Wednesday, October 30, 2019

එන්නා සොල්ලුන්ග... දුකයි අඩා...













කොළබ ගෙන්දගම් පොළොවේත් ඒ සමතලා කළ ගහ කොළ වැල කියයි අපේ ඒ පැරණි රස කතා.


එදා අසූව දශකයේ මැද භාගයේ මා කොළඹ දෙවන වරටත් උසස් පෙළ විද්‍යා අංශයේ ඉගෙන ගන්න කාලේ පුරහල පිහිටි alexandra කොලිජියේ පීරියඩ් කට් කර වික්ටෝරියා පාක් එක මැදින් ඇහැල මල් සෙවනේ ගොස් මහජන පුස්තකාලටය. එහි වටා ඇති හුරි මාර, නා, අඔ ගස් වගේම එදා ඉංග්‍රීසි ආණ්ඩු කාලේ සුද්දෝ අලංකාරට එක පෙළට වවා තිබු පයිනස් ගස් සෙවනේ ඇවිද ගිය සිසිල් සුළං වදිමින්, ගීමන් හරිමින්,ගී ගයමින්, වල් පල් දොඩමින් කාලය ගෙවා දැමු අතීතය මා දැසට පොට්ට නැත පට්ටය.මැයි මල් රතට රතේ පිපුණු අද ඒ ගහ කොළ පරිසරය විනාශ කර අවසන්ය.

පොත් පත් අතර හීන ගොඩක් මැද අම්මා මිට මොළොවා දුන් කාසියෙන් ගත් ආතල් එදා කොලොබ හතේ හිට්ය පුස්තකාලයට පෙනෙන විසිල් පාරකින් එළියට එන දුරකින් පිහිටි ජේ ආර් ගේ පුතා වත් නවලෝක මුදලාලිගේ දුව වත් ගත්තේ නැතුව ඇති. libaryයෙ අයත් ටක් එකේ නිතරම අප කකුලේ දැවේටෙන නිතරම ඇනුම් අරින කිටියාද, ඉර්සියාවට ලව් කපල්ස් වලට බුරන 'ලපයා' නම් සුරතල් බල්ලා ඒ අවට තිබු ගහ කොළ වැල් සෙවනේ දුව පැන ගිය සුන්දරත්වය ආයේ දකින්න නොලැබෙනු ඇත. සොරි ඩොට් කොම්ය.

"හෙට අනිද්දා ආයෙත් හමුවෙමු මචෝ..." කියා ධර්මපාල මාවතේ සෙමින් ඇදෙන පිටකොටුවට දෙසට ධාවනය වන 138 බස් රථයක නැගී යූනියන් පෙදෙස හරහා ගොස් කොටුවේ රිගල් හෝල් එක ළඟින් බැස ඒ අසල ඇති විජය රාමනායක මහතාට අයත් තරංගා කැසට් අලෙවි සැලට ගොඩවන්නේ ඒ අපේ නව යොවුන් වීකසිත පැතුම් දොරේ ගලන ගී ඇති අලුත්ම කැසට් එකක් වට්ටම් ඇතිව ඔහුගේම අතින්ම ලබා ගැනීමටය.

අතේ ඇති ඉතිරි මුදලින් රීගල් හෝල් ඉදිරිපිට ගසා ඇති මේගා කටවුට් දිහා නෙත් යොමා ගැලරියට හෝ පළමු දෙවන පන්ති වලට රිංගා සමහර සිංහල චිත්‍ර පටි බැලුවේ මංගල දර්ශනයට සහබාගි වන නිෂ්පාදකවරු, අධ්‍යක්ෂකවරු, නළු නිළි, කැමරාමන් හා එහි සේවය කල ටි බෝයි දක්වා ටීම් එකත් සමගය. එහි සේවය කල ප්‍රොජෙක්ටරය ක්‍රියා කරුවු මාලිගාවත්තේ අප නිවස අසළ ජිවත් වූ යාපනේ මුරුගන් අයියා දැන හැදුනුම්කම් මත ඔහු මා සොයා ගෙනත් දෙන ආරාදනා පත්‍ර, ඕ,ඩි.සි හෝ බැල්කනි ටිකට්පත් දුන් අතීතය මට මතකයට නැගේ. චිත්‍රපට බලමින් ලැබෙන විවේකයේදී කොකා කෝලා, පැන්ටා බොන්නේ එහි තිරයේ පෙන්වන ඈඩ් බලමින්ය. වෙළුණු දිව කුල් කරමින් රස නහර පිනන "ඇලරිකස්" අයිස් පලමේ කිරි, වැනිලා, චෝකොලට් රසය දෑනුදු මතක් වෙන විට කෙළ උනයි.

මා ෆිල්ම් පිස්සෙක් කියා කිවේ තාත්තාට හොරෙන් අම්මාය. ඒ කියක් හරි ඉල්ලන මොහොතකය.මට ලැබුණු අමතක නොවන ආරාදනා පත්‍ර අතර සිදුවීම් වගතුග ලියතොත්......

ලංකාවේ පමණක් නොව හොලිවුඩයේ පවා නමක් දිනා සිටින සිනමා නිරමාණකරුවෙකු වූ චන්දරරත්නම් මහතා එදා ඔහුගේ නව යොවුන් ජිවිතයේ තොරතුරු ගෙන හැර පෑ සිනමා පටිය නම් "ආදර කතාව" සිනමා නිරමාණයවේ. කොළඹ හා අවට නගර තාප්ප වල, ලයිට් කණු අළවා තිබු පෝස්ටර්යට මා පෙම් බැන්දෙය. සිංහල කෙල්ල වූ මැණික් කුරුකුලසුරියගේත් දෙමළ කොල්ලා වූ සෙල්ලවරාජන් ගේ ආදර කතාව එහි සියලුම ශිල්පින් සමග එකම රිදී තිරයේ වී. අයි. පි රසිකයෙක් ලෙස නැරබුවේ මුරුගන් අයියාට පින් සිදු වෙන්නටය. මේ අතීතය සුන්දරත්වයෙන් පිරි සොඳුරුතම දසුන් මතක් කරමින් මොහොතකට හෝ සමවැදී සිතින් ගතින් උහුලන්නේද, දුක හිතෙන්නේද මට විතරද.....


Thursday, October 24, 2019

මල් පිපුණාට ගෙඩි නෑ තාම...


ගමේ උන්නු සන්දියෙ පොඩි ගතමනාවක් හොයාගන්ඩ කරපු සක්කරන් , බොලේ ගමේ බුවෙකුට ලිව්වොත් කිව්වොත් ඇහුවොත් දෑණුනොත් ආයේ දෙකත් නෑ තුනත් නෑ ඒ පැත්ත පලාතට යන්න බෑ දීග කලිසමක් නම් ගහගෙන...

හැලබගහ වැවේ තාවුල්ලේ බක්මී, නා, කොන්, දන් ගස් දෙවට ලන්ද වගේම..., මහ වෙල් යායට බර වෙලා කුදු ගැහී තිබූ පොල් ගස් පෙල කතා කොලොත් කියයි ඒ අපේ රස කතා... තෙන්නකෝන් වලව්වට අයිති වත්තේ වළි කුකුල්ලු ළගින ඇල්බීසියා වැට අයිනේ තිත්ත පැටවූ රංචු පිනන දොළ පාරට උඩින් පැහි වැටෙන නවසි පොල් ගහේ මදු වළලු අඹරා කරටියට බඩ ගා කලටි කුරුම්බා නෙලා පලා උලා ලෝද කැ අතීතය පට්ටය.හරියටම කිවොත් තාත්තා දින ගණනක් මද ගින්නේ හදන පොලොස් ඇබුලේ මැටි වළදේ අඩියේ ඉතිරි වුණු කුරුදු පට්ටේ අතින් ගෙන උරා බි සුප්පු කළා වගෙය.

 පැහිච්ච පොල් වළලු බාල් කර ඉතිරි වළලු බුවල්ලේ එල්ලෙන පොල් ගෙඩි ටිකත් කඩා ගෝලයට සිටී කරුණා, සරා, නවා කර මතින් පොල් ගෝනිය මාරුවට කර ගසා වක්කඩවල් පැන ගෙන ගොස් දෙන නැවුම් පොල් බාන් හරමානිස් නැන්දා කුණු කොල්ලයට ගන්නේ අඹ කජු මාදන් යාළුවෝ රොත්තම ඇය අප සැම බය කරය.කොල්ලා කාලේ අහිංසක හොරකම් මැරකම් වලට ගමේ නගරයේ පාසලේ අපි එදා ප්‍රසිද්ධ සිටියහ.ලගින් ගියොත් ඇහ අන්දය. හදිසියේ නැන්දලා කඩේට ගියත් මගේ කලිසම් සාක්කු කඩේ වැඩට උන්නු සෙනවි, මුර්ති අයියලා චෙක් කරන්න නැන්ද ඕඩර් දී තිබුනත් ගේම නම් අත ඇරියේ නැත.


"මේ ඇහුනද සෙනවිරත්න... ගුණසේන... අපේ අයීයගෙ ලොකු පුතා කඩේ එහෙ මෙහෙ යන කොට ඇහෙ ගහගෙන ඉන්න . හැහ්..හැහ්..හැහ්.."

දිනක් කඩේ නැන්දා එහි සේවකයන්ට කියනු මා හට අහම්බෙන් ඇසුණා.ගමේ හංදියේ තිබුණු ඕනෑම දෙයක් ගත හැකි රන්සිළු ස්ටොර්ස් නමින් ලොකු වෙළද සැලක් ඇය සතුව තිබුණා.ඉට අමතරව වන්නියේ හදවත වූ නිකවැරටිය නගර මද්‍යය්යේද තවත් වෙළද සැලක් ඒ නමින් ප්‍රසිද්ධ තිබුනා.


සමහර දිනවල පාසල් නිමවී නැන්දාගේ මුහුණ බලා දෙන දෙයක් බොමින් කමින් අහුවුණු දෙයක් සාක්කුවල පුරවා කාටත් නොකියා වෙළද සැලෙන්හොර රහසේ ගැඩවිල්ලකු සේ ලිස්සා යන ගතියක් මා තුළ තිබුනා.
දිනක් උපාසක ලීලාවෙන් වෙළද සැලට ගොඩවී එහි නානාප්‍රකාර වෙළද භාණ්ඩ සොකේෂ් විදුරැ තුලින් බලන මොහොතක සක්කරන් පැකට් සිතා කඩේදී කාටත් හොරා එහෙ මෙහෙ බලා විදුරු සොකෙෂ් එක අයිනේ ගසා තිබු 'ප්‍රිති' කියා තිබු පෙට්ටියෙන් පැකට් දෙක තුනක් ඉනේ ගසා ගෙන ගෙදර ඇවිත් අලූත් ටොෆී වර්ගක් යයි සිතා දිව රස කර කෙළ හලා කැඩුවත්, එය බලා සිතින් බැන්නේ ඒ කොම්පැනියේ පැකට් කරපු එකාටය.


ඒ උට වැරදිමකින් බැලුන් පැකට් කර ඇති නිසාය වෙනි.රබර් පුලටු ගදකින් හා ලිස්සන සුළු තෙල් ගතියක් යුක්ත නිසා මෙය මට එදා ප්‍රහේලිකාවක් උනා. අතින් ගෙන විපරම් කර දෙතොලට තියා පුම්බා හැඩය බැලු අයුරු සිනහා යමින් මට දැනුද සිහිවේ.


'යකෝ මාර භාණ්ඩයක්නේ'


මටම ඉබේටම කියවිණි. සවස ගේ මිදුලේ චක් ගුඩු අදින කොල්ලෝ සමග ඒවා පුම්බා ඉන්න මොහොතේ ගමේ කුකුල් නාම්බෙක් තැරි ගගාහා ලිප් ගල තූන උඩ මැටි වළදෙ සූවද දමමින් සිහින්ව ඉරු හනසූ දමා හොද්ද බොර කරන මොහොතේ පොල් කටූ හැන්දෙන් අල්ලට හොද්දේ අඩු පාඩුවට දෑනි නෙරිය උස්සා හනසු කඩුල්ල පැන දිව ආ බණ්ඩාරි නැන්දා අපේ ලිද ලග සේර පදුරෙන් සේර ගහක් උදුරා ගැනීමට ආ මොහොතේ අපි උඩ දමන බැලුන් දැක සිනහා වී

"කෝ කොල්ලනේ තොපේ අම්මා" කිවේ තාලයටය.


"ආන් කුස්සියේ ඇති" ..උඩ දමන බැලුන් දැක ඩ්ම් වූ


ඇය අම්මාගේ කනට කොදුරා කියූ රහසින් පොල් ගගා බර තියා උන් හිරමනය පෙරළා පොල් බැය විසිකර දිව ආ මගේ අම්මා මගේ කන මිරිකා ඇසුවේ කොහින්ද උබලට මේවා කියාය. දිපන්න්කෝ උත්තර...බඩු මාට්ටුය..ඇත්ත කිවේය. අම්මේ තාත්තාට නොකියන ලෙසය.


කොල්ලෝ ටික වැටවල් උඩින් පැන දිවෝය.

බලන්ඩ අක්කේ..අක්කා දැක්ක නිසා හොදයි..පාරේ යන කෙනෙක් හරි වෙන ගමේ කෙනෙක් දෑක්කා නම් අපේ පටි රෝලන්නේ.

එහෙමයි නගේ ඇමා නැන්ද දැක්කනම් මේකලා ඔක්කම දෑක්කාවගේනේ නංගි ,,බණ්ඩාරි නැන්ද පොර ටිකක් එකතු කලේ කට නිකන් තියාගෙන ඉන්න බැරි කමටය.

"ඉතින් අම්මේ... බැලුන්නේ... අපි පුම්බලා උඩ ඇරියේ..." මා සුදානා වෙන්න දෙසා බැවෙය.

"හා හා කට කට ඇති ඔතනින් ගියා.."

අම්මා කියූ අප්‍රබංශ තේරුනේ කොට මම ඊට වඩා දුර දිග ගොස්ය.

අපේ අම්මගෙ කෙසේ වෙතත් බණ්ඩාරි නැන්දාගෙන් මෙගා කරච්චලේට කොල්ලො පැන දිවූහ. එතන උන් උඩහගමේ ගාමිණී නොහොත් බඩා මා දුන් එක පැකට් එකක් ද රැගෙන ගිය වග දන්නේ පසුදා උදේ පාසලේදීය. පාසලේ වතුර බොන ලිඳ ලග පෙරදා මා දුන් ප්‍රීති කොපු වලට වතුර දමා ලබ්බක් සේ එල්ලා සිටින මොහොතේ කෙල්ලෝ කොල්ලෝ වටවෙලා මේ බලන්නේ අමුතු අගිස්සේ තන පුඩුවට සමාන අලුත් බැලුනයක් සිතාය. ඒ අසලින් කැන්ටිමට දෙසට ගිය වර්ණකුලසූරිය මිස් මේ දැක ඔහුව විවියන් කාමරය තුලට ගෙන ගියේ උගේ අතින් බැලුනේ වතුර හල හලය. ටික මොහොතකින් ඔහු එනවිට බව දුටු මා


"යකෝ මොනවද මිස් කීවේ උඹට..."

'උඹ තමයි මට දුන්නේ කියලා කිවා බන්...


මිස්ලා ඔක්කම හිනා උනා..

මල්ලිකා මිස් ළමය ඕක ඔය මේස උඩින් තියලා පන්තියට යන්න කිවා උඹලගෙ තාත්තාට එන්න කියන්නම් කියලා මිස් උබට කියන්නම් කිව්වා..මොකක්ද දන්නේ නෑ..."


පාසල් යන කාලයේ එහෙම වුණත් කොළඹ දී ද මට ප්‍රීති කසානා හැදුනා ය.ඩෙනිම් කලිසමක් අදින්න අපහසු ලෙස කසානා බෝ විය. කිහිලිවල තුවාල වෙනකම් කැසුවේය.හොරි කහපිය.ගිණි පිබ්පිය. අම්මා මුළු ගෙදරම මට බැන බැන රෙදි උණුවතුරේ තම්බා සෝදා වේලා සනීප කළේය. ගැර්න්ඩ්පාස් හන්දියේ නිමල් දොස්තර මහතා හමුවී සුව කරන ලෙස මා බැගෑපත් වී සැර ක්‍රම් වර්ගයක් ගාන විට නිමල් දොස්තර්ගේ දෙමාපියෝ පමණක් නොව තරු විසි වී මරු විසි වුණේය.

"ගෑනු ළමයටත් හැදිලද.." දොස්තර ඇසුවේය

"කොහේ හරි ගුබ්බැයමක ගියාද රිංගුවා ද..." අම්මා වහෙන් හොරා ඇසුවේය.

"මරදානේ ගියාද බන් අපිටත් නොකියා..." යාලුවෝ ඇසුවේය.

"ඇත්ත කියපන්..." මගේ ඇස් දිහා කෙලින් බලා තාත්තා ඇසුවේය.

ඔහුට කොලේ හංගන්න බැරිය. පිටකොටුවේ වර්ල්ඩ් මාර්කට් එකෙත්, කාපෙරි මුඩ්ක්කුවේ පෙමන්ට් එකෙත් එදා සුද්දෝ ඇදපු හම්පඩ පෙඩ් වූ ඩේනිම් කලිසම් කැලි ගානට විකුණු ඒවා ඇදීමෙන් මට කසානා බෝ වී තිබු බව වැටහෙන විට අල්ලපු ගෙදර අයටත් එකම වැටේ හිරුට වනා තිබෙන වැලේ රෙදි සුළගින් බෝ උනා.

කුඩා කල ක්‍රීම් පාටට මේ බැලුම් දැක පසු කලෙක දේදුනු වර්න ඒවාද, අඟර දඟර වැනිලා ස්ටෝබරි වැනි සුවඳ හමන නානාප්‍රකාර ලොකු කුඩා දැක පුදුම නොවුණේය

Monday, October 14, 2019

ගජමැන් නොහොත් මේරයාට සෙම හලපු අපේ ගෝඩ්ඩ්න් අයියා....







එදා රජ දවසේ සිගිරිය ගලේ ඇදී..ඉසුරුමුණියෙ නෙලූ..කැළණි විහාරයේ ඇදුන සිතුවම් අප සදා මතකයේ රැදෙන්නේ අපේ උරුමයත් සමගය........මෙදා අපේ පත්තර කලාවේ නිහඩව හාස්‍ය උපද්දන විකට කාටුන්ද මා සිත් ගත් සිතුවම් වගේම අද සමාජයේ අසාධාරණය අඩුපාඩු පොදුවේ පෙන්නා ලොක්කන්ගේ සහ සොක්කන්ගේ රෙදි ගලවන්නේ එම ශිල්පින්ගේ වෙඩි බෙහෙත් තැවරුනු තිත්ත හා ඇබුල් තීන්ත තුලිනි. එදා පත්තර පිටු අතර සිටි චරිත අතර ටික්කා සමග ලපයාද, සිරිබ්රිස් සමග දොන් සේතන්ද, සුවීට් සමග මිස්ට ලව්රිස්ද, ගොඩ්ඩ්න් අයියා සමග මේරායද, බෝලය සමග සෙල්ලන් සේනද, දෑක්කොත් පත්මාවති සමග චුටිද අප හිත් තුල සතිපතා අලුත්වූයේය. මගොඩ්ස්තුමාගේ සරම ඔලුවෙන් ගලවා ලෑජජා නහර කපා දිවන්න්නාවේ පිහිනීමට නොදී තටු කපපු කඩුව සේ නොවේලන පන්හිද තුලින් සිත්තම් කල එඩිතර චරිතය මැවූවේ ගජමැන් නමින්ය. මීගමුවේ සිට උදයෙ කාර්යාලය දුම්රියෙන් පැද්දී පැද්දී වාද විවාද,ඕපා දුප මැද කොලබ සේවයට යන එන ගමන් උපහාසාත්මක විකට කාටුන්හා අවකැපෙන කතා නිර්මාණය කලේ කැමිල්ස් පෙරේරා නම් අප ආදරය කල විකට කාටුන් රසවතාය.

මිස්ට ලව්රිස් බස් හෝල්ට් වල ගෝල්ඩ් ලිෆ් බිබි පෙම් රැගුම් කල හැටිත්..ගෝඩ්ඩ්න් අයියා මේරයාට සේම හලපු හැට්ත්..සිමොනා ඇන්ටිගේ අතේ තිබෙන කොස්ස ඇසට ටච් වූ සැනින් බෝතලේ ඉනේ හංගා කතා කරන දොන් සෙතනුත්..චුට් සමග තනියට යන විල්ල පෙන්නා යට කයට ඇස් යන මිනි ගවූම් අදින දැක්කොත් පද්මාවතිගේ සෙක්සි ගමනත්..පාරෙන් තොටෙන් කඩපිලෙන් වැඩපලින් දැකුනු ඇසුණු අත් දැකීම් තුලින් බිහිවුණු කතා බහට ලක්වූ චරිත විය හැකිය.

සාමාන්‍ය පවුලකින් දිවියක් ගෙවා කොචිච්යෙන් වැඩට ගිය ඔහු තම අතින් සැරවැඩි වෙඩි පහරක්සේ ඇදුනු විකට කාටුනයක් නිසා එක් රැයෙන් ලේක්හවුසියෙන් ගෙදර ගියේ නොවේලෙන පන්හිද පමණක් අතේ වකුටු කර ගෙනය.මා පාසල් යන කාලයේ සතිපතා නිකුත් වන සතර පත්ත‍රය ගන්න තාත්තා සල්ලි දුන්නත් ඉට කලින් වත්තේ පොල් ගෙඩියක් හෝ කජු විකුණා සිත්තර චිත්‍ර කතා පත්ත‍රය ගත් අතීතය අමතක නොවේ.එහි මැද පිටුවේ ගජමැන් බලන්නේ කොල්ලෝ අපි ඉවසුම් නැතුව පිටු ඉරා ගෙනය.නගරයේද,ගමේද,පන්තියේද එදා ගජමැන් කෙනෙක් අපටද සිටියේය. ඔහු හරියට අම්මා සදා දෙන බත් සමග කිරි හොදි දමා මැටි කෝප්පයට බැදපු කුණු කොරල කැල්ල පස්සේ අතින් දෙන මොහෙතේ එන සිනා රැල්ලත් කෑමට කලින් දිවට දැනුණු රසයත් වගේය.
මගේ ජිවිතේ දෙතුන් වතාවක් හමු වී ඇති අසම සම මේ සිත්තරා සොදුරු මහත්මා ගති මිනිසෙකි,. නමුත්.. කොචිචියෙන් පැද්දී ගැස්සි විකට කාටුන් අදිමින් යමින් මඩු පල්ලි ගියේ සිත්තර පත්‍රයෙ බාරයක් ඔප්පු කරන්නටය. එහි ගිහින් වන්දනා කර එන අතරේ මගදී රුපියල් 5000 ක් ගෙවා එදා පොක්ස්වැගන් රථයක් මිලට ගත්තෙය. අද ඔහුට ලෝකයේ වටිනාම රථයක් හිමි හා කොලොබ හතේ ජීවත් වෙමින් තම නිවසේ සිට නිදහස් චතුරශ්‍රයේ පයින් ඇවිද මින් ප්‍රභූන් යයි කියන සිතන සමාජයෙ පිරිස් සමග ඇගේ හැපෙමින් දිවිය හැක.අද පරිඟණක මගින් කාටුන් ඇද වයිබර් තාක්ෂණය ඔස්සේ තත්පර ගානකින් අපට බැලිමට එවිය හැක.

නමුත් මවුස් එක යටපත්ය ඔහුගේ ඒ පින්සලට තෙලිතුඩට. ශ්‍රී ලංකා
දුපතේ වැඩ කරන නොකරන අසරණ මිනිසුන්ට බොරු කියා ගොනාට අන්දවා බොහෝ දෙනෙක් තම පැවැත්ම පමණක් සදහා කතිරය ගසා පොරොන්දු කඩ කර මහජන මුදල් අපතේ සුද්ද කරන තම මඩිය තර කර ගන්නා මගෝඩිස්තුමාගේ බඩ ගිය සරම අබුඩයද සමග ඔලුවෙන් ගලවා..ලෑජජා නහරය කපන්නට ඉදිරියටත් තෙලිතුඩ මුවහත් වේවායි මාගේ පැතුමයි !