Thursday, October 3, 2019

කවුද කිවේ මැරුණා කියලා කවට අන්දරේ...කියපු කෙනා දන්නේ නැහැනේ හරි කතන්දරේ...












"රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහෙදෝ යන්නේ..."
ගීතයත් ගැයූවේ අපේ යුගයේ අසහාය ගායක ජේ. ඒ. මිල්ටන් පෙරේරා මහතාය...

"රිදී කලේ රන් කොතලේ බීපු මට
නිකං කළේ දිය නැතිවිය පිපාසෙට
කොට්ට මෙට්ට ඇඳ ඇතිරිළි තිබුණු මට
මෙහෙමත් කළ යාද පලු වීර ගස යට"........

අවසන් හුස්ම පොද හෙලමින් කවියෙන් ගායනා කළේ එදා රජවාසලේ හිටිය කවට අන්දරේ නොහොත්
සද්ද විද්ද පළග පතිර රාජපක්ෂ වික්‍රමසිංහ මුතු කුමාරණ අධිකාරි යන ගරු නම්බු නාම ලැබූ එදා සෙංකඩගල රාජාධිරාජසිංහ රජුගේ (1782-1798) රජුගෙ රාජ්‍ය පරිපාලනයේ දී රජුට ඇති වන ඒකාකාරී බව කටුක හා nirasa අවස්ථාවන්හි ඇති වන පීඩනය අවම කිරීම උදෙසා ජාතික අවස්ථානුකූලව කිසියම් විනෝදාස්වාදය පැතීම කවටයා මගින් සිදු වී ඇත. එපමණක්ද නොව රජවාසලේ කවටයා නිලනොවන පුරෝහිතය කුගේ භූමිකාව මෙන්ම ඒ විහිළු කර රජු himashi මෙන් නොව නිසි විහිළුවෙන්ම නිසි උපදෙස් දීමෙන් ම න්දි හට් ප්‍රියන්ගෙන් මුරුංගා අත්තේ තැබීම්වලින් රජුව බේරා ගැනීම ද ිදුවී ඇති බව ජනප්‍රවාදයේ ඉතිහාසයේ සඳහන් වේ.

අන්දරේගේ සොහොන බැලීමට යාහැකි හොඳම අවස්ථාව ඔබ කතරගම යන විටකදීය.හම්බන්තොටින් තිස්සමහාරාම පාරේ යනවිට හමුවන උඩමලල හන්දියෙන් වමට ඇති පාරේ කිලෝමීටරයක් පමණ ගොස් එහි දකුණු දෙසින් වූ වැව අයිනදිගේ ඇති අතුරුමගක ගමන් කිරීමෙන් අන්දරේගේ සොහොන වෙත ලඟාවිය හැක.
අන්දරේ යනු හුදෙක් මනඃකල්පිත චරිතයක් නොවේ.18 වන සියවසේ සෙන්කඩගල මහනුවර රාජාධි රාජසිංහ රජු දවස රජවාසලේ සිටි විකටයෙකි,කවියෙකි.අන්දරේ වටා ගෙතුණු කතා රාශියකි.අන්දරේ සීනි කාපු හැටි,ගල උස්සපු හැටි,ගොනාට ඇඳීම,හතරබීරි කතාව,කිරි කෑ හැටි,රබන් පැලීම ඉන් වඩා ප්‍රසිද්ධ කතන්දර ලෙස දැක්විය හැක.මොහු රජවාසලේ සේවය කල වකවානුව ක්‍රි.ව 1781සිට 1798 දක්වා බවට ඔහුගේ සොහොනේ සටහන්ව පවතී.

ඔහුගේ උපන්ගම ලෙස සැලකෙන්නේ මාතර දෙවිනුවර ප්‍රදේශයයි.එය ඔහුගේ පියාගේ උපන්ගම වන අතර ඔහුගේ මවගේ ගම වශයෙන් සඳහන් වන්නේ දික්වැල්ල ග්‍රාමයයි.දිගු කලක් රජ වාසලේ සේවය කල අන්දරේ තම ජීවිතයේ අවසාන භාගයේ, තමන් ඉපදුනු සුන්දර ගම්මානයත් තරුණවියේ ගැටමානේ බිරිඳ සමග ගතකල ජීවිතයත් සිහිපත් වී තම වයස්ගත බවද,රෝගී බවද නොසලකා එහි යාමට තීරණය කල අතර, ගමනේ අතරමගදී ඉහත සඳහන් උඩමලල වැව ඉස්මත්තයේ පිපාසයෙන් මියගිය බවටඉතිහාසයේ සඳහන් වේ.
අන්දරේ විසින් කියන ලද කවි කිහිපයක්

#රජබිසවගැන රජුට කී කවියක්-

බොහොම හොඳට රන්කම්කල වැඩක් වගෙ යි
දේවතුමට මහබඹු දුන් ලියක් වගෙ යි
ලෝකේ ඉන්න පඬිහට පිස්සුවක් වගෙ යි
කොහොඹ ගහට කරවිල වැල ගියා වගෙ යි.....

#පෙම්වතියට

කොළඹ කළුතර අලුත් ගන්තර මුනේ මාතර ගාල්ලේව ත්
සපරගමු පුත්තලම උඩරට කොට්ටියරම් තොට මුනේ ව ත්
සතර සත් කෝරලේ ඇතුළුව මෙවැනි මැදි හත්පත්තුවේ ව ත්
නුබ සේ ලස්සන කතක් නුදුටිමි සතර වාසල් කොන් අටේ වත්....

#තමාගැනම

යන්තරේ හොඳයි ඉඳ කපු කටින්නට
මන්තරේ හොඳයි ඉඳ ජප කරන්න ට
ගින්දරේ හොඳයි සීතට තපින්න ට
අන්දරේ හොඳයි සීපද කියන්න ට....

#මරණයටපෙර

රිදී කලේ රන්කොතලේ බීපු මට
නිකන් කලේ පැන් නැතිවිය පිපාසෙට
කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබුන මට
මෙහෙමත් කල යාද පලු වීර ගස් යට...

සැ. යු. මෙහි ලියා සොයා ඇති කරුණු අන්තර්ජාලය ඇසුරින් සහ මා ඇසින් දුටු දෙ පමණක් බව කරුණාවෙන් සලකන්න.

- පින්තූර නඩේ සමඟ ගියේ 1995 වසරේ මැද භාගයේදීය. ඉතිරි පින්තූර අන්තර්ජාලයෙන්ය.

සාන්තුවරියන්ගේ රැජින ලෙස හදුන්වන ප්‍රංශයේ දූතිකාව









නව දෙනෙක්ගෙන් යුත් පවුලේ පලමු දරුවා ලෙස 1844 ජනවාරි මස 07 වන දින ප්‍රංශයේ ලූර්දු නුවරදි බර්නදෙත් සොබිරොස් දැරිය මෙලොවට උපත ලැබීය. දුප්පත්බවට උපතින්ම උරුමකම් කී ඇය මුලු ජීව්ත කාලයෙහිම ඇදුම රෝගයෙන්ම පීඩා විදිය.ජනවාරි මස 09 වන දින බෞතිස්ම කරනු ලැබිනි.1858 පෙබරවාරි මස 11වන දින එතුමියට වයස අවුරුදු 14 දි එතුමියගේ සොහොයුරියක් සහ මිතුරියන් කිහිප දෙනෙක් සමග දර ඇහිලීමට අසල වන ලැහැබකට යන අතර එහිදි පර්වතයක් අසල ප්‍රථමයෙන්ම දේව මාතාවන් වහන්සේ එතුමියට දිස්විය.ඉන්පසු එතුමිය හට දේව මාතාවන්වහන්සේව 16 වතාවක් දිස්විනි. 1866 ජූලි මස 29 වන දින එතුමිය නර්වර්ස් හි කන්‍යාරාමයට ඇතුලත්විනි.1879 අප්‍රේල් මස 16 වන දින එතුමිය මියයන විට ජපමාලය උච්චාරනය කරමින් සිට ඇත.එතුමියගේ ශරීරය භූමදානය කර 1897 මැයි මස 30 වන දින ගොඩගනු ලැබුවේ සාන්ත ජෝසප් චතුරශ්‍රයේ තැන්පත් කිරීමටයි.

නමුත් එ අවස්ථාව වන විටත් සිරුර නැවුම්ව තිබිනි.කිසිදු දුර්ගන්ධයක්වත් නොතිබිනි.පසුව අවුරුදු 13කට පසුව නැවත සිරුර ගොඩගත් අතර එ අවස්ථාවේද සිරුර නොදිරා පැවැතිනි.1919 අප්‍රේල් මස 03 වන දින නැවත ගොඩගත් සිරුර වෛද්‍යවරුන් 2 සහ හෙදියක් විසින් පරික්ශා කරන ලද අතර එවිට ඔවුන් පැවසුවේ ලුනු වැනි කුඩක් මුලු සිරුර වටාම ආරක්ෂක වලල්ලක් ලෙස විසිරි ඇති බවයි.පසුව 1925 නැවත ගොඩගත් සිරුර රත්‍රන් සහ ක්‍රිස්ටල් වලින් නිපදවු පෙට්ටික බහා එතුමිය අවසන් වරට ජීවත් වුනු කන්‍යරාමයේ තැන්පත් කර ඇත.එලෙසම සාන්ත බර්නදෙත් තුමියට දේව මාතාවන් දර්ශනය වු පර්වතයේ අදවන විට විශාල දේවස්ථානක් ඉදිකර ඇති අතර එය දැකබලාගනීමට වර්ෂයක් තුල මිලියන 5කට අධික වන්දනාකරුවන් පිරිසක් පැමිනෙන අතර එහිවු දිය උල්පතින් දහස් සංඛාත රෝගින් පිරිසක් සුවය ලබා ඇත.

සාන්ත බර්නදෙත් තුමියව සාන්තුවරයට ඔසවන ලද්දේ 1933 දෙසැම්බර් මස 08 වනදින 11වන පියුස් පාප්තුමා විසින් රෝමයේදිය.සාන්ත බර්නදෙත් තුමිය තරම් දේවමාතාවන්ට ආදරය කල සාන්තුවරියක් නොමැතිතරම් .එතුමියගේ ජීවිතයේ අනේකවිධ කරදර මධ්‍යයේ වුවද දේව මාතාවන්ගැන අවිශ්වාසය නොකර එතුමිය සමග එකතුව කතෝලික ආගම රැකගැනීමට උර දුන්නා...

සැ. යු. මෙහි ලියා සොයා ඇති කරුණු අන්තර්ජාලය ඇසුරින් සහ මා ඇසින් දුටු දෙ පමණක් බව කරුණාවෙන් සලකන්න.

-පින්තූර 1994 දෙසැම්බර් ශීත සෘතුවේදී

Wednesday, October 2, 2019

සිරිලක දකුණේ පින්බර කොත්දුව රජ මහා විහාරය









                   

මේම විහාරය දකුනෙ බළපිටිය ප්‍රදෙශයේ මාදු ගගෙ මැද අක්කරයක පමන භුමියකින් හෙබි ප්‍රදෙශයකි.මෙහි ඉතිහාසය දෙවන පරාක්‍රම බාහු රජ දවස දක්වා දිව යයි..වත්මන් විහාරය ඉදිවි වසර 120කි......

හේමමාලා හා දන්ත කුමරුන් දළදා වහන්සෙ ලක් දිවට වැඩම කරද්දි පැවති යුධ තත්වය නිසාවෙන් රොහණ දෙශයට පැමිණ වැලි තොට ආසන්නයෙ වරායෙන් ගොඩ බැස රට තුළට අවුත් මාදු ගග ආසන්නයෙ කොත්දුවෙ වැලිමත සැදු දැගැබක සිරි දළදා වහන්සෙ නිධන් කොට රැක බලා ගත් බවත් යුද්ධය අවසානයෙ අනුරපුරයට ගොස් කිත්සිරිමෙවන් රජුට පිරිනැමු බවත් ඉතිහාසයෙ සදහන්වේ.

මිට අමතරව පරසතුරු උවදුරු පැවති කාලයේ දළදා වහන්සෙ අරක්ෂා කිරිමට විදිය බණ්ඩාර කුමරු ද දළදා වහන්සේ කොත්දුවෙ සගවා අරක්ෂා කර ඇත....

මෙම විහාරය ගැන තොරතුරු අසන්නා රසවත් හා පුදුමයට පත් කරන ජන කතා ගම්මුන් අතර ප්‍රකටය.ගාලු පාර සිමාවේ සිට මාදු ගගේ බෝටුවක නැගී පරිසරය නරබමින් සත පහ දුපතද ආසන්නයෙන් මෙම පින් බිම දැක බලා වන්දාන මාන කිරීමට අපමන සතුටක්
හා සිතට නිවනක් ලෑබෙනු නියතය.......

2000 වසරදී..දිනක...