Showing posts with label අතීත සැමරුම්. Show all posts
Showing posts with label අතීත සැමරුම්. Show all posts

Friday, February 21, 2020

පෙම්වතා අත්හල සොවින් ගැමි තරුණිය ජීවිතය එපාවී පැන්න සුන්දර බෝපත් ඇල්ල..

බෝපත් ඇල්ල පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ථික්කයේ අගල්වත්ත නම් ග්‍රාමයේය.කළු ගගට එක්වන අතු ගගක්වු කුරු ගඟ, ඇගේ ගමන් මගේ එක් අවස්ථාවක කදු මුදුනක සිට පටු විවරයක් හරහා උසින් මීටර් 30ක්(අඩි 95) පමණ දුර කඩා හැලීමෙන් මෙම සුන්දර දිය ඇල්ල නිර්මාණය වේ. හොඳින් ජලය ඇති කාලයේදී එම දිය දහර බෝ කොලයක ආකාරයෙන් කඩා හැලීම හේතුවෙන් මෙම දිය ඇල්ලට “බෝපත් ඇල්ල” යන නම ලැබී ඇත. පටු විවරයකින් කඩා හැලෙන පළමු දියකඳ පසුව පුළුල් වන අතර මෙය බැලූ බැල්මට බෝපත්‍රයක හැඩය සිහියට නංවයි.
බෝපත් ඇල්ල අද දේශීය සංචාරකයන්ගේ අවධාණය ලබාගත් සුන්දර ස්ථානයකි බෝපත් ඇල්ල වෙත යාමට කොළඹ සිට රත්නපුර – කොළඹ ඒ 4 මාර්ගයේ එක් මාර්ගයක් හිග්ගස්හේන හන්දියෙනුත්, අනිත් මාර්ගය කුරුවිට පොලීසිය අසලිනුත් වැටී තිබේ. සමාන දුරක් ඇති මෙම ප්‍රවේශ මාර්ග දෙක ඔස්සේ මෙම දිය ඇල්ල වෙතට පිවිසිය හැකිය. බෝපත්ඇල්ල පිහිටි ගම් පියස අඟලවත්ත නමින් හැදින්වේ . ප්‍රධාන මාර්ගයේ සිට දුර කි.මි 03කි.මීට දශක දෙක තුනකට පෙර වැඩිදෙනෙකුගෙ අවධානයට ලක් නොවුනත් වර්තමානයේ බෝපත් ඇල්ල විශාල සංචාරක පිරිසක් පැමිනෙන තැනක් බවට පත්ව තිබේ.එයට හේතු වශයෙන් ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටීමත් ඉතා ඉක්මනින් ලගාවිය හැකි නිදහස් සුන්දර වටා පිටාවක් ඇති ස්ථානයක් වීම විය හැක.
බෝගස බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත්වූ වෘක්ෂයකි. එහෙයින් මෙම ඇල්ලටද එම පූජනීයත්වයම හිමිවී ඇත. රත්නපුර සමන් දේවාලය වැදපුදා ගැණිමට පැමිණි පුරාණ පාලකයෝ බෝපත් ඇල්ලෙන් දිය නා පිරිසුදුව දේවාලයට ගිය බව පුරාවෘත්තයනට එක් වී ඇත. පැරන්නේ සිට පැවත එන තවත් කතාවක් වන්නේ පෙම්වතා අත්හල ගැමි තරුණියක දිය ඇල්ලට පැන දිවිනසා ගෙන ඇති අතර ඇයගේ ආත්මය දිය ඇල්ල අවට සැරිසරන බව කි . තවත් සුප්‍රසිද්ධ මිත්‍යා විස්වාසයක් වන්නේ මෙම දිය ඇල්ල ඇතුල් පැත්තේ නිධානයතක් ඇති බවටත් එය දිය ඇල්ලෙන් හා අත්භුත ආත්මයකින් ආරක්ෂා වන බවටත් එම නිධානය ලබා ගැනීමට මිනිසුන් දහසක බිලි පූජාවක් කල යුතු බවටත්ය.
මතුපිටින් පවතින සුන්දර බවට අමතරව බියකරු, අනතුරු සහිත ස්වභාවයක් ද මෙම ඇල්ල ආශ්‍රිව පවතී. අපරික්ෂාකාරීව ඇල්ලේ බෑවුම දිගේ ඉහළට නැගීමට ගොස් හා වෙනත් හේතූන් නිසා මේ වන විට 80 කට වැඩි පිරිසක් මෙහිදී මරණයට පත්වී ඇත. නුහුරු නුපුරුදු තැනක අපරීක්‍ෂාකාරීව හැසිරීමත් මත්පැන් පානය කර වැඩ පෙන්නන්න යාමත් මෙම මරණවලට ප්‍රධාණම හේතුවසි.කුරුවිට ප්‍රාදේශීය සභාව විසින් දිය ඇල්ල ආශ්‍රිතව රථ ගාලක්, නැරඹුම් ප්‍රදේශයක් හා වැසිකිලි සංකීර්ණයක් ඉදි කර ඇත. එමෙන්ම ඇතුල් වීම සඳහා රුපියල් 5 ක මුදලක් ද අය කරනු ලැබේ. මීට අමතරව පෞද්ගලික ආයතන විසින් පවත්වා ගෙන යන නේවාසික පහසුකම් සහිත විවේකාගාර කිහිපයක් ද ඇත.බෝපත් ඇල්ල නැරඹීමට එන විශාල ජනතාවත්, ඔවුන් පරිසරයට බැහැර කරන පොලිතීන්, බෝතල් කටු හා නොයෙකුත් ආහාරමය අපද්‍රව්‍ය හේතුවෙන් අවට පරිසරයේ සෞන්දර්යාත්මක බවට දැඩි ලෙස හානි සිදුවේ.
එදා අපේ නඩේ ගුරු ගෝලයෝ ඔක්කොම සැපට බෝතල් වල අඩිය පෙනෙන තුරු අපට තරු පෙනෙන නොපෙනෙන කාලයේ පින්තූර කීපයකි මේ.
බයිට් එකට මඤ්ඤොක්කා තම්බා ඌරු මස් ඩෙවල් සමග පත කොට උඩ තියා ඇස් රතු වෙනකන් තොල ගැවේය. චාරිකාවේ එක්වූමහින්දයා නොහොත් මයිනා බයිට් කර විනෝද වූ 90 දශකයේ මුල් කාලයේ ගත්ත පට්ට අමතක නොවන විනෝද ගමනක් වේ.
අප ගිය වාහනේ බෝපත් ඇල්ල අසබඩ කොට්ටම්බා ගහක් යට ගාල් කර තැබූ විට, පසුව සුළු මොහොතකින් පැමිණි එම පළාතේ හයිරන් කාරයො දෙන්නෙක් කුරුවිට ප්‍රාදේශීය සභාවේ සේවකයන් යයි කියා හොර වාහන නැවතීම් ටිකට් පත් පෙන්නා මුදල් ඉල්ලූ හැටි මතකයට නැගේ. මතින් මදක් වෙරි වී සිටි මා ඇතුලු තරුණ කැළ ටිකට් පත හිරුගේ දෙසට හරවා බලා අනික් නඩ වල පිරිස් සමග එකතු වී ගේම ඉල්ලුවේ හැටි මට මතකයට නැගේ.
එම ගමේ අය කිව්වේ
"මල්ලි උඹලා විතරයි මුන්ට කප්පම් දුන්නේ නැත්තේ... ඒකනං පට්ටම වැඩක්" කියාය
රත්නපුරයේ ආණ්ඩුවේ කන්තෝරුවක නමක් කියා මා ඔවුන්ව භිය ගැන්වූවාය. අදටත් මට හිනා යන්නේ ඔවුන් පූස් පැටව් වගේ කඩාගෙන ගිය හැටිය.
ඇල්ලට දිය නෑමට පැමිණි වන්දනා නඩ හා විනෝද චාරිකා ගෘප් වලින් මට සැලකිලිය. ඒ අයටත් හිතාගන්න බැරිය. මේවා අතීත සැමරුම් වේ. ලොකුකම් පණ්ඩිතකම් නොවේ එදා වෙලේ පොඩි පොඩි පට්ට රස කතා වේ. මේ වගේ මා සන්තෝසෙන් ආදරයෙන් සෙනෙහසින් විහිළුවෙන් තහළුවෙන් කාටත් කරදරයක් නොවී තියෙන දෙයක් කා, දෙන දෙයක් බි නයි මල්ලක් කරේ එල්ලන් තරුණ ජීවිතය ඇදගෙන ගියේය...
බෝපත් ඇල්ල ගැන ලියා ඇත්තේ zuckerberg මහත්තෑගෙ පිහිටෙන්...Jagath Randeniya ගේ ඡායාරූපය
Jagath Randeniya ගේ ඡායාරූපය
Jagath Randeniya ගේ ඡායාරූපය
Jagath Randeniya ගේ ඡායාරූපය

Thursday, February 6, 2020

පාලු සුසානේ...ප්‍රේම පුරාණේ...කදුළු විමානේ...

එදා මාලිගාවත්තේ අපේ නිවසේ සිට මරදාන පිටකොටුවට දෙසට ඇවිදයමින් හො බයිසිකලයෙන් මා යන්නේ එන්නේ නම් ඛෙත්තාරාම පන්සලේ අහසට විහිදී බැබලෙන කොත දෙස බලා බොහෝ විට දෙඅත් දොහොත් මුදුන් කර වදින්න අමතක කරන්නේ නැත. ලිවර් ඇල නොහොත් ඕලන්ද ඇලට සමාන්තරව දිව යන ප්‍රසිද්ඩ් ජුම්මා පල්ලිය පිහිටා ඇති ජුමමා මස්ජ්ඩ් ලෙන් දිගේ පී. ඩී. සිරිසේන ග්‍රවුන්ඩ් එක අසලින් විෂ්ණු කෝවිල වංගුව පසුකර යන විට ඇසෙන තෙවා හඩද, කපුරු සුවද, පාරෙදි ඇසට ගැටෙන නළලේ තිලිකේ තියන් යන තන්ගම්ම්ලා තන්ගචිචිලාද, කොටහේනේ ගල් පල්ලියේ කුරුසේ වලාකුළු ගැවී නොගැවී පෙනී ගිය අතීතයේ දැකපු විඳපු සුන්දර අසුන්දරත්වය ආයේ දකින්න අහන්න දැවටෙන්න මෙදා පොටේ සම්මජාතිකයකට නොලැබෙන්නේය.
ඉදිරියේ පෙනෙන රුබි සිනමාහල ඉදිරිපිට ගසා ඇති කටවුට් දෙස නෙත් යොමා මාර ගස් සෙවනේ එච්. ආර්.ජොතිපාල මාවතෙන් යන්නේ ගමන් මග කෙටි නිසාම නොවේ. ඊට ප්‍රධානම හේතුව මගේ මවගේ නෑදෑයන්ද එකම නිවාස පෙළක ජීවත්වෙන නිසා ඔවුන්ගේද දුක සැප විමසා දෙන දෙයක් බඩට දමාගෙන අම්මාට දෙන පණිවිඩද රැගෙන යන්නයි. තවත් විශේෂ හේතුවක් වනුයේ මාලිගාවත්ත අවට නිවාස සංකීර්ණයේ ජිවත් වන මග දෙපස ඇවිදින කලාකරුවෝ හා හදවත රත්තරන් ජෝතිපාලයාන් නම් අසහාය ගායක ශිල්පියාද සමග සිනහාවී දෑක ගැනීමේ හෝ වචනයක් වත් කතා කිරීමේ අසාවෙනි.
ඒ අතීතයේ සීදුවිම් අතර මෙම කෙටි සටහන ලියන්නේ පුදුම සතුටකිනි.
දිනක් ජෝතිපාල ගායකයානන්ගේ නිවසින් අසලින් සයිකලය පෑද යන මා එහි මාර ගස් ඇති සෙවනේ මිදුලේ සිට කලබලයෙන් තුවායකකින් මුහුණ පිස දමමින් ඔහු හනික මිදුලට පැමිණියේ පාරේ පැද යන පුට් සයිකලයේ දෙස බලා පදින මා අහම්බෙන් දෑක සිනහ වී මෙසේ කියමින්ය.
"මල්ලි...මල්ලි... පාගල ගිහින් අර යන සංවර්දන ලොතරැයි මල්ලිට පොඩ්ඩක් කතා කරනවාද " කියමින්ය.
එදා සයිකල් සුර කමල් පාලිතට වඩා වේගයෙන් පැඩල් කර ඉබි ගමනින් යන සංවර්ධනය ලොතරයි විකුනන අයියාට පණිවුඩය දි
මා ආපසු සයිකලය හරවා ඔහු හා ජෝතිපාලයානන් ලගට පැමිණියේ සංවර්ධන ලොතරැයි අලෙවිකරන අයියා මයික් එකේ වොඉස් මයිනස් කර සිහින්ව ඇසුණු ගීතය පලස් කරමින්ය.
ලොතරැයියිය තව කවුද ගන්නේ
ලක්ෂයේ දිනුම මටනේ ලැබෙන්නේ
පුංචි දෝණි තරහා වෙලා ... ගීතය වාදනද ඒ හා තාලටද කරත්තයද තල්ලු කරමිනි.
සිනමා ගීතයක වදනක් සේ කොක් හාඩලා සිනාසෙමින් ටිකට් කිහිපයක් ඇද කඩා ගත්තේ වෙලෙන්දාගේන් අද කොහොමද මල්ලි බිස්නස් ගොරෝසු හඩින් ආසාය. පසුව අප සමග සුහදව කතා කර නිවසට ගියේ
``බොහොම ඉස්තූතීයි මල්ලියේ"
"හැමදාම රස්තියාදුවෙ යනවා නේද.."
මා හට ලෙන්ගතුව කියමින්ය.නිතරම එහෙ මෙහෙ මා දෙක පුරුදු කෙනෙකුසේය.
එම සංවර්දන ලොතරයි අයියා මා දන්නා හදුනන දිනපතාම අපේ මාවතේදීද පෙට්ටි කරත්තය තල්ලු දමමින් ලෙන් වල ගැහැණු පිරිමි කොල්ලෝ කුරැට්ටො එලියට පැමිණ තෙක් ඉවසීමෙන් ටිකට් එකක් නොව තුන හතරක් විකිණීම අතින් දක්ෂයෙක් උනා. ඔහු වාදනය කරන කැසට් අතර ජෝතිගේ මිල්ටන්ගේ ගීත වලට ප්‍රමුකත්වයක් දී තිබුණා. එම සිනමා පටි වල ගීත වල රගන සුපිරි නළුවන් වූ විජේ, ගාමිණී, සනත්,රවීන්ද්‍ර ශිල්පින්ට පමණක් අවේනික හිමි ඇක්ෂන්ද දමා නටමින් ගයමින් ලොතරැයි විකුණමින් යන එන සැම දෙස සිනහාවෙන් සිය වෙලදාම් කළා. මේ අසහාය ගායකයාට මොහු කොතරම් හිතවත් හා ආදරය කලාද කියොතෝත් ජෝතිපාල මාවතේ ගීත වැඩිපුර ප්‍රචාර කරන්නේ ජෝති ගීත පමණක් බවද, ඒ වගේම ඔහු නිවසේ සිටි නම් අනිවාර්යෙන්ම ලොතරැයි හත අටක් නොව දහයක් ගත් බොහෝ අවස්ථාද ඇති බව ඔහු මට කියා තිබෙනවා. එදා ජෝතිගේ මරණය ගැන අසා දුක්වී අපට අයත් වෙළද සැල ඉදිරි පිට අපටද කදුලු උනවා ඔහුද ඉකි ගසා ඇඩු අයුරැත් දින ගනනාවක් වෙළදාමේ නොගිය හෑට්ත් මට සිහි වේ.
මගේ ගීත මම හිතනවා හුඟක්ම ප්‍රිය කරන්නේ දුප්පත් අහිංසක රසිකයෝ
රසිකාවියෝ කැමැති වෙනකන් මම හිතනවා ඕගොල්ලන්ට හැම එක්කෙනෙක්ම කැමතියි මගේ ගීත වලට..
මම හිතනවා නැත්තං මේ තිස් වසරක් මේ චිත්‍රපට ලෝකයේ ගායන ජීවිතේ මට ඉන්ඩ පිළිවෙලක් නෑ කියලා..
ඉතින් මං ඉතාමත් සන්තෝසයි කවදා හරි මගේ රසිකයෝ මට කිව්වොත් "දැන් ජෝතිපාල ඇති "කියලා අන්න එදාට මගේ ගායනාවද අවසන් කරනවා."
එහෙම කිව්වෙ එච් ආර් ජෝතිපාලයන් රූපවාහිනී සාකච්චාවකදීය.
විජය කුමාරතුංගයන්ගේ රඟපෑ අවසන් චිත්‍රපටයක් වූ මාලිගාවත්තේ අප බෝධිරාජ මාවතේ ලාල් අයියා නිෂ්පාදනය කල චිත්‍රපටයේද ගීත ගැයුවේද අමරණීය ගායක එච් ආර් ජෝතිපාලයන්ය.
මගේ මතකයේ හැටියට ජෝතිපාලයන්ගේ අනුස්මරණ දිනයකදී ටවර්හෝල් රඟහලේ විජය කුමාරතුංගයන් වේදිකාවේ කළ කතාව අප කාගේත් කඳුළින් තෙමී ගියේ ගියේය මා ද පිටුපස අසුනකට බරවී සන්තාපයෙන් සිටි හැටි සිහිවේ.
" මාගෙ සුදා මාගෙ සුදා තාම නෑ
මාගෙ සුදා මාගෙ සුදා තාම නෑ
මා මිහිරා ඔබ අතරද සිටින්නේ
ඔහු සොයමින් මා එනවා මේ.....
ගීත ගයා රඟා රඟාලා....
මා...ගේ සුදා... මා..ගේ සුදා තාම නෑ..."
බොරැල්ලේ සංගීත ප්‍රසංග අප ප්‍රේක්ෂකන් අතර සිටි ජෝති මේ ගීතය වේදිකාවේ ගයන විට ඇසෙන විට එදෙස බලා
මේ ඉන්නේ සුදා කියා කැ ගසා කිවේ ඔහු අවට සිටි අපද සිනහා සයුරේ ගිල්වමිනි.
මෙතෙක් කල් කොලොබදී මගේ ජීවිතේ කාලයේ දුටු විශාල ජනතාවක් අවමගුලකට සහභාගි වුණේ එදා ජෝතිපාල කලාකරුවාගේ අවමඟුල දින කීපය තුළදීය. මුළු මාලිගාවත්ත මහල් නිවාස භූමිය අවට මරදාන ඛෙත්තාරාම අවට විශාල ලොරි, බස්, කාර්, ගම් පිටින් මහජන ගංගාව දැකගත හැකි වුණා. අපේ ගම්වල සමහර උදවිය පෝළිම් ගාණේ රස්තියාදු රෑ බෝවී ගමට සමහරුන්ට ආපහු යන්න බස් නැතුව දින ගණනාවක් අපේ ගෙදර ගම්මුන්ට නවාතැන්පළක් වුණා
ඈත එපිට ගම් වලින් පැමිණි තම සුමිහිරි ආදරණීය ගායකයාණන් හට අවසන් බුහුමන් දැක්වීමට ජනතාව නිසා අපේ නිවෙස් ඉදිරිපිට පවා වැලපෙන රසික රසිකාවියන් රෑ බෝවී පදික වේදිකාවේ පවා කාලය ගත කරා මට මතකයි. ඔවුන් රැබී සිනමාහල අවට ශෝක ජනක බැනර් වලින් ප්‍රදර්ෂණය කර තිබුණා.
අප ගෙදරට යාබදව තිබුණු සුනිල් අයියගෙ ගෙදරට නිතරම යන එන ප්‍රසිද්ධ පත්‍රකලාවේදියකු වගේම ගීත රචකයකු වූ ආනන්ද පද්මසිරි නම් කලාකරුවා හා එදා දේශපාලනයේ නියුතු ටී එම් සංඝදාස අයියා නිතරම මේ අවමඟුල් සංවිධානයේ යෙදුණු අයුරුද එහි විස්තර අපට කියන අයුරුද මට මතක් වේ.
එම ගීත රෙකෝඩ් කලේ නුගේගොඩ පිහිටි ඔගි ශබ්දාගාරයේය. මේ අසමසම ජෝතිපාලයන්ගේ සජීවිව රෙකෝඩින් එකක් බලන්න මා ආසවෙන් හිටියා.මේ ගැන දැනගත් ලාල් අයියා ඔහුගේ චිත්‍රපටයේ ජෝතිපාල මහතා ගීත ගායනා සජීවී රෙකෝඩින් එක බලන්න ඔහු මට ආරාධනා කළත් මා යනවිට ප්‍රමාදවී පැමිණි නිසා එම අවස්ථාව මට අහිමිව ගියා. පසුව ඔහු මට මෙසේ දුකින් දොස් පැවරුවා
"මල්ලි උඹට මම එන්න කිව්වේ බලන්නත් අහන්නත් ආස නිසා අපරාදේ ගීත ගැයුවා විතරක් නෙවෙයි මලේ.. රැගුවා..අපි ඇඬුවා.." කියා ලාල් අයියා මට කීවා.
කොස් ගස් හන්දිය පලතුරු වෙළඳ සැලක් හිමි හිතවත් ධර්මසිරි අයියා ගීත වලට කොතරම් ප්‍රය කලාද ලීවොත් පලතුරු කඩේ තිබෙන කෙසෙල් කැන් එක ගොඩේ එල්ලා එහි මුල්ලක වීදුරු වලින් වටකර පොඩි රෙකෝඩ් බාර් එකක් කළා. ධර්මසිරි රෙකෝඩ්බාර් නමින්.
මා නිතරම ගීත අනුපිලිවෙලකට ලියා ගෙන කැසට් පීස් ගීත රෙකෝඩ් කරන්න යන රෙකෝඩ් බාර් එකක් වේ නම් ඒ ධර්මසිරි අයියාට අයත් රෙකෝඩ් බාර් එකයි. සමහර විට පැය ගණන් ඔහු හා මා ගීත තෝරා බේරා රෙකෝඩ් නිමවෙනතුරු අපි දෙන්නා චැට් එකක් දාගෙන සිටින අවස්ථාද නැතුවා නොවේ .
" මල්ලි මම ලඟදිම ජෝති අයියත් එක්ක කැසට් පීස් එකක් ගහනවා"
" ෂා... නියමයි අයියේ...සම්තින් එකක් හොයා ගන්නත් පුළුවන්නේ.."
"පිස්සුද මල්ලියෝ... ඒ ජෝති අයියාගේ සින්දු වලට අසාවට ආදරේට..."
ඇත්තටම ඔහු පීස් එකක් කළා එහි නම 'රත්තරන් සඳක්' ලෙස නම් කර තිබුණා. එම කැසට් පීස් එකේ රත්තරං සඳක් ගීතය නැගලම ගියා ඒ කාලේ. රෙකෝඩ් බාර් වල ඒ ගීත පට්ට ගැහුවා.
එහි ගීත රචනය : ඇලෝයි ගුණවර්ධන
ගායනය : H. R. ජෝතිපාල
සංගීතය : සරත් ද අල්විස්
කැසට් පටය : රත්තරන් සඳක් ( 1985 )
ඉදිරිපත් කිරීම : ධර්මසිරි රෙකෝඩ් බාර් කොස්ගස්හංදිය කොළඹ 14 .
ඒ වගේම මල්වත්ත පාරේ ජයනන්දන රෙකෝඩ්බර් අයිතිකරු ජයනන්දන අයියව ජෝතිපාලයන් කලාකරුවා ආශ්‍රය කළ ළඟම මිතුරන් අතර මුලිකව සිටියා. ඔහු ජනප්‍රිය කැසට් ගණනාවක් එකී නෙක පරදන ගීත රාශියක් එළිදැක්වූවා. ඒවා හුගාක්ම ප්‍රසිද්ධ වුණා. මල්වත්තේ පාරේ මා යනවා නම් අනිවාර්යෙන්ම ජයනන්දන අයියාට හිමි කැසට් සෙන්ටර් එකට රිංගා ඔරේජනල් කැසට් පීස් ගන්ඩ එදා අපිට පුළුවන් වුණා.
කොලොබ හා අවට රාත්‍රී ප්‍රසංග වගේම ගමේ අවුරුදු උත්සව, ගම් උදා සංගීත සංදර්ශන ඔහුගේ ගීත ගායනය මා වසග කළා.88 වසරේ දෙමටගොඩ වෙළද සංගමය මගින් සංවිධානය කල සංගීත සැන්දෑව සිහිවේ.කොළොන්නාවේ උපසේන බේකරියේ අයිතිකරු වන උපසේන අයියා විසින් එච්.ආර්.ජෝතිපාලයන් සදහා එදින අනුග්‍රහය දක්වා තිබුනා.ප්‍රේක්ෂකයන් අතරින් ඔහුව වේදිකාවට රැගෙන ගිය අතර උපසේන අයියා සමග මාද සිටියා.අපි අතර ඇතිවූ සුළු කතා බහේදී මා කිවේ
"ජෝති අයියේ පුලුවන්නම් හන්ගා ගල් ලෙනේ නැත්නම් රුන් රුන් රුන් රගන්නේ" ගීතය ගයනා කරන ලෙසයි.
"හරි මල්ලි හරි ගයන්න දෙනවානම් එලි වෙනකම් හරි ගයන්නම්" කියාය.
පසුව මැදියම් රැයේ ඔහු අප අමතක නොකර 'රුන් රුන් රුන් රගන්නේ' ගිය ගැයුවේ අපගේ පමණක් නොව සහභාගී වූ සියලුම රසික රසිකාවන්ගේ අත්පොලසන් හඩ විසිල් නාද මැදය.
'රුං රුං රුං රඟන්නේ
බඹරේ වැල්ලේ
අපේ පිනක් පෑදිලා ඉහේ මලක් පිදිලා...'
ඉහත ගීතය ජෝතිපාලයන් ප්‍රධාන චරිතය රඟපෑ "සූමීතුරො" සිංහල චිත්‍රපටයේ
ප්‍රසිද්ධ ගීතයකි. එය ජෝතිගේ ජීවිත කතාව ද වෙන බව අපි එදා සිනමාහල් තුළ ගැලරියේ සිට කතා වුණා. පසුකාලයකදී මා සමග මිත්‍ර වූ එහි සම නිෂ්පාදකවරයෙකු වූ නෙදර්ලන්තයේ ජීවත් වන 'පොඩි ජෝති' නමින් ගීත රසික රසිකාවියන් අතර ප්‍රසිද්ධ යුරෝපීය රසිකයා විසින් හි සම නිෂ්පාදනය සඳහා ද ගීතයේ සැබෑ දර්ශන තලවල ප්‍රධාන අමුත්තෙකු වශයෙන් ද පෙනී සිටියා
නිවාඩුවක් නැති වෙලාවක් ඇත්නම් ඔහුගේ දුක සැප කතා කළත් ජෝතිපාලයන් ගැන වචනයක් හෝ ඔහු කතා කරන්න අමතක කරන්නේ නෑ.
"මම ලෝක වටේ ජෝති අයියාගේ සින්දු කිව්වත්...
ඒ වොයිස් එකට මට කිට්ටු කරන්නත් බෑ බං..."
පොඩි ජෝති ඔහු ගැන වර්ණනා කරන්නේ විශාල ගෞරවයකින් හා භක්තියකිනි.ඉතා ලගින්ම හිතවත්ව ඔව්න්ගේ ඇසුර මිය යන තෙක්ම පැවතුනා.
"රත්තරන් හදවතක් මචං..." ඔහු එහෙමත් කියනවා
හැත්තැව දශකයේ නිකවැරටිය පළාතේ ප්‍රසිද්ඩ් වෙළද ව්‍යපාරයක් කල මගේ මාමා කෙනෙක් වන බණ්ඩාර මාමා ගේද ජෝතිපාලයාන් කුළුපග මිතුරෙකු වී සිටියා. එළිවෙන ජාමේ හොද හොද සෙල්ලම් වගේ දෙන්නා කෑමට බිමට ජොලියට හොදට ගැලපුන බව අදටත් ගමේ නැන්දා මතක් කරන්නේ ජෝතිපාලයන්ගේ රුවට සමාන රුවක් ඇති බිත්තියේ එල්ලා ඇති බන්ඩාර මාමගේ මුහුණ දෙස බලා සුසුම් හෙළමින්ය.
"ජිවිතේ තරුණ කාලේ එකසේ නොරැදේ
සොයමි සෑම වෙලේ සිතුදේ පැතුදේ..."
එදා 70 හා 80 දශකයේ නගරබද පිරිස් විනෝද චාරිකාවල යද්දීත් අපේ ගම්බද පිරිස් වන්දනා ගමන්වල යද්දීත් ගීත පොත් රැගෙන ගිය අතර විනෝදයට මහන්සියට අපි ඒ ගී ගැයුවේය. මේ ගී පොත්වල බොහොමයක් පැවතියේ ජෝතිපාලගේ ගීත වේ.දන්කොටුවේ මල්පියලි මුද්‍රණකරුවෝ මෙ වැනි ගීත පොත් මුද්‍රණයේ ප්‍රචලිත ව සිටියෝ වෙති. ගම්වල රාත්‍රී කාලයේ පැවැත්වුණු විවිධ සංගීත සාජ්ජ හා පාටිවල දී ඩෝල්කි හා සර්පිනා වාදනය කොට ගීත ගයද් දී මතකයෙන් ගී ගැයීමට නොහැකි පිරිස් මේ ගී පොත් බලාගෙන ගීත ගයනා කළේය.
සාදාදරණීය ජෝතිපාලයන් බොහෝ කලක් භාවිතා කල ජර්මනියේ නිෂ්පාදිත මර්සිඩෙස් බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් ඔහු සතුව තිබුණා එම රථය ජෝතිපාල මාවතේ මාර ගස් යට ඉඳහිට නවතා තිබෙනවා මා දැක තිබෙනවා. මෙම මෝටර් රථයට බොහෝ ඇළුම්කල බවද මා අසා තිබෙනවා.
සිංහල සිනමාවේ වැඩීම ජනප්‍රිය ගීත ගනනාවක් හා සැම ගායිකාවක් සමග යුග ගීත ගයනා කලේ ඔහුයි.එදා සිනමාවේ රගපෑ හැම නළුවෙකුට තම කට හඩට ගැලපෙන සරිලන ලෙස පසුබිමෙන් ගීත ගැයුවා.
විකට චරිත රගපා ගීත ගැයූ ප්‍රෙඩ් සිල්වා මහතා සමගත් 'ජය අපටයි' ච්ත්‍ර පටියේ
"පාට සරුංගල් වාගේ අපේ ජිවිතේ"ගීතයත් 'මුවන්පැලැස්ස' චිත්‍රපටයේ
"දැක්කොතින් මේ ලස්සන ලෝකේ" වැනි ගීත එකට ගයනා කළා වගේම පණ්ඩිත අමරදෙවන් ශුරීන් සමගත්
'ගිම්හානේ ගී නාදේ' චිත්‍ර පටියෙත් ගී ගයනා කළා.එපමනක් නොව බයිලා චක්‍රවර්ති එම. එස්. ප්‍රනාන්දු මහතා සමගත්
'හතර දෙනාම සුරයෝ' චිත්‍ර පටියේ
"හැඩට වැඩට හරි ශුරයෝ අපිත් කොලබ කොල්ලෝ" වැනි අමතක නොවන ජනප්‍රිය ගීත ගයනා කළා
චිත්‍රපටි කීපයක ප්‍රදාන චරිතය රපාමින් ගී ගයමින් සිනමා රසිකයන්ගේ ආදරයට බදු උනා.
ජෝතිපාලයන් ගී ගැයූ චිත්‍රපටයක් හොදම චිත්‍රපටය ලෙසින් ශ්‍රී ලංකාවේ සම්මාන ලබා තිබේද ?
හොදම ගීත රචනයට , සංගීත අධ්‍යක්ෂනය ට පිරිනැමීමට නියමිත සම්මානය පවා ජෝතිපාලයන් ගී ගයයි නම් නොදෙන්නට ක්‍රියාකල අතීතයක් තිබුණි.
මෙවන් අසාධාරණකම් වලින් සිත් තැලී අන්ත අසරනවූ ජෝතිපාලයන්
" ඔවුන් ප්‍රබුද්ධ...අපි පීචං... " යි තමන්ගේ භාෂාවෙන් ඒ ප්‍රසිද්ධ ප්‍රකාශය කලා මට මතකය.
"පාළු සුසානේ ප්‍රේම පුරාණේ" ගීතය ය. 1985 තිරගත වූ "ඔබට දිවුරා කියන්නම්" චිත්‍රපටයේ මේ ගීතය උදෙසා එච්.ආර්. ජෝතිපාලයන් හට හොඳම ගායකයාට හිමි සරසවි සම්මානයත් ; ආචාර්ය අජන්තා රණසිංහයන් හට හොඳම පද රචකයාට හිමි සරසවි සම්මානයත් හිමි විය. කසිකබල් පද වැල් සහ තනු නම් වූ මරුවැලෙන් ජෝති ගලවාගන්නට අජන්තා සහ සරත් ද අල්විස් ගත් මේ උත්සාහය සාර්ථක වුවද ඒ මාවතේ වැඩි දුරක් යන්නට ජෝති ජීවත් වූයේ නැත.
ප්‍රසංග වේදිකාවේ වැඩිම ජනතා හරසර හිමිවෙන නිහාල් නෙල්සන් කලාකරුවා කිවේ එච්. ආර් කියන්නේ "හදවත රත්තරන් ජෝති" කියාය.
ඔහුගේ මරණය සිදුවූයේ 1987 ජූලි මස 07 වෙනිදාය. අවසන් වරට ප්‍රසංග වේදිකාවක ගීත ගැයුවේ කතරගම ගම්උදාව ප්‍රසංගයේ දී ය. ඒ ජූලි මස 03 වන දායි. උග්‍ර ශ්වසනාබාධයකින් පීඩා විඳි ජෝති ඒ ගැන නො තකා නිදිවරමින් දූවිලි සහිත ප්‍රදේශයක ගීත ගැයීමට යාම මරණය ඉක්මනින් ඔහු වෙත ලංවීමට හේතුව විය.
අවසන් දින මහා සංගීත ප්‍රසංග සමග පැවත්වන සැම ගම් උදාවක් මා නැරබුවේ එදා කට්ට කා ලංගම හෝ වෙනත් වාහන වල ගොසින් එල්ලී නිදි මාර ගෙනය. කතරගම පැවති ගම් උදාවද එසේය. එම මහා සංගීත ප්‍රසංගයේ ගායක ගායිකාවන්ගේ හා වාදක මණ්ඩලය වගේම විස්තර කථනයේ නම් ගම් සහිත පෝස්ටය දකිද්දී හිතට ගතට එන සතුට කියා ලියා නිම කරන්න බැරිය. ඒ තරම් රසවත්ය. කතරගම සැණකෙළියයෙ එම පෝස්ටරය කොළඹ නගර සභාවේ හැම තාප්පයක මහජන ලිං බැමි වල පමණක් නොවේ ඈත ගම්වල කුඹුක් ගස් වල පවා පාන්පිටි තවරා අලවා තිබුණා.
පොචුන්ස් වාදක කණ්ඩායම සුමිහිරි වාදනයෙන් ජෝතිගේ අවසන් ගම් උදා සැණකෙළියේ ප්‍රසංගයේ වර්නවත් වත් කළේය.
"හන්ගා ගල් ලෙනේ ඉන්නා කුමරියේ..."
"පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න ශුරයා..."
"රාජ කිරුළ පලන්දාපු රජ්ජුරුවෝ ගීතය" ගායනා කළේ ගීතය ලියපු කඩදාසියක් බලාගෙනයි.
අසනීප පසෙක තබා වෙනදා නැති රිද්මයකින් ගීත ගයනා කලේ තම රසික රසිකාවන්ගේ ඉල්ලීම් මතය.මා අවසන් වරට එම වේදිකාවේ වර්නවත් විදුලි ආලෝක අතරින් ඇතින් ඔහු ගී ගයනු අවසන් වරට දුටුවේය. ඒ මාද නැරබු අවසන් ගම්උදාව වේ.
පසුව නැවත මාලිගාවත්තේ ඔහුගේ නිවසේ දේහය බැලීමට පැය ගණකක් යහළුවන් සමග පෝලිමේ උන්නේ නින්ද නොගිය රාත්‍රී කිහිපයක් පසු කරමින්ය.
බොරැල්ල කනත්තේ ඔහුට පොදු ජන ගායකයා ලෙස එහි විස්තර කථනය කළ මාධ්‍යවේදි ප්‍රේමකීර්ති ද අල්විස් මහතා කියා සිටියේය. දහස් සංඛ්‍යාත රසික රසිකාවන් සෝ සුසුම් මැද චිතකය දැනුණේ ඔහුගේ ගීත වාදනය කරමින්ය. අවමගුල් උළෙලේ අන්තිම මොහොතේදී ක්ෂණිකව ලියා කලාශූරී ලතා වල්පොල මහත්මිය ගායනා කළ ගීතය අප කාගේත් දෙනෙත් අග කඳුළු බිඳුවක් එක්කරමින් හිත හඬා වැටුණු අයුරු මට සිහිවේ. එදා කනත්තේ වෙනම සංස්කෘතියක් ඇතිකලේ අහම්බෙනි.
අවට සිටි දහස් ගණනක මහා ජනතාව කනත්ත වටේ පිහිටා තිබුණු තාප්ප වල, ගොඩනැඟිලි වහලවල් මත නැග සමහරෙක් ගස්වලද නැග අවසන් ගෞරවය දැක්වුයේ අපිරිමිත සෙනෙහසකිනි. පොදුජන ගායක ජෝතිපාලයන්ගේ අවසන් මොහොත දුක්මුසු අවස්ථාව මා ද අසල පිහිටි තාප්පයක නැග බලා සිටියේ කඳුළු පිරි දෙනෙතිනි.
1988 පෙබරවාරි 12 වැනිදා එච්.ආර්. ජෝතිපාලගේ ගුණ සමරු සංවිධානය විසින් සංවිධානය කරන ලද එච්.ආර්. ජෝතිපාල මියගියාට පසු, පැවැත්වූ පළමුවෙනි උපන් දින සැමරුම පවත්වන ලද අතර, එදිනම එච්.ආර්. ජෝතිපාල මාවත නමින් මාවතක්ද, විවෘත කෙරුණි. මේ උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ කලා ලොවේ එච්.ආර්. ජෝතිපාලගේ සමීපතම මිතුරා වූ විජය කුමාරතුංගයි. විජය කොතරම් ව්‍යක්ත කථිකයෙක් දැයි මම දැනගත්තේ එදාය.
එදා මම ටවර් හෝල් රඟහලේ එළියට බැස මාලිගාවත්තේ මහල් නිවාස අතරින් එච්. ආර්. ජෝතිපාල මාවතේ පැරණි අතීත සිහිකරමින් ගෙදර ගිය හැටි මට සිහිවේ.
ඉදලා හිටලා මගෙ අම්මගෙයි තාත්තගෙයි මිහිදන් කරපු සොහොන බලන්න බොරැල්ලෙ කනත්තෙ යන වෙලාවක් ඇත්නම්...
නුඹගේ සොහොන බලන්න එහි තත්පරයක් හෝ නැවතී අතීතය මෙනෙහි කරන්නත් ගී පද මුමුනන්න මා අමතක කරන්නේ නෑ.
අතීත දිවියේ අනන්ත අඳුරේ විඩාව නිමවේ...
මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති ...
Nannaththara jeevithe ගේ ඡායාරූපය
Nannaththara jeevithe ගේ ඡායාරූපය
Nannaththara jeevithe ගේ ඡායාරූපය

Wednesday, October 30, 2019

එන්නා සොල්ලුන්ග... දුකයි අඩා...













කොළබ ගෙන්දගම් පොළොවේත් ඒ සමතලා කළ ගහ කොළ වැල කියයි අපේ ඒ පැරණි රස කතා.


එදා අසූව දශකයේ මැද භාගයේ මා කොළඹ දෙවන වරටත් උසස් පෙළ විද්‍යා අංශයේ ඉගෙන ගන්න කාලේ පුරහල පිහිටි alexandra කොලිජියේ පීරියඩ් කට් කර වික්ටෝරියා පාක් එක මැදින් ඇහැල මල් සෙවනේ ගොස් මහජන පුස්තකාලටය. එහි වටා ඇති හුරි මාර, නා, අඔ ගස් වගේම එදා ඉංග්‍රීසි ආණ්ඩු කාලේ සුද්දෝ අලංකාරට එක පෙළට වවා තිබු පයිනස් ගස් සෙවනේ ඇවිද ගිය සිසිල් සුළං වදිමින්, ගීමන් හරිමින්,ගී ගයමින්, වල් පල් දොඩමින් කාලය ගෙවා දැමු අතීතය මා දැසට පොට්ට නැත පට්ටය.මැයි මල් රතට රතේ පිපුණු අද ඒ ගහ කොළ පරිසරය විනාශ කර අවසන්ය.

පොත් පත් අතර හීන ගොඩක් මැද අම්මා මිට මොළොවා දුන් කාසියෙන් ගත් ආතල් එදා කොලොබ හතේ හිට්ය පුස්තකාලයට පෙනෙන විසිල් පාරකින් එළියට එන දුරකින් පිහිටි ජේ ආර් ගේ පුතා වත් නවලෝක මුදලාලිගේ දුව වත් ගත්තේ නැතුව ඇති. libaryයෙ අයත් ටක් එකේ නිතරම අප කකුලේ දැවේටෙන නිතරම ඇනුම් අරින කිටියාද, ඉර්සියාවට ලව් කපල්ස් වලට බුරන 'ලපයා' නම් සුරතල් බල්ලා ඒ අවට තිබු ගහ කොළ වැල් සෙවනේ දුව පැන ගිය සුන්දරත්වය ආයේ දකින්න නොලැබෙනු ඇත. සොරි ඩොට් කොම්ය.

"හෙට අනිද්දා ආයෙත් හමුවෙමු මචෝ..." කියා ධර්මපාල මාවතේ සෙමින් ඇදෙන පිටකොටුවට දෙසට ධාවනය වන 138 බස් රථයක නැගී යූනියන් පෙදෙස හරහා ගොස් කොටුවේ රිගල් හෝල් එක ළඟින් බැස ඒ අසල ඇති විජය රාමනායක මහතාට අයත් තරංගා කැසට් අලෙවි සැලට ගොඩවන්නේ ඒ අපේ නව යොවුන් වීකසිත පැතුම් දොරේ ගලන ගී ඇති අලුත්ම කැසට් එකක් වට්ටම් ඇතිව ඔහුගේම අතින්ම ලබා ගැනීමටය.

අතේ ඇති ඉතිරි මුදලින් රීගල් හෝල් ඉදිරිපිට ගසා ඇති මේගා කටවුට් දිහා නෙත් යොමා ගැලරියට හෝ පළමු දෙවන පන්ති වලට රිංගා සමහර සිංහල චිත්‍ර පටි බැලුවේ මංගල දර්ශනයට සහබාගි වන නිෂ්පාදකවරු, අධ්‍යක්ෂකවරු, නළු නිළි, කැමරාමන් හා එහි සේවය කල ටි බෝයි දක්වා ටීම් එකත් සමගය. එහි සේවය කල ප්‍රොජෙක්ටරය ක්‍රියා කරුවු මාලිගාවත්තේ අප නිවස අසළ ජිවත් වූ යාපනේ මුරුගන් අයියා දැන හැදුනුම්කම් මත ඔහු මා සොයා ගෙනත් දෙන ආරාදනා පත්‍ර, ඕ,ඩි.සි හෝ බැල්කනි ටිකට්පත් දුන් අතීතය මට මතකයට නැගේ. චිත්‍රපට බලමින් ලැබෙන විවේකයේදී කොකා කෝලා, පැන්ටා බොන්නේ එහි තිරයේ පෙන්වන ඈඩ් බලමින්ය. වෙළුණු දිව කුල් කරමින් රස නහර පිනන "ඇලරිකස්" අයිස් පලමේ කිරි, වැනිලා, චෝකොලට් රසය දෑනුදු මතක් වෙන විට කෙළ උනයි.

මා ෆිල්ම් පිස්සෙක් කියා කිවේ තාත්තාට හොරෙන් අම්මාය. ඒ කියක් හරි ඉල්ලන මොහොතකය.මට ලැබුණු අමතක නොවන ආරාදනා පත්‍ර අතර සිදුවීම් වගතුග ලියතොත්......

ලංකාවේ පමණක් නොව හොලිවුඩයේ පවා නමක් දිනා සිටින සිනමා නිරමාණකරුවෙකු වූ චන්දරරත්නම් මහතා එදා ඔහුගේ නව යොවුන් ජිවිතයේ තොරතුරු ගෙන හැර පෑ සිනමා පටිය නම් "ආදර කතාව" සිනමා නිරමාණයවේ. කොළඹ හා අවට නගර තාප්ප වල, ලයිට් කණු අළවා තිබු පෝස්ටර්යට මා පෙම් බැන්දෙය. සිංහල කෙල්ල වූ මැණික් කුරුකුලසුරියගේත් දෙමළ කොල්ලා වූ සෙල්ලවරාජන් ගේ ආදර කතාව එහි සියලුම ශිල්පින් සමග එකම රිදී තිරයේ වී. අයි. පි රසිකයෙක් ලෙස නැරබුවේ මුරුගන් අයියාට පින් සිදු වෙන්නටය. මේ අතීතය සුන්දරත්වයෙන් පිරි සොඳුරුතම දසුන් මතක් කරමින් මොහොතකට හෝ සමවැදී සිතින් ගතින් උහුලන්නේද, දුක හිතෙන්නේද මට විතරද.....


Thursday, October 24, 2019

මල් පිපුණාට ගෙඩි නෑ තාම...


ගමේ උන්නු සන්දියෙ පොඩි ගතමනාවක් හොයාගන්ඩ කරපු සක්කරන් , බොලේ ගමේ බුවෙකුට ලිව්වොත් කිව්වොත් ඇහුවොත් දෑණුනොත් ආයේ දෙකත් නෑ තුනත් නෑ ඒ පැත්ත පලාතට යන්න බෑ දීග කලිසමක් නම් ගහගෙන...

හැලබගහ වැවේ තාවුල්ලේ බක්මී, නා, කොන්, දන් ගස් දෙවට ලන්ද වගේම..., මහ වෙල් යායට බර වෙලා කුදු ගැහී තිබූ පොල් ගස් පෙල කතා කොලොත් කියයි ඒ අපේ රස කතා... තෙන්නකෝන් වලව්වට අයිති වත්තේ වළි කුකුල්ලු ළගින ඇල්බීසියා වැට අයිනේ තිත්ත පැටවූ රංචු පිනන දොළ පාරට උඩින් පැහි වැටෙන නවසි පොල් ගහේ මදු වළලු අඹරා කරටියට බඩ ගා කලටි කුරුම්බා නෙලා පලා උලා ලෝද කැ අතීතය පට්ටය.හරියටම කිවොත් තාත්තා දින ගණනක් මද ගින්නේ හදන පොලොස් ඇබුලේ මැටි වළදේ අඩියේ ඉතිරි වුණු කුරුදු පට්ටේ අතින් ගෙන උරා බි සුප්පු කළා වගෙය.

 පැහිච්ච පොල් වළලු බාල් කර ඉතිරි වළලු බුවල්ලේ එල්ලෙන පොල් ගෙඩි ටිකත් කඩා ගෝලයට සිටී කරුණා, සරා, නවා කර මතින් පොල් ගෝනිය මාරුවට කර ගසා වක්කඩවල් පැන ගෙන ගොස් දෙන නැවුම් පොල් බාන් හරමානිස් නැන්දා කුණු කොල්ලයට ගන්නේ අඹ කජු මාදන් යාළුවෝ රොත්තම ඇය අප සැම බය කරය.කොල්ලා කාලේ අහිංසක හොරකම් මැරකම් වලට ගමේ නගරයේ පාසලේ අපි එදා ප්‍රසිද්ධ සිටියහ.ලගින් ගියොත් ඇහ අන්දය. හදිසියේ නැන්දලා කඩේට ගියත් මගේ කලිසම් සාක්කු කඩේ වැඩට උන්නු සෙනවි, මුර්ති අයියලා චෙක් කරන්න නැන්ද ඕඩර් දී තිබුනත් ගේම නම් අත ඇරියේ නැත.


"මේ ඇහුනද සෙනවිරත්න... ගුණසේන... අපේ අයීයගෙ ලොකු පුතා කඩේ එහෙ මෙහෙ යන කොට ඇහෙ ගහගෙන ඉන්න . හැහ්..හැහ්..හැහ්.."

දිනක් කඩේ නැන්දා එහි සේවකයන්ට කියනු මා හට අහම්බෙන් ඇසුණා.ගමේ හංදියේ තිබුණු ඕනෑම දෙයක් ගත හැකි රන්සිළු ස්ටොර්ස් නමින් ලොකු වෙළද සැලක් ඇය සතුව තිබුණා.ඉට අමතරව වන්නියේ හදවත වූ නිකවැරටිය නගර මද්‍යය්යේද තවත් වෙළද සැලක් ඒ නමින් ප්‍රසිද්ධ තිබුනා.


සමහර දිනවල පාසල් නිමවී නැන්දාගේ මුහුණ බලා දෙන දෙයක් බොමින් කමින් අහුවුණු දෙයක් සාක්කුවල පුරවා කාටත් නොකියා වෙළද සැලෙන්හොර රහසේ ගැඩවිල්ලකු සේ ලිස්සා යන ගතියක් මා තුළ තිබුනා.
දිනක් උපාසක ලීලාවෙන් වෙළද සැලට ගොඩවී එහි නානාප්‍රකාර වෙළද භාණ්ඩ සොකේෂ් විදුරැ තුලින් බලන මොහොතක සක්කරන් පැකට් සිතා කඩේදී කාටත් හොරා එහෙ මෙහෙ බලා විදුරු සොකෙෂ් එක අයිනේ ගසා තිබු 'ප්‍රිති' කියා තිබු පෙට්ටියෙන් පැකට් දෙක තුනක් ඉනේ ගසා ගෙන ගෙදර ඇවිත් අලූත් ටොෆී වර්ගක් යයි සිතා දිව රස කර කෙළ හලා කැඩුවත්, එය බලා සිතින් බැන්නේ ඒ කොම්පැනියේ පැකට් කරපු එකාටය.


ඒ උට වැරදිමකින් බැලුන් පැකට් කර ඇති නිසාය වෙනි.රබර් පුලටු ගදකින් හා ලිස්සන සුළු තෙල් ගතියක් යුක්ත නිසා මෙය මට එදා ප්‍රහේලිකාවක් උනා. අතින් ගෙන විපරම් කර දෙතොලට තියා පුම්බා හැඩය බැලු අයුරු සිනහා යමින් මට දැනුද සිහිවේ.


'යකෝ මාර භාණ්ඩයක්නේ'


මටම ඉබේටම කියවිණි. සවස ගේ මිදුලේ චක් ගුඩු අදින කොල්ලෝ සමග ඒවා පුම්බා ඉන්න මොහොතේ ගමේ කුකුල් නාම්බෙක් තැරි ගගාහා ලිප් ගල තූන උඩ මැටි වළදෙ සූවද දමමින් සිහින්ව ඉරු හනසූ දමා හොද්ද බොර කරන මොහොතේ පොල් කටූ හැන්දෙන් අල්ලට හොද්දේ අඩු පාඩුවට දෑනි නෙරිය උස්සා හනසු කඩුල්ල පැන දිව ආ බණ්ඩාරි නැන්දා අපේ ලිද ලග සේර පදුරෙන් සේර ගහක් උදුරා ගැනීමට ආ මොහොතේ අපි උඩ දමන බැලුන් දැක සිනහා වී

"කෝ කොල්ලනේ තොපේ අම්මා" කිවේ තාලයටය.


"ආන් කුස්සියේ ඇති" ..උඩ දමන බැලුන් දැක ඩ්ම් වූ


ඇය අම්මාගේ කනට කොදුරා කියූ රහසින් පොල් ගගා බර තියා උන් හිරමනය පෙරළා පොල් බැය විසිකර දිව ආ මගේ අම්මා මගේ කන මිරිකා ඇසුවේ කොහින්ද උබලට මේවා කියාය. දිපන්න්කෝ උත්තර...බඩු මාට්ටුය..ඇත්ත කිවේය. අම්මේ තාත්තාට නොකියන ලෙසය.


කොල්ලෝ ටික වැටවල් උඩින් පැන දිවෝය.

බලන්ඩ අක්කේ..අක්කා දැක්ක නිසා හොදයි..පාරේ යන කෙනෙක් හරි වෙන ගමේ කෙනෙක් දෑක්කා නම් අපේ පටි රෝලන්නේ.

එහෙමයි නගේ ඇමා නැන්ද දැක්කනම් මේකලා ඔක්කම දෑක්කාවගේනේ නංගි ,,බණ්ඩාරි නැන්ද පොර ටිකක් එකතු කලේ කට නිකන් තියාගෙන ඉන්න බැරි කමටය.

"ඉතින් අම්මේ... බැලුන්නේ... අපි පුම්බලා උඩ ඇරියේ..." මා සුදානා වෙන්න දෙසා බැවෙය.

"හා හා කට කට ඇති ඔතනින් ගියා.."

අම්මා කියූ අප්‍රබංශ තේරුනේ කොට මම ඊට වඩා දුර දිග ගොස්ය.

අපේ අම්මගෙ කෙසේ වෙතත් බණ්ඩාරි නැන්දාගෙන් මෙගා කරච්චලේට කොල්ලො පැන දිවූහ. එතන උන් උඩහගමේ ගාමිණී නොහොත් බඩා මා දුන් එක පැකට් එකක් ද රැගෙන ගිය වග දන්නේ පසුදා උදේ පාසලේදීය. පාසලේ වතුර බොන ලිඳ ලග පෙරදා මා දුන් ප්‍රීති කොපු වලට වතුර දමා ලබ්බක් සේ එල්ලා සිටින මොහොතේ කෙල්ලෝ කොල්ලෝ වටවෙලා මේ බලන්නේ අමුතු අගිස්සේ තන පුඩුවට සමාන අලුත් බැලුනයක් සිතාය. ඒ අසලින් කැන්ටිමට දෙසට ගිය වර්ණකුලසූරිය මිස් මේ දැක ඔහුව විවියන් කාමරය තුලට ගෙන ගියේ උගේ අතින් බැලුනේ වතුර හල හලය. ටික මොහොතකින් ඔහු එනවිට බව දුටු මා


"යකෝ මොනවද මිස් කීවේ උඹට..."

'උඹ තමයි මට දුන්නේ කියලා කිවා බන්...


මිස්ලා ඔක්කම හිනා උනා..

මල්ලිකා මිස් ළමය ඕක ඔය මේස උඩින් තියලා පන්තියට යන්න කිවා උඹලගෙ තාත්තාට එන්න කියන්නම් කියලා මිස් උබට කියන්නම් කිව්වා..මොකක්ද දන්නේ නෑ..."


පාසල් යන කාලයේ එහෙම වුණත් කොළඹ දී ද මට ප්‍රීති කසානා හැදුනා ය.ඩෙනිම් කලිසමක් අදින්න අපහසු ලෙස කසානා බෝ විය. කිහිලිවල තුවාල වෙනකම් කැසුවේය.හොරි කහපිය.ගිණි පිබ්පිය. අම්මා මුළු ගෙදරම මට බැන බැන රෙදි උණුවතුරේ තම්බා සෝදා වේලා සනීප කළේය. ගැර්න්ඩ්පාස් හන්දියේ නිමල් දොස්තර මහතා හමුවී සුව කරන ලෙස මා බැගෑපත් වී සැර ක්‍රම් වර්ගයක් ගාන විට නිමල් දොස්තර්ගේ දෙමාපියෝ පමණක් නොව තරු විසි වී මරු විසි වුණේය.

"ගෑනු ළමයටත් හැදිලද.." දොස්තර ඇසුවේය

"කොහේ හරි ගුබ්බැයමක ගියාද රිංගුවා ද..." අම්මා වහෙන් හොරා ඇසුවේය.

"මරදානේ ගියාද බන් අපිටත් නොකියා..." යාලුවෝ ඇසුවේය.

"ඇත්ත කියපන්..." මගේ ඇස් දිහා කෙලින් බලා තාත්තා ඇසුවේය.

ඔහුට කොලේ හංගන්න බැරිය. පිටකොටුවේ වර්ල්ඩ් මාර්කට් එකෙත්, කාපෙරි මුඩ්ක්කුවේ පෙමන්ට් එකෙත් එදා සුද්දෝ ඇදපු හම්පඩ පෙඩ් වූ ඩේනිම් කලිසම් කැලි ගානට විකුණු ඒවා ඇදීමෙන් මට කසානා බෝ වී තිබු බව වැටහෙන විට අල්ලපු ගෙදර අයටත් එකම වැටේ හිරුට වනා තිබෙන වැලේ රෙදි සුළගින් බෝ උනා.

කුඩා කල ක්‍රීම් පාටට මේ බැලුම් දැක පසු කලෙක දේදුනු වර්න ඒවාද, අඟර දඟර වැනිලා ස්ටෝබරි වැනි සුවඳ හමන නානාප්‍රකාර ලොකු කුඩා දැක පුදුම නොවුණේය

Thursday, October 3, 2019

කවුද කිවේ මැරුණා කියලා කවට අන්දරේ...කියපු කෙනා දන්නේ නැහැනේ හරි කතන්දරේ...












"රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහෙදෝ යන්නේ..."
ගීතයත් ගැයූවේ අපේ යුගයේ අසහාය ගායක ජේ. ඒ. මිල්ටන් පෙරේරා මහතාය...

"රිදී කලේ රන් කොතලේ බීපු මට
නිකං කළේ දිය නැතිවිය පිපාසෙට
කොට්ට මෙට්ට ඇඳ ඇතිරිළි තිබුණු මට
මෙහෙමත් කළ යාද පලු වීර ගස යට"........

අවසන් හුස්ම පොද හෙලමින් කවියෙන් ගායනා කළේ එදා රජවාසලේ හිටිය කවට අන්දරේ නොහොත්
සද්ද විද්ද පළග පතිර රාජපක්ෂ වික්‍රමසිංහ මුතු කුමාරණ අධිකාරි යන ගරු නම්බු නාම ලැබූ එදා සෙංකඩගල රාජාධිරාජසිංහ රජුගේ (1782-1798) රජුගෙ රාජ්‍ය පරිපාලනයේ දී රජුට ඇති වන ඒකාකාරී බව කටුක හා nirasa අවස්ථාවන්හි ඇති වන පීඩනය අවම කිරීම උදෙසා ජාතික අවස්ථානුකූලව කිසියම් විනෝදාස්වාදය පැතීම කවටයා මගින් සිදු වී ඇත. එපමණක්ද නොව රජවාසලේ කවටයා නිලනොවන පුරෝහිතය කුගේ භූමිකාව මෙන්ම ඒ විහිළු කර රජු himashi මෙන් නොව නිසි විහිළුවෙන්ම නිසි උපදෙස් දීමෙන් ම න්දි හට් ප්‍රියන්ගෙන් මුරුංගා අත්තේ තැබීම්වලින් රජුව බේරා ගැනීම ද ිදුවී ඇති බව ජනප්‍රවාදයේ ඉතිහාසයේ සඳහන් වේ.

අන්දරේගේ සොහොන බැලීමට යාහැකි හොඳම අවස්ථාව ඔබ කතරගම යන විටකදීය.හම්බන්තොටින් තිස්සමහාරාම පාරේ යනවිට හමුවන උඩමලල හන්දියෙන් වමට ඇති පාරේ කිලෝමීටරයක් පමණ ගොස් එහි දකුණු දෙසින් වූ වැව අයිනදිගේ ඇති අතුරුමගක ගමන් කිරීමෙන් අන්දරේගේ සොහොන වෙත ලඟාවිය හැක.
අන්දරේ යනු හුදෙක් මනඃකල්පිත චරිතයක් නොවේ.18 වන සියවසේ සෙන්කඩගල මහනුවර රාජාධි රාජසිංහ රජු දවස රජවාසලේ සිටි විකටයෙකි,කවියෙකි.අන්දරේ වටා ගෙතුණු කතා රාශියකි.අන්දරේ සීනි කාපු හැටි,ගල උස්සපු හැටි,ගොනාට ඇඳීම,හතරබීරි කතාව,කිරි කෑ හැටි,රබන් පැලීම ඉන් වඩා ප්‍රසිද්ධ කතන්දර ලෙස දැක්විය හැක.මොහු රජවාසලේ සේවය කල වකවානුව ක්‍රි.ව 1781සිට 1798 දක්වා බවට ඔහුගේ සොහොනේ සටහන්ව පවතී.

ඔහුගේ උපන්ගම ලෙස සැලකෙන්නේ මාතර දෙවිනුවර ප්‍රදේශයයි.එය ඔහුගේ පියාගේ උපන්ගම වන අතර ඔහුගේ මවගේ ගම වශයෙන් සඳහන් වන්නේ දික්වැල්ල ග්‍රාමයයි.දිගු කලක් රජ වාසලේ සේවය කල අන්දරේ තම ජීවිතයේ අවසාන භාගයේ, තමන් ඉපදුනු සුන්දර ගම්මානයත් තරුණවියේ ගැටමානේ බිරිඳ සමග ගතකල ජීවිතයත් සිහිපත් වී තම වයස්ගත බවද,රෝගී බවද නොසලකා එහි යාමට තීරණය කල අතර, ගමනේ අතරමගදී ඉහත සඳහන් උඩමලල වැව ඉස්මත්තයේ පිපාසයෙන් මියගිය බවටඉතිහාසයේ සඳහන් වේ.
අන්දරේ විසින් කියන ලද කවි කිහිපයක්

#රජබිසවගැන රජුට කී කවියක්-

බොහොම හොඳට රන්කම්කල වැඩක් වගෙ යි
දේවතුමට මහබඹු දුන් ලියක් වගෙ යි
ලෝකේ ඉන්න පඬිහට පිස්සුවක් වගෙ යි
කොහොඹ ගහට කරවිල වැල ගියා වගෙ යි.....

#පෙම්වතියට

කොළඹ කළුතර අලුත් ගන්තර මුනේ මාතර ගාල්ලේව ත්
සපරගමු පුත්තලම උඩරට කොට්ටියරම් තොට මුනේ ව ත්
සතර සත් කෝරලේ ඇතුළුව මෙවැනි මැදි හත්පත්තුවේ ව ත්
නුබ සේ ලස්සන කතක් නුදුටිමි සතර වාසල් කොන් අටේ වත්....

#තමාගැනම

යන්තරේ හොඳයි ඉඳ කපු කටින්නට
මන්තරේ හොඳයි ඉඳ ජප කරන්න ට
ගින්දරේ හොඳයි සීතට තපින්න ට
අන්දරේ හොඳයි සීපද කියන්න ට....

#මරණයටපෙර

රිදී කලේ රන්කොතලේ බීපු මට
නිකන් කලේ පැන් නැතිවිය පිපාසෙට
කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබුන මට
මෙහෙමත් කල යාද පලු වීර ගස් යට...

සැ. යු. මෙහි ලියා සොයා ඇති කරුණු අන්තර්ජාලය ඇසුරින් සහ මා ඇසින් දුටු දෙ පමණක් බව කරුණාවෙන් සලකන්න.

- පින්තූර නඩේ සමඟ ගියේ 1995 වසරේ මැද භාගයේදීය. ඉතිරි පින්තූර අන්තර්ජාලයෙන්ය.

Wednesday, October 2, 2019

සිරිලක දකුණේ පින්බර කොත්දුව රජ මහා විහාරය









                   

මේම විහාරය දකුනෙ බළපිටිය ප්‍රදෙශයේ මාදු ගගෙ මැද අක්කරයක පමන භුමියකින් හෙබි ප්‍රදෙශයකි.මෙහි ඉතිහාසය දෙවන පරාක්‍රම බාහු රජ දවස දක්වා දිව යයි..වත්මන් විහාරය ඉදිවි වසර 120කි......

හේමමාලා හා දන්ත කුමරුන් දළදා වහන්සෙ ලක් දිවට වැඩම කරද්දි පැවති යුධ තත්වය නිසාවෙන් රොහණ දෙශයට පැමිණ වැලි තොට ආසන්නයෙ වරායෙන් ගොඩ බැස රට තුළට අවුත් මාදු ගග ආසන්නයෙ කොත්දුවෙ වැලිමත සැදු දැගැබක සිරි දළදා වහන්සෙ නිධන් කොට රැක බලා ගත් බවත් යුද්ධය අවසානයෙ අනුරපුරයට ගොස් කිත්සිරිමෙවන් රජුට පිරිනැමු බවත් ඉතිහාසයෙ සදහන්වේ.

මිට අමතරව පරසතුරු උවදුරු පැවති කාලයේ දළදා වහන්සෙ අරක්ෂා කිරිමට විදිය බණ්ඩාර කුමරු ද දළදා වහන්සේ කොත්දුවෙ සගවා අරක්ෂා කර ඇත....

මෙම විහාරය ගැන තොරතුරු අසන්නා රසවත් හා පුදුමයට පත් කරන ජන කතා ගම්මුන් අතර ප්‍රකටය.ගාලු පාර සිමාවේ සිට මාදු ගගේ බෝටුවක නැගී පරිසරය නරබමින් සත පහ දුපතද ආසන්නයෙන් මෙම පින් බිම දැක බලා වන්දාන මාන කිරීමට අපමන සතුටක්
හා සිතට නිවනක් ලෑබෙනු නියතය.......

2000 වසරදී..දිනක...

Sunday, September 29, 2019

කුරහන් යායේ සුවද දසත පැතැරු සිංහයා.........







88/89 වසර කාලයේදී පාදඩ දේශපාලන නරුමයන් විසින් බලය උදෙසා රටේ පාලනය දෝලනය වෙමින් තිබු මොහොතක, කැළණි ගගද පිටාර ගලා දුව්ලි පීන්න වැටෙන හිමිදිරියේ
කොලොබ ඔරුගොඩවත්තේ බයිසිකල් රෙපෙයාර් වැඩපලක් සහ රේකොඩ් බාර් එකක් කරමින් සිටියදී "ප්‍රා" "උකුස්සා" එවක රජයේ කුලී මිනීමරුවන් විසින් දස වද දී ඝාතනයට ලක්වූ මා මිත්‍ර නයන අයියාද.......................

එම කාලයේදීම රතු පාට එරබදු මල් පිපෙන, කොහා නාද කරන, කජු පුහුලන් සුවද හමන, බක් මහේ නිවාඩුවකට ගමේ ගිය මොහොතේ, බලදොර කෝරලයෙ සිමාව පසු කර කුබුක් ගස් මා දන් තුරැ ලතා මැදින් නිහඩව ගලා බසිනා කොළමුණු ඔය අසබඩ ගම්මුන්ගේ විලාප මැද ටයර් සැයක් මත අඩක් පිච්චේන නීරැවත් සිරැර ඉහළ ගමේ රත්නේ අයියාම බව මා හදුනා ගත්තේ ඔහුගේ බුලත් කහට දත් ඇන්දෙන්ය. රන්වන් පාටට පෙනෙන වෙල් යායේ ගැමි සුවදත් සමග හිරු මුදුන් හිස් අහස දෙස බලා ඇසේ කදුළු සගවා ගත්තේ දුක සමග මුසු ආවේගයනි. ඔහු සමග එදා ගමේ ඇලේ දොලේ වැවේ වෙලේ දුව පැනපු එල්ලේ ගහපු චක් ගුඩු ඇදපු අතීතයේ සොදුරැ දසුන් මතක් වීමෙනි.ඒ අවට ගම්මු කැ ගසමින් අයියනායක දෙවියන්ට කන්නලව් කරමින් දෙන විලාප මැදින් අප හන්දියට ආවේ මාද දැසේ කදුළු පිස දමමිනි.......

ගම් පෙරළිය පොත කියූ අහිංසක රත්නේ අයියාගේ මේ කුර ඝාතනයත්, දුප්පතා ගේ වාහනයේ රෙපෙයාර් කර පැච් දමා හුලං ගසා එදා වෙල පමණක් හම්බ කරගත් සොදුරැ කලා කරු සින්දු පිස්සෙක් වූ කොලොබ ඔරුගොඩවත්තේ සිටි නයන අයියාගේ ඝාතනයත් එදා මෙදා පමණක් නොව හෙටද ඔවුන් මතක් වෙන හැම මොහොතක් මොහොතක් පාසා මගේ සිත ගත හැගීම් වේදනාවෙන් සසල වේ. ගමේ ගෙදර ගිය මට තාත්තා ගෙන්ද හොද ඒවා අහන්නට ලැබුණේ "ගම් මැදි ගානේ කරක් නොගහා වහාම හෙට උදේම කොලබ යන ලෙස" ආදරයෙන් වේදනාවෙන් කිවේ "ගෝනි බිල්ලෝ උබටත් අත වනයි" ඉගි කරමිනි. වෙනදා වැවේ නා, වෙලේ ඇවිද, ලුල් කරිය පොලොස් ඇබුල පදමට අනා තිත්ත අගුණ කොළ මැල්ලුමද, බුරිය උල් වෙන්න කන මට රත්නේ අයියා මතක් වීමෙන් නින්ද නොගිය රැයේ පසුදා පාන්දරම කහට කෝප්පයක් පමණක් හනික බි කැලි කැපෙන ඝන අදුර කපා ආවේ හන්දියටය.

පසුව උදේ 5.15 ලංගම බසයට නැග එන අතරේ රත්නේ අයියා ගැන සිතමින් දුකින් වේදනාවෙන් ආවේ කොලොබ කොහේ හෝ තැනකට ජෝඉන්ට් වී මේ කාලකන්නිට විරුද්දව කුමන හෝ බලවේගයකට දිවි නොතකා උදවු කර පෙරළියක් කල යුතු කාලයද පැන ඇති බව සිතමින්ය. කාලය සමග ගෙවී කොලොබද මේ හා සමානව වාතාවර්නයක් නිර්මාණය වන්නට වැඩි කලක් නොගියේය. මගේ අම්මාගේ දැන හදුනා ගැනීම මත එකල කම්කරු සටන් නායකුවූ අලවි මුව්ලනා මහතා සමග කොස්ගස්හන්දියෙ ඔහුගේ කාර්යාලයේ සාමාජිකයන් හා හොද සම්බන්දතාවයක් ඉබේම ඇති වූයේ එදිනෙදා ජිවිත් වීමට දහදිය මහන්සියෙන් හම්බ කරන වෙර දරන සිටින සමයේය...........

පසුව එදා පැවති ආර් ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුවේ මෙම භීෂණයට, මර්ධනයට සහ පීඩනයට එරෙහිව ආරම්භකල පාද යාත්‍රාවට මැද කොලබින් මා සහභාගී වන්නේ මෙවන් වූ හේතු මතය.දහසක් කරදර කම්කොට්ලු මැදය.1992 මාර්තු 16 පෙරවරු 10ට කොළඹ විහාර මහාදේවි උද්‍යානයෙන් ආරම්භ වුයේ එදා පාර්ලි‌‌මේන්තුවේ එඩිතර මන්ත්‍රී වූ මහින්ද රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙනි. පාද යාත්‍රාව සංවිධානය කිරීමට විපක්ෂ ඒකාබද්ධ කමිටුව වෙනුවෙන් ලිපි නිකුත් කිරීමට සිදුවූයේ තංගල්ල කාල්ටන්හි මානව හිමිකම් හා නීති ආධාර කේන්ද්‍රයටය. ඒ වෙනුවෙන් අත්සන් කර තිබුණේ එහි සභාපතිවරයා වන විපක්ෂයේ ඒකාබද්ධ කමිටුවේ කැඳවුම්කරු ලෙසින් මහින්ද රාජපක්ෂටය මහතාය....

උදෑසන 9 වන විට එහි 500ක පමණ පිරිසක් සිටියේය. රාජ්‍ය මර්දනයට විරෝධය පෑම පාද යාත්‍රාවේ ප්‍රධානම සටන් පාඨය විය. එය ජනතාව පිබිදවීය. බියපත්වී, මුළුගැන්වී සිටි සාමාන්‍ය ජනතාවගේ බිය දුරුකර ඔවුන්ගේ විරෝධය එළිපිට ප්‍රකාශ කිරීමට, පාරට බැසීමට තරම් නිර්භීත වතාවරනයක් ඔහු විරෝධතා කරුවන්ගේ හා මහජනතාව තුල ඇති කළේය. කොළඹින් ඇරඹි පාද යාත්‍රාව දින 19 ක් ගමන්කර කතරගම ට පැමිණියේය.
විපක්ෂයක සිටියදී සැබෑ නායකයකු ක්‍රියාකළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව මහින්ද පූර්වාදර්ශ කන්දරාවක් ඉතිරි කොට ඇත්තේය.

වමේ දේසපාලනයට සම්බන්ධ විශාල පිරිසක්ද එයට එක්වි සිටියහ. පසෙක භික්ෂූන් රැසකි. තැනක සරසවි සිසුන්ය. මහින්ද රාජපක්ෂ පැමිණියේ සිය සොයුරු චමල් සමගින් පිරිසක්ද රැගෙනය. උදෑසන 9.45වන විට එක්වන පිරිස වේගයෙන් වැඩිවී මී මැසි පොදියක් බවට පත්විය. පාද යාත්‍රාව අරඹන විට එහි සිටි පිරිස 5,000කට අධික විය.

ආණ්ඩුවේ භීෂණයට, මර්ධනයට සහ පීඩනයට එරෙහිව ආරම්භකල පාද යාත්‍රාව ආරම්භකර මදක් දුර යනවිට සහභාගිත්වය දෙගුණයක් බවට පත්විය. ගාලුපාරට වැටෙන විට පාගමනේ ගිය පිරිස 15,000ක් පමණ විය. සෑම දිනකම පාද යාත්‍රාවට සහභාගිවූ පිරිස 15,000ක් පමණ වූ අතර ඇතැම් ස්ථානයන්හිදී එය 25,000ක් පමණ විය. අවසන් දිනය වන 1992 අප්‍රේල් 1වැනිදා කතරගමින් එය අවසන් වන විට එදින පමණක් පාද යාත්‍රාවට එක්වු සංඛ්‍යාව ලක්ෂයක් පමණ වේ. මෙම ගමනේ පළමු දිනයේ බම්බලපිටියෙන් ගාලු පාරේ වැටි වැල්ලවත්ත දෙහිවල ගල්කිස්ස රත්මලාන මොරෝටුව සටන් පාඨ කියමින් මග දෙපස සිටි ජනයා අප උද්යෝගය කල සැටිත් කෑම බිම දී සංග්‍රහ කල හැටි මට දැන්ද මැවී පෙන්නේ ඔව්න්ගේ සිනාහවත් සමගය.පානදුර ගග පසුකර එදා අප ගෙදර ගියේ අවසාන දිනයේ තිස්සමහාරාමයෙදී එකතු වී කතරගම කරා ගොස් කද සුරිදුට පඩුරු දී වැද පුදා නමස්කාර කර මේ පාපතරයින් පලවා හැර රටට නිදහස් සාමයක් උදා කර දීමට කතිකා කරගමිනි..කැරළි සමයේ ඝාතනයට ලක්වූ ඇඹිලිපිටිය විද්‍යාලයේ සිසුන් 32 දෙනෙකු ඇතුළු ඇඹිලිපිටියෙන් පැහැරගත් පාසැල් සිසුන් 48කගේ කදුළු වෙනුවෙන් පාද යාත්‍රවේ ගමන් කරන්නන් අතර සුවිශේෂ පුද්ගලයින්ගේ විරෝධතාද විය.

ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ අතුරුදහන් කල සිසුන් 30 දෙනාගේ දෙමාපියන් පාද යාත්‍රාවේ ගමන් කරනු දක්නට ලැබිණි. සැමියන් අහිමිවූ වැන්දඹු බිරින්දෑවරුන්ද, දරුවන් අහිමිවූ මව්වරුන්ද ඒ අතර විය. පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ 1989 ජුලි 29වැනිදා කල්පිටියේදී පැහැරගෙන පසුව අතුරුදහන්වූ සිය පුතු ඇතුළු වෛද්‍ය සිසුන් 22 වෙනුවෙන් යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා නීල් ලියනගේගේ පියා පුවරුවක් ඔසවාගෙන දින 17ම ගමන් කළේය.කාගේත් දෙනෙත් උණුහුමෙන් කදුළු තෙත් කරමිනි.ඩී.අයි. ජී. ධර්මසේකර මාතරදී තාවකාලිව දස ශීලය ලබා අනගාරික විය. මාතර උයන්වත්ත පිටියේ රැස්වීමට 20,000කට පමණ පිරිසක් විය. මාතර පැවති එම රැස්වීමේදී උණුසුම් කථාබහක්ද වේදිකාවේ සිටි අය අතර ඇතිවිය.

දෙවිනුවර, දික්වැල්ල, තංගල්ල අම්බලන්තොට, තිස්සමහාරාමය හරහා දින 17ක් පසුකර කතරගමට පාද යාත්‍රාව පැමිණෙන විට එය දිස්වූයේ එකම හිස් ගොඩක් ලෙසය. අවසන් දින පාද යාත්‍රාවේ මුල කතරගමට ලගා වන විට එහි අග තිබුණේ තිස්සමහාරාමයේය. කතරගම සිට තිස්සමහාරාමය දක්වා දුර ප්‍රමාණය කිලෝමීටර් 16කි. මඟ දෙපස සිටි ලක්ෂ ගණන් ජනයා දින 17ක් පුරා පාද යාත්‍රාව නැරඹූ අතර ඔවුනට ආහාරපාන ආදියෙන් සංග්‍රහද කළහ. මා ඇතුළු මැද කොලොබ තරුණ කැල පාද යාත්‍රවේ ඉදිරියේ ගමන් කලේ ආරක්ෂාව හා ඉදිරියේ ගමන කඩාකප්පල් කිරීමට සිටීමට ඉන්නා බව වහසි බස්දෙඩු එවක රජයේ කුලී මැරයින්ගේ සජීවිව මුහුණ දීම සදහාය. පාර දෙපස ගම්මුන් කිරි පැණියෙන් සංග්‍රහ කලේ ඔවුනට හැකි පරිදිය. දිවුල් කිරි බෙලි මල් වතුර අපට දුන්නේ "මේ මහින්ද මලයාගේ උන්නේ" ගමේ භාෂාවෙන් කියමින් උද්යෝග කරමින් මට අමතක නැත......එවන් අති භිහිසුනු කාලයේ මහ පාරට බැස මුහුණට මුහණ ගේමට ගේම ඉල්ලු මා දන්නා දේශාපලන සටන් කරුවා නම් ඒ අපේ හදවත් හොරා නොහොත් මහින්ද රාජපක්ෂ මහතාය.එදා මදාවි රජය දෙදරුම් කැවේද ඔබගේ මැවෙනි සටන් නිසාය..........


අප දෙකඩ වූ රට යුද සමයේ සුද්දන්ට යටත් නොවී, ලෝකයාගේ වදන් වලට නෝරවැටි..අපේ රණවිරැවන් අලිමංකඩ නොවේ පාමංකඩ යන්නේ කියූ දියවන්නාවේ බඩ ජහරියොත් රට පවාදෙන නරියන්ගේ කට පමණක් නොවේ වෙනත් අංගනද වැසුනේ ඔබ බිත්තියට හේත්තු වී ඉදිරියට පැන නුවණින් ගැසූ නිසාය, නොර්වේ සෝල්හයිම් ඇතුළු නඩ එලවා දමා කොටියා සුන් කර අපේ උන් කකුලෙන් අදිදීත් මවුබිම බේරා දුන් නායකයා ඔබය...එපමනක් නොව කෙටි කලක් තුල රටේ සංවර්දනයක් ඇති කලේ ඔබය....චිනාට වටින අපට නොවටින වාරය විකුණා කැ ටයි කොට් මහත් හොරුද..

සති අන්තයේ හයිවේ වල ලැබෙන ආදයම් නොදකින... ඔබ සැදු හයිවේ අන්තිම ගියර් එකේ කගවෙනා වගේ ගොස්...මේක හැදුවේ මහින්දට ඇබුල් තියල් ගේන්න කියා කියන අයද...ගමත් නගරයත් යා කෙරු ඔබට... අහිංසක වැඩ කරන නොකරන මහජනතාවගේ දුක් ගිනි නිමා කිරීමට ශක්තිය නොමදව ලැබේවායි මාගේ අපගේ පැතුමයි !

එදා මෙදා තුල අපගේද ....කාලය..ශ්‍රමය...වැය කර ඔබ කල මෙහෙයුම් සටන්, උද්ගෝෂණ,පාද යාත්‍රා රිය පෙරහර ගමන් මට අමතක නොවේ..එපමනක් නොව ජාති,ආගම්, කුල,මල,පාට,සලකුණු මා තැකුවේ නැත.වාසි වරප්‍රසාද ඉල්ලුවේ නැත. පොදුවේ අප රට ජාතිය ආගම වෙනුවෙන් අදද හෙටද දේශිය හෝ විදේශීය උදව් කිරීමට ඕනෑම මොහොතක අප සුදානමින් සිටිමු.මගේ මවුබිම වෙනුවෙන් ඔබගේ මුලිකත්වයෙන් කරන ඕනෑම කටයුතු වලදී ඉදිරියටත් මා නිබදව සිටිමි.

තෙරුවන් සරණයි !
ජය ශ්‍රී !

Saturday, September 28, 2019

රික්ෂෝ­කා­ර­යන් හොර­කම් කළ පෙට්ටියේ තිබූ බෝ පැළය පිට­කො­ටුවේ මහා බෝධිය වූ හැටි..............





පාන්දර එකට දෙකට කොළඹ පැමි­ණිය ද, මද්ද­හනේ පැමි­ණිය ද, පිට­කො­ටුව බෝධීන් වහන්සේ වන්දනා කර­න්නෙකු නොද­කින්ට ලැබු­ණොත් එය දුර්ලබ දෙයකි. රටේ කොයි කොනින් පැමි­ණිය ද බෝධින් වහන්සේ ඉදි­රියේ මොහො­ත­කට නතර වී දොහොත් මුදුන් දී වඳි­න්නෙක් දැකීම සාමාන්‍ය දසු­නකි. කාගේත් ජාති ආගම් කුල මල භේද­යෙන් තොරව කාගෙත් වන්ද­නා­මා­න­යට පාත්‍ර වූ පිට­කො­ටුවේ බෝධීන් වහ­න්සේට දිගු ඉති­හා­ස­යක් ඇත. මේ ඉති­හාස කතා දන්න අය අද වන විට හිඟය.

ඒ කාලේ කොළඹ කොටුවේ තැබෑ­රුම් දාහ­ත­රක් තිබුණා. රජ­යට ලොකු ආදා­ය­මක් ලැබුණේ මේ තැබෑ­රු­ම්ව­ලින්. ඒ කාලේ ඔය කොළඹ තිබුණේ වතු. සාංචි­ආ­රච්චි වත්ත, කෙසෙ­ල්වත්ත, පංචි­කා­වත්ත, බායිගේ වත්ත (දැන් මර­දාන කිය­න්නේ) යන වතු තිබුණේ.......

දැන් පිට­කො­ටුවේ බෝධීන් වහන්සේ තියෙන තැන එදා තිබුණේ ඇළක්. දැන් ඇළ ගොඩ­වෙලා ගිහිල්ලා......
ඒ....කාලේ පිට­කො­ටුව පොලිසිය තිබිලා තියෙන්නේ වේල්ල­විදීයේ. ඒ පොලි­සි­යෙන් තමයි පිට­කො­ටුවේ මහා බෝධිය බුද්ධ ප්‍රතිමාව හදලා තියෙන්නේ. යුනි­ව­ර්සල් හෝට­ල­යෙන් තමයි දෑග­සව් දෙනම හැදුවේ. ඇතුළේ තියෙන කත­ර­ගම දේවා­ලය හදලා තියෙන්නේ ලීලා ස්ටෝර්ස් අධි­ප­ති­තුමා. විෂ්ණු දේවා­ලය හදලා තියෙන්නේ වික්‍ර­ම­සිංහ මහ­ත්ත­යයි නෝනයි. ඔවුන්ට දරුවෝ හිටියේ නැහැ. ඒ නිසා එයා­ලගේ දේපළ අයි­ති­වුණා මහා­භා­ර­කාර මණ්ඩ­ල­යට. අදත් ඔවුන්ගේ දේප­ළ­වල මුදල් මේ සංග­ම­යට ලැබෙ­නවා. ගම්බාර දේවා­ලය හැදුවේ සී.ජේ ආරච්චි. පසු­කා­ලිනව රටේ නම්ද­රාපු බොහෝ ව්‍යාපා­රි­කයෝ පිට­කො­ටුවේ බිස්නස් කරපු අය.
අද බෝධින් වහන්සේ තියෙන තැන එදා තිබිලා තියෙන්නේ ඇළක්.

 මේ බෝධින් වහන්සේ ගෙනැල්ලා තියෙන්නේ අනු­රා­ධ­පු­ර­යෙන්. ඒ කාලේ අද වගේ බස් නැහැනේ. දකුණේ ඉඳලා අනු­රා­ධ­පුරේ වන්ද­නාවේ ගිය පිරි­සක් එන විට කාඩ්බෝඩ් පෙට්ටි­යක බෝ පැළ­යක් ගෙනැල්ලා. ඒ පිරිස කොටු­වට ඇවිත් තියෙන්නේ කෝච්චි­යෙන්. ඒ රෑ ඔවුන්ට තේ බොන්න කියලා තියෙන්නේ පුංචි ආප්ප කඩ­යක්.ඔවුන් තේ බොන්න ගිය අතරේ රික්සෝ­කා­රයෝ අර කාඩ් බෝඩ් පෙට්ටිය උස්සලා කැලේ හංගලා. අර මිනිස්සු ඒක හොයලා නැති තැන යන්න ගිහිල්ලා. කොහොම වුණත් රික්සෝ­කා­රයෝ පසුව පෙට්ටිය ඇරලා බැලු­වම එහි තිබිලා තියෙන්නේ බෝ පැළේ. ඔවුන් ඒක ඇළ ගාව හිට­වලා. කාල­යත් එක්ක බෝ පැළේ හැදිලා. ඒ වටේ රිස්සො­කා­රයෝ උණ බම්බු වැටක් ගහලා. ඔහොම ආව බොධීන් වහන්සේ තමයි දැන් රටේම ජන­තා­ව­ගෙන් පිදුම් ලබ­මින් වැඩ ඉන්නේ.

පිට­කො­ටුව බෝධී­රාජ සමි­ති­යෙන් ඇරඹි බත් දන්සල අද දක්වාම පැවැත්වේ. මෙය දින දෙකක් පුරා පැවැත් වෙන්නකි.

ඒ කාලේ පිට­කො­ටුවේ තොග බඩු ඒ කියන්නෙ සහල් කෙරුවේ වී.ටී.වී දේව­නා­ය­ගම් කියන මහ­ත්තයා.....
හැම­දාම බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා පූජා කරලා තියෙන මල­කුත් අර­ගෙන කනේ ගහ­ගෙන තමයි කඩේ වැඩ පටන් ගන්න යන්නේ. ඔහු දෙමළ වුණාට බෝධීන් වහන්සේ වන්දනා කර­නවා. හාල් මුට්ට එක­සිය දොළ­හක් දීලා තිබුණා. හාල් මුට්ට­යට හාල් සේරු අසූ­වක් තියෙ­නවා. පරිප්පු, ලූනු දුන්නේ ලීලා ස්ටෝර්ස් එකෙන්. එළ­වළු මැනිං මාර්කට් වෙළ­ඳු­න්ගෙන්. අද­ටත් පිට­කො­ටුවේ ව්‍යාපා­රි­ක­ය­න්ගෙන් තමයි දන්ස­ලට අනු­ග්‍ර­හය ලැබෙන්නේ.

ඒ කාලේ කෝකි­යාට දන්සලේ උයන්න රුපි­යල් 15000 ගෙව්වා. මේ දන්ස­ලට සහාය දක්වන්න කියලා යුද­හ­මු­දා­වට පොලි­සි­යට පවා ලියුම් ලිව්වා. දන්සලේ සෙනඟ බෝධිය ගාව ඉඳලා ගෑස්පහ ළඟට යන­තුරු හිටියා. නග­රා­ධි­පති ලෙස හිටිය ජබී­ර් කා­දර් මහ­ත්­තයා තමයි වතුර බවු­සර් දෙකක් දුන්නේ. බෞද්ධ අබෞද්ධ හැමෝම මෙයට සහාය වුණා.”

බෞද්ධ අබෞද්ධ හැමෝම එක්වී දන්සල පටන් ගත්තා......
තෙරුවන් සරණයි !
ජය ශ්‍රී !

Thursday, September 26, 2019

ඇලපාත මුදළි මං මදහාස නගන් ගජමන් නෝනා.....


ගජමන් නෝනා හෙවත් දෝන ඉසබෙලා පෙරුමාල් කොරණේලියා ගේ අවසන් කටයුතු කළ තැන සදහන් වසර 150ක් පැරණි ලිපියක් හමුවේ

ක්‍රි. ව. 1758 දී කොල්ලුපිටියේදී උපන් ගජමන් නෝනා හෙවත් දෝන ඉසබෙලා පෙරුමාල් කොරණේලියා 1814 දෙසැම්බර් මස 15 දින මියගොස් ඇත. ඇය වසර 56 ක් ආයු වළඳා ඇත. ඇගේ අවන්කටයුතු කළ තැන මෙතෙක් නිශ්චිතව තහවුරු කරගෙන නොතිබුණි නමුත් මා ජාතික කෞතුකාගාරයේ ඇති වසර 150ක් ඉපැරණි පොතක් පරික්ෂා කිරිමේ දි ඇගේ අවසන් කටයුතු මාතර එකළ සිටි මුදලිවරුන්ගේ අනුග්‍රහයෙන් කළ ස්ථානය සදහන් ලිපියක් සහ සොහොන්කළ තැන සදහන් ලිපියක් කියවිමට ලැබිණි. එහි ස්කෑන් කළ පිටපත ඉදිරියට මා ඉදිරිපත් කරමි.

මාතර දීප්තිමත් කිවිඳිය ‘ගජමන් නෝනා’ දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා මියගොස් වසර 204 යි

ක්‍රි. ව. 1758 දී කොල්ලුපිටියේදී උපන් ගජමන් නෝනා හෙවත් දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා මූලික අධ්‍යාපනය ලැබුවේ මාපියන් වෙතින් හා මිලාගිරිය පාසලෙනි. ඇයට දසමස් වියේදී එනම් 1759-7-30 දින බව්තිස්ම ලබා ඇති බව මිලාගිරිය තෝම්බුව අනුව පෙනී යන බව මහාචාර්ය බන්දුසේන ගුණසේකර මහතා පෙන්වා දෙයි.

ඇයගේ පියා වූයේ විරතාමුල්ල ගමගේ දොන් ප්‍රැන්සිස්කු සේනාරත්න කුමාරප්පෙරුමාල් ගජමන්ආරච්චි ය. 1737 බටහිර ගිරුවාපත්තුවේ බෙලිඅත්ත කහවත්තේ උපන් ගජමන්ආරච්චි උගතෙකි. දොන් සයිමන් විජේවර්ධන රණසිංහ තෙන්නකෝන් මුදලිගේ ලියනඅප්පු ලෙස සෙවය කරන ලදී. ඔහු කොළඹ ආණ්ඩුකාරවරයා වෙත හඳුන්වා දීමෙන් පසු ගජමන්ආරච්චි වසම හා කහවත්ත තෝම්බුව භාර වසම පවරා ඇත. විසිවන වියේදී කොල්ලුපිටිය මිලාගිරිය පල්ලියේදී බව්තිස්ම ලබා 1758-2-5 දින එම පල්ලියේ පාසලේ ප්‍රධාන ගුරුවරයාගේ එනම් ජසෙන්තු ග්‍රෙරුගේ දියණියක වූ ප්‍රැන්සිනා ග්‍රේරු හෙවත් නෝනා බබා හා විවාහ වී ඇත. විවාහයෙන් පසු කොළඹ කොල්ලුපිටියේ විසූ මොවුන් පසුව කහවත්තේ ද, පසුව මාතර වේරගම්පිට ද දරුවන් සමඟ විසීය. 1801-3-12 දින වීරකැටිය කහගල් විහාරය අසලදී ඇ‍ෙතකු විසින් දෙන ලද පහරදීමකින් මිය ගියේය. පියාගේ මරණය ගැන ගජමන් නෝනා ලියන ලද කවියකි.

සුපසන් ගුණ නුවණ දිලුම මහ

ගජමන් යන නම පැවතුම් කළ

මදුවන් යුග සදිසි ම පිය තනි මඟකට පැමිණිලා

ගජමන් යුවළට දරුවන් තිදෙනෙක් වූහ. වැඩිමලා ගජමන් නෝනා, දෙවැන්නා දොන් ලුවිස් සේනාරත්න පෙරුමාල් විජයරාම කුමාරසිංහ ගජමන් මොහන්දිරම්. ගජමන් යුවළගේ බාලයා වූයේ දොන් අර්නෝලියා පෙරුමාල් ය.

වැඩිමලා වූ ගජමන් නෝනා භාෂා ශාස්ත්‍රය පිළිබඳ වැඩිපුර අධ්‍යාපනය ලබා ගත්තේ සිය මාමා කෙනෙකු වූ පාත්තායමේ ලේකම්ගෙන් හා වේරගම්පිට සිය නිවෙස ඉදිරිපිට පන්සලේ කරතොට ධම්මාරාම හිමියන් ගෙනි. භික්ෂූන් වෙතින් කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමට වරම් නොමැති අවදියක ගජමන් නෝනා පිරිමි වෙස්ගෙන හිමි වෙත ගොස් කාව්‍ය ශාස්ත්‍ර උගත් යැයි කතාවකි. සිටිනාමළුවේ ධම්මජෝති හිමි වෙතින් ද මැය ශිල්ප හදාරා ඇත. සහජ කවීත්වයක් හිමි ගජමන් නෝනා කාගේත් ආදරයට පාත්‍ර වූ‍ෙවකි.

සිය කුඩා කළ තම පත්තායමේ මාමා විසින් කරන ලද විහිළුවකට

ඇය විසින් කියන ලද කවියකි.

පුංචි රුවන් පුංචි රුවන් පුංචි කලේ

වතුර අරන් ළිඳ උඩ තැබුවාය කලේ

අට පහ නොදන්නා ජඩ‍යකි මේක කලේ

ගෙදර යන්න දෙනවද මගේ පුංචි කලේ

ලන්සි පන්නයට සිය මව වූ නෝනබබා මෙන් ඇඳුම් ඇඳි ඇයට පළමුව මාතර මිනිසුන් ගජමන් නෝනා යනුවෙන් ආමන්ත්‍රණය කරන ලද්දේ ඇගේ මවටයි. කවිකාරියක් වූ කොර්නේලියා වියපත්ව ප්‍රසිද්ධ වෙත්ම ඇයට ගජමන් ‍නෝනා ලෙස හඳුන්වන්ට පටන් ගත් අතර ඇගේ මවට මාතර වැසියන් මහ ගජමන් නෝනා ලෙස හඳුන්වන්න පටන් ගත්තේය.

පියාගේ මරණින් පසු මහ ගජමන් නෝනා කොරනේලියා ගාල්ලේ ගාර්දියේ ආරච්චි කෙනකුට කසාද බන්දවා දී ඇත. එක් දරුවකු ලැබූ පසු ඇගේ සැමියා මියගොස් ඇත. ඉන්පසු මාතර උයන්වත්තේ දොන් හෙන්ද්‍රික් සිරිවර්ධන විජය විමලසේකර මුහන්දිරම්ට කසාද බැඳ දී තිබේ. එම විවාහයෙන් දරු තුන්දෙනෙක් උපන්නේය.

‍මෙසේ ඇගේ කලින් විවාහයේ දරුවා සමඟ උපන් දරුවන් සතරදෙනාගේ නම්, පළමු විවාහයෙන් ජුවානිස් අප්පු, දෙවන විවාහයෙන් ගිරිගෝරිස්, දාවිත්, දොන්දියස්, නොහොත් බබා ගුරුන්නාන්සේය. මොවුන් අතරින් දෙදෙනකු කොළඹ කොල්ලුපිටියේ පාසලක ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින විට රෝගයක් වැළඳී මියගොස් ඇත. තවත් පුතකු මහණ වී සිට අපවත් විය. සියල්ලන්ගෙන් බාලයා වූ විජය විමලසිරිවර්ධන මුහන්දිරම් දොන් දියස් පෙරුමාල් මාතර ප්‍රදේශයේ ජීවත්විය. ඔහු ද මව මෙන් කවි කීමේ ලිවීමේ දක්ෂයෙකි.

දොන් දියස් පෙරුමාල් තුඩාවේ මලවලආරච්චිගේ දුවණියක හා කසාද බැඳ දරු දෙදෙනකු උපන් පසු ඔහුගේ බිරිය ද මිය ගියේය. ඉන්පසු ඇගේ නැගණිය සමඟ විවාහ වූ ඔහුට ඇගෙන් පිරිමි දරුවකු ලැබීය. ඉන්පසු ඈ ද මියගොස් ඇත. ඔහුගේ පළමු කසාදයේ දියණියන් දෙදෙනකුගේ දියණියක් පැලෑනේ ලියනආරච්චිවරයකු හා කසාද බැඳ දී ඇත.

එම දියණියට දරුවන් හයදෙනකු ලැබ ඇත. ගජමන් නෝනාගේ අනිත් මිණිපිරිය වේරගම්පිට දොන් දියස් පෙරුමාල්ගේ ඥාති සහෝදරියකගේ පුත්‍රයකුට කසාද බැඳ දී ඇත. දොන් දියොස් පෙරුමාල්ගේ (ගජමන් නෝනාගේ බාලම පුතා) බෑනා පණ්ඩිත ගුණවර්ධන මුහන්දිරම් මහතා හෙවත් තුඩාවේ ගුරුන්නා‍න්සේ මහතාය. මොහු 1860 වකවානුවේ සිටි පණ්ඩිතයෙකි.

ගජමන් නෝනා හෙවත් දෝන ඉසබෙලා පෙරුමාල් කොරණේලියා 1814 දෙසැම්බර් මස 15 දින මියගොස් ඇත. ඇය වසර 56 ක් ආයු වළඳා ඇත. ඇගේ අවසන් කාලය ඉතා දුක් කම්කටොලුවලින් පිරී තිබූ එකකි. විවිධ පුද්ගලයන්ට කවි ලියමින් තම ජීවිකාව ගෙන ගිය ඇය මාතර එකල සිටි දිසාපති වූ ඩොයිලි වෙත ලියන ලද කවි ඉල්ලීම නිසා ඇය වෙත “නෝනාගම” නමින් අද හඳුන්වන එකල පලතුරු වත්තක් අම්බලන්තොටට නුදුරුව ලබා දී ඇත.

1915 වන විට ගජමන් නෝනාගේ මුණුබුරකු වන විජය විමල සිරිවර්ධන මුහන්දිරම් අප්පු සිංඤ්ඤෝ උපාසක රාල නමින් ද පොරවකආරච්චි මහතාගේ මුණුබුරකු පරණ අබේසිංහ ලියනආරච්චිගෙයි දොන් බාරොන් ද සිල්වා යන නමින් මාතර ජීවත් වී ඇත.

මා මාතර සිට ගජමන් නෝනා ජීවත්වූ නිවෙස වෙත ගිය අතර එය දැනට මාතර නගර සභාව භාරයේ ඇත. මාතර ගබඩා වීදියේ පිහිටි ලන්දේසි සමයේ සිට පැවත එන (කැරකෝප්පුව) සුසාන භූමිය මාතර පුරපති හඳුන්ගේ මහතාගේ අවසරය පරිදි වසර 45 පමණ එහි සේවය කළ සුසාන භූමි සේවකයකු සමග පරීක්ෂා කිරීමේදී ගජමන් නෝනාගේ මිනිබිරියකුගේ සොහොන් කොතක් හමුවිය.

වයස 90 ක් පමණ වන මාතර උයන්වත්ත ප්‍රදේශයේ වයෝවෘද්ධ මහතකු දෙන ලද තොරතුරක් අනුව ගජමන් නෝනාගේ සොහොන් කොත මාතර සුසාන භූමියේ ක්‍රිස්තියානි අය මිහිදන් කරන ප්‍රදේශයේ ඇති බවත්, තමා තරුණ කාලයේ ගජමන් පරපුරේ අය එම ස්ථානයේ ගජමන් නෝනා සිහිකිරීමේ කටයුත්තක් කළ බවත් පැවසීය. නමුත් ඉතා පැරණි සොහොන් කොත් දිය සෙවළ බැඳී අවර්ණ වී ශක්තිමත් නොවීම නිසා දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියාගේ වසර 200 ක් පමණ පැරණි ඒ සොහොන මා හට සොයාගැනීමට නොහැකි විය.

ගජමන් නෝනා විසින් රචිත පද්‍ය

i. දෙනිපිටිය නුගරුක වැනුම

ii. පියා මරණය පිළිබඳ ශෝකාලාපය

iii. ඇලපාත මුදලි හා හුවමාරු කවි

iv. වෙනත් සමකාලීන උගතුන්ට ලියූ කවි

v. චතුරශ්‍ර ජාලම, ශඩරචක්‍ර බන්ධන දුෂ්කර බන්ධ

vi. ජනකවි සම්ප්‍රදායේ රචනා

vii. තිලකරත්න දිසානායක මුදලිට සෙත්පතා ලියූ කවි

viii. තිලකරත්න මුදලිට සෙත් පැතූ දුෂ්කර බන්ධනය

ix. තිලකරත්න ළමාතැනී කළ පින්කම් වරුණ

x. සමරසේකර ගුණවර්ධන ගජනායක නිලමේගේ මරණය පිළිබඳ කවි

xi. සේවි වික්‍රමාරච්චිට සෙත්පතා ලියූ කවි

xii. තිලකරත්න මුදලිගෙන් පිහිට පතා ලියූ කවි

xiii. සහබන්දු මුදලිගෙන් ආධාර පතා ලියූ කවි

xiv. ජෝන් ඩොයිලි දිසාපතිට ආධාර පතා ලියූ කවි

xv. විවිධ අවස්ථාවන්හි කියූ කවි

xvi. දැඩිතර සෝක මාලය ඇය විසින් ලියා ඇති දීර්ඝතම කවි පොතයි.

ඇලපාත මුදලි හා කවි සංවාදයක්

ඇලපාත මුදලි

පාලා සරඹ ජය කොඩි බඳිති සැම දෙනේ

සීලාචාර‍ සේ කම් පාන අට ගුනේ

බාලා අඟනුන්ගෙ තව් කපන තොරපනේ

ගාලා කොතැන මුවහත් කරම් ද නෝනේ

ගජමන් නෝනා

පසන් නැණ ගුණැති හිමි සදිනි සසො බනේ

පසන් පිරිමින්ගේ ඔද බඳින ජල මනේ

වසන් කර තිබෙන මගෙ පළිඟු ගල් වනේ

නිකන් ගා දිනන්නට නොදෙමි තොර පනේ

ඇලපාත මුදලි

රුති රති ලද ලියෙහි අප අසන පැනකිය

නැතිවිය බාල කාලේ සිට රති ‍ කෙළිය

ඇතිවිය දැන් මෙමට සිල් රැකපු අවදිය

රති සැප විඳින හැටි මට කියව ලද ලිය

ගජමන් නෝනා

වහා තිබූ සළුව උනමින් කර අහකා

රහා ලෙස අමුතු බොජුනක් බුදින ලකා

පගා නොව හඬන කොවුළිඳු හඬ වලකා

කහ කොටන වැනි ඉඳගෙන මිරිස් කකා

ඇලපාත මුදලි

රූබර දිගැසියන් වෙල් මැදට බසිමිනේ

ආදරයෙන් කරල් මිටි රැගෙන යන තැනේ

වා සරයෙන් ඉන ඇඳි වත ඉවත් වුනේ

වාහර මුව සෙ නැබ මුල සුරති ගති පෙනේ

ගජමන් නෝනා

කේසර එන්ට පෙරතුරු ගජකුගෙ දැක්සේ

වේ සර හට වුවොත් කුරුලුට වෙයි දුක් සේ

ඒ සැර ලියෝ ඇසුවොත් මේ වග දක්සේ

වානර මුව උලති හම යනකන් ‍හොස්සේ


නන්නාත්තර ජීවිතයෙන් බිඳක්...
උපුටා ගැනීම සහ තොරතුරැ නන්දික බැද්දේගම ගෙනි.

Sunday, September 22, 2019

දුක් දොම්නස් නැති කරන ප්‍රාර්ථනා ඉටු කරන දෙව් මැදුර...





කොළඹ කොච්චිකඩේ පල්ලියේ පෙනෙන දුර ජම්පටා වීදියෙ උපන් මගේ අම්මා පොඩි කාලේ මගේ සීයාගේ සුලඟිල්ලේ එල්ලී සතියකට වරක් වත් සාන්ත අන්තෝනි මුනිඳුන් දේවස්ථානය වැඳ පුදා ගැනීමට නිතරම ගෞරවාන්විතව ගිය බව මා හට පැවසූ වාර අනන්තය.

මාද බහ තෝරන වියේ සිට මගේ අම්මා ගේ සාරිපොටේ එල්ලී ඇය සමග යමින් පල්ලියේ මහ වීදිය අවට ජීවත් වන නෑදෑයෝ හිතවත්තු සමග දුක සැප අසා මුනිදුට ද පඬුරු දමා හිස නමා යාච්ඤා කළ හැටි මට සිහිවේ. පසුව තරුණයකු වූ මම රස්සාවක් නැති ව රස්තියාදු ගසා ඉබාගාතේ යමින් එමින් සිටි අවධියේත් , රස්සාවක් කර යමක් කමක් තිබූ අවධියෙත් ගෙදරදි අම්මා පවසනුයෙ.....


"ලොකු පුතේ..

කොච්චිකඩේ පල්ලියට ගිහිල්ලා ඉටිපන්දමක් පත්තු කරලා මට බූන්දි, ඉඟුරු දෝසි, මූරුක්කූ මුලකුත් පිච්ච මල් විකුණන චෙල්ලයියා ගෙ කඩෙන් අරං වරෙන් කියලා ය."

කැලණි විහාරයට, ශ්‍රී මහබෝධියට, කතරගම දේවාලයට, බෙල්ලන්විල ගංගාරාම පන්සල්, අයියනායක දේවාලයට, දෙවටගහ පල්ලියට, ශ්‍රී පාදයට, රුවන්වැලිසෑයට, කලුතර බෝධියට, සීනිගම දේවාලයට, අපේ ගමේ උස්ගල පන්සලට,වැල්ලවත්ත මාතලේ නාගදීප මොදර කෝවිල් වලට ද බෞද්ධයකු වූ මා වරක් දෙවරක් නොව, ලංකාව වටේ රස්තියාදු ගසන යමින් එමින් නිදහස ඇති සෑම වෙලාවකම පයින් බයිසිකල් වල මෝටර් සයිකල් වල බස් වල එල්ලී නඩ පිටින් පඬුරු දමා මල් පළතුරු දැහැත් වට්ටි දෝතින් තියා වැඳ පුදා සිහිනටත් එහා ගිය අතීතය මට සිහිවේ............

එදා වගේම හෙටත්.....

කොස් ගස් හන්දියෙන් බසයක නැගී තෙරපි දුවිලි කාගෙන දුවන බසයෙන් තාලයට පැන ගෑස්පහ හන්දියේ පොල් තෙල් ගුදම් අතරින් පුන්නක්කු සුවදින් රත්තරන් පිරුණු හෙට්ටිවීදියෙන් තෝඩු මාල දැක බඩගින්නට කෙහෙල් කොලේ පසාරු කරගෙන යන උණුසුම් සාම්බාරු පරිප්පු මුරුංගා වම්බටු ගොඩ හොද්දත් තෝසයක් දෙකක් ගිල දමා රසම් හොද්දත් බි

මුත්තුසාමිගේ මල් කඩෙන් කෙහෙල් පට්ටෙන් ඈමුණු පිච්ච මල් මාලයක් වගේම පල්ලිය ඉදිරිපිට අසරන මිනිසුන් විකුණන ඉටිපන්දම්ද මිලදීගෙන පල්ලිය තුළට ඇතුල් වී මාල දමා පහන් පත්තු කර සිතට ගතට දැනෙන වේදනා යටපත් කර ගෙන ප්‍රාර්ථනා යදින්න ඇත්නම් කොතරම් මා සතුටුවෙයිද.....

සාන්ත අන්තෝනි පියතුමනි ඔබ ජීවමානයි !
සැ.යු.මෙහි සියලුම පින්තුර මුස්ලිම් අන්තවාදීන් එල්ල කර ප්‍රහාරට කලින් ගත් පැරණි දේවස්ථානයේ අයිතිහාසික පින්තුර වේ.

Saturday, September 21, 2019

අහෝ සංහිඳියාව...

                             කාගෙත් කඳුල දැකපු "එල පවුසි"




60 දශකයේ මැද කොලොඹ "යට කල මහ වගුරු බිමේ " ජීවත්වන නාගරික සාමාන්‍ය‍ය ජනතාවට දිනපතා වෛද්‍ය සායනයක් සමග නොමිළේ අවශ්‍ය බෙහෙත් හේත් දීම සදහා අලුතින් ඉදිකරන මැද කොළඹ මාලිගාවත්තේ බොදීරාජරාම මාවතෙ පිහිටි අප නිවසට යාබද නව දෙමහල් නගර සභාවේ ඩිස්පැන්සරියට සුබ මොහොතින් විවෘත කරන අවස්ථාවේ, එදා කොලොබ නගර සභාවේ නාගරික මන්ත්‍ර වූ එච් එම් පවුසි මහතාගේ දෑතට මල් පොකුරක් දී පිළිගත්තේ සුමනපාල සහෝදරයාය.

එදා සෝවියට් දේශයේ සමාජ පෙරළියක් වූ රුසියන් බසින් ලියවුනු ලෝක ප්‍රසිද්ධ "අම්මා" නවකතාව ඇතුළු පොත්පත් සිය ගණනක් සිංහලයට පරිවර්තනය කළ දැදිගම වී රුද්‍රිගු සහෝදරයාගේ හොඳම මිතුරෙක් සිටි ඔහු මගේ ආදරණීය සීයාය. ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, පීටර් කෙනමන් මහත්තුරු සමග ළගින් ඇසුරු කරමින්ය. එදා සමසමාජ පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරියෙකු වූ මගේ සීයා අලුත්කඩේ මුද්‍රණයනාලයක් හිමි සමාජ සේවකයකු හා සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ තනතුරක් දරු වි.කෝ.‍මු. සුමනපාල නම් විය.

එපමණක් නොව ඒ හා සමාන අදහස් දැරූ අප පවුලේද කිට්ටුම හිතවතකු වූ පවුසි මහතාගේද ළඟම හිතවතෙකි. එදා ඔහු මගේ සීයා සමග ගත් චායාරුවක් මැතක් වන තුර අපේ නිවසේ පරණ කබඩ් එකේ අලවා තිබුනේය. සීයා මිය යනතුරුම ඔහු සමග ඉතා කුළුපගව ඇසුරු කරමින් ජාති ආගම් කුල භේදයෙන් තොරව සෙල්ල සාමිට,සෝමේ අයියට, අම්බි නානට, ගෙලේන් නැන්දට මෙකී නොකී මහජනයාට පොදුවේ උදව් පදව් කළේ අද මෙන් තම වාසි තකා නොවේ.

පසු කාලයේදී 80 දසකයෙ සිට ප්‍රබල සමාජ සෙවිකාවක් වූ මගේ මව් සමග මැද කොළඹ හා දිවයින පුරා සමාජ සේවය සඳහා පවුසි මහතා ඉවක් බවක් නැතුව බොහෝ ආධාර උපකාර කටයුතු කළහ. අප බෝධිරාජාරාම , ඛෙත්තාරාම විහාරස්ථාන වලට, නාග කෝවිලට, ජුම්මා මස්ජිඩ් පල්ලියට නිතර ඔහු පැමිණ ගියහ.
කෙදිනකවත් අප ඔහු සොයා ගියේ නැත. ඔහු අපව සොයා පැමිණියේය.
නමුත්...

දේශපාලන ගැන මෙලෝ දෙයක් නොදාත් මා එදා වගේම අදත් හෙටත් ඔහු පට්ට සමාජ සේවකයකු නිසා දකින්න අසන්න හමුවෙන්න මා කැමති එදා හිටිය "එල පව් සිය"...නානාය.

(පරණ පොටෝ එකක් වුණත් එය මට වටින්නේය. මාලිගාවත්තේ මා ඔහුගේ ඉදිරිපිටදී ඇසූ පොදු ප්‍රශ්නයකදී.., උත්තරයට පිළිතුරක් එනතුරු මෙම පින්තූරයේ ඔහු දුරකථනය අමතා කතා කරන්නේ එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය වෙතටයි.- 2002 බක්මහේ)

Friday, September 20, 2019

කාලා වරෙන්කෝ බූට් ...


'' එක සැරයක් හෝ බූට් එකක් කාලා තියනවා නම් ඒ හැගීම් මතකයන් මත සිරාවටම ලියන්න ගයන්න වයන්න පහසුයි "

රුපවාහිනී වැඩ සටහනකදී එදා එසෙ කිවේ ආචාර්ය අජන්තා රණසිංහයන්ය.

වස විස පොදක් කටට හලා නහයට උරා ඇගට දාගත්තම ගිටාර්යකින්, මෙස තට්ටුවකින්, වළලු දාපු අතකින් ඇසෙන හඩට...

මේ ගීත රටාවෙන් පිට පැනලා හෝ තැන නොතෙන නොහිතා, නොබලා, අමුවෙන්න හෝ නොගයා ඉන්න පුලුවන්ද අපට...

ඇහැල මලින් බරවූ ගස් යට, බක් මී මල් සුවඳ හමන, කජු පිච්චෙන පුලුටු හමන කාලයට රංහොටි අයියා සමග අජන්තා රණසිංහයන් කදේ දාගෙන මූහුණනට මූලචිචි වූ ඒ අතීතය ගමෙ හන්දියේ කොට්ටම්බා ගහ සෙවනේ අංගෝ නැන්දගේ බුලත් කඩේ පිලේ විදපු කාලේ මාගේ සුන්දරය...
අපේ ගමට නූදූරු තලමිමැහර සූන්දර ගමේ ජිවත්වූ අජන්තා රණසිංහයන් තම ජිවිතෙ ගමේ අත් ව්දපු සූන්දර මතකයන් තම තෙලි තුඩින් ලියා දුන් ඒ පද වැල්ගොතා අමුණා...

මෙම ගීතයේ ඒ සුන්දර ආදර වදන් පද වැල් නලවා නටවා මිහිරෙන් තම ඇගිලි තුඩු වලින් සැක්ෂීපොනයෙන් වාදනය කර ස්ටැන්ලි පීරිස් නම් මැයුම් වැයූම් නිමැවුම් ශිල්පියාගේ ඒ නාද රටා සමග ...

ආදරයේ සුන්දර හදවත් නළවාලු... එදා අපේ යෞවනයේ ආකර්ශනීය ප්‍රේමාවිත ගී හඬින් ආදරයේ විරහ වේදනාවෙන් කම්පිත දුක්‌බර හදවත් සනසවමින් ගී ගැයූ ඒ මිල්ටන් මල්ලවාරච්චි ගායකයානන්ගෙ.......

හඩද, නාද මාලාවන්ද, පද වැල්ද අප හදවත් තුල සදා අමරණීයයි !!!

(කම්බි තද කරමින් තට්ටු දමන්නේ නීල් අයියාගේ sunflower original ජැන්සියයි)

https://www.youtube.com/channel/UC0mtwvNfsiuxMO5bWDViUXQ/videos