Friday, March 27, 2020

බැතියෙන් සපිරුණු ඔබගේ ලෝකය... නොදහම මැද මියෑදී අවසානය...!

ලෝකයේම අංක එකේ බලවතා වන ඇමෙරිකාව පාලනය කරන ජනාදිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද, මා ජිවත් වන ජ්ර්මනියේ යකඩ ගැහැනිය ලෙස ලෝකයම බලවන්තිය වන ඇන්ජෙලා මාකල්ද, එංගලන්තයේ රජ කිරුළ හිමි චාල්ස් කුමරු ඇතුළු ලොව අනිකුත් ප්‍රබල හා දුබල රාජ්‍යය වල නායකයෝ මේ මොහොතේ කොරෝනා වෛරසය හමුවේ අසරණවී ඇත.
රෝගය පැතිරි මසක් පමණ ඇතුලත පෘතුවියේ ජීවත්වන සියලුම මිනිස් වර්ගයා ජාති, ආගම් කුල,වර්ණ බේද නොකොට සියලුම කෙරුම්කාරයෝ නිවසට ගාල් කර ඇත.එම පොළොවේම මෙතෙක් කල් හිරවී වාසය කළ සියලුම සත්වයෝ අතරින් නිල්වන් අහස සිසාරා පක්ෂීන් නිදහසේ ඉගිලී පියාබමින්ද,මහ පොලොව මත සියලු සතා සිවුපාවෝද, වැව් පොකුණු දිය ඇලි ගංගා මහා සයුරෙහි මසුන් ඇතුළු ජලජ ජීවින්ද මේ ගෙවන්නේ නිදහසේ අරුණලු උපරිමේ සමයයි.

චීනයේ මකරාගේ අත් පා සියල්ලම ව්හිදුවා ඇමරිකා රාජාලියා,ඔස්ට්‍රේලියාවේ කැන්ගරුවා,ස්කැන්ඩියා හිම වලසා,අප්‍රිකානු දිවියා,ජපානයේ පැන්ඩා, බ්‍රසීලයේ බැබුන්,නොර්වේ සිල් මසුන් මෙම කොරෝනාව නිසා අල්ලා කොර කර පොළොවේ ගසා ඇත. මේ මොහොතේ මුළු ලොවම බිය වී සලිතව වෙවුලමින් සිටි.

මාද...ඔබද...ඇතුළු අප සැමගේ ජිවිත හෙට, අනිද්දා, ඉන් අනිද්දා කා අතේද.. තව ටික දොහකින් කොතනින් කෙලවර වෙයිද...
හැම අතින්ම බලවත් ධනවත් නිදහසක් ඇති රටක ජීවත්වන මා සිතුවේ මේවා ජර්මන්කාරයට සිම්පල් සිතාය. එහෙම සිතුවේ කිවේ ඔවුන් පට්ට වැඩඩො බව දන්නා නිසාය.එය වචනේ පරිසමාප්තයෙන්ම ඇත්තය. හේතුව ජිවිතේ හරි අඩක් ගෙන්දගම් පොළොවේත් ගොම පොළොවේත් දෝලනය වී ඉතිරි බාගේ මේ මොහොත වන විටත් මේ හිම පොළොවේ ජිවත් වන්නේ ජර්මනියට පිංසින්දු වෙන්ටය.
එහෙ මෙහෙ හක්කලන් නටමින්, ලැබෙන දෙයක් කරමින්, තියෙන දෙකක් කා ගෙන බීගෙන සැහැලුවෙන් ජීවත් වන්න අදටත් උත්සාහ ගනිමින් සිටිමි. පස්ටා සමග පරිප්පු කැවේ, කන්නේ දැන් මේ ජීවීතේට හුරුවී අඩූ බඩු අබල දුබල ශරීර කූඩුවට දෑනෙන නිසාය. මොකා මොනා කිවත් මට ජ්රමන්කාරයෙක් මේ සම්මාත්ජාතියේ විය නොහැක. යුරෝපයේ ලැබූ අත්දැකීම් සමග මා කල්ලෙකි.
කොරෝනා වෛරසය අරුද මුද අවශ්‍ය නැත.ලෝක පුජිත ධනවත් පෘතුගාල් පාපන්දු ක්‍රීඩක රොනල්ඩ්ඩොද, අපේ ගමේ කිරි දොවන එල්ලේ ගසන ප්‍රේමයාද එකය.වෙනකක් තියා අපි හැමෝම එක මල්ලේය.

"මේ වෛරසය උබලා හැදුවේ..." ඇමරිකන්කාරය චිනාට ඇගිල්ල දිගු කරයි.

"නෑ.. අපි නොවෙයි උබලා අපිට අත්හදා බලා අපිට කෙලවන්න රහසේ එවපු දෙයක්...'
චීනා එහෙම කියයි.

"තොපි දෙගොල්ලොම එකතුවෙලා ඩිස් මිස් වෙලා ලික් උන දෙයක්..."
ලෝකයා එසේ කියයි.

"මේකයි මචෝ මේක බෝවෙන්නේ මෙහෙ ගොඩක් නාකි උන්ට රෙන්ට් එක ගෙවන්න ඔහේ මැරෙන්න යවනවා..."

ඉතාලියේ අපේ එකෙක් එහෙම කියනවා.

"පිස්සුද බන් ඉත්තෝ හොද උන් බන් අපේ අයට කොච්චර උදවු කරනවද...'
මම එහෙම කියනවා
එක නම් ඇත්ත..

"මලේ මේක දෙයියන්ගේ ලෙඩක්...කෝ තවම බෙහෙතක් හේතක් නෑ..."

"උබට මතකද ගන්ගොඩේ රා මැදපු චුට්ට අයියා...
ඒ කාලේ උටත් හොයාගන්න බැරි ලෙඩක් හැදුනානේ...
වෙදමාමා අපේ ලොකු අප්පචිචි නොවැ ඒ සන්දියේ..."
"ඉතින්..."
"අමු කොහොබ පාවට්ටා දළුයි එකතු කරලා මෙට්ටයක දවස් දෙකක් ආව තේව කරන් හක්කලා ඊලග දවසේ පට්ට අවුවේ පැගිරි කොළ පත ලාවට හිදොල හරමානිස් ගොයීයා එක්කලා හිටන් නැව්වා කියහන්කෝ...
හවස තොවිලයක් නැටුවා අයියනායක දෙවියන්ට...
ඔය අගේට හොද උනේ
මේවා දෙයියන්ගේ ලෙඩ... බෙහෙත් නෑ මලේ..."

"මොකද්ද මේ ලෝක විනාසේ...???"

හිතලා දුක සැප අහගන්ට කියලා
යමක් කෙමක් දන්න ගමේ තෙන්නේ අයියාට වයිබර් එකෙන් කැඩි කැඩි කතා කරන විට බුලත් හපේ හක්කේ තියන් එහෙම ගමේ තෙන්නෙ අයියා එහෙම දෙසා බෑවා.
අතීතයේ සිට ලක්දිවට ඇතිවූ කරදර සියල්ලම පාහේ ජයග්‍රහණ ලබා තිබෙනවා.ඒ දහසක් දෙවියන්ගේ බුදුන්ගේ බැල්මත් නිතරම ලෑබෙන නිසා බව මා විස්වාශ කරනවා.
මෙවැනි රෝග දුර්බික්ෂ ශිලා යුගයේත් අත්විඳීමට සිදුවූ බවට සාකෂි හමුවී තිබේ.
බුදුන්ගේ සමයේත් උන්වහන්සේ රජගහනුවර වැඩ වසන සමයේ විසාලා මහනුවර තුන්බිය ඇතිවූ විට අප ගෞතම බුදු පියානන් වහන්සේ දහස් ගනනින්වූ රහතුන් වහන්සේලා පිරිවරා
නගර ද්වාරය අසලින් අසුන්ගෙන මහා බලසම්පන්න රතන සූත්‍රය දේශනා කර එම මහා වසංගතය උන්වහන්සේලා නැවැත් වුහ.
මගේ මවුබිමේ ඇත්තෝ ඒ අතින් බොහෝ පින් කර ඇත.
පසුගිය කාලේ සුනාමිය නිසා ඇති වූ හානිය, අවුරුදු 30 ක් ඒ කුරිරු යුද්ධය නිසා අහිමි වූ මිනිස් ජිවිත, දෙපළ,මුදලේ අගය කඩා වැටීම් හමුවේද...මේ මොහොතේදී...
කොරෝනා බැක්ටිරියාව හමුවේ අද නොසැළී බර්ලින් තාප්පය වගේ නොසැළී සිටි.
සුද්දා හාන්සිය.කයිවාරු ගසන, අපිට මානව හිමිකම් ගැන උගන්වා නියෝග දෙන යුරෝපීය සංගම් අද බොද වෙලාය.
මහා බලගතු සුරූපි ඉතාලියානුවො තනි වෙලාය. රෝමයේ ලොක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී ලියනාඩෝ ඩාවින්චිගේ චිත්‍ර යකූ දේව දූතිය ගේ දෑස කදුලින් සායම් බොදවී තෙත් වී යයි. වතිකානුවේ සීනු හඬ පරදා මළවුන්ගේ විලාපයයි. මිලානෝ පස්ටා, මෝදනා රතු වයින්, මෝදනා ඔලී ඔයිල් රස නහර පිනා ගිය අතීතය අමතක නොවේ. බොන සෙරා...
එදා ස්පාඤ්ඤයේ ගත කළ සමයේ නැරඹූ 92 බාසිලෝනා ඔලිම්පික් උළලේ මීටර් 100 දුවා ලෝක වාර්තා තැබු ඇමරිකන් කගවෙනා කාල් ලුවිස්ගේ ලෝක වාර්තා හමුවේ සතුට රැව් පිළිරැව් දුන් රතු පලස මතින් ඔල්වරසන් හඩ පරදා මට මේ මොහොතේ ඇසෙන්නේ කොරෝනා රෝගීන්ගේ විලාපයයි. අසරණවූ ලස්සන ස්පාඤ්ඤයයි.

යුරෝපයේ එක බෝඩරයක් වසන විට තවත් බෝඩරයකින් කොරෝනා හැංගි හොරා වීසා නැතුව ඇතුළුවෙ.
එදා මා නයි මල්ල කරේ තියං ගිය අති සුන්දර බාසිලෝනා වෙරළ තිරය, පිසා කුළුණ, පැරිස් කුළුණ. බර්ලින් තාප්පය,ලුඩ්ස් අන්දොරා නිම්නය, නෙදර්ලන්තයයේ සුන්දර මල්වතු සුවද, බෙල්ජියමේ ඝන කැලෑ මල් සුවඳ, සුවිස් ඇල්පයින් හිම කඳුකරයේ දෝංකාරය, ජර්මනියේ කොලොන් නගරයේ ඔඩි කොලොන් සුවද කොර කර කොරෝනා වෛරසය ගලා හමා යයි.
මම මගේ දරුවෝ තුරුළු කරන් නිසංසල රයින් නදියට සාමාන්තරව ඉහලින් නිල්වන් අහසේ සිත කාලයේ සිට උෂ්ණ කාලයට මොරොක්කෝ දෙසට පියාබන සුදු කොක්කු රෑනනුන්ගේ චාමත්කාරය පමණක් නිවසේ හිම කවුළුවෙන් එබී නෙතින් පමණක් විදිමින් සිටි.දුකක් සමග සන්තාපයක් තනි කමක් සිතට නැගේ. හිත සෙමින් ගමට යයි.
වන්නියේ ගමේ ඉන්න කාලේ... අලියාවැටුණුවැවට උඩින් පියබා ගිය සේරු රෑන බලා සිනා සෙමින් කොල්ලෝ සමග අත්පුඩි ගහපු අතීතය මතක් වේ.උන් වැවට ලෑන්ඩ් කරන හැටි,කොරෝවක්කෝ, කිරල්ලු ඒ බයට කැ කෝ හඩලන හැටි, අපි කෙල්ලෝ සමග බලා වන් හුන් වෙමින් බටලන්දේ බලා උන්නේ මා දන් ගස් උඩ රත් පැහැති ඉදි ගෙඩි වළලු ඉනේ බැදන්ය.සමහර කොලොන්ගේ සරොම කැහැ පොට ගහේ පහළ අතුවල කරුවක එල්ලී ඉන්න මා කඩා සිනා හඩා වූ අතීතය පට්ටය.
මගේ කෙල්ලෝ දෙන්නාට මා එදා ගත කළ ඇලේ දොලේ ගහේ කොලේ පට්ට පරිසරයත්, සතා සිවුපාවා හා බැඳුණු ආදරයත් කරුණාවත්, ඒ සුන්දර නිදහස් ළමාවියත් ආයෙ ලැබෙන්නේ නැත.
දැන් උන් මගේ කරට උඩින්ය.

ගමේ රන්බණ්ඩා මාමේ, හිලොගමේ ලොකු නැන්දේ,පස්යාලේ සුදු මාමණ්ඩි, තලාවේ අනෝමා නංගියේ,වැහැර රත්නේ අයියේ,මැද කොලොබ අපේ මහගෙදර අවට ජිවත් වන නෝනිස් අන්කල්,මාග්‍රට් ඇන්ටි, නෙවිල් අයියේ, කවිදු පුතේ උබලාට හා මෙකි නොකී උබලාට රත්‍තරන්වූ පොළොවක් මත තුර ලතා පිරි ඇළ දොළ ගංගා පිරි පට්ට ඉතිහාසයක් සමග දේදුනු වර්ණ සංස්කෘතික්,හෙළ ගොවි වෙද වට්ටෝරු පුස්කොළ පොත් පඩුවස්නුවර මාලිගයේ තවමත් උන්මාද චිත්‍රාගේ පොකුණට දිය නොවී යහතින් ඇත.
මුහුනෙ සුදු හදුන් අඹරා ගාපල්ලා...
කොහොඹ කොළ තම්බා බීපල්ලා නාපල්ලා...
පාවට්ටා කංසා කොළයක දුමක් ඇදපල්ලා...
කොස් දෙල් පොලොස් කහ ගොරකා ඇඹුලක් කාපල්ලා...
හාතවාරිය ගොටුකොළ රස වඩියක් බීපල්ලා...

නුබලාට බුදුන්ගේ දෙවියන්ගේ පිහිටයි....!!!Jagath Randeniya ගේ ඡායාරූපය

No comments:

Post a Comment

හිතෙන දේවල් මතක දේවල් කියලා යනඑක හයියක්