Monday, October 14, 2019

ගජමැන් නොහොත් මේරයාට සෙම හලපු අපේ ගෝඩ්ඩ්න් අයියා....







එදා රජ දවසේ සිගිරිය ගලේ ඇදී..ඉසුරුමුණියෙ නෙලූ..කැළණි විහාරයේ ඇදුන සිතුවම් අප සදා මතකයේ රැදෙන්නේ අපේ උරුමයත් සමගය........මෙදා අපේ පත්තර කලාවේ නිහඩව හාස්‍ය උපද්දන විකට කාටුන්ද මා සිත් ගත් සිතුවම් වගේම අද සමාජයේ අසාධාරණය අඩුපාඩු පොදුවේ පෙන්නා ලොක්කන්ගේ සහ සොක්කන්ගේ රෙදි ගලවන්නේ එම ශිල්පින්ගේ වෙඩි බෙහෙත් තැවරුනු තිත්ත හා ඇබුල් තීන්ත තුලිනි. එදා පත්තර පිටු අතර සිටි චරිත අතර ටික්කා සමග ලපයාද, සිරිබ්රිස් සමග දොන් සේතන්ද, සුවීට් සමග මිස්ට ලව්රිස්ද, ගොඩ්ඩ්න් අයියා සමග මේරායද, බෝලය සමග සෙල්ලන් සේනද, දෑක්කොත් පත්මාවති සමග චුටිද අප හිත් තුල සතිපතා අලුත්වූයේය. මගොඩ්ස්තුමාගේ සරම ඔලුවෙන් ගලවා ලෑජජා නහර කපා දිවන්න්නාවේ පිහිනීමට නොදී තටු කපපු කඩුව සේ නොවේලන පන්හිද තුලින් සිත්තම් කල එඩිතර චරිතය මැවූවේ ගජමැන් නමින්ය. මීගමුවේ සිට උදයෙ කාර්යාලය දුම්රියෙන් පැද්දී පැද්දී වාද විවාද,ඕපා දුප මැද කොලබ සේවයට යන එන ගමන් උපහාසාත්මක විකට කාටුන්හා අවකැපෙන කතා නිර්මාණය කලේ කැමිල්ස් පෙරේරා නම් අප ආදරය කල විකට කාටුන් රසවතාය.

මිස්ට ලව්රිස් බස් හෝල්ට් වල ගෝල්ඩ් ලිෆ් බිබි පෙම් රැගුම් කල හැටිත්..ගෝඩ්ඩ්න් අයියා මේරයාට සේම හලපු හැට්ත්..සිමොනා ඇන්ටිගේ අතේ තිබෙන කොස්ස ඇසට ටච් වූ සැනින් බෝතලේ ඉනේ හංගා කතා කරන දොන් සෙතනුත්..චුට් සමග තනියට යන විල්ල පෙන්නා යට කයට ඇස් යන මිනි ගවූම් අදින දැක්කොත් පද්මාවතිගේ සෙක්සි ගමනත්..පාරෙන් තොටෙන් කඩපිලෙන් වැඩපලින් දැකුනු ඇසුණු අත් දැකීම් තුලින් බිහිවුණු කතා බහට ලක්වූ චරිත විය හැකිය.

සාමාන්‍ය පවුලකින් දිවියක් ගෙවා කොචිච්යෙන් වැඩට ගිය ඔහු තම අතින් සැරවැඩි වෙඩි පහරක්සේ ඇදුනු විකට කාටුනයක් නිසා එක් රැයෙන් ලේක්හවුසියෙන් ගෙදර ගියේ නොවේලෙන පන්හිද පමණක් අතේ වකුටු කර ගෙනය.මා පාසල් යන කාලයේ සතිපතා නිකුත් වන සතර පත්ත‍රය ගන්න තාත්තා සල්ලි දුන්නත් ඉට කලින් වත්තේ පොල් ගෙඩියක් හෝ කජු විකුණා සිත්තර චිත්‍ර කතා පත්ත‍රය ගත් අතීතය අමතක නොවේ.එහි මැද පිටුවේ ගජමැන් බලන්නේ කොල්ලෝ අපි ඉවසුම් නැතුව පිටු ඉරා ගෙනය.නගරයේද,ගමේද,පන්තියේද එදා ගජමැන් කෙනෙක් අපටද සිටියේය. ඔහු හරියට අම්මා සදා දෙන බත් සමග කිරි හොදි දමා මැටි කෝප්පයට බැදපු කුණු කොරල කැල්ල පස්සේ අතින් දෙන මොහෙතේ එන සිනා රැල්ලත් කෑමට කලින් දිවට දැනුණු රසයත් වගේය.
මගේ ජිවිතේ දෙතුන් වතාවක් හමු වී ඇති අසම සම මේ සිත්තරා සොදුරු මහත්මා ගති මිනිසෙකි,. නමුත්.. කොචිචියෙන් පැද්දී ගැස්සි විකට කාටුන් අදිමින් යමින් මඩු පල්ලි ගියේ සිත්තර පත්‍රයෙ බාරයක් ඔප්පු කරන්නටය. එහි ගිහින් වන්දනා කර එන අතරේ මගදී රුපියල් 5000 ක් ගෙවා එදා පොක්ස්වැගන් රථයක් මිලට ගත්තෙය. අද ඔහුට ලෝකයේ වටිනාම රථයක් හිමි හා කොලොබ හතේ ජීවත් වෙමින් තම නිවසේ සිට නිදහස් චතුරශ්‍රයේ පයින් ඇවිද මින් ප්‍රභූන් යයි කියන සිතන සමාජයෙ පිරිස් සමග ඇගේ හැපෙමින් දිවිය හැක.අද පරිඟණක මගින් කාටුන් ඇද වයිබර් තාක්ෂණය ඔස්සේ තත්පර ගානකින් අපට බැලිමට එවිය හැක.

නමුත් මවුස් එක යටපත්ය ඔහුගේ ඒ පින්සලට තෙලිතුඩට. ශ්‍රී ලංකා
දුපතේ වැඩ කරන නොකරන අසරණ මිනිසුන්ට බොරු කියා ගොනාට අන්දවා බොහෝ දෙනෙක් තම පැවැත්ම පමණක් සදහා කතිරය ගසා පොරොන්දු කඩ කර මහජන මුදල් අපතේ සුද්ද කරන තම මඩිය තර කර ගන්නා මගෝඩිස්තුමාගේ බඩ ගිය සරම අබුඩයද සමග ඔලුවෙන් ගලවා..ලෑජජා නහරය කපන්නට ඉදිරියටත් තෙලිතුඩ මුවහත් වේවායි මාගේ පැතුමයි !

7 comments:

  1. සෙල්ලම් සේන.. ටික්කා..මගෝඩොස්තුමා..දෑක්කොත් පද්මාවති..සිරිබිරිස්..ලපයා..චුටි..තෙපානිස්..ස්විටි..මිස්ට ලවුරිස්..පැටෝ ගිරවා..එදා මේ චරිත අපේ ජිවිතේ සමාජේ හා බැදුණු හැටි මට අමතක නොවේ..බස් හෝල්ට් වල සෙම හලපු ගොඩිඩින් අයියලා, ලව්රිස්ලා ..අද එස් එම් එස් නැතුව වේලෙන චරිත වගේද...

    ReplyDelete
  2. ඉස්සර පත්තරයක් ආවා අවුරුදුකාලේට විතරක් ගජමෑන් කියලා. එකේ ඔය ඔක්කෝම චරිතවලින් විහිලු කතා කාටුන් තිබුණා.

    ReplyDelete
    Replies
    1. පත්‍රය පිටු කඩා ගෙන බැලුවේ....

      Delete
  3. මචං ඔය පසුබිමේ තියෙන පින්තුරේ(Background Picture)එක්ක අකුරු පෙන්නේ නෑ. තීම් එක(Theme)හරි පසුබිම් පින්තූරේ හරි වෙනස් කරන්න.

    ReplyDelete
  4. වසර තුන හතරකට පෙර පොත් කඩයක තිබී දැක ැමිලස්ගේ චිත්‍ර කතා එකතු කර මුද්‍රණය කර පොත් කිහිපයක් මිලට ගන්නට ලැබුණා.

    ReplyDelete

හිතෙන දේවල් මතක දේවල් කියලා යනඑක හයියක්