Friday, November 13, 2020

දුප්පතාගෙ හිතවතා - කොළඹ තෝසෙ රජා...

 චීස් බීස් හැම් බේකන් පස්ට පිස්ටා චීන නූඩ්ල්ස් බුරියානි වගේ පෝෂ් කෑම අතේ නොගෑවී හැඳි, ගෑරුප්පු ගිලින උදවියද, මුහුණ සඟවා හොරෙන් රිංගන ආමර් වීදියේ දුප්පතාගේ අවන්හලෙ කල්දේරම් බඩු ඇඟිලි තුඩුවලින් මිරිකා අනා සාම්බාරු හොදි පෙරි පෙරි ඒ බඩජාරි නැති බැරි මැද සතුට ඉහ වහා ගිය එදා අතීතය මට සිහිවේ...

සාම්බාරු හොද්දේ සුවඳට පාටට රසයට අහක බලපු උදවියට මෙන්න තවත් කොළඹ අංක එකේ තෝසේ, සාම්බාරු, මසල වඩේ හෝටලයක වගතුග...
කෑවොත් දියාරු පරිප්පු හොදි සමග රසම් හොදි ,
බඩ කට අවයව, නියඟයේ වැවේ අහුවුනු නෙළුම් අලයක් වගේ තමා...
ඒ වෙන කොහේවත් නොව ආමර් වීදියෙ "ශ්‍රී වානි විලාස්" වෙජිටෙරියන්...
හා හා හා හා හා හා...
මෙතන බොලේ හරි ජරමර...
කොලොම්පුරේ ශ්‍රියා...
වානි එකේ ඇතුලේ බොම්බේ බාසර් වගේ, රේඩියෝ සිලෝන් එකේ ගිය ඒ කාලේ එහෙම සින්දුත් ඇහෙනවා...
තෝසේ මසල වඩේ
සම්බෝලෙ ටික ටික
සම්බාරූ ගොඩ ගොඩ
එකට ආනාලා... කාලා යන්නේ...
තෝසේ මසල වඩේ...
සිංහල සිනමාවේ විකට නළුවෙකු වූ එඩී ජයමාන්න ශූරීන් සහ පසුව නව රිද්මයට බයිලා ගායක ඩෙස්මන් ද සිල්වා ගායනා කරන පැරණි සූප්‍රසිද්ධ ගීතයද එහි වැඩ කරන වේටර් අයියලා කැඩිච්ච සිංහලෙන් තාලයට හිමිහිට මුමුණනවා මා දැක තිබෙනවා.
එහි සේවකයෝ කම්මැලි නොවී ඒ පන්ච තාලයට තමයි සියලුම දෙනා කඩියෝ වගේ වැඩ කරන්නේ.
හැබැයි තමන් හෝටලයේ කැෂියර් එක ලඟින් දේදුනු පාට පැණි රස දකිමින් බොම්බේ ස්වීට් පිළිවෙලකට තබා ඇති වීදුරු රාක්කය ලඟින් හෝටලයට ඇතුළු වන්නේ ඇතුළතින් එන රසම් සුවඳ හමනා විටදීය.
ඔබ එන බව කෑගසා ඇනවුම් කරත්, කෑම කන්න හැඳි ගෑරුප්පු පිඟන් පීරිසි හට්ටි මුට්ටි මැටි භාජන බෙලෙක් පිඟන් ඕනේම නැත්තං වානා...
නැත්නම් මොකා ගියත් කෙහෙල් කොලේට බඩු. වගතුවක් නැතුව විසිකරන සාම්බාරු හොද්ද සමග තොසෙ කෙහෙල් කොළයට විසි කරන්නේ හරියට කවපෙත්ත විසි කරනවා වගේය. මල පනිනවා වෙලාවකට... ඒත් පෙරේතකමට බඩගින්නට ඒවා සල්ලම් හොඳේ...
සීවලී මහ රහතන් වහන්සේගේ පින්තූරය සමග කතරගම දෙවිඳු, පුල්ලෙයාර් සාමි, සාන්ත මුනිදුන් පියතුමාගේ පින්තූර බිත්තියේ පිළිවෙලකට එල්ලා, ඒ රාමු මත සේපාලිකා මල් වලින් තැනූ මාල දවටා පුද පූජා කර ඇත.
රතු සුදු ඉදිආප්ප, පරාට, චපාට්, මසල උළුදු වඩේත් උණු උණුවේ තියනවා.
නාන බාල්දියක දමාගෙන ගෙනෙන සාම්බාරු හොදි ඇගට විසි වුණත් කරන්න දෙයක් නෑ. ඒවට සූදානම් වෙලා යන්න ඕනා.
ප්‍රශ්න අහන්න බැහැ. හරියට වවුලා ගේ ගෙදර ගියා වගේ. කන්න නේ ආවේ.
තෝසේ අතින් අනලා කාලා ඉවර උනාට අන්තිමට දෙන රසම් බිව්වහම කාපු ඒවා කොහෙද කියලා හොයා ගන්නත් නෑ බඩේ.
අත හෝදන්න ලඟට සබන් ෂැම්පො "ඔන්" කියලා ලඟට ගෙනත් දෙන්නෙත් නෑ.
තමුන්ම ගිහිල්ලා කුස්සියට අත හෝද ගන්නත් ඕන. ඒ නීති වලට සූදානම් නම් බඩජාරියො අපි කෑවා ගෙව්වා නොගෙව්වා සයිඩ් අවුටි වෙන්න ඕනා.
තොල කට පුපුරන ඇලුමිනියම් කරඩියේ දෙන උණු උණුවේ ළඟට එන කිරි තේ එක බිව්ව නම් බයිලා කිය කියා මේසෙ ලඟ තවත් වාඩි වෙලා ඉන්ඩ බෑ... ඉක්මනින්ම නැගිටිලා පිටත ඉන්න බාල තරුණ මහලු පෝලිමේ අයට ඉඩ දෙන්න ඕන.
කෙසෙල් කොලේ සමග තොල ගෑ සූප්පු කළ ඉතිරි වූ ඉඳුල් වන මුරුංගා සහ වට්ටක්කා පොතු , කරපිංචා නැටි, කුරුඳු පට්ටේ , කරදමුංගු එනසාල් හපෙ වගේ දේවල් කෙසෙල් කොලේ සමග ඔතලා කුණු බක්කියට විසි කරාම නළලේ තිලක තබා තිබෙන වේටර්ගෙන් අත පිසදාන්න කඩදාසි කොළයක් ලැබෙනවා. හැබැයි,
ඒක සිංහල දෙමළ ඉංග්‍රීසි පරණ පත්තර කෑල්ලක් කියවන්නෙම යන්න එපා. කාපු බීපු බීල කියලා හොඳේ.
ඔහුට සිනහවී "නල්ල සාපුඩින්ග අයියා..." කිව්වොත් ඒ වචනය සතුට ඔහුට හොඳටොම ඇති...
කැෂියර් කූඩුව ළඟ සූදුරු මහදුරු ඉඟුරුපියලි ලට පට පොඩි පීරිසියක් තිබෙනවා.
ඇඟිලි තුඩුවලින් එයින් ටිකක් ගෙන බුලත් විටක් හපනවා වගේ හැපුවොත්.
ගත සිත හිත ඒ ඖෂධ සුවඳින් පිනා යයි.
ප්‍රවේසමෙන්...
වානි හෝටලයෙන් කෑම කන්න යනවා නම් ඒ අවට ඒ වගේම හෝටල් දෙක තුනක් තියෙනවා හොර ඒවා. ඒවාගෙන් ඉල්ලන් කන්න එපා. දන්නවනේ ආමර වීදිය. අපට දොස් කියන්නත් එපා...








Thursday, July 16, 2020

ස්විස් ඇල්පයින් සිත කදුකරයේ සිට ජර්මන් මිදී වතු හරහා ගලන රයින් ගගේ සුන්දර මිටියාවතේ...

යුරෝපයේ රයින් ගඟට සමාන්තරව සදාහරිත කොළපාට නිල්ල පිරුණු මිටියාවතේ අවට පරිසරය නරඹමින් ඉඳහිට හෝ ඇවිදගෙන යන්න ඇත්නම් සිතට ගතට දැනෙන සුවය කියල නිම කරන්න බැහැ.

එම මිටියාවතේ ජීවත් වන පරිසරයට ආදරය කරමින් සත්ව ගොවිපලක් හා බැටළුවන් ඇති කරමින් ජීවිකාව ගෙන යන පාරම්පරික ජර්මන් ජාතික ගොවි මහතෙකු වන හිතවත් හර්මන් මහතා සහ ඔහුගේ බිරිඳ වන රෙනාටා මහත්මියට අයත් ගොවිපලේ සුභාවික කැලෑ මී පැණි නැවුම් වගේම හරිම රසයි.

හරියට ගමේ කිතුලේ නැවුම් බඩු වගේ.
ජර්මන් කැලේ මලේ බඩු.

යුරෝපයේ උතුරු දෙසින් අත්ලාන්තික් වනයේ ගහ කොළ මැදින්ද, සහ දකුණු දෙසින් ඇල්පයින් කඳු තිසාරා හමන ඒ සීතල සුළං රැලිද, හිමිදිරියේ හිරු රශ්මිය පසාරු කරගෙන මී මැසි ජනපදයෙ රැජිනගේ අණ පරිදි විහඟුන් නැවුම් මල් පැණි සොයා අවට සිසාරා පියඹා උදෑසනම යන්නේ කඩිසර ලෙසිනි.
අවට ඝන ලදු කැලෑවල ඉබාගාතේ වැවී තිබෙන කෑලෑ මල් හා පාරම්පරික ජර්මන් ගොවි පොළවල් වල සූරියකාන්ත, බඩ ඉරිඟු, නොයෙක් වර්ගයේ යුරෝපීය එළවළු සහ පලතුරු, අබ, බියර් සෑදීමට ගන්නා මයින්ස්, විවිධ වර්ගයේ දේදුනු පාට ඇති ශාක වල මල්වල රොන් උරා රුගෙන තම ජනපද සොයා විහඟුන් පියාඹන්නේ රූන් රූන් හඩ නගා ගෙන කනට ඇසෙන පේන තෙක්මානේ කැලෑ රොදවල් පීරමින් ය.

පරිසරයේ නිහඬතාවය බිඳිමින් සතා සිවුපාවා කුරුල්ලෝ හඬ අසමින් නිදහසේ පරිසරයෙහි ඇවිදන යන විට මා ගත සිත සුන්දරත්වයෙන් සොඳුරු පිටිසර වන්නියේ ගමට යන්නේ අතිතයේ මතක සූවද විදිමිනි...
එදා කැලෑවල ඇවිදිමින් ජනපදයක් දැක්කොත් හුබස් වල බෙන වල මී වද කඩා තොල් ඇස් කන් ඩබල් ට්‍රිබල් වී මී පැණි තොල ගෑ හැටිද, තාත්තගේ කන්දොස්කිරියාව ද මට අමතක නොවේ.

Tuesday, May 26, 2020

හන්තානේ කන්දේන් ඉගිල්ලි ගිය දේදුනු වර්ණ සමනලයා...

ඒ අවදියේ මම රස්තියාදු ගහන කාලයයි. එදා බොරැල්ලේ හන්දියේ බෝ ගහ ලග හැමදා ඉන්න යාචක වියපත් මිනිසා විලාප නගන්නේ විජය කුමාරතුංග නම් සොදුරු මානව හිතවාදීයාගේ වෙඩි තබා මරණය සිදු කල ආරංච්යයි. නමුත් මා සිතා සිටියේ මොහු බොරුවට වැලපෙන බවයි...ඊට සුළු මොහාතකට කලින් ගුවන්විදුලි මගින් එම පුවෟර්තිය ප්‍රචාරය කෙරුණු බව කීපදෙනක් මා සමග පැවසිමෙන් ඒ මොහොතේ සිටින තැන පවා අමතක වී නතර උනේ කොලොබ මහ රෝහලේ මොචර්ය අසලනි.එදා ගුවන් විදුලියෙන් පුචාරය වු පුවෟර්තිය පුචාරය කලේ ද අප අතරින් වියෝ වූ ගීත රචකයකු හා ගුවන්විදුලි නිවේදකයකු වූ සොදුරු මිනිසෙකු වූද දිවංගත පෙු්මකීර්තී ද අල්විස් මහතා විසින් වීම ද විශේෂ සිදුවිමිකි.එ් මහා ගී පද රචකයාට ද අවසානයේ අප නොසිතු ලෙස මෙලොව හැයාමට සිදුවුයේ ද එම දේශපාලන වාතාරනයේ පැවති භිෂන කාලයේදී ය. මහජනතාව එක් රොක් වෙමින් වේදනාවෙන් දුක් මුසු මුහුණින් හා සමහරුන් හඩමින් එහි ගේට්ටුව වට කොට සිටියහ. මමද ඒ මොහොතේ එතනට පැමිණියේ මිත්‍රයෝ කීප දෙනෙක් සමගය.අපද අසල තිබුනු තාප්පයකට නැග වේදනාවෙන් කෑගසන්නට විය. හදුනන කීපදෙනෙක් මුත්‍රශරිරාගාරයේ සිට හඩමින් පැමිණ පිටත සිටනා අය සමග විස්තර කියන දේද අපි අසා හිතා හදා ගෙන රෑ බෝවී ගෙදර ආ බව මට අදටත් හොදටම මතකය...

ජීවිත සටන දී ඔහු මට දෙතුන් වතාවක් හමු වී ඇත. මහජන පක්ෂය පළමු රැස්වීමේ සුගතදාස ක්‍රීඩාංගනයේදීද ,මාලිගාවත්තේ අපේ නිවස අසළ චිත්‍ර පටයක් රුප ගත කරන මොහොතක හා ඔහුගේ හිතවත් සුනිල් නෝනිස් සමග පොල්හේන්ගොඩ නිවසේදීය . කොලබ කොස්ගස් හන්දියේ රැස්වීමේ වේගවත් කතා විලාසයත් , අසහාය ගායක ජෝතිපාල යානන්ගේ ගුණ සැමරුම වෙනුවෙන් මරදාන ටවර් රගහළේ දී දුක් බර දෑසින් වේදනාවෙන් කල කතාවත් සජීවීව දැකපු මට කිසිදා අමතක නොවේ. ඔහුගේ නිසල දේහය බැලීමට අපි ගිය හැම මොහොතකම දිගු පෝලිම් නිසා බොරැල්ලේ පොලිසියේ එදා සේවයේ කල ගමේ මිතුරෙකු උදව් වෙන් රස්තියාදු නොවී දුක්මුසු වේදනාවන් අපි රස්තියාදු කාමරයට ආ හැටි මට සිහිවේ,

... විජය වරක් දොරවේරුවේ දි ප‍්‍රසිද්දියේ තම මරනය ගැන මෙසේ ප‍්‍රකාශ කොට ඇත. එනම්, මම කිසිසේත්ම මරණයට බිය නොවෙමි. එහෙත් ඇතැම් විට මට මරණය ගැනද බියක් දැනේ යම් හෙයකින් මා මළ දාක ඔබගේ පියා මළේ කෙසේ දැයි, පාසලේ සහෝදර ශිෂ්‍යයෙකු මාගේ පුතාගෙන් විමසුවහොත්......

”මාගේ පියා මළේ බයිස් කොප් එකක තරුණියක් සමග මල් ගසක් වටා නටන් ගියක් කියද්දී හැඳුණු පපුවේ අමාරුවෙනි” යැයි පිළිතුරු දීමට මාගේ පුතාට සිදුවේ යැයි මම බියෙන් පසුවෙමි. කොටියෙකුගේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ ගිනි අවියකින් මාගෙ හිස කුඩු පට්ටම් වී යාමට ලැබුණොත්මට ඊට වඩා සැපයක් නොමැත.” යනාදි වශයෙනි.

විටෙක ඔබ යෞවනයේ සිහින කුමාරයා ය. සහෘර්ද හදවත් අමන්දානන්දයට පත් කළ ඔබ එදා මෙදා තුර සිනමාවේ සුකුමාල පෙම්වතාය.සොදුරු කලාකරුවෙකු වූ විජය කුමාරතුංගයන් සදා අමරණීය මතකයක් සමග අප හදවත් හි සැරිසරයි. ඔහු සදාකාලික පෙම්වතකි. කිසිදා මහළු නොවන ඔහු අප අතරට පැමිණියේ නාඹර තරුණ වියේ දී ය. ඔහු සිනමා වේ පෙම්වතා විය. ඔහු මිය යන විටත් ඔහු සිනමාවේ පෙම්වතා ම විය. අමතක නොවන හදවත් ඇති රසික රසිකාවියන් තවමත් ඒ සුන්දර මිනිසාගේ රුව, ගායනය, රංගනය වෙනුවෙන් ජීවත් වෙයි. පුදුමයට පත්කරවන කරුනක් ඇත. ඒ විජය වියෝ වූ පසු උපන් නව පරපුරක ආදරය ද ඔහුට හිමි විමයි.

ලාංකේය සිනමා සංස්කෘතිය තුළ ඉහළම ප‍්‍රතිරූපයක් ගොඩන`ගා ගෙන සිටි ගාමිනි ෆොන්සේකා පොදු ජනයා අතර දිනාගෙන සිටි අසීමිත ජනපි‍්‍රයත්වය හැත්තෑව දශකයේ මැද භාගය වන විට කෙමෙන් විජය කුමාරතුංගයන් වෙත මාරු වෙමින් අසූව දශකයේ මැද භාගය වන විට තිරයේ ජනපි‍්‍රයම නළුවා බවට පත් විය. විජයගේ අසීමිත රූප සම්පත්තිය ඔහු ගේ ජනපි‍්‍රයත්වයට හේතු විය.

හැටේ දශකයේ අවසාන භාගයේ දී සිනමාවට අවතිරණ වන විජය කුමාරතුංග සිය රුව-ගුණ පතුරවමින් ප‍්‍රබල ලෙස ප‍්‍රතිරූපයක් ගොඩ න`ගන්නේ ලාංකේය සිනමාවේ ස්වර්ණමය අවදිය ලෙස සැළකෙන හැත්තෑව දශකකයේදිය. හැටේ දශකයේ අග භාගයේ දී ලාංකේය සිනමාවට සමාජීය නැඹුරුවක් එක් කරමින් හැත්තෑව දශකය ස්වර්ණමය අවදියක් බවට පත් කළ රැල්ලක පුරෝගාමියා වූ සුගතපාල සෙනරත් යාපාගේ ”හන්තානේ කතාව” සිනමා නිර්මාණය යි.

නව සිනමාවක අරණළු දකිමින් සිටි ධර්මසේන පතිරාජ, බර්ටි ජයසේකර, බර්ටි ගුණසේකර, ස්වර්ණාමල්ලවආරච්චි යන ශිල්පින් ඇසුරින් විජයගේ සිනමා ප‍්‍රවිෂ්ට වීම සිදු විය. විශ්වවිද්‍යාල තරුණයෙක් ලෙස තම රංගනයෙන් දායක වු විජය හැත්තෑව දශකයේ නව සිනමා ප‍්‍රවේගයට ප‍්‍රතිපක්ෂව හිස ඔසවමින් දැඩි වාණිජවාදි ජනපි‍්‍රය සිනමා ප‍්‍රවේගය විසින් නතු කරගනු ලැබීය. විජයගේ අතිශයින්ම පියකරු මුහුණ, රැුළි සහිත කොණ්ඩය, තරුණ පෙම්වතෙකුගේ සුකුමාර බව , කෙළිලොල් බව ප‍්‍රකට කරන ලක්ෂණ විය.

හන්තානේ කතාව චිත‍්‍රපටයේ ප‍්‍රධාන නළුවාගේ භූමිකාවට පණ පොවමින් රංගනයට පිවිසි විජය පි‍්‍රයංගා, රන් ඔන්චිල්ලා, හතර දෙනාම සූරයෝ, අභිරහස, කේසර සිංහයෝ, බිදුණු හදවත්, එදත් සූරයා අදත් සූරයා, ක‍්‍රිස්තු චරිතය , අහස් ගව්ව , සිකුරුලියා , තුෂාරා , මේ දැස කුමටද , හතරදෙනාම සුරයෝ , සංගීතා , මමයි රජා , හිගන කොල්ලා , මරුවා සමග වාසේ , එයා දැන් ලොකු ළමයෙක් , බඹරු ඇවිත් , ග`ග අද්දර , බැද්දේගම , කැඩපතක ජායා, බිනර් සහ ඉසුදු බණ්ඩා, ජය සිකුරුයි, ගිතිකා, විස්මය, අනුපමා, බැද්දේගම,යුගයෙන් යුගයට, අහිංසා අදි සිනමා නිර්මාණ 110කට අධික සංඛ්‍යාවකට තම රංගන දායකත්වය දක්වා ඇත.

1983 සිට 1988 දක්වා අඛණ්ඩවම වසරේ ජනප‍්‍රිය නළුවා සම්මානයේ හිමිකරුවා විය. රංගනයට මෙන්ම ගායනයටද සමතෙක් වූ විජය පසුබ්ම් ගායනයෙන් සම්බන්ධ වී සහරාවේ සිහිනය, දොළොස්මහේ පහන චිත‍්‍රපටවලට හොදම ගායකයා සම්මානය ලැබීමට තරම් ඔහු දක්ෂයෙකු විය. ඔහුගේ ගැයූ ගී විටෙක සමාජ යථාර්ථයේ පිළබිඹුවන් විය.

උගත්, රැකියා විරහිත, සමාජ අසාධාරනයට ලක් වූ ලාංකේය තරුණ පරපුරේ අසහනය මෝරා පුපුරා යාමට බොහෝ කළකට පෙරය. අවාසනවාකට ඒ අවාසනාවන්ත පුපුරායාමේ ගොදුරක් බවට ඔහු ද ලක් විය.

වහලේ යට ලියේ -එල්ලී මිය ගිය මගේ මලේ

මලේ කිමද නුඹ දනිමි මලේ

තවත් වරෙක සුනිල් ආරියරත්නයක්ගේ ගී සංකල්පයක් විජය ගේ හඩින් ගැයෙන්නට විය.

උපන් බිමට පිටු පා...

කෞතුක මන්දිරයක මිදුලට බැස ...

මහ සමුදුර වෙත දෑසු යොමා ගෙන ...

සිටිනා විරයිනේ ...

නුඹය මෙදා අප විදිනා ගැහැටට ...

වග උත්තර කරුවෝ...

බලය වෙනුවෙන් මුළු රටම අවුලට ඇද දමා ගාලූ මුවදොර පිටියේ පිළිම වෙමින්, උපන් බමට පිටුපා මහ සයුර දෙස බලා සිටින්නේ සැබෑ විරයින් දැයි සමාජයෙන් ප‍්‍රශ්න කරමින් විජය මේ ගිතය ගායනා කරයි.

මීට අමතරව ගග අද්දර, කවු`එව අතරින්, වේදනා, දිනකර පායා, සීත රැයේදී, මංගල නැකත, සුදු දුව, රෝස ගහ ළග, රැල්ලෙන් රැල්ලට, සීතලේ නිසංසලේ යන ගී ගායනා කර ඇත.

කලාව ධනය වෙනුවෙන්ම නොව සැබෑ මිනිසත්කම හා අනාගත ලෝකයක සුවය පිණිස විය යුතුයැයි උදාර හැගුමින් කටයුතු කළ ආදරණීය ”විජේ” දේශපාලනයට පිවිසෙන්නේ සැබෑ විමුක්තිය හා යහපත් දේශපාලන ගමනක් සිහිනෙන් දකිමින්ය.


Jagath Randeniya ගේ ඡායාරූපය




සටහන අන්තර්ජාලයේන්ද සොයා මාගේ මතකයන් සමග ලියන ලදී.