුන්ගේ විලාප මැද ටයර් සැයක් මත අඩක් පිච්චේන නීරැවත් සිරැර ඉහළ ගමේ රත්නේ අයියාම බව මා හදුනා ගත්තේ ඔහුගේ බුලත් කහට දත් ඇන්දෙන්ය. රන්වන් පාටට පෙනෙන වෙල් යායේ ගැමි සුවදත් සමග හිරු මුදුන් හිස් අහස දෙස බලා ඇසේ කදුළු සගවා ගත්තේ දුක සමග මුසු ආවේගයනි. ඔහු සමග එදා ගමේ ඇලේ දොලේ වැවේ වෙලේ දුව පැනපු එල්ලේ ගහපු චක් ගුඩු ඇදපු අතීතයේ සොදුරැ දසුන් මතක් වීමෙනි.ඒ අවට ගම්මු කැ ගසමින් අයියනායක දෙවියන්ට කන්නලව් කරමින් දෙන විලාප මැදින් අප හන්දියට ආවේ මාද දැසේ කදුළු පිස දමමිනි.......

ගම් පෙරළිය පොත කියූ අහිංසක රත්නේ අයියාගේ මේ කුර ඝාතනයත්, දුප්පතා ගේ වාහනයේ රෙපෙයාර් කර පැච් දමා හුලං ගසා එදා වෙල පමණක් හම්බ කරගත් සොදුරැ කලා කරු සින්දු පිස්සෙක් වූ කොලොබ ඔරුගොඩවත්තේ සිටි නයන අයියාගේ ඝාතනයත් එදා මෙදා පමණක් නොව හෙටද ඔවුන් මතක් වෙන හැම මොහොතක් මොහොතක් පාසා මගේ සිත ගත හැගීම් වේදනාවෙන් සසල වේ. ගමේ ගෙදර ගිය මට තාත්තා ගෙන්ද හොද ඒවා අහන්නට ලැබුණේ "ගම් මැදි ගානේ කරක් නොගහා වහාම හෙට උදේම කොලබ යන ලෙස" ආදරයෙන් වේදනාවෙන් කිවේ "ගෝනි බිල්ලෝ උබටත් අත වනයි" ඉගි කරමිනි. වෙනදා වැවේ නා, වෙලේ ඇවිද, ලුල් කරිය පොලොස් ඇබුල පදමට අනා තිත්ත අගුණ කොළ මැල්ලුමද, බුරිය උල් වෙන්න කන මට රත්නේ අයියා මතක් වීමෙන් නින්ද නොගිය රැයේ පසුදා පාන්දරම කහට කෝප්පයක් පමණක් හනික බි කැලි කැපෙන ඝන අදුර කපා ආවේ හන්දියටය.

පසුව උදේ 5.15 ලංගම බසයට නැග එන අතරේ රත්නේ අයියා ගැන සිතමින් දුකින් වේදනාවෙන් ආවේ කොලොබ කොහේ හෝ තැනකට ජෝඉන්ට් වී මේ කාලකන්නිට විරුද්දව කුමන හෝ බලවේගයකට දිවි නොතකා උදවු කර පෙරළියක් කල යුතු කාලයද පැන ඇති බව සිතමින්ය. කාලය සමග ගෙවී කොලොබද මේ හා සමානව වාතාවර්නයක් නිර්මාණය වන්නට වැඩි කලක් නොගියේය. මගේ අම්මාගේ දැන හදුනා ගැනීම මත එකල කම්කරු සටන් නායකුවූ අලවි මුව්ලනා මහතා සමග කොස්ගස්හන්දියෙ ඔහුගේ කාර්යාලයේ සාමාජිකයන් හා හොද සම්බන්දතාවයක් ඉබේම ඇති වූයේ එදිනෙදා ජිවිත් වීමට දහදිය මහන්සියෙන් හම්බ කරන වෙර දරන සිටින සමයේය...........

පසුව එදා පැවති ආර් ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුවේ මෙම භීෂණයට, මර්ධනයට සහ පීඩනයට එරෙහිව ආරම්භකල පාද යාත්‍රාවට මැද කොලබින් මා සහභාගී වන්නේ මෙවන් වූ හේතු මතය.දහසක් කරදර කම්කොට්ලු මැදය.1992 මාර්තු 16 පෙරවරු 10ට කොළඹ විහාර මහාදේවි උද්‍යානයෙන් ආරම්භ වුයේ එදා පාර්ලි‌‌මේන්තුවේ එඩිතර මන්ත්‍රී වූ මහින්ද රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙනි. පාද යාත්‍රාව සංවිධානය කිරීමට විපක්ෂ ඒකාබද්ධ කමිටුව වෙනුවෙන් ලිපි නිකුත් කිරීමට සිදුවූයේ තංගල්ල කාල්ටන්හි මානව හිමිකම් හා නීති ආධාර කේන්ද්‍රයටය. ඒ වෙනුවෙන් අත්සන් කර තිබුණේ එහි සභාපතිවරයා වන විපක්ෂයේ ඒකාබද්ධ කමිටුවේ කැඳවුම්කරු ලෙසින් මහින්ද රාජපක්ෂටය මහතාය....

උදෑසන 9 වන විට එහි 500ක පමණ පිරිසක් සිටියේය. රාජ්‍ය මර්දනයට විරෝධය පෑම පාද යාත්‍රාවේ ප්‍රධානම සටන් පාඨය විය. එය ජනතාව පිබිදවීය. බියපත්වී, මුළුගැන්වී සිටි සාමාන්‍ය ජනතාවගේ බිය දුරුකර ඔවුන්ගේ විරෝධය එළිපිට ප්‍රකාශ කිරීමට, පාරට බැසීමට තරම් නිර්භීත වතාවරනයක් ඔහු විරෝධතා කරුවන්ගේ හා මහජනතාව තුල ඇති කළේය. කොළඹින් ඇරඹි පාද යාත්‍රාව දින 19 ක් ගමන්කර කතරගම ට පැමිණියේය.
විපක්ෂයක සිටියදී සැබෑ නායකයකු ක්‍රියාකළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව මහින්ද පූර්වාදර්ශ කන්දරාවක් ඉතිරි කොට ඇත්තේය.

වමේ දේසපාලනයට සම්බන්ධ විශාල පිරිසක්ද එයට එක්වි සිටියහ. පසෙක භික්ෂූන් රැසකි. තැනක සරසවි සිසුන්ය. මහින්ද රාජපක්ෂ පැමිණියේ සිය සොයුරු චමල් සමගින් පිරිසක්ද රැගෙනය. උදෑසන 9.45වන විට එක්වන පිරිස වේගයෙන් වැඩිවී මී මැසි පොදියක් බවට පත්විය. පාද යාත්‍රාව අරඹන විට එහි සිටි පිරිස 5,000කට අධික විය.

ආණ්ඩුවේ භීෂණයට, මර්ධනයට සහ පීඩනයට එරෙහිව ආරම්භකල පාද යාත්‍රාව ආරම්භකර මදක් දුර යනවිට සහභාගිත්වය දෙගුණයක් බවට පත්විය. ගාලුපාරට වැටෙන විට පාගමනේ ගිය පිරිස 15,000ක් පමණ විය. සෑම දිනකම පාද යාත්‍රාවට සහභාගිවූ පිරිස 15,000ක් පමණ වූ අතර ඇතැම් ස්ථානයන්හිදී එය 25,000ක් පමණ විය. අවසන් දිනය වන 1992 අප්‍රේල් 1වැනිදා කතරගමින් එය අවසන් වන විට එදින පමණක් පාද යාත්‍රාවට එක්වු සංඛ්‍යාව ලක්ෂයක් පමණ වේ. මෙම ගමනේ පළමු දිනයේ බම්බලපිටියෙන් ගාලු පාරේ වැටි වැල්ලවත්ත දෙහිවල ගල්කිස්ස රත්මලාන මොරෝටුව සටන් පාඨ කියමින් මග දෙපස සිටි ජනයා අප උද්යෝගය කල සැටිත් කෑම බිම දී සංග්‍රහ කල හැටි මට දැන්ද මැවී පෙන්නේ ඔව්න්ගේ සිනාහවත් සමගය.පානදුර ගග පසුකර එදා අප ගෙදර ගියේ අවසාන දිනයේ තිස්සමහාරාමයෙදී එකතු වී කතරගම කරා ගොස් කද සුරිදුට පඩුරු දී වැද පුදා නමස්කාර කර මේ පාපතරයින් පලවා හැර රටට නිදහස් සාමයක් උදා කර දීමට කතිකා කරගමිනි..කැරළි සමයේ ඝාතනයට ලක්වූ ඇඹිලිපිටිය විද්‍යාලයේ සිසුන් 32 දෙනෙකු ඇතුළු ඇඹිලිපිටියෙන් පැහැරගත් පාසැල් සිසුන් 48කගේ කදුළු වෙනුවෙන් පාද යාත්‍රවේ ගමන් කරන්නන් අතර සුවිශේෂ පුද්ගලයින්ගේ විරෝධතාද විය.

ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ අතුරුදහන් කල සිසුන් 30 දෙනාගේ දෙමාපියන් පාද යාත්‍රාවේ ගමන් කරනු දක්නට ලැබිණි. සැමියන් අහිමිවූ වැන්දඹු බිරින්දෑවරුන්ද, දරුවන් අහිමිවූ මව්වරුන්ද ඒ අතර විය. පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ 1989 ජුලි 29වැනිදා කල්පිටියේදී පැහැරගෙන පසුව අතුරුදහන්වූ සිය පුතු ඇතුළු වෛද්‍ය සිසුන් 22 වෙනුවෙන් යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා නීල් ලියනගේගේ පියා පුවරුවක් ඔසවාගෙන දින 17ම ගමන් කළේය.කාගේත් දෙනෙත් උණුහුමෙන් කදුළු තෙත් කරමිනි.ඩී.අයි. ජී. ධර්මසේකර මාතරදී තාවකාලිව දස ශීලය ලබා අනගාරික විය. මාතර උයන්වත්ත පිටියේ රැස්වීමට 20,000කට පමණ පිරිසක් විය. මාතර පැවති එම රැස්වීමේදී උණුසුම් කථාබහක්ද වේදිකාවේ සිටි අය අතර ඇතිවිය.

දෙවිනුවර, දික්වැල්ල, තංගල්ල අම්බලන්තොට, තිස්සමහාරාමය හරහා දින 17ක් පසුකර කතරගමට පාද යාත්‍රාව පැමිණෙන විට එය දිස්වූයේ එකම හිස් ගොඩක් ලෙසය. අවසන් දින පාද යාත්‍රාවේ මුල කතරගමට ලගා වන විට එහි අග තිබුණේ තිස්සමහාරාමයේය. කතරගම සිට තිස්සමහාරාමය දක්වා දුර ප්‍රමාණය කිලෝමීටර් 16කි. මඟ දෙපස සිටි ලක්ෂ ගණන් ජනයා දින 17ක් පුරා පාද යාත්‍රාව නැරඹූ අතර ඔවුනට ආහාරපාන ආදියෙන් සංග්‍රහද කළහ. මා ඇතුළු මැද කොලොබ තරුණ කැල පාද යාත්‍රවේ ඉදිරියේ ගමන් කලේ ආරක්ෂාව හා ඉදිරියේ ගමන කඩාකප්පල් කිරීමට සිටීමට ඉන්නා බව වහසි බස්දෙඩු එවක රජයේ කුලී මැරයින්ගේ සජීවිව මුහුණ දීම සදහාය. පාර දෙපස ගම්මුන් කිරි පැණියෙන් සංග්‍රහ කලේ ඔවුනට හැකි පරිදිය. දිවුල් කිරි බෙලි මල් වතුර අපට දුන්නේ "මේ මහින්ද මලයාගේ උන්නේ" ගමේ භාෂාවෙන් කියමින් උද්යෝග කරමින් මට අමතක නැත......එවන් අති භිහිසුනු කාලයේ මහ පාරට බැස මුහුණට මුහණ ගේමට ගේම ඉල්ලු මා දන්නා දේශාපලන සටන් කරුවා නම් ඒ අපේ හදවත් හොරා නොහොත් මහින්ද රාජපක්ෂ මහතාය.එදා මදාවි රජය දෙදරුම් කැවේද ඔබගේ මැවෙනි සටන් නිසාය..........


අප දෙකඩ වූ රට යුද සමයේ සුද්දන්ට යටත් නොවී, ලෝකයාගේ වදන් වලට නෝරවැටි..අපේ රණවිරැවන් අලිමංකඩ නොවේ පාමංකඩ යන්නේ කියූ දියවන්නාවේ බඩ ජහරියොත් රට පවාදෙන නරියන්ගේ කට පමණක් නොවේ වෙනත් අංගනද වැසුනේ ඔබ බිත්තියට හේත්තු වී ඉදිරියට පැන නුවණින් ගැසූ නිසාය, නොර්වේ සෝල්හයිම් ඇතුළු නඩ එලවා දමා කොටියා සුන් කර අපේ උන් කකුලෙන් අදිදීත් මවුබිම බේරා දුන් නායකයා ඔබය...එපමනක් නොව කෙටි කලක් තුල රටේ සංවර්දනයක් ඇති කලේ ඔබය....චිනාට වටින අපට නොවටින වාරය විකුණා කැ ටයි කොට් මහත් හොරුද..

සති අන්තයේ හයිවේ වල ලැබෙන ආදයම් නොදකින... ඔබ සැදු හයිවේ අන්තිම ගියර් එකේ කගවෙනා වගේ ගොස්...මේක හැදුවේ මහින්දට ඇබුල් තියල් ගේන්න කියා කියන අයද...ගමත් නගරයත් යා කෙරු ඔබට... අහිංසක වැඩ කරන නොකරන මහජනතාවගේ දුක් ගිනි නිමා කිරීමට ශක්තිය නොමදව ලැබේවායි මාගේ අපගේ පැතුමයි !

එදා මෙදා තුල අපගේද ....කාලය..ශ්‍රමය...වැය කර ඔබ කල මෙහෙයුම් සටන්, උද්ගෝෂණ,පාද යාත්‍රා රිය පෙරහර ගමන් මට අමතක නොවේ..එපමනක් නොව ජාති,ආගම්, කුල,මල,පාට,සලකුණු මා තැකුවේ නැත.වාසි වරප්‍රසාද ඉල්ලුවේ නැත. පොදුවේ අප රට ජාතිය ආගම වෙනුවෙන් අදද හෙටද දේශිය හෝ විදේශීය උදව් කිරීමට ඕනෑම මොහොතක අප සුදානමින් සිටිමු.මගේ මවුබිම වෙනුවෙන් ඔබගේ මුලිකත්වයෙන් කරන ඕනෑම කටයුතු වලදී ඉදිරියටත් මා නිබදව සිටිමි.

තෙරුවන් සරණයි !
ජය ශ්‍රී !

Thursday, September 26, 2019

ඇලපාත මුදළි මං මදහාස නගන් ගජමන් නෝනා.....


ගජමන් නෝනා හෙවත් දෝන ඉසබෙලා පෙරුමාල් කොරණේලියා ගේ අවසන් කටයුතු කළ තැන සදහන් වසර 150ක් පැරණි ලිපියක් හමුවේ

ක්‍රි. ව. 1758 දී කොල්ලුපිටියේදී උපන් ගජමන් නෝනා හෙවත් දෝන ඉසබෙලා පෙරුමාල් කොරණේලියා 1814 දෙසැම්බර් මස 15 දින මියගොස් ඇත. ඇය වසර 56 ක් ආයු වළඳා ඇත. ඇගේ අවන්කටයුතු කළ තැන මෙතෙක් නිශ්චිතව තහවුරු කරගෙන නොතිබුණි නමුත් මා ජාතික කෞතුකාගාරයේ ඇති වසර 150ක් ඉපැරණි පොතක් පරික්ෂා කිරිමේ දි ඇගේ අවසන් කටයුතු මාතර එකළ සිටි මුදලිවරුන්ගේ අනුග්‍රහයෙන් කළ ස්ථානය සදහන් ලිපියක් සහ සොහොන්කළ තැන සදහන් ලිපියක් කියවිමට ලැබිණි. එහි ස්කෑන් කළ පිටපත ඉදිරියට මා ඉදිරිපත් කරමි.

මාතර දීප්තිමත් කිවිඳිය ‘ගජමන් නෝනා’ දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා මියගොස් වසර 204 යි

ක්‍රි. ව. 1758 දී කොල්ලුපිටියේදී උපන් ගජමන් නෝනා හෙවත් දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා මූලික අධ්‍යාපනය ලැබුවේ මාපියන් වෙතින් හා මිලාගිරිය පාසලෙනි. ඇයට දසමස් වියේදී එනම් 1759-7-30 දින බව්තිස්ම ලබා ඇති බව මිලාගිරිය තෝම්බුව අනුව පෙනී යන බව මහාචාර්ය බන්දුසේන ගුණසේකර මහතා පෙන්වා දෙයි.

ඇයගේ පියා වූයේ විරතාමුල්ල ගමගේ දොන් ප්‍රැන්සිස්කු සේනාරත්න කුමාරප්පෙරුමාල් ගජමන්ආරච්චි ය. 1737 බටහිර ගිරුවාපත්තුවේ බෙලිඅත්ත කහවත්තේ උපන් ගජමන්ආරච්චි උගතෙකි. දොන් සයිමන් විජේවර්ධන රණසිංහ තෙන්නකෝන් මුදලිගේ ලියනඅප්පු ලෙස සෙවය කරන ලදී. ඔහු කොළඹ ආණ්ඩුකාරවරයා වෙත හඳුන්වා දීමෙන් පසු ගජමන්ආරච්චි වසම හා කහවත්ත තෝම්බුව භාර වසම පවරා ඇත. විසිවන වියේදී කොල්ලුපිටිය මිලාගිරිය පල්ලියේදී බව්තිස්ම ලබා 1758-2-5 දින එම පල්ලියේ පාසලේ ප්‍රධාන ගුරුවරයාගේ එනම් ජසෙන්තු ග්‍රෙරුගේ දියණියක වූ ප්‍රැන්සිනා ග්‍රේරු හෙවත් නෝනා බබා හා විවාහ වී ඇත. විවාහයෙන් පසු කොළඹ කොල්ලුපිටියේ විසූ මොවුන් පසුව කහවත්තේ ද, පසුව මාතර වේරගම්පිට ද දරුවන් සමඟ විසීය. 1801-3-12 දින වීරකැටිය කහගල් විහාරය අසලදී ඇ‍ෙතකු විසින් දෙන ලද පහරදීමකින් මිය ගියේය. පියාගේ මරණය ගැන ගජමන් නෝනා ලියන ලද කවියකි.

සුපසන් ගුණ නුවණ දිලුම මහ

ගජමන් යන නම පැවතුම් කළ

මදුවන් යුග සදිසි ම පිය තනි මඟකට පැමිණිලා

ගජමන් යුවළට දරුවන් තිදෙනෙක් වූහ. වැඩිමලා ගජමන් නෝනා, දෙවැන්නා දොන් ලුවිස් සේනාරත්න පෙරුමාල් විජයරාම කුමාරසිංහ ගජමන් මොහන්දිරම්. ගජමන් යුවළගේ බාලයා වූයේ දොන් අර්නෝලියා පෙරුමාල් ය.

වැඩිමලා වූ ගජමන් නෝනා භාෂා ශාස්ත්‍රය පිළිබඳ වැඩිපුර අධ්‍යාපනය ලබා ගත්තේ සිය මාමා කෙනෙකු වූ පාත්තායමේ ලේකම්ගෙන් හා වේරගම්පිට සිය නිවෙස ඉදිරිපිට පන්සලේ කරතොට ධම්මාරාම හිමියන් ගෙනි. භික්ෂූන් වෙතින් කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමට වරම් නොමැති අවදියක ගජමන් නෝනා පිරිමි වෙස්ගෙන හිමි වෙත ගොස් කාව්‍ය ශාස්ත්‍ර උගත් යැයි කතාවකි. සිටිනාමළුවේ ධම්මජෝති හිමි වෙතින් ද මැය ශිල්ප හදාරා ඇත. සහජ කවීත්වයක් හිමි ගජමන් නෝනා කාගේත් ආදරයට පාත්‍ර වූ‍ෙවකි.

සිය කුඩා කළ තම පත්තායමේ මාමා විසින් කරන ලද විහිළුවකට

ඇය විසින් කියන ලද කවියකි.

පුංචි රුවන් පුංචි රුවන් පුංචි කලේ

වතුර අරන් ළිඳ උඩ තැබුවාය කලේ

අට පහ නොදන්නා ජඩ‍යකි මේක කලේ

ගෙදර යන්න දෙනවද මගේ පුංචි කලේ

ලන්සි පන්නයට සිය මව වූ නෝනබබා මෙන් ඇඳුම් ඇඳි ඇයට පළමුව මාතර මිනිසුන් ගජමන් නෝනා යනුවෙන් ආමන්ත්‍රණය කරන ලද්දේ ඇගේ මවටයි. කවිකාරියක් වූ කොර්නේලියා වියපත්ව ප්‍රසිද්ධ වෙත්ම ඇයට ගජමන් ‍නෝනා ලෙස හඳුන්වන්ට පටන් ගත් අතර ඇගේ මවට මාතර වැසියන් මහ ගජමන් නෝනා ලෙස හඳුන්වන්න පටන් ගත්තේය.

පියාගේ මරණින් පසු මහ ගජමන් නෝනා කොරනේලියා ගාල්ලේ ගාර්දියේ ආරච්චි කෙනකුට කසාද බන්දවා දී ඇත. එක් දරුවකු ලැබූ පසු ඇගේ සැමියා මියගොස් ඇත. ඉන්පසු මාතර උයන්වත්තේ දොන් හෙන්ද්‍රික් සිරිවර්ධන විජය විමලසේකර මුහන්දිරම්ට කසාද බැඳ දී තිබේ. එම විවාහයෙන් දරු තුන්දෙනෙක් උපන්නේය.

‍මෙසේ ඇගේ කලින් විවාහයේ දරුවා සමඟ උපන් දරුවන් සතරදෙනාගේ නම්, පළමු විවාහයෙන් ජුවානිස් අප්පු, දෙවන විවාහයෙන් ගිරිගෝරිස්, දාවිත්, දොන්දියස්, නොහොත් බබා ගුරුන්නාන්සේය. මොවුන් අතරින් දෙදෙනකු කොළඹ කොල්ලුපිටියේ පාසලක ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින විට රෝගයක් වැළඳී මියගොස් ඇත. තවත් පුතකු මහණ වී සිට අපවත් විය. සියල්ලන්ගෙන් බාලයා වූ විජය විමලසිරිවර්ධන මුහන්දිරම් දොන් දියස් පෙරුමාල් මාතර ප්‍රදේශයේ ජීවත්විය. ඔහු ද මව මෙන් කවි කීමේ ලිවීමේ දක්ෂයෙකි.

දොන් දියස් පෙරුමාල් තුඩාවේ මලවලආරච්චිගේ දුවණියක හා කසාද බැඳ දරු දෙදෙනකු උපන් පසු ඔහුගේ බිරිය ද මිය ගියේය. ඉන්පසු ඇගේ නැගණිය සමඟ විවාහ වූ ඔහුට ඇගෙන් පිරිමි දරුවකු ලැබීය. ඉන්පසු ඈ ද මියගොස් ඇත. ඔහුගේ පළමු කසාදයේ දියණියන් දෙදෙනකුගේ දියණියක් පැලෑනේ ලියනආරච්චිවරයකු හා කසාද බැඳ දී ඇත.

එම දියණියට දරුවන් හයදෙනකු ලැබ ඇත. ගජමන් නෝනාගේ අනිත් මිණිපිරිය වේරගම්පිට දොන් දියස් පෙරුමාල්ගේ ඥාති සහෝදරියකගේ පුත්‍රයකුට කසාද බැඳ දී ඇත. දොන් දියොස් පෙරුමාල්ගේ (ගජමන් නෝනාගේ බාලම පුතා) බෑනා පණ්ඩිත ගුණවර්ධන මුහන්දිරම් මහතා හෙවත් තුඩාවේ ගුරුන්නා‍න්සේ මහතාය. මොහු 1860 වකවානුවේ සිටි පණ්ඩිතයෙකි.

ගජමන් නෝනා හෙවත් දෝන ඉසබෙලා පෙරුමාල් කොරණේලියා 1814 දෙසැම්බර් මස 15 දින මියගොස් ඇත. ඇය වසර 56 ක් ආයු වළඳා ඇත. ඇගේ අවසන් කාලය ඉතා දුක් කම්කටොලුවලින් පිරී තිබූ එකකි. විවිධ පුද්ගලයන්ට කවි ලියමින් තම ජීවිකාව ගෙන ගිය ඇය මාතර එකල සිටි දිසාපති වූ ඩොයිලි වෙත ලියන ලද කවි ඉල්ලීම නිසා ඇය වෙත “නෝනාගම” නමින් අද හඳුන්වන එකල පලතුරු වත්තක් අම්බලන්තොටට නුදුරුව ලබා දී ඇත.

1915 වන විට ගජමන් නෝනාගේ මුණුබුරකු වන විජය විමල සිරිවර්ධන මුහන්දිරම් අප්පු සිංඤ්ඤෝ උපාසක රාල නමින් ද පොරවකආරච්චි මහතාගේ මුණුබුරකු පරණ අබේසිංහ ලියනආරච්චිගෙයි දොන් බාරොන් ද සිල්වා යන නමින් මාතර ජීවත් වී ඇත.

මා මාතර සිට ගජමන් නෝනා ජීවත්වූ නිවෙස වෙත ගිය අතර එය දැනට මාතර නගර සභාව භාරයේ ඇත. මාතර ගබඩා වීදියේ පිහිටි ලන්දේසි සමයේ සිට පැවත එන (කැරකෝප්පුව) සුසාන භූමිය මාතර පුරපති හඳුන්ගේ මහතාගේ අවසරය පරිදි වසර 45 පමණ එහි සේවය කළ සුසාන භූමි සේවකයකු සමග පරීක්ෂා කිරීමේදී ගජමන් නෝනාගේ මිනිබිරියකුගේ සොහොන් කොතක් හමුවිය.

වයස 90 ක් පමණ වන මාතර උයන්වත්ත ප්‍රදේශයේ වයෝවෘද්ධ මහතකු දෙන ලද තොරතුරක් අනුව ගජමන් නෝනාගේ සොහොන් කොත මාතර සුසාන භූමියේ ක්‍රිස්තියානි අය මිහිදන් කරන ප්‍රදේශයේ ඇති බවත්, තමා තරුණ කාලයේ ගජමන් පරපුරේ අය එම ස්ථානයේ ගජමන් නෝනා සිහිකිරීමේ කටයුත්තක් කළ බවත් පැවසීය. නමුත් ඉතා පැරණි සොහොන් කොත් දිය සෙවළ බැඳී අවර්ණ වී ශක්තිමත් නොවීම නිසා දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියාගේ වසර 200 ක් පමණ පැරණි ඒ සොහොන මා හට සොයාගැනීමට නොහැකි විය.

ගජමන් නෝනා විසින් රචිත පද්‍ය

i. දෙනිපිටිය නුගරුක වැනුම

ii. පියා මරණය පිළිබඳ ශෝකාලාපය

iii. ඇලපාත මුදලි හා හුවමාරු කවි

iv. වෙනත් සමකාලීන උගතුන්ට ලියූ කවි

v. චතුරශ්‍ර ජාලම, ශඩරචක්‍ර බන්ධන දුෂ්කර බන්ධ

vi. ජනකවි සම්ප්‍රදායේ රචනා

vii. තිලකරත්න දිසානායක මුදලිට සෙත්පතා ලියූ කවි

viii. තිලකරත්න මුදලිට සෙත් පැතූ දුෂ්කර බන්ධනය

ix. තිලකරත්න ළමාතැනී කළ පින්කම් වරුණ

x. සමරසේකර ගුණවර්ධන ගජනායක නිලමේගේ මරණය පිළිබඳ කවි

xi. සේවි වික්‍රමාරච්චිට සෙත්පතා ලියූ කවි

xii. තිලකරත්න මුදලිගෙන් පිහිට පතා ලියූ කවි

xiii. සහබන්දු මුදලිගෙන් ආධාර පතා ලියූ කවි

xiv. ජෝන් ඩොයිලි දිසාපතිට ආධාර පතා ලියූ කවි

xv. විවිධ අවස්ථාවන්හි කියූ කවි

xvi. දැඩිතර සෝක මාලය ඇය විසින් ලියා ඇති දීර්ඝතම කවි පොතයි.

ඇලපාත මුදලි හා කවි සංවාදයක්

ඇලපාත මුදලි

පාලා සරඹ ජය කොඩි බඳිති සැම දෙනේ

සීලාචාර‍ සේ කම් පාන අට ගුනේ

බාලා අඟනුන්ගෙ තව් කපන තොරපනේ

ගාලා කොතැන මුවහත් කරම් ද නෝනේ

ගජමන් නෝනා

පසන් නැණ ගුණැති හිමි සදිනි සසො බනේ

පසන් පිරිමින්ගේ ඔද බඳින ජල මනේ

වසන් කර තිබෙන මගෙ පළිඟු ගල් වනේ

නිකන් ගා දිනන්නට නොදෙමි තොර පනේ

ඇලපාත මුදලි

රුති රති ලද ලියෙහි අප අසන පැනකිය

නැතිවිය බාල කාලේ සිට රති ‍ කෙළිය

ඇතිවිය දැන් මෙමට සිල් රැකපු අවදිය

රති සැප විඳින හැටි මට කියව ලද ලිය

ගජමන් නෝනා

වහා තිබූ සළුව උනමින් කර අහකා

රහා ලෙස අමුතු බොජුනක් බුදින ලකා

පගා නොව හඬන කොවුළිඳු හඬ වලකා

කහ කොටන වැනි ඉඳගෙන මිරිස් කකා

ඇලපාත මුදලි

රූබර දිගැසියන් වෙල් මැදට බසිමිනේ

ආදරයෙන් කරල් මිටි රැගෙන යන තැනේ

වා සරයෙන් ඉන ඇඳි වත ඉවත් වුනේ

වාහර මුව සෙ නැබ මුල සුරති ගති පෙනේ

ගජමන් නෝනා

කේසර එන්ට පෙරතුරු ගජකුගෙ දැක්සේ

වේ සර හට වුවොත් කුරුලුට වෙයි දුක් සේ

ඒ සැර ලියෝ ඇසුවොත් මේ වග දක්සේ

වානර මුව උලති හම යනකන් ‍හොස්සේ


නන්නාත්තර ජීවිතයෙන් බිඳක්...
උපුටා ගැනීම සහ තොරතුරැ නන්දික බැද්දේගම ගෙනි.