Sunday, October 13, 2019

ජීවිතේ අඩ සියවසක මතයකය...



යට කල මහ වගුරැ බිමක් තිබුණු එදා
බෝගස මැදි කර ගඩොලක් බැදුණු එදා
පියදාස බාලචන්ද්‍ර ඒබ්‍රහම් පඩුරු දැම්මා එදා
පන්සල පාළුයි ඔබ සැම නැතුව මෙදා...

මැද කොලොබ මාලිගාවත්තේ බෝදිරාජරාම මාවතේ හි බෝදිරාජරාම විහාරස්ථානයේ හැටේ දසකයේඅග බාගයේදී සැදෑහැ සිතින් අවට විසු සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ,කාපෙරි ජනයා හා සාසනයට පුජා කල විහාර මන්දිරය හා දේවාලය ඉදිරිපිටදී, එදින ගන්නා ලද දායක සහාවේ සමුහ චායා රුපයයි මේ.
 විහාරස්තානාදීපති, පුජ්‍ය වලල්ලාවිට සද්දානන්ද ලොකු හාමුදුරැවෝ සහ දායක සභාවේ හා අසල්වැසි අයවන දාවිත් සින්නෝ ගමේ පෙට්ටි කඩේ මුදලාලි, මැනින් මාර්කට් බක්කි කඩයක් කල විල්බට් සියා,රබර් දර මඩුවක් කල ඒබ්‍රහම් අතා,රේස් බුකියක් හා තයිලන් කාමරයක් හිමි පියදාස මාමා, නමගිය බොදු වෙසක් කාඩ් අච්චු ගැසූ සුජිකලා බාලචන්දර්න් දෙමළ මුදලාලි,ඩාර්ලි පාරේ හන්ටර් සයිකල් සමාගමේ බෙනට් මාමා, ඉගුරු කඩේ ආරි අයියාගේ තාත්තා, කඩයප්පන් හදා විකුණා ජිවත් වූ පසුව පොහොසත්වූ එන්ගල්තිනා නැන්ද, නගරේ කිරවිට විකුණු වට්ටි අම්මා උපාසක ලීලාවතී ආචිචි, මා හිතවත් ඉන්දිකගේ සියාවූ හාබර් එකේ සේවය කල රෝබෝසින්නෝ සීයාද සිටි.

එදා කොලොබ පිටකොටුව ඩයස් ප්‍රදෙසේ අද සුචරිතය මන්දිරය තනා ඇති බිමෙහි ලොව අංක එකේ මුද්‍රණ මැෂින් තැනු ජර්මනනියේ නිෂ්පාදීත හයිඩිල්බර්ග් මුද්‍රණ යන්ත්‍රනාලයක් සතුව තිබු හා එයට යාබද කීර්තිමත් සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ අනුග්‍රහයෙකු හා ප්‍රබල සාමාජිකයෙකු වූ ඩබ්ලිව්.කේ.ඇම්. සුමනපාල වීරසිංහ වන මාගේ ආදර සීයාගේ අතේ එල්ලී උණුසුමේ මමද අවුරුදු තුනක් හෝ හතරක් දගකාර,හොටු සුරන අවදියේ මේ සිටිමි. මා හැර අන් සියලුම වැඩිහිටියෝ එගොඩහය. මා පමණක් මෙගොඩහට වී වෙහෙස වී, පව් පින් මැද දෝලනයවේ.

සංසාරය නම් වූ මහා ගඟුලේ දෙ ඉවුරේ සිටින සුවහසක් ජනී ජනයා අතර මමද ඔබද අපි සැවොම සිටිමු.එදා කුඩා අවදියේ ටිකිරි මොළේට හැමෝගේම නම් ගම් මතක නැතත් සුරතලෙන් කතා කර ඔවුන් අතර බොලදවී, හුරතල්වී ඇත. මේ සැම පින්වත් පිරිස.... මා සගවා සංසාරේ කොහේ හෝ නිවන් සුවයෙන් සිටිනු ඇතයි මාගේ පැතුමයි...!

Jagath Randeniya ගේ ඡායාරූපය

2 comments:

  1. දිගු කතාවක් කෙටියෙන් කියවෙන සටහනක් බව පෙනේ.

    ReplyDelete
  2. ඔව්...බොහොම ඉස්තූතීයි..

    ReplyDelete

හිතෙන දේවල් මතක දේවල් කියලා යනඑක හයියක්