Monday, September 30, 2019

දරු සෙනෙහස උතුරා... පියවරු වෙසෙනා...




මොහු නමින් සේපාල ඒකනායක.

ඔබ සමහර විට අහලා ඇති සේපාල ඒකනායක ගැන. හරියටම 1982 ජූනි මාසේ 30 වෙනිදා සිවිල් ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීම නිසා ඔහු ප්‍රසිද්ධ වුණා. මේ සිද්ධිය ලාංකීය ගුවන් ඉතිහාසයේ සිදු වුණේ පළමු වතාවට. ඒ වගේම අද වන තුරු ශ්‍රී ලාංකිකයෙක් අතින් එවන් දෙයක් සිදු වී නැහැ. විශේෂත්වයක් තිබෙන නිසා අපි කැමතියි මේ ගැන ඔයාලාට කියන්න

සේපාල ඒකනායක ඉපදුණේ 1949 ජූනි මාසේ 03 වෙනි දා දිනයක මාතර දිස්ත්‍රික්කයේ කරතොට කියන ගමේ. පාසැල් ගියේ හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයට. අවුරුදු 15 දි විතර නිවසින් වෙන් වන ඔහු කොළඹ ට පැමිණෙනවා.

ඉන්පසු 1972 ඔහු ජර්මනියට පැමිණෙනවා. එහිදී ඔහුට ඇනා ඇල්ද්‍රොවන්දි නැමති ඉතාලි සුරූපිණිය හමු වෙනවා. පසුව ඔවුන් දෙදෙනා විවාහ වී ඉතාලියේ මොඩෙනා පෙදෙසේ පදිංචි වෙනවා. ඒ 1980 දී. එහිදී ඉපදෙන පුතාට ඔවුන් “ෆ්‍රී ඒකනායක“ නමින් නම් තබනවා.

මෙහිදී සේපාලගේ වීසා එක නැති වෙන අතර ඉතාලියේ දී වීසා ඉල්ලු විට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගන්නා ලෙස ඔවුන් පවසනවා. ඒ අනුව ඔහු ලංකාවට පැමිණ වීසා අයදුම් කරනු ලැබූ මුත් වසර හයක් ඒ සදහා බලා සිටින ලෙස ඔහුට දැනුම් දෙනවා.

ඔහු කීහිප විටක් ම උත්සාහ කරනු ලැබූ මුත් වීසා ලබා ගැනීමට ඔහුට නොහැකි වෙනවා. ඉන්පසුව තමයි ඔහු තීරණය කරන්නේ ඉතාලි ගුවන් යානයක් තමා යටතට ගෙන ඒ හරහා අදාළ ඉල්ලීම කරන්න.
ඒ අනුව 1982 ජූනි 30 ඔහු ඉන්දියාවේ නව දිල්ලියට ගොස් එහිදී ඉතාලියේ සිට ඉන්දියාව හා බැංකොක් හරහා ජපානය බලා යන “අලිටාලියා“ ගුවන් සේවයට අයත් බෝයිං 747 වර්ගයේ ගුවන් යානයකට ගොඩවෙනවා. මෙහි මගීන් 300 පමණ සිට තිබෙනවා.

ගුවන් යානය ගුවන් ගත වී අඩි 35000 ක් පමණ උසකට පැමිණ ස්ථායි වූ පසු සේපාල ගුවන් නියමුවා වෙත ලිපියක් යවමින් තම ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබූවා. පළමු ඉල්ලීම වුණේ ඔහුගේ පුතා සහ බිරිඳ බැංකොක් ගුවන් තොටුපළට ගෙනවිත් දීම. දෙවැන්න වුණේ ඩොලර් 300,000/- මුදලක් කප්පම් වශයෙන් ලබා දීම. මීට අමතරව ඔහුගේ ලිපියේ පහත කරුණුත් සඳහන් වුණා.

“මෙම ගුවන් යානය බැංකොක් ගුවන් තොටුපළේ නැවැත්විය යුතුයි. සියළු දොරවල් විවෘත නොකළ යුතුයි.සියළුම ඉල්ලීම් බැංකොක් සහ ඉතාලි බලධාරීන් වෙත වහාම දැනුම් දිය යුතුයි. සියළු සන්නිවේදන කටයුතු ගුවන් විදුලි සන්නිවේදන මාර්ගයෙන් පමණක් විය යුතුයි. දැනට අප සතුව ඉතාලියේ නිෂ්පාදිත නවීන බෝම්බ ඇති අතර යම් හෙයකින් අපව මුලා කළ හොත් යානය සියළු මගීන් සමග එම බෝම්බ උපයෝගී කරගෙන පුපුරුවා හරිනු ලබන අතර ඊට සමගාමීව ඉතාලියේ මොඩෙනා නගරයේ සහ වෙනත් නගරයක ද පිපිරීම් සිදු කරනු ඇත.“

සේපාලගේ ලිපිය දුටු විගස ප්‍රධාන නියමු ජියෝර්ගෝ අමරෝසා ගුවන් යානය අඩි 25000 දක්වා පහතට ගනු ලැබූවා. ඒ විනාශය අවම කරන්න.
පැය කීපයකට පසුව ඔහු ඉල්ලා සිටි පරිදි ඔහුගේ බිරිඳ සහ දරුවාත් ඉල්ලූ මුදලත් බැංකොක් වෙත ගෙන එන බවට තොරතුරු ලැබුණා. පැය 30 ට පමණ පසු ඔවුන් බැංකොක් වෙත පැමිණියා. ඉන්පසුව සේපාල විසින් මගීන් මුදා හරනු ලැබු අතර ඔහු ගුවන් යානයෙන් පිටතට පැමිණියා.

නමුත් ඉන්පසුව සේපාලට ගැටළුවක් ඇති වුණා දරුවාත් බිරිදත් අළුතින් ලැබුණ ධනයත් රැගෙන යන්නේ කුමන ස්ථානයට ද කියා. මේ අවස්ථාවේ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන මානෙල් අබේසේකර මහත්මිය පැමිණ ඔහුට බිය නොවන ලෙසත් ඔහුට ශ්‍රී ලංකාවට යා හැකි බවත් සදහන් කළා.

මේ අතර ඉතාලි රජය විසින් ශ්‍රී ලංකා රජයට බලපෑම් කරමින් සේපාලව ඔවුන්ට භාර දෙන ලෙස ඉල්ලා සිටියා. නමුත් පොදු මතය වූයේ එසේ නොකරන ලෙසයි. මෙහිදී ජේ. ආර්. ජයවර්ධන රජය උභතෝකෝටික ප්‍රශ්ණයකට මුහුණ දුන්නා. පසුව ගාල්ල පොලීසිය විසින් සේපාල ව අත් අඩංගුවට ගෙන වැලිකඩ සිරගෙයට ගෙන එනු ලැබූවා. මේ අතර සේ පාලගේ බිරිද සහ දරුවා ඉතාලිය වෙත යැවීමට ඉතාලි තානාපති කාර්යාලය ට හැකිවුණා.

සේපාල අත් අඩංගුවට ගත්ත ද ඔහුට විරුද්ධව නඩු පැවරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන එවකට තිබුණේ නැහැ. රජයට සිදු වුණා අළුතින් ම නීති සම්පාදනය කරන්න. ඒක තමා ලාංකීය ඉතිහාසයේ අතීතයට බලපාන ලෙස සකස් කරන ලද පළමු නීතිය. සේපාල ගේ නඩුව නීතිපති වෙනුවෙන් ඉහළ උසාවියේ විනිසුරු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජේ. ජේ. එස්. ඒ. ඩයස් උපවංශ යාපා ඉදිරියේ විභාග කරනු ලැබූ අතර සේපාල ඒකනායක වෙනුවෙන් සුප්‍රසිද්ධ නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න පෙනී සිටියා. යානයේ ප්‍රධාන නියමුවා වූ අමරෝසා මහතා ද සාක්ෂි සදහා ශ්‍රී ලංකාවට පැමැණියා.

නඩු විභාගය අවසානයේදී සේපාල ඒකනායකට වසර 5 ක සිර දඬුවම් නියමු වුවා. සිර ගතව සිටින කාලයේ දී ඔහු විසින් නාට්‍ය නිෂ්පාදනය කරනු ලැබූ අතර ඒවා සිරකරුවන් අතර ඉතා ජනප්‍රිය වූවා. කෙසේ වෙතත් 1987 වසරේදී ඔහුව නිදහස් කරනු ලැබූවා.පසුව ඔහු ඉංග්‍රීසි ගුරුවරියක් වූ යසංගනී මධුපාලි සමග විවාහ වූ අතර ඔවුන්ට දියණියක් සහ පුතෙක් සිටිනවා. පසුව ඔහු විසින් “උට සහ තොට“ නමින් පොතක් ද ලියා පළ කළා. ඔහු දැන් ව්‍යාපාරිකයෙක්.

මේ සිද්ධියේ යථාර්ථය වන්නේ ඔහු මේ කාර්ය සිදු කර තිබෙන්නේ දරුවාටත් බිරිඳටත් තිබූ අසීමිත සෙනෙහස නිසා. ඒ ආකාරයෙන් විමසා බලන කළ ඔහු යම් අගය කිරීමකට ලක් කළ යුතු පුද්ගයෙක්. ඒ වගේම 1982 වාගේ කාලයකදී ඔහු විසින් එය මැනවින් සංවිධානය කර තිබෙන බවත් පැහැදිලි වෙනවා. එකළ පළවූ පුවත් පත් වලට අනුව ඔහු ලබා ගත් මුදල ලංකා බැංකුව විසින් තැන්පතුවක් ලෙස භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. නමුත් පසුව යම් කොටසක් ඔහු තැන්පත් කර තිබෙන බවටත් වාර්තා වී තිබෙනවා.
කාලාකමි සිතක් ඇති සේපාල අයියා ඒතෙර මෙතෙර බොහෝ තැන් වල අප හමුවී අල්ලාප සල්ලාප දෙඩුවත්, ඔහු එදා මෙම සිදුවීම් ගැන වචනයක් හෝ මා අසා නැත. ඔහුත් ඒ ගැන වචනයක් මා හා දොඩා නැත.

සෑ. යු.
මේ ලිපිය සකස් කිරීමේ දී ගුණදාස ලියනගේ මහතා විසින් 1997 මැයි 04 වන දින සන්ඩේ ටයිම්ස් පුවත් පතට සපයන ලද ලිපියේ සිංහල අනුවාදය උපයෝගී කර ගනු ලැබිණ. ඉතිරිවා කොටා ගත්තේ අන්තර් ජාලයෙනි.

Sunday, September 29, 2019

කුරහන් යායේ සුවද දසත පැතැරු සිංහයා.........







88/89 වසර කාලයේදී පාදඩ දේශපාලන නරුමයන් විසින් බලය උදෙසා රටේ පාලනය දෝලනය වෙමින් තිබු මොහොතක, කැළණි ගගද පිටාර ගලා දුව්ලි පීන්න වැටෙන හිමිදිරියේ
කොලොබ ඔරුගොඩවත්තේ බයිසිකල් රෙපෙයාර් වැඩපලක් සහ රේකොඩ් බාර් එකක් කරමින් සිටියදී "ප්‍රා" "උකුස්සා" එවක රජයේ කුලී මිනීමරුවන් විසින් දස වද දී ඝාතනයට ලක්වූ මා මිත්‍ර නයන අයියාද.......................

එම කාලයේදීම රතු පාට එරබදු මල් පිපෙන, කොහා නාද කරන, කජු පුහුලන් සුවද හමන, බක් මහේ නිවාඩුවකට ගමේ ගිය මොහොතේ, බලදොර කෝරලයෙ සිමාව පසු කර කුබුක් ගස් මා දන් තුරැ ලතා මැදින් නිහඩව ගලා බසිනා කොළමුණු ඔය අසබඩ ගම්මුන්ගේ විලාප මැද ටයර් සැයක් මත අඩක් පිච්චේන නීරැවත් සිරැර ඉහළ ගමේ රත්නේ අයියාම බව මා හදුනා ගත්තේ ඔහුගේ බුලත් කහට දත් ඇන්දෙන්ය. රන්වන් පාටට පෙනෙන වෙල් යායේ ගැමි සුවදත් සමග හිරු මුදුන් හිස් අහස දෙස බලා ඇසේ කදුළු සගවා ගත්තේ දුක සමග මුසු ආවේගයනි. ඔහු සමග එදා ගමේ ඇලේ දොලේ වැවේ වෙලේ දුව පැනපු එල්ලේ ගහපු චක් ගුඩු ඇදපු අතීතයේ සොදුරැ දසුන් මතක් වීමෙනි.ඒ අවට ගම්මු කැ ගසමින් අයියනායක දෙවියන්ට කන්නලව් කරමින් දෙන විලාප මැදින් අප හන්දියට ආවේ මාද දැසේ කදුළු පිස දමමිනි.......

ගම් පෙරළිය පොත කියූ අහිංසක රත්නේ අයියාගේ මේ කුර ඝාතනයත්, දුප්පතා ගේ වාහනයේ රෙපෙයාර් කර පැච් දමා හුලං ගසා එදා වෙල පමණක් හම්බ කරගත් සොදුරැ කලා කරු සින්දු පිස්සෙක් වූ කොලොබ ඔරුගොඩවත්තේ සිටි නයන අයියාගේ ඝාතනයත් එදා මෙදා පමණක් නොව හෙටද ඔවුන් මතක් වෙන හැම මොහොතක් මොහොතක් පාසා මගේ සිත ගත හැගීම් වේදනාවෙන් සසල වේ. ගමේ ගෙදර ගිය මට තාත්තා ගෙන්ද හොද ඒවා අහන්නට ලැබුණේ "ගම් මැදි ගානේ කරක් නොගහා වහාම හෙට උදේම කොලබ යන ලෙස" ආදරයෙන් වේදනාවෙන් කිවේ "ගෝනි බිල්ලෝ උබටත් අත වනයි" ඉගි කරමිනි. වෙනදා වැවේ නා, වෙලේ ඇවිද, ලුල් කරිය පොලොස් ඇබුල පදමට අනා තිත්ත අගුණ කොළ මැල්ලුමද, බුරිය උල් වෙන්න කන මට රත්නේ අයියා මතක් වීමෙන් නින්ද නොගිය රැයේ පසුදා පාන්දරම කහට කෝප්පයක් පමණක් හනික බි කැලි කැපෙන ඝන අදුර කපා ආවේ හන්දියටය.

පසුව උදේ 5.15 ලංගම බසයට නැග එන අතරේ රත්නේ අයියා ගැන සිතමින් දුකින් වේදනාවෙන් ආවේ කොලොබ කොහේ හෝ තැනකට ජෝඉන්ට් වී මේ කාලකන්නිට විරුද්දව කුමන හෝ බලවේගයකට දිවි නොතකා උදවු කර පෙරළියක් කල යුතු කාලයද පැන ඇති බව සිතමින්ය. කාලය සමග ගෙවී කොලොබද මේ හා සමානව වාතාවර්නයක් නිර්මාණය වන්නට වැඩි කලක් නොගියේය. මගේ අම්මාගේ දැන හදුනා ගැනීම මත එකල කම්කරු සටන් නායකුවූ අලවි මුව්ලනා මහතා සමග කොස්ගස්හන්දියෙ ඔහුගේ කාර්යාලයේ සාමාජිකයන් හා හොද සම්බන්දතාවයක් ඉබේම ඇති වූයේ එදිනෙදා ජිවිත් වීමට දහදිය මහන්සියෙන් හම්බ කරන වෙර දරන සිටින සමයේය...........

පසුව එදා පැවති ආර් ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුවේ මෙම භීෂණයට, මර්ධනයට සහ පීඩනයට එරෙහිව ආරම්භකල පාද යාත්‍රාවට මැද කොලබින් මා සහභාගී වන්නේ මෙවන් වූ හේතු මතය.දහසක් කරදර කම්කොට්ලු මැදය.1992 මාර්තු 16 පෙරවරු 10ට කොළඹ විහාර මහාදේවි උද්‍යානයෙන් ආරම්භ වුයේ එදා පාර්ලි‌‌මේන්තුවේ එඩිතර මන්ත්‍රී වූ මහින්ද රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙනි. පාද යාත්‍රාව සංවිධානය කිරීමට විපක්ෂ ඒකාබද්ධ කමිටුව වෙනුවෙන් ලිපි නිකුත් කිරීමට සිදුවූයේ තංගල්ල කාල්ටන්හි මානව හිමිකම් හා නීති ආධාර කේන්ද්‍රයටය. ඒ වෙනුවෙන් අත්සන් කර තිබුණේ එහි සභාපතිවරයා වන විපක්ෂයේ ඒකාබද්ධ කමිටුවේ කැඳවුම්කරු ලෙසින් මහින්ද රාජපක්ෂටය මහතාය....

උදෑසන 9 වන විට එහි 500ක පමණ පිරිසක් සිටියේය. රාජ්‍ය මර්දනයට විරෝධය පෑම පාද යාත්‍රාවේ ප්‍රධානම සටන් පාඨය විය. එය ජනතාව පිබිදවීය. බියපත්වී, මුළුගැන්වී සිටි සාමාන්‍ය ජනතාවගේ බිය දුරුකර ඔවුන්ගේ විරෝධය එළිපිට ප්‍රකාශ කිරීමට, පාරට බැසීමට තරම් නිර්භීත වතාවරනයක් ඔහු විරෝධතා කරුවන්ගේ හා මහජනතාව තුල ඇති කළේය. කොළඹින් ඇරඹි පාද යාත්‍රාව දින 19 ක් ගමන්කර කතරගම ට පැමිණියේය.
විපක්ෂයක සිටියදී සැබෑ නායකයකු ක්‍රියාකළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව මහින්ද පූර්වාදර්ශ කන්දරාවක් ඉතිරි කොට ඇත්තේය.

වමේ දේසපාලනයට සම්බන්ධ විශාල පිරිසක්ද එයට එක්වි සිටියහ. පසෙක භික්ෂූන් රැසකි. තැනක සරසවි සිසුන්ය. මහින්ද රාජපක්ෂ පැමිණියේ සිය සොයුරු චමල් සමගින් පිරිසක්ද රැගෙනය. උදෑසන 9.45වන විට එක්වන පිරිස වේගයෙන් වැඩිවී මී මැසි පොදියක් බවට පත්විය. පාද යාත්‍රාව අරඹන විට එහි සිටි පිරිස 5,000කට අධික විය.

ආණ්ඩුවේ භීෂණයට, මර්ධනයට සහ පීඩනයට එරෙහිව ආරම්භකල පාද යාත්‍රාව ආරම්භකර මදක් දුර යනවිට සහභාගිත්වය දෙගුණයක් බවට පත්විය. ගාලුපාරට වැටෙන විට පාගමනේ ගිය පිරිස 15,000ක් පමණ විය. සෑම දිනකම පාද යාත්‍රාවට සහභාගිවූ පිරිස 15,000ක් පමණ වූ අතර ඇතැම් ස්ථානයන්හිදී එය 25,000ක් පමණ විය. අවසන් දිනය වන 1992 අප්‍රේල් 1වැනිදා කතරගමින් එය අවසන් වන විට එදින පමණක් පාද යාත්‍රාවට එක්වු සංඛ්‍යාව ලක්ෂයක් පමණ වේ. මෙම ගමනේ පළමු දිනයේ බම්බලපිටියෙන් ගාලු පාරේ වැටි වැල්ලවත්ත දෙහිවල ගල්කිස්ස රත්මලාන මොරෝටුව සටන් පාඨ කියමින් මග දෙපස සිටි ජනයා අප උද්යෝගය කල සැටිත් කෑම බිම දී සංග්‍රහ කල හැටි මට දැන්ද මැවී පෙන්නේ ඔව්න්ගේ සිනාහවත් සමගය.පානදුර ගග පසුකර එදා අප ගෙදර ගියේ අවසාන දිනයේ තිස්සමහාරාමයෙදී එකතු වී කතරගම කරා ගොස් කද සුරිදුට පඩුරු දී වැද පුදා නමස්කාර කර මේ පාපතරයින් පලවා හැර රටට නිදහස් සාමයක් උදා කර දීමට කතිකා කරගමිනි..කැරළි සමයේ ඝාතනයට ලක්වූ ඇඹිලිපිටිය විද්‍යාලයේ සිසුන් 32 දෙනෙකු ඇතුළු ඇඹිලිපිටියෙන් පැහැරගත් පාසැල් සිසුන් 48කගේ කදුළු වෙනුවෙන් පාද යාත්‍රවේ ගමන් කරන්නන් අතර සුවිශේෂ පුද්ගලයින්ගේ විරෝධතාද විය.

ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ අතුරුදහන් කල සිසුන් 30 දෙනාගේ දෙමාපියන් පාද යාත්‍රාවේ ගමන් කරනු දක්නට ලැබිණි. සැමියන් අහිමිවූ වැන්දඹු බිරින්දෑවරුන්ද, දරුවන් අහිමිවූ මව්වරුන්ද ඒ අතර විය. පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ 1989 ජුලි 29වැනිදා කල්පිටියේදී පැහැරගෙන පසුව අතුරුදහන්වූ සිය පුතු ඇතුළු වෛද්‍ය සිසුන් 22 වෙනුවෙන් යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා නීල් ලියනගේගේ පියා පුවරුවක් ඔසවාගෙන දින 17ම ගමන් කළේය.කාගේත් දෙනෙත් උණුහුමෙන් කදුළු තෙත් කරමිනි.ඩී.අයි. ජී. ධර්මසේකර මාතරදී තාවකාලිව දස ශීලය ලබා අනගාරික විය. මාතර උයන්වත්ත පිටියේ රැස්වීමට 20,000කට පමණ පිරිසක් විය. මාතර පැවති එම රැස්වීමේදී උණුසුම් කථාබහක්ද වේදිකාවේ සිටි අය අතර ඇතිවිය.

දෙවිනුවර, දික්වැල්ල, තංගල්ල අම්බලන්තොට, තිස්සමහාරාමය හරහා දින 17ක් පසුකර කතරගමට පාද යාත්‍රාව පැමිණෙන විට එය දිස්වූයේ එකම හිස් ගොඩක් ලෙසය. අවසන් දින පාද යාත්‍රාවේ මුල කතරගමට ලගා වන විට එහි අග තිබුණේ තිස්සමහාරාමයේය. කතරගම සිට තිස්සමහාරාමය දක්වා දුර ප්‍රමාණය කිලෝමීටර් 16කි. මඟ දෙපස සිටි ලක්ෂ ගණන් ජනයා දින 17ක් පුරා පාද යාත්‍රාව නැරඹූ අතර ඔවුනට ආහාරපාන ආදියෙන් සංග්‍රහද කළහ. මා ඇතුළු මැද කොලොබ තරුණ කැල පාද යාත්‍රවේ ඉදිරියේ ගමන් කලේ ආරක්ෂාව හා ඉදිරියේ ගමන කඩාකප්පල් කිරීමට සිටීමට ඉන්නා බව වහසි බස්දෙඩු එවක රජයේ කුලී මැරයින්ගේ සජීවිව මුහුණ දීම සදහාය. පාර දෙපස ගම්මුන් කිරි පැණියෙන් සංග්‍රහ කලේ ඔවුනට හැකි පරිදිය. දිවුල් කිරි බෙලි මල් වතුර අපට දුන්නේ "මේ මහින්ද මලයාගේ උන්නේ" ගමේ භාෂාවෙන් කියමින් උද්යෝග කරමින් මට අමතක නැත......එවන් අති භිහිසුනු කාලයේ මහ පාරට බැස මුහුණට මුහණ ගේමට ගේම ඉල්ලු මා දන්නා දේශාපලන සටන් කරුවා නම් ඒ අපේ හදවත් හොරා නොහොත් මහින්ද රාජපක්ෂ මහතාය.එදා මදාවි රජය දෙදරුම් කැවේද ඔබගේ මැවෙනි සටන් නිසාය..........


අප දෙකඩ වූ රට යුද සමයේ සුද්දන්ට යටත් නොවී, ලෝකයාගේ වදන් වලට නෝරවැටි..අපේ රණවිරැවන් අලිමංකඩ නොවේ පාමංකඩ යන්නේ කියූ දියවන්නාවේ බඩ ජහරියොත් රට පවාදෙන නරියන්ගේ කට පමණක් නොවේ වෙනත් අංගනද වැසුනේ ඔබ බිත්තියට හේත්තු වී ඉදිරියට පැන නුවණින් ගැසූ නිසාය, නොර්වේ සෝල්හයිම් ඇතුළු නඩ එලවා දමා කොටියා සුන් කර අපේ උන් කකුලෙන් අදිදීත් මවුබිම බේරා දුන් නායකයා ඔබය...එපමනක් නොව කෙටි කලක් තුල රටේ සංවර්දනයක් ඇති කලේ ඔබය....චිනාට වටින අපට නොවටින වාරය විකුණා කැ ටයි කොට් මහත් හොරුද..

සති අන්තයේ හයිවේ වල ලැබෙන ආදයම් නොදකින... ඔබ සැදු හයිවේ අන්තිම ගියර් එකේ කගවෙනා වගේ ගොස්...මේක හැදුවේ මහින්දට ඇබුල් තියල් ගේන්න කියා කියන අයද...ගමත් නගරයත් යා කෙරු ඔබට... අහිංසක වැඩ කරන නොකරන මහජනතාවගේ දුක් ගිනි නිමා කිරීමට ශක්තිය නොමදව ලැබේවායි මාගේ අපගේ පැතුමයි !

එදා මෙදා තුල අපගේද ....කාලය..ශ්‍රමය...වැය කර ඔබ කල මෙහෙයුම් සටන්, උද්ගෝෂණ,පාද යාත්‍රා රිය පෙරහර ගමන් මට අමතක නොවේ..එපමනක් නොව ජාති,ආගම්, කුල,මල,පාට,සලකුණු මා තැකුවේ නැත.වාසි වරප්‍රසාද ඉල්ලුවේ නැත. පොදුවේ අප රට ජාතිය ආගම වෙනුවෙන් අදද හෙටද දේශිය හෝ විදේශීය උදව් කිරීමට ඕනෑම මොහොතක අප සුදානමින් සිටිමු.මගේ මවුබිම වෙනුවෙන් ඔබගේ මුලිකත්වයෙන් කරන ඕනෑම කටයුතු වලදී ඉදිරියටත් මා නිබදව සිටිමි.

තෙරුවන් සරණයි !
ජය ශ්‍රී !

Saturday, September 28, 2019

රික්ෂෝ­කා­ර­යන් හොර­කම් කළ පෙට්ටියේ තිබූ බෝ පැළය පිට­කො­ටුවේ මහා බෝධිය වූ හැටි..............





පාන්දර එකට දෙකට කොළඹ පැමි­ණිය ද, මද්ද­හනේ පැමි­ණිය ද, පිට­කො­ටුව බෝධීන් වහන්සේ වන්දනා කර­න්නෙකු නොද­කින්ට ලැබු­ණොත් එය දුර්ලබ දෙයකි. රටේ කොයි කොනින් පැමි­ණිය ද බෝධින් වහන්සේ ඉදි­රියේ මොහො­ත­කට නතර වී දොහොත් මුදුන් දී වඳි­න්නෙක් දැකීම සාමාන්‍ය දසු­නකි. කාගේත් ජාති ආගම් කුල මල භේද­යෙන් තොරව කාගෙත් වන්ද­නා­මා­න­යට පාත්‍ර වූ පිට­කො­ටුවේ බෝධීන් වහ­න්සේට දිගු ඉති­හා­ස­යක් ඇත. මේ ඉති­හාස කතා දන්න අය අද වන විට හිඟය.

ඒ කාලේ කොළඹ කොටුවේ තැබෑ­රුම් දාහ­ත­රක් තිබුණා. රජ­යට ලොකු ආදා­ය­මක් ලැබුණේ මේ තැබෑ­රු­ම්ව­ලින්. ඒ කාලේ ඔය කොළඹ තිබුණේ වතු. සාංචි­ආ­රච්චි වත්ත, කෙසෙ­ල්වත්ත, පංචි­කා­වත්ත, බායිගේ වත්ත (දැන් මර­දාන කිය­න්නේ) යන වතු තිබුණේ.......

දැන් පිට­කො­ටුවේ බෝධීන් වහන්සේ තියෙන තැන එදා තිබුණේ ඇළක්. දැන් ඇළ ගොඩ­වෙලා ගිහිල්ලා......
ඒ....කාලේ පිට­කො­ටුව පොලිසිය තිබිලා තියෙන්නේ වේල්ල­විදීයේ. ඒ පොලි­සි­යෙන් තමයි පිට­කො­ටුවේ මහා බෝධිය බුද්ධ ප්‍රතිමාව හදලා තියෙන්නේ. යුනි­ව­ර්සල් හෝට­ල­යෙන් තමයි දෑග­සව් දෙනම හැදුවේ. ඇතුළේ තියෙන කත­ර­ගම දේවා­ලය හදලා තියෙන්නේ ලීලා ස්ටෝර්ස් අධි­ප­ති­තුමා. විෂ්ණු දේවා­ලය හදලා තියෙන්නේ වික්‍ර­ම­සිංහ මහ­ත්ත­යයි නෝනයි. ඔවුන්ට දරුවෝ හිටියේ නැහැ. ඒ නිසා එයා­ලගේ දේපළ අයි­ති­වුණා මහා­භා­ර­කාර මණ්ඩ­ල­යට. අදත් ඔවුන්ගේ දේප­ළ­වල මුදල් මේ සංග­ම­යට ලැබෙ­නවා. ගම්බාර දේවා­ලය හැදුවේ සී.ජේ ආරච්චි. පසු­කා­ලිනව රටේ නම්ද­රාපු බොහෝ ව්‍යාපා­රි­කයෝ පිට­කො­ටුවේ බිස්නස් කරපු අය.
අද බෝධින් වහන්සේ තියෙන තැන එදා තිබිලා තියෙන්නේ ඇළක්.

 මේ බෝධින් වහන්සේ ගෙනැල්ලා තියෙන්නේ අනු­රා­ධ­පු­ර­යෙන්. ඒ කාලේ අද වගේ බස් නැහැනේ. දකුණේ ඉඳලා අනු­රා­ධ­පුරේ වන්ද­නාවේ ගිය පිරි­සක් එන විට කාඩ්බෝඩ් පෙට්ටි­යක බෝ පැළ­යක් ගෙනැල්ලා. ඒ පිරිස කොටු­වට ඇවිත් තියෙන්නේ කෝච්චි­යෙන්. ඒ රෑ ඔවුන්ට තේ බොන්න කියලා තියෙන්නේ පුංචි ආප්ප කඩ­යක්.ඔවුන් තේ බොන්න ගිය අතරේ රික්සෝ­කා­රයෝ අර කාඩ් බෝඩ් පෙට්ටිය උස්සලා කැලේ හංගලා. අර මිනිස්සු ඒක හොයලා නැති තැන යන්න ගිහිල්ලා. කොහොම වුණත් රික්සෝ­කා­රයෝ පසුව පෙට්ටිය ඇරලා බැලු­වම එහි තිබිලා තියෙන්නේ බෝ පැළේ. ඔවුන් ඒක ඇළ ගාව හිට­වලා. කාල­යත් එක්ක බෝ පැළේ හැදිලා. ඒ වටේ රිස්සො­කා­රයෝ උණ බම්බු වැටක් ගහලා. ඔහොම ආව බොධීන් වහන්සේ තමයි දැන් රටේම ජන­තා­ව­ගෙන් පිදුම් ලබ­මින් වැඩ ඉන්නේ.

පිට­කො­ටුව බෝධී­රාජ සමි­ති­යෙන් ඇරඹි බත් දන්සල අද දක්වාම පැවැත්වේ. මෙය දින දෙකක් පුරා පැවැත් වෙන්නකි.

ඒ කාලේ පිට­කො­ටුවේ තොග බඩු ඒ කියන්නෙ සහල් කෙරුවේ වී.ටී.වී දේව­නා­ය­ගම් කියන මහ­ත්තයා.....
හැම­දාම බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා පූජා කරලා තියෙන මල­කුත් අර­ගෙන කනේ ගහ­ගෙන තමයි කඩේ වැඩ පටන් ගන්න යන්නේ. ඔහු දෙමළ වුණාට බෝධීන් වහන්සේ වන්දනා කර­නවා. හාල් මුට්ට එක­සිය දොළ­හක් දීලා තිබුණා. හාල් මුට්ට­යට හාල් සේරු අසූ­වක් තියෙ­නවා. පරිප්පු, ලූනු දුන්නේ ලීලා ස්ටෝර්ස් එකෙන්. එළ­වළු මැනිං මාර්කට් වෙළ­ඳු­න්ගෙන්. අද­ටත් පිට­කො­ටුවේ ව්‍යාපා­රි­ක­ය­න්ගෙන් තමයි දන්ස­ලට අනු­ග්‍ර­හය ලැබෙන්නේ.

ඒ කාලේ කෝකි­යාට දන්සලේ උයන්න රුපි­යල් 15000 ගෙව්වා. මේ දන්ස­ලට සහාය දක්වන්න කියලා යුද­හ­මු­දා­වට පොලි­සි­යට පවා ලියුම් ලිව්වා. දන්සලේ සෙනඟ බෝධිය ගාව ඉඳලා ගෑස්පහ ළඟට යන­තුරු හිටියා. නග­රා­ධි­පති ලෙස හිටිය ජබී­ර් කා­දර් මහ­ත්­තයා තමයි වතුර බවු­සර් දෙකක් දුන්නේ. බෞද්ධ අබෞද්ධ හැමෝම මෙයට සහාය වුණා.”

බෞද්ධ අබෞද්ධ හැමෝම එක්වී දන්සල පටන් ගත්තා......
තෙරුවන් සරණයි !
ජය ශ්‍රී !