Thursday, October 24, 2019

මල් පිපුණාට ගෙඩි නෑ තාම...


ගමේ උන්නු සන්දියෙ පොඩි ගතමනාවක් හොයාගන්ඩ කරපු සක්කරන් , බොලේ ගමේ බුවෙකුට ලිව්වොත් කිව්වොත් ඇහුවොත් දෑණුනොත් ආයේ දෙකත් නෑ තුනත් නෑ ඒ පැත්ත පලාතට යන්න බෑ දීග කලිසමක් නම් ගහගෙන...

හැලබගහ වැවේ තාවුල්ලේ බක්මී, නා, කොන්, දන් ගස් දෙවට ලන්ද වගේම..., මහ වෙල් යායට බර වෙලා කුදු ගැහී තිබූ පොල් ගස් පෙල කතා කොලොත් කියයි ඒ අපේ රස කතා... තෙන්නකෝන් වලව්වට අයිති වත්තේ වළි කුකුල්ලු ළගින ඇල්බීසියා වැට අයිනේ තිත්ත පැටවූ රංචු පිනන දොළ පාරට උඩින් පැහි වැටෙන නවසි පොල් ගහේ මදු වළලු අඹරා කරටියට බඩ ගා කලටි කුරුම්බා නෙලා පලා උලා ලෝද කැ අතීතය පට්ටය.හරියටම කිවොත් තාත්තා දින ගණනක් මද ගින්නේ හදන පොලොස් ඇබුලේ මැටි වළදේ අඩියේ ඉතිරි වුණු කුරුදු පට්ටේ අතින් ගෙන උරා බි සුප්පු කළා වගෙය.

 පැහිච්ච පොල් වළලු බාල් කර ඉතිරි වළලු බුවල්ලේ එල්ලෙන පොල් ගෙඩි ටිකත් කඩා ගෝලයට සිටී කරුණා, සරා, නවා කර මතින් පොල් ගෝනිය මාරුවට කර ගසා වක්කඩවල් පැන ගෙන ගොස් දෙන නැවුම් පොල් බාන් හරමානිස් නැන්දා කුණු කොල්ලයට ගන්නේ අඹ කජු මාදන් යාළුවෝ රොත්තම ඇය අප සැම බය කරය.කොල්ලා කාලේ අහිංසක හොරකම් මැරකම් වලට ගමේ නගරයේ පාසලේ අපි එදා ප්‍රසිද්ධ සිටියහ.ලගින් ගියොත් ඇහ අන්දය. හදිසියේ නැන්දලා කඩේට ගියත් මගේ කලිසම් සාක්කු කඩේ වැඩට උන්නු සෙනවි, මුර්ති අයියලා චෙක් කරන්න නැන්ද ඕඩර් දී තිබුනත් ගේම නම් අත ඇරියේ නැත.


"මේ ඇහුනද සෙනවිරත්න... ගුණසේන... අපේ අයීයගෙ ලොකු පුතා කඩේ එහෙ මෙහෙ යන කොට ඇහෙ ගහගෙන ඉන්න . හැහ්..හැහ්..හැහ්.."

දිනක් කඩේ නැන්දා එහි සේවකයන්ට කියනු මා හට අහම්බෙන් ඇසුණා.ගමේ හංදියේ තිබුණු ඕනෑම දෙයක් ගත හැකි රන්සිළු ස්ටොර්ස් නමින් ලොකු වෙළද සැලක් ඇය සතුව තිබුණා.ඉට අමතරව වන්නියේ හදවත වූ නිකවැරටිය නගර මද්‍යය්යේද තවත් වෙළද සැලක් ඒ නමින් ප්‍රසිද්ධ තිබුනා.


සමහර දිනවල පාසල් නිමවී නැන්දාගේ මුහුණ බලා දෙන දෙයක් බොමින් කමින් අහුවුණු දෙයක් සාක්කුවල පුරවා කාටත් නොකියා වෙළද සැලෙන්හොර රහසේ ගැඩවිල්ලකු සේ ලිස්සා යන ගතියක් මා තුළ තිබුනා.
දිනක් උපාසක ලීලාවෙන් වෙළද සැලට ගොඩවී එහි නානාප්‍රකාර වෙළද භාණ්ඩ සොකේෂ් විදුරැ තුලින් බලන මොහොතක සක්කරන් පැකට් සිතා කඩේදී කාටත් හොරා එහෙ මෙහෙ බලා විදුරු සොකෙෂ් එක අයිනේ ගසා තිබු 'ප්‍රිති' කියා තිබු පෙට්ටියෙන් පැකට් දෙක තුනක් ඉනේ ගසා ගෙන ගෙදර ඇවිත් අලූත් ටොෆී වර්ගක් යයි සිතා දිව රස කර කෙළ හලා කැඩුවත්, එය බලා සිතින් බැන්නේ ඒ කොම්පැනියේ පැකට් කරපු එකාටය.


ඒ උට වැරදිමකින් බැලුන් පැකට් කර ඇති නිසාය වෙනි.රබර් පුලටු ගදකින් හා ලිස්සන සුළු තෙල් ගතියක් යුක්ත නිසා මෙය මට එදා ප්‍රහේලිකාවක් උනා. අතින් ගෙන විපරම් කර දෙතොලට තියා පුම්බා හැඩය බැලු අයුරු සිනහා යමින් මට දැනුද සිහිවේ.


'යකෝ මාර භාණ්ඩයක්නේ'


මටම ඉබේටම කියවිණි. සවස ගේ මිදුලේ චක් ගුඩු අදින කොල්ලෝ සමග ඒවා පුම්බා ඉන්න මොහොතේ ගමේ කුකුල් නාම්බෙක් තැරි ගගාහා ලිප් ගල තූන උඩ මැටි වළදෙ සූවද දමමින් සිහින්ව ඉරු හනසූ දමා හොද්ද බොර කරන මොහොතේ පොල් කටූ හැන්දෙන් අල්ලට හොද්දේ අඩු පාඩුවට දෑනි නෙරිය උස්සා හනසු කඩුල්ල පැන දිව ආ බණ්ඩාරි නැන්දා අපේ ලිද ලග සේර පදුරෙන් සේර ගහක් උදුරා ගැනීමට ආ මොහොතේ අපි උඩ දමන බැලුන් දැක සිනහා වී

"කෝ කොල්ලනේ තොපේ අම්මා" කිවේ තාලයටය.


"ආන් කුස්සියේ ඇති" ..උඩ දමන බැලුන් දැක ඩ්ම් වූ


ඇය අම්මාගේ කනට කොදුරා කියූ රහසින් පොල් ගගා බර තියා උන් හිරමනය පෙරළා පොල් බැය විසිකර දිව ආ මගේ අම්මා මගේ කන මිරිකා ඇසුවේ කොහින්ද උබලට මේවා කියාය. දිපන්න්කෝ උත්තර...බඩු මාට්ටුය..ඇත්ත කිවේය. අම්මේ තාත්තාට නොකියන ලෙසය.


කොල්ලෝ ටික වැටවල් උඩින් පැන දිවෝය.

බලන්ඩ අක්කේ..අක්කා දැක්ක නිසා හොදයි..පාරේ යන කෙනෙක් හරි වෙන ගමේ කෙනෙක් දෑක්කා නම් අපේ පටි රෝලන්නේ.

එහෙමයි නගේ ඇමා නැන්ද දැක්කනම් මේකලා ඔක්කම දෑක්කාවගේනේ නංගි ,,බණ්ඩාරි නැන්ද පොර ටිකක් එකතු කලේ කට නිකන් තියාගෙන ඉන්න බැරි කමටය.

"ඉතින් අම්මේ... බැලුන්නේ... අපි පුම්බලා උඩ ඇරියේ..." මා සුදානා වෙන්න දෙසා බැවෙය.

"හා හා කට කට ඇති ඔතනින් ගියා.."

අම්මා කියූ අප්‍රබංශ තේරුනේ කොට මම ඊට වඩා දුර දිග ගොස්ය.

අපේ අම්මගෙ කෙසේ වෙතත් බණ්ඩාරි නැන්දාගෙන් මෙගා කරච්චලේට කොල්ලො පැන දිවූහ. එතන උන් උඩහගමේ ගාමිණී නොහොත් බඩා මා දුන් එක පැකට් එකක් ද රැගෙන ගිය වග දන්නේ පසුදා උදේ පාසලේදීය. පාසලේ වතුර බොන ලිඳ ලග පෙරදා මා දුන් ප්‍රීති කොපු වලට වතුර දමා ලබ්බක් සේ එල්ලා සිටින මොහොතේ කෙල්ලෝ කොල්ලෝ වටවෙලා මේ බලන්නේ අමුතු අගිස්සේ තන පුඩුවට සමාන අලුත් බැලුනයක් සිතාය. ඒ අසලින් කැන්ටිමට දෙසට ගිය වර්ණකුලසූරිය මිස් මේ දැක ඔහුව විවියන් කාමරය තුලට ගෙන ගියේ උගේ අතින් බැලුනේ වතුර හල හලය. ටික මොහොතකින් ඔහු එනවිට බව දුටු මා


"යකෝ මොනවද මිස් කීවේ උඹට..."

'උඹ තමයි මට දුන්නේ කියලා කිවා බන්...


මිස්ලා ඔක්කම හිනා උනා..

මල්ලිකා මිස් ළමය ඕක ඔය මේස උඩින් තියලා පන්තියට යන්න කිවා උඹලගෙ තාත්තාට එන්න කියන්නම් කියලා මිස් උබට කියන්නම් කිව්වා..මොකක්ද දන්නේ නෑ..."


පාසල් යන කාලයේ එහෙම වුණත් කොළඹ දී ද මට ප්‍රීති කසානා හැදුනා ය.ඩෙනිම් කලිසමක් අදින්න අපහසු ලෙස කසානා බෝ විය. කිහිලිවල තුවාල වෙනකම් කැසුවේය.හොරි කහපිය.ගිණි පිබ්පිය. අම්මා මුළු ගෙදරම මට බැන බැන රෙදි උණුවතුරේ තම්බා සෝදා වේලා සනීප කළේය. ගැර්න්ඩ්පාස් හන්දියේ නිමල් දොස්තර මහතා හමුවී සුව කරන ලෙස මා බැගෑපත් වී සැර ක්‍රම් වර්ගයක් ගාන විට නිමල් දොස්තර්ගේ දෙමාපියෝ පමණක් නොව තරු විසි වී මරු විසි වුණේය.

"ගෑනු ළමයටත් හැදිලද.." දොස්තර ඇසුවේය

"කොහේ හරි ගුබ්බැයමක ගියාද රිංගුවා ද..." අම්මා වහෙන් හොරා ඇසුවේය.

"මරදානේ ගියාද බන් අපිටත් නොකියා..." යාලුවෝ ඇසුවේය.

"ඇත්ත කියපන්..." මගේ ඇස් දිහා කෙලින් බලා තාත්තා ඇසුවේය.

ඔහුට කොලේ හංගන්න බැරිය. පිටකොටුවේ වර්ල්ඩ් මාර්කට් එකෙත්, කාපෙරි මුඩ්ක්කුවේ පෙමන්ට් එකෙත් එදා සුද්දෝ ඇදපු හම්පඩ පෙඩ් වූ ඩේනිම් කලිසම් කැලි ගානට විකුණු ඒවා ඇදීමෙන් මට කසානා බෝ වී තිබු බව වැටහෙන විට අල්ලපු ගෙදර අයටත් එකම වැටේ හිරුට වනා තිබෙන වැලේ රෙදි සුළගින් බෝ උනා.

කුඩා කල ක්‍රීම් පාටට මේ බැලුම් දැක පසු කලෙක දේදුනු වර්න ඒවාද, අඟර දඟර වැනිලා ස්ටෝබරි වැනි සුවඳ හමන නානාප්‍රකාර ලොකු කුඩා දැක පුදුම නොවුණේය

5 comments:

  1. දැනුත් ඔය බැලුන් වර්ග විකුණන්නෙත් ගන්නෙත් ලෝක හොරෙන්. ඔවා පෙමන්ට් එකෙත් විකුණන ගානට සුලබ කරන්න ඔනේ. වරක් මම දැක්කා බෞද්ධ රටක්වුනු බුරුමයේ රුන්ගුන් වල එහෙම පෙමන්ට් එකේ කොන්ඩොම් ගොට්ස් අයි ඇතුලු තවත් දෑ ඔ්නෑතරම් විකුණන්න තිබුනා. මේවා සැගවිල්ලෙන් වෙන්නේ භයානක ලිංගික ලෙඩ බෝවිම හා අනවශ්‍ය ගැබු ගැනිම් සුලබ විමයි.

    ReplyDelete
    Replies
    1. අනිවාරේන්ම අසංග...පරණ සුද්දෝ ඇදපු හම්පඩ ඩෙනිම් ඇදලත් මේවා හැදෙනවා..

      Delete
    2. ඔබගේ අදහස් ලියපූ නිසා මා තවත් දිරිමත්.. ජය

      Delete
  2. අහම්බෙන් දුටු හොඳ බ්ලොග් එකක්.

    ReplyDelete

හිතෙන දේවල් මතක දේවල් කියලා යනඑක හයියක්