Wednesday, March 4, 2020

ගිරාතාලනේ නංගියේ..මලේ..නැන්දේ..මාමේ කොට්ටම්බාස් ඒරොප්පෙ කාසි තමා ඔන් එහෙනම්.....

කෘෂිකර්මාන්තය කියන මාතෘකාව ගැන කතා කරන්න ගත්තහම හේන් ගොවිතැන ,වී ගොවිතැන,නිවෙස් මට්ටමින් සිදු කරන වගාව වගේ මාතෘකා ගොඩක් ගැන කතා කරනවා .හැමතිස්සෙම අපි කතා කරනකොට අපි කතා කරන්න ගොඩක් valuable products ගැන මොකද හැමෝටම මූලික අරමුණු සල්ලි. ලංකාවේ ඉදලා ගොඩක් අය කතා කරනවා ගොඩක් අය මැසේජ් කරනවා හැමෝම ඉක්මනින් පහසුවෙන් සල්ලි හොයන්න ක්‍රම හොයනව .ඉතින් අපේ වැඩත් අතපසු කරගෙන රන් හා වටිනා කාලය මිඩංගු කරගෙන අතින් ගෙවා අපි මේ අයට පොඩි තල්ලුවක් දෙන්න උත්සාහ ගන්නවා. තොරතුරු සොයා දෙන්නත් වචනයෙන් හෝ පොඩි උදව් පදව් කරන්නත් අප නිතරම උත්සාහ ගන්නවා. වෙලාවක් ඇත්නම් ඒ මගේ මව් බිමේ කිසියම් හෝ කෙනෙක් දියුණු වෙනවා දකින්න කැමතියි නිසා. නොකිව්වට නොලිව්වට එහෙම ඔත්තු දීලා උදව් කරපු අය සත් සමුදුරෙන් එහා සිට බැඳි බැමි කඩාගෙන තම දියුණුව කරා යන එක ගැන සන්තෝසයි මට. එහෙම ඉස්ම තිබෙන පින්වත් පිරිස බොහොමයක් ඉන්න එක ගැනත් සන්තෝසයි වගේම ආඩම්බරයක් දෑනෙනවා.
එත්....ඉතින්...
තමන්ගේ වත්තේ තම්පලා ගහක් සිටවා ගන්නේ නැති, ගෙදර වෑස්සිගෙන් කිරි ටික දොවා ගන්නේ නැතුව හන්දියේ සුපර් මාර්කට් එකෙන් ගෙනත් වස විස රට පිටි කිරි බොන...
රෝග රැසකට ගුණ දෙන පවට්ටා පඳුර දිහා බලමින්...
මුලේ, කොලේ, දණ්ඩේ, පොත්තේ ඖෂධ පිරි කොහොබ ගහ සෙවනේ සිට පැනඩෝල් බොන...
ගෙදර පෙරුම්කායම් තියාගෙන පොඩි උන්ට ඇන්ටිබෝයෝටින් දෙන...
දොළේ නිකන් හැදෙන කෝමාරිකා අමතක කර විස වර්ග මුහුණට ක්‍රීම් උලන...ජෙල් තෙල් කොන්ඩේට හලන ගාන...
මුරුංගා ගහම දළබුවන්ට කන්න දී, කෙමිකල් ව්‍යග්‍රා ගිල දමන...
මෝඩ යක්කු export agri ගැන කතා කරනවා.ඉතින් කොහොමැයි රට හදන්නේ. ලොකු ලොකු මාතෘකා ගැන හොයාගෙන යනඑක පැත්තකින් තියලා අපි අපේ අවට නිතර දකින්නට පුළුවන් කෙහෙල්මලක් ගැන අද කතාකරමු.
ඉස්සර නම් අපේ ගමේ උන්නු කාලේ රාත්‍රියේ අනිවාර්යයෙන්ම වවුල් හාමිලාගේ චරුචුරුව ශුවර් .රට දියුණු වෙලා නේ ඒ නිසා වවුල් සවුන්ඩ් දැන් නෑ. මී ගසුත් නෑ. කොට්ට පුලුන් ගස් නෑ. වවුල් සවුන්ඩ් ඔෆ්. මටතාම මතකයි මීට වසර ගනනකට විතර උඩ අපේ ගෙවල් වටේ වවුල් හාමිලාගේ මියුසික් ගේ ලගම ඇහෙනවා. කොට්ටම්බා ගහේ එයාලා රෑට බරවැඩ.කොට්ටම්බා කිවුවාම මගේ මතකෙ ඉස්කෝලේ කාලෙට යනවා.
පුංචිකාලෙ ඉස්කෝලේ ඇරිලා තාප්ප කෑලි, කොට උඩ කොට්ටම්බා තලපු මතකය..ඉතින් ඒ කහට පිරිච්ච කොට්ටම්බා මතකය ටිකක් මොඩිෆයි කරගන්න මේක හොද වෙලාව කියලා මට හිතුනා.ආ මේ මාතෘකවෙත් export agri තියෙනවා අමතක වෙනවා බොලේ හොදේ....
උදෑසනම පිපෙන පියකරු මල් නිසා ‘පුබුදන්නා ‘ ලෙස කොට්ටම්බා හැඳින්වෙනවා.ලංකාවේ විතරක් නොවේ ආසියානු අප්‍රිකානු ඕස්ට්‍රේලියානු රටවල් ගණනාවක දක්නට ලැබෙන කොට්ටම්බා ප්‍රභේද 80කින් පමණ යුක්තයි. අපේරටේ බටු හා පෙතන් වශයෙන් ලොකු කුඩා දෙවර්ගයක් තියෙනවා .
අපේ වත්තේ කෙලවරේ දොළ අයිනෙත් පත පෙතන් කොට්ටම්බා ගකක් තිබුණා.ගෙඩි හැදෙන කාලෙට වකාරේ. ගහ යට ඉලුක් පදුරේ හාවන්ගේ තිප්පොලොවල්. හාවෝ කන් පෙති උස්සා පන එපෝ කියලා දුවන්නේ කොල්ලෝ රැන තරගෙට ගාල කඩාගෙන එන නිසා.කොට්ටම්බා ගහ යට තිබුණු stand-by කළු ගල් දෙක පිහිටෙන් පොත්ත කා වවුලන් බිම දැමු ඇට තලා කන්නේ කිරි කහට රස ඇති පුළුටු සුවදත් සමගය.
ආමන්ඩ් ඇටවලට රූපෙන් ගුණයෙන් කොට්ටන් ඇට සමානවන නිසාදෝ tropical almond, ඉන්දියන් ආමන්ඩ්, මලබාර් ආමන්ඩ්, යනාදි නම්වලින් කොට්ටන් හඳුන්වනු ලබනවා.
ඉදුණු විට රතු හා කහ පැහැති ගෙඩි දක්නට ලැබෙන අතර පොත්ත අසල ඇති මාංශල කොටස පලතුරක් සේත්, ඝන ඇටය තුළ ඇති දුඹුරු පොත්තකින් වැසුණු සුදු මදය ඇට වර්ගයක් සේත් ආහාරයට ගනු ලබනවා.
ඇටයේ පොත්ත හැර බැද කුඩුකර කිතුල් පැණි හා මිශ්‍රකර අග්ගලා සකසනවා.
එය බැදීමෙන් මෙන්ම පිසීමෙන්ද, ආහාරයට ගත ,හැකි වුවත් වඩාත් ගුණදායකවන්නේ අමුවෙන් ආහාරයට ,ගැනීමෙනුයි.
විටමින් E බහුල B-නියැසින් ප්‍රෝටීන්, යකඩ සින්ක් මැග්නීසියම් පොටෑසියම් තන්තු අසංතෘප්ත මේද ඇමයිනෝ අම්ල ආදි පෝෂක ගණනාවකින් සපිරි කොට්ටන් ප්‍රතිඔක්සිකාරක හා ප්‍රතිශක්තිකරණ ගුණවලින්ද පොහොසත්.
එහි ඇති සෙලනියම් මැන්ගනිස් හා ෆැවනොයිඩ් සිරුරට හිතකර විශේෂ කාර්‍යයන් ඉටුකර දෙනවා .ඒ කොට්ටම්බා ගැන සාමාන්‍ය වතගොත.
එතකොට ආයුර්වේයේ කොට්ටම්බා මද රුධිරගත සීනි පාලනයට උපකාරිවන බව සදහන්.එවගේම ආහාර ජීර්ණ පද්ධතියටත් හිතකරයි.
හම ඇස් දත් හදවත ආදී ශරීරාංග දිගුකලක් සුවපත්ව තැබීමේ හැකියාව කොට්ටම්බා සතුයි.දිනපතා කොට්ටම්බා ඇට ආහාරයට ගැන්මෙන් පිළිකා පමණක් නොව, හදවත් රෝග ද දියවැඩියාවද පාලනය වනවා. පිත්තාශයේ ගල් සෑදීම වළකිනවා. මහත පාලනයවනවා.ඒවාගේම රුධිර ධාවනයක් සිදුවන අතර කොලෙස්ටරෝල් මට්ටම පාලනය වනවා . ආඝාත අවදානමද අවමවනවා.අපේ නංගිලා අක්කලාට මතක් කරන්න ඕනෙ විශේෂයෙන් කොට්ටන් සම රැක දෙන අතර චර්ම රෝග, ආසාදන, කුරුළෑ ලප කැළැල් දුරු කර පැහැපත් කර දෙනවා .කොට්ටං ටික හොයාගෙන තලා ගත්තොත් ඔය අනං මනං ක්‍රීම් වලට යන වියදම ටිකක් අඩුවෙයි හොදේ.
ගොඩක් අය හිතාගෙන ඉන්නේ කොට්ටං කියන්නේ කිසිම වැදගැම්මකට නැති ගහක් කියලා .ඒක නිසා කොට්ටං ගහ කපනකොට පවා මිනිස්සු බනිනවා මේ මොන කරුම ගහක්ද කපන්න වත් බෑනේ කියලා .දැන් අපේ කාලේ පුතේ කොට්ටං ගස් කපන්න නෙමේ ටිකක් වැඩිපුර හිටවාගන්න.ඒ වෙන එකක් නිසා වත් නෙමෙයි කොට්ටන් කියන්නේ ගොඩක් වටිනා ශාකයක් විද්‍යාත්මකව කොට්ටං කියන්නේ අති විශාල ගුණයක් සහිත ගසක් .මූල්‍යමය වශයෙන් කොට්ටං කොලෙත් විකුණන්න පුළුවන් රටක් මේක .ලග පාත තියෙන රටවල් කොට්ටං කොලේ පවා විකුණන බව
අන්තර්ජාලය පරිශීලනය කලොත් ඔයාලට බලාගන්න පුළුවන් .නිකං නෙමෙයි රුපියල් 5000 ආසන්න මිලකට කොට්ටම්බා කොල සීයක් මිල කරන්න පුළුවන්.
මම දැනට ජිවත් වෙන ජර්මන් රටේ වෙලිච්ච එක කොලයක් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 200 වැඩි මිසක් අඩු නෑ. ඕවා පිටරට යවන ලොකු මුදලාලි ඕවා කියන්නේ නෑ.කේවල් කරනවා. පොඩි කන්ටැක්ස් එකකවත් දෙන්නේ නෑ බයයි තව එකෙක් කරයි කියලා.මොකද අතින් පයින් යන දෙයක්ද නැනේ. තොරතුරු ලික් වෙනවට ඒ මහත් හොරු කැමති නෑ. ඒ වග ගෙදර වගේ දන්නවා.ඔන්න මම ලික් කරා, ඔත්තුවක් දුන්නා ඔන් එහෙනම්. පුළුවන් කෙනෙක් ඉන්නවානම් කරන්න උත්සාහයක් කලොත් හරිම සතුටක්. මේ මම ලියනවට කියනවට බලන්න එපා...
සකර්බර්ග් මහත්තයාගේ පොතේ, ඊබේ එක පැත්තේ රවුමක් දාලා බලන්න .දැන් ඔයාලා අහයි බලයි කොට්ටම්බා කොල මොකටද කියලා .එකත් පොඩ්යට දන්න විදිහට ලිව්වා නම් හොදයි කියලා හිතුනා. සුරතල් මත්ස්‍ය ව්‍යාපාරයේ දී කොට්ටම්බා කොළ ඉතා වැදගත් සාධකයක් වනවා.මාලු පැටවුන් බෝ වීම ඒ සඳහා අවශ්‍ය ප්‍රධාන ද සාධකයක් වන කළු ජලය නිර්මාණය කිරීමට ඒ කියන්නේ ස්වාභාවික තත්වයේ ජල තටාක නිර්මාණය කිරීමට කොට්ටම්බා කොළ වලට තියෙන තැන වෙන කොහේවත් නෑ.අවශ්‍ය උදවිය මේවා මිලදී ගන්නවා .දැන් හැමෝම කොට්ටං කොළ එකතු කරන්න යන්න එපා.මට ඕනේ උනේ ඔහේ හැදෙන කොට්ටං ගහ ට නියමිත තැන් අරන් දෙන්න.ඉතින් තවත් විස්තර කොට්ටම්බ ගැන ඔයාලට ඕනෙ තරං අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන්.හැම තිස්සෙම අපි අපේ තියෙන සම්පත් හරි විදිහට කළමනාකරණය කරමු.මේ පොළොවෙ වැවෙන හැම තණකොල ගහක් පවා බෙහෙතක් වටිනා කමක් ගුණයක් සහිතයි .මට මතක් වෙනවා අපේ ජාතක පොතේ එක තැනක තියනවා මහෞෂධ පණ්ඩිතයන් පිටත් කරනවා කොහේ හරි තියනවනම් බෙහෙත් එකට ගත නොහැකි ගහක් කොළක් පොත්තක් අරගෙන එන්න කියලා ඔහුගේ ගුරුවරයා අන්තිමට එතුමා එන්නේ හිස් අතින් ඉතින් ඒවාගේ අපි අපඅවට ඇති බොහෝ ශාක වල ඇති වටිනාකම අප තේරුම් ගතයුතුව ඇත.ඒවාගේම ඒවා මානාව කලමණාකරනය කොට ප්‍රයෝජනයට ගතහොත් මීට වඩා ගමනක් අපහට යෑමට හැකිවනු ඇත.
නිකන් හැදිලා වෙළිලා බිමට වැටෙන කොට්ටම්බා කොළේ ඉදලෙන් අතු ගා ගිණි තියන්න එපා ඔන්...
දඩාවතේ ගිහින් එන බල්ලාට දමලා ගහන වෙළුණු දණ්ඩත් පැලවෙන දළුලන රත්තරන් පොළොවක් මගේ මවුබිම...
සැ.යු. මෙම ලිපියේ බොහෝ තොරතුරු අන්තර්ජාලයේ නම නොදත් කතුවරයකුගෙන් ලිපියකින්ද, මගේ මතකයන් හා අතිත ජිවන සිදුවීම් ඇසුරෙන්ය.

Jagath Randeniya ගේ ඡායාරූපය

No comments:

Post a Comment

හිතෙන දේවල් මතක දේවල් කියලා යනඑක හයියක්