උබ අපේ යට ගියාව ඇවිස්සුවා.
"විභාගේ පෙල් උනාම කරන දේ තමයි හිතුවේ."
ජිවිතේ සොදුරු වයසේ සියල්ල යටපත් කරගෙන කට්ටා පොළොවේ හැල්මේ දුවන නුබේ චරිතේ, වරිගේ පට්ටයි.
අපේ ගෙවල් වල විතරද මිසිස්සු ඉන්නේ...
ඇයි... උබලාගේ ගෙවල් වල සත්තුද ඉන්නේ...
නෑ.. නැ... නැ... ම.. මම කිවුවේ...
අනේ පලයන් බන් යන්න...
වෙලාවකට මට හිතුණා. උබේ හදවතට රිංගා බලන්න ඇත්නම් කියලා.
විරාගයේ , යුගාන්තයේ දෝලනයවී සිරි යහනේ මකුළු දැල් කැඩුවා කියලයි මට හිතෙන්නේ.
හරියට යශෝරාවයේ බලදේව වගේ.
උබේ උන්ට, නොහොදක් නෝක්කාඩුවක් වෙන්න දුන්නෙම නෑ..
තරාදිය වගේ...
මුහුදු හතකින් එහා පැරිස් සුවද හමා වතේ දැවටුනත්,
ගමේ දහදිය, වෙල් ඉපනැල්ලේ ගහේ කොලේ සුවදට උබ හදවතින්ම ආසා කළා.
දීප්ත රටඉදලා ගමට එන දවසේ.....මෙගා...
අඩෝ බොක්කා... දීප්තයා උබ අවා නේද.. උබ අවා...
ගමේ කොල්ලෝ එහෙම කියලා බදා ගන්නවා...
මං ගමට යනවා...........
කිතුලා සේව්න්දිකට පෙම්බැදි නටපු හැටි, පට්ටම සින් එකක්.
ඌ ගිය දවසේත් එහෙමයි.
වැලටත් බර, බඩටත් නැති පතොලයාගේ පිස්සු කතා යටි බඩ කොර උනා.
"ඒ පර බල්ලා අපිව දාලා ගිහිල්ලා බන්..."
මල්ලි... කටු නැති චිකන් දෙකක් දාපන්..
අපි කටු කෑවට... ලමයිටයි ගැනිටයි කටු කවන්න බැනේ..
අමමට හුඩු, ඒ සුස්ති මනෝ ලෝකය...
කූරා...නිකන් ගම්බිරිස් ඇටේ වගේ.
එත්... සුලෝ නොම්බරය නොදී ගිය එක හිත තැලිලා උන්නා එදා..
"අඩෝ පරයෝ මේ ගගේ වැලි අපිටත් අයිතියි.
පුලුවන්නම් නවත්තපල්ලා...."
ගේම මයි ඌ ඉල්ලන්නේ.
පැරදිලා පලා ගියේ නෑ...හා... රැවටිලා සුවේ හෙලා නෑ..
පිටු පාලා සුවේ හෙලා නෑ...හා.. මා කවදාවත් වෙනස් උනේ නෑ..
ජගා එහෙම ඇක්ෂන් දමා කිවත්
සුලෝ මෙහෙම කියනවා
'සමහර කෙල්ලෝ කැමති නෑ...විභාගේ ඇන ගත්ත කොල්ලන්ට...
සුලෝ ආස ලස්සන කොල්ලන්ට...
මේ... මන් වෙනස්...
මේ පතෝ...
මම කිව්වේ සමහර කෙල්ලන් හිතන විදිහ...'
උසස් කුලේ සුලෝට... පහත් කුලේ ජගාට මනාපයක් නෑ...
"මං සුලෝව බදිනවා යකෝ මං සුලෝව බදිනවා.
සුලෝලා ගෙදරින් මට කැමති නෑ. අපේ පරම්පරාවම බෙරකාරයෝ උනාට මං ඩ්‍රම්ස් ගහන එකෙක් යකෝ...."
සුලෝ දුවිලෙන් වස්තුනු තවරු එක යායේ එකට උන් නොදක්කාසේ සිදාදියේ රහසින් යනවා.
අපේ ගම්වලත් දෙතුන් දෙනෙක් කෙල්ලන් කොලොබදී අපෙන්ම නොදන්න විදිය අහලා එහෙම මාරු වෙනවා.
අසා ඉමු අපි...සුමුදු වැල්ලක...
සයුර මුමුමුන පෙම් කතා...
බලා ඉමු අපි...
ඇත සිටිජයේ මැවෙන හසරැලි පෙම් රටා...
සොරි...සොරි...
පට්ට බැල්ලි...
දිප්තට ඒවාට ලැජ්ජයි...
අලියා වැටුණු වැවේ වගේ අතීතේ මතකයන්
'මාත් ආසයි ඔයත් එක්ක ගිලෙන්න...'
වැවේ මන්කඩේ දග
දන්නෝ දනී.
කෝකටත් තයිලයට පට්ටියේ උන්නු උදිතයා උස්ගලේ ලොකු සාදු උනා පොසොන් සදක් පැවූ දිනක. හරියට කුසුම්සිරි ඇගේ...
ඩින්ගා අයියා වගේ විනෝදයට බර, පොඩි පඩ බිස්නස් කරමින් කාලේ අනුව වෙනස් වෙමින්. හයියක් වෙමින්. මේ වගේ පොකුරක ගුරු හරුකම් කියා දෙන දුකේදී සැපේදී පිහිටවෙන, සොරොම් අදින ලොස් නැති අයියා කෙනෙක් ඉන්නවාමයි .
හරියට යක් දෙහි ඉස්ම වගේ...
අපේ ගමේ අතුරේ යන පොල් මල් තලන, දේශීය මන්ඩිය හැදී ගාන චුට්ට් අයියා වගේ...
"හා.හා පුරා යමුද කතරගම ගිහිල්ලා එන්න.."
අබ ඇටයක් වැටුනත් මල පනින. කෙටි දරදඩු වචන කියන ලොක්කා අයියා ආමි උණ හොද කරන්න බැ...
"කාපන්උබ හන්දා ගේනවා
යකෝ තෝ විභාගේ පෙල් උනා කියලා ගෙදරින් කන්න බොන්න එපා කිවේ නැනේ...
යුද්දේ කරපු සල්ලි වලින් මේවා ගේන්නේ..."
බුළුවල අයියා වගේ...විනාශේ වගේම ඇත දකිනවා.හිත හොද උනත් පොසස් නිසා ඇම්ම.
"ජගා ගාව ඇති බන්...
වන වදුලේ වසන්තේ වෙන්න ඇති...
ඇත්තද අපේ හාමුදුරුවෝ කියනවා අපි කරපු දේ විතරයි ඉතිරි වෙන්නේ..."
ජගාගේ සුලෝගේ ආදර දෙබස් අමුතු ගතියක් දැනෙනවා...!
යශෝදරා අක්කාගේ පොත් රාක්කේ දුවිලි බැදී ඇති බව කියයන්නේ ඇයයි.
නොකීවට ගමේ හිටියා ප්‍රේමා අක්කා වගේ.
ගොම පොළොවට පය ගස ගෙන කතා නැති සරළ තාත්තා කිරි අප්පචිචි වගේ..
"ඔන්න ඔහේ මට තේ ටිකක් හදලා දියල්ලා..
දීප්තගේ තාත්තා ඔහේ කියාගෙන යනවා."
වන්නියේ වැරදිලාවත් අවොත්
දැදුරු ඔයෙන් නාලා, තෙප්පලි බියිට් එක්කලා රා කලයක් තොල ගලා ඇන්න යන්න වරෙන්...
සෙට් එකේ ඔක්කොමට අයියනායක දෙවි පිහිටයි
ඕන යටි බඩක් බන්...
"ඉස්ම යකෝ අපි"
- මං
- වන්නියේ කොල්ලේක්