Saturday, December 12, 2020

ගල්කිස්සේ හෝටලය ළග ආතර් අයියා සහ සුදු නොනලා පිරිනු ප්‍රේමා අක්කගේ බතික් කඩේ...

 ඔබට තෙරක් නොපෙනෙන මහා සයුරේ සීතල නැවුම් සුළං විදිමින් ලුණු රසය ඇගේ දැවටෙන ඇත සිතිජයේ රත්පැහැ හිරු බැස යන දෙස දිය රැළි ඇදෙන වෙරළක් අයිනේ ගල් පරයක් මත හිද ඒ රහ විදින්නට, දකින්නට ඇත්නම් එය මොනතරම් සුන්දර දසුනක්ද.

මා එසේ විද ඇත.
ඔබද එසේ තනි පංගලමේ කල්පනාවක තනි වෙමින් විදින්න ඇත.
ඒසේ මනෝ ලෝකයක තනි වෙමින් කොළඹ නගරයට ආසන්නයේම දුරක පිහිටි සුන්දරත්වයෙන් පිරි මුහුදු වෙරළක් නම් ඒ සුප්රසිද්ධ ගල්කිස්ස මුහුදු වෙරළ තීරයයි.
ගල්කිස්සේ මුහුදු වෙරළේ ඉරිදට ගිහින් බලන්න...//
ලස්සන ගැහැණු ළමයි කිදුරියෝ වාගේ...
වෙරළට ගෙන එනවා මංගල යෝගේ...//
ජනප්රිය ච්ත්රපට විහිළු චරිත හා ගායකයකු වූ ප්රේඩි සිල්වා කලාකරුවා ඉහත ගීතය ගැයුවේ ව්හිලුවට නොවේ. සත්ය ඒ නිසාමය. වෙරළ පෙන මානයේ සිටි නිසාය.
කොලොබට නුදුරු ගල්කිස්ස මහා හෝටලය පිහිටා ඇති නිසා අවට පරිසරයේ එදා තිබුණු සුන්දරත්වය නිසාම දෙස් විදෙස් ජනයා අතර ප්රසිද්ධ උනා.
එදා ගල්කිස්ස සයුරට මායිම්ව දිගු අති සුන්දර වෙරළ තිරයත් පෙනපිඩු නගින පැහැදිලි රැල්ලත් හා කිට්ටුවෙන් පිහිටි ගල් පරයක තැනු තරු පහේ හෝටලය නිසා ගමේ උදවියද ටුවරිස්ලා සමග නිතරම ගැවසුණා හමුවුණා කතාබහ කලා.
ඒ වගේම ගමේ බොහෝ උදවිය ඒ හා සම්බන්ධ සුළු ව්යාපාරයන් රැකියාවන් සේවාවන් අවංකවම දන්න භාෂාවෙන් ඔවුන් සමග කතා බහ කළා.
ඒ අතර සුදු නෝනලාට සුදු මහත්තුරන්ට සිප්පි මාල, රේන්ද, කම්බාද තවත් සමහරු තම අතින් ලි වලින් සැදු විසිතුරු විකුණපු අය හිටියා.
තවත් සමහර උදවිය ගමේ හා සුන්දර වෙරළ තීරයේ අන්නාසි හා පලතුරු වෙලදාම් කර දවසේ ගතමනාව සොයා ගත් "සිසි ආචිචි"ද
කුරුම්බා තැඹිලි විකුණපු "මැගි අක්කා"ද
කෙසෙල්ගෙඩි වෙලදාම් කර ජීවිකාව ගෙනගිය "වීක්ටර් අයියා"ද ඒ වෙළඳාම් කරන අය වෙරළේදී අතර කැපි පෙනුනා.
මේ ගමේ හිටිය ළමා ළපටින් තරුණ බාල මහලු ඔය කොයි කවුරුත් දන්නා ඒ වගේම රටම දන්නා විශේෂිත කලා හැකියාවක් ඇති කෙනෙක්. වාද බයිලා තරග සදහා ගීත ගැයූ "සනි අයියා"ය. ඔහුට පමණක් හිමි සහජ හැකියාව නිසා පලාතම දන්නා කෙනෙක් වුණා.
ඔහු පසු කාලයේ ලංකවේ ජනප්රියම බයිලා ගායකයාද වුනා. කොතරම් ජනප්රිය වුනාද ලිව්වොත් "බයිලා චක්රවර්ති" කියා නමක් ද පටබැඳුණා.
ඔහු ගැයූ ගීත අතරෙ ගමේ උදවියගේ ජීවිත ගැන ද බයිලා රටාවට ගීත ගායනා කළා.
ආනමාලු "කෝලිකුට්ටු ඇඹුල් කෙසෙල්" නැමැති ගීතය ලිව්වා විතරක් නොවෙයි පදමාලා දමා බයිලාවෙන් ගයනා කළා.
කුරුම්බා තැඹිලි විකුණපු මැගි අක්කාද ගීතයක් ගයනා කලේ තරා තිරම නොබලා ඇය කරන සේවය වෙනුවෙන්.
පොල් පොල් පොපොල් පොල්...
ලංකාවේ වතු වල වැවෙන පොල්...//
පිට රට පටවන පොල්...
පොල් වීකුනන මැගී අක්කේ බොහොම කලෙකින් නොවැ ඔබ දැක්කේ...//
කුරුම්බා ගෙඩියක් දෙනවද මැගී අක්කේ...හරියට පිපාසේ ඇත්තේ...
පොල් පොල් පොපොල් පොල්...
ලංකාවේ වතු වල වැවෙන පොල්...//
පිට රට පටවන පොල්..
මැගී අක්කා විකුනන්නේ පොල් තමයි...
ඈ තැබිලි ගෙඩිය වගේ ලස්සනයි...
ඇගේ ස්වාමි පුර්ෂයා පොඩි සින්න අයියා...
ගිය තැන තැන ඇගේ පස්සෙන්මයි...
පොල් පොල් පොපොල් පොල්...//
ගීතය අවසන් කලේ මැගී අක්කාගේ ස්වාමිපුරුෂයා ගැන ද මතක් කරමිනි.
එකල ගල්කිස්සෙ හෝටලය ටුවරිස්ලා අතර ප්රසිද්ධම කාලේ හෝටලය ඉදිරිපිට ටැක්සි රියදුරන් බොහොමයක් ගැවසුනත් රට තොට විස්තර දන්න සුදු සරම කමිසය පිරිසිදුව පිළිවෙලට අදින කළු පළල් බද පටියක් පළදින තමනට ආවේනික අව්යාජ ගැමි සිලෝන් සිනාවෙන් සුදු නෝනලා හා මහත්තුරුගේ හිත දිනා ගත්තේ, වසග උනේ, චවලට් කාර්යක් හිමි ටැක්සි කාරයාටය.ඒ අන් වෙන කවුරුත් නොව ආතර් අයියාටය.
රට වටේ සවාරි ගසන මේ සුන්දර මිනිසා සුදු නෝනලා පවා ඔහුට "ආතර් අයියා" කියා කතා කලා.
සනි අයියා නොහොත් එම් එස් ප්රනාන්දු ගමේ බයිලා ගායකයා ආතර් අයියාගේ හොඳම මිතුරෙක්ව සිටියා වගේම ඈතින් නෑදෑකම් සම්බන්ධයකුත් තිබුණා ඔහු සමග ඉඳහිට පොඩි අඩියක් ගසා සැන්දෑවේ සතුටින් ඉන්න දවස් තිබුණා. හෝටලට යාබද ආතර් අයියගේ නිවසේත්, සනී අයියාගේ නිවසේදීද දෙන්නා තුන්දෙනා සෙට් උනා.
ආතර් අයීයාට සුදු මහතුන්ගෙන් පිටරට විස්කි බ්රැන්ඩි ඕල් සිලෝන් ටුවර් ගෝ ඉන් එන අතරේ ගිෆිට් හැපී වශයෙන් ලැබුනා. තම මිත්රයාවූ සනි අයියා දන්න අන්ඩර් දමා ඉංගිලිස් කතා කරන මැන්ගෝ ෆ්රෙන්ඩ් ගැනද බයිලා සෝන්ග් එකක් ලියා වයා ගයා ආතර් අයියා ගැනද ගායනා කළා. ඔහු නොදන්නා කෙනෙක් නැති තරමට ඉන් කන්ට්රි, අවුට් කන්ට්රි නම ගීතය වයලස් රේඩියෝවෙන් පෙමස් වුනා. එම ගීතය පොඩි දරුවෝ, තරුණ, මහළු බේදයකින් තොරව ප්රිය කළා.
ගල්කිස්සෙ හෝටලෙ ළඟ...
ආතර් අයියා හෝටලෙ ළඟ...//
සර් හයිරීන් කාර්...අයි නෝ ඕල්ද බාර්...
ඕල් සිලෝන් ටුවර් ගෝඉන්...අයි ගිව් මයි කාර්..
ගල්කිස්සේ ../
අයි නෝ කෑන්ඩි රෝඩ්... අයි නෝ සිගිරිය රෝඩ්...
අයි නෝ මඩකලපු රෝඩ්... අයි නෝ ගල්ඔය රෝඩ්...
ටෙක් යු ජේම් මර්චන්ට්... දැට් ඉස් කහවත්ත රෝඩ්...
ඇලහැර බකමුණේ... මයි ෆ්රෙන්ඩ් මැණික් ලෝඩ්...
ගල්කිස්සේ..../
අයි සෝ යු වයිල් එලිෆන්ට්... වී මස්ට් ගෝ යාල කැලේ...
අයි ගිව් යු මිලක් ඇන්ඩ් හනි... පාසින් මාතර නගරේ...
එබයුට් පනාමුරේ... යු කැන් සි බිග් ටෙම්පල්...
ගෝ ඉන් ටු අනුරාදපුරේ...
ගල්කිස්සේ.../
යුවර් වයිෆ් මැඩම් මිසිස්... කොලින් ඇන්ඩ් කම්කෝ ප්ලීස්...
අයි ගිව් හර් කැවුම් කොකිස්... ලන්ච් ටයිම් පුඩ් පොකිරිස්...
අයි නෝ බෙටර් ඉංගිලිෂ්... ලයික් ඉටින් ලුණු මිරිස්...
මයි ෆෙරෙන්ඩ් සිංගර් එම් එස්... ඕල් සිලෝන් බයිලා ටුවිස්ට්...
ගල්කිස්සේ...//
වරක් ආතර් අයියාගේ චවලට් කාරයෙන් බයිලා චක්රවර්ති එම් එස්.ප්රනාන්දු සමග පොදුජන ගායක ජෝතිපාලයන් හා තවත් කලා ශිල්පීන් කිහිප දෙනෙකු සමග අනුරාදපුර සංගීත ප්රසංගයකට ගියා. එම්. එස්. ප්රනාන්දු මහතා මෙම ප්රසංගයේ ගීතය ගයනා කල අවසානයේ බලන්න අසන්න ආ ප්රේක්ෂකයෝ හඩ නගා ඇසුවේ
"ඇත්තමට මෙහෙම ටැක්සි කාරයෙක් ඉන්නවාද" කියාය.
"ඔව් ! හැබෑම චරිතයක් ඉන්නවා.. ඕනා නම් දැන් ඔබලාට මේ වේදිකාවේ මට පෙන්වන්න පුලුවනි..."
හැමෝම උස් හඩින් කැගසා කිවේ .
"පෙන්වන්න කෝ එම් එස් අයියේ..." ලෙසයි.
අතාර් අයීයාගේ නම කියා වේදිකාවට කතා කර ගෙන්වා
"මේ ඉන්නේ...ගල්කිස්සෙ හෝටලෙ ළඟ...ආතර් අයියා...
මයි ෆෙරෙන්ඩ් ආතර් අයියා... ඕල් සිලෝන් ටැක්ෂි ටුවිස්ට්..
මෙන්න මගේ මිත්රයා" කියාය.
ගල්කිස්සෙ හෝටලෙ ළඟ ආතර් අයියා හෝටලෙ ළඟ එහෙන් මෙහෙන් කෑලි අවුරා අහුලා කැඩිච්ච ඉංග්රීසි වචන සුද්දන්ට කතාකරන ඔහුට තේරෙන භාෂාවකින් ලියා තිබෙනවා. මේ ගීතයට ඉබේ නැටවෙනව. නටපු නැති කෙනෙක් නැති කෙනෙක් ඉන්නව නම් තම ගතින් කෙසේ වෙතත් සිතින් හෝ නටා ඇති බව නොලියාම බැරිය.
ආතර් අයියාගේ දයාබර බිරිඳට අයත් බතික් රේන්ද වෙළද සැලක් ගල්කිස්ස ප්රසිද්ධ මහ හොටලයට කිට්ටුව "හේමා බතික්" නමින් සූදු නෝනලා මහත්තුරුන්ට බතික් රෙදි ඇතුළු වෙනත් රෙදි විකුණන ජනප්රිය සාප්පුවක් තිබුණා.එහි අයිතිය ඇයයි.
බයිලා චක්රවර්ති එම් එස් ප්රනාන්දු ට ගමේ උදවිය ආදරයට කතා කළේ "සනී" කියලා.
ගමේ බොහෝ අයට තම අනන්යතාවය බලා අසා බයිලා ගීත රචනා කර ගැයුවත් හේමා අක්කාට නම් සිංදුවක්, බයිලයක් තියා කවියක් වත් ගැයවුනේ ලියවුනේ නෑ.
දිනක් සවස් යාමයේ එම් එස් ගේ නිවසේ ආතර් අයියා සමග මධුවිත පානය කරන මොහොතක හේමා අක්කා හදිසියේම කඩන් පත්වුණා.
සිනහා ගිය ඇයට,
"සනී මල්ලි මටත් සිංදුවක් කියපන්කො.." අහම්බෙන් වගේ ඇයට කිය උනා.
"හේමා අක්කගෙ බතික් කඩේ" ගීතය ලියවුනේ එහෙමයි.
හේමා අක්කගෙ බතික් කඩේ...
සුදු නෝනලා පිරිලා...
මේ දෙදෙනා දු දරුවෝ සමග ගල්කිස්සේ ජිවිතයේ අවසානය දක්වාම ජිවත් වුනා.
ඉන් එක් පුත්ර රත්නයක් බොහෝ කලක් ජර්මනියේ ස්ථිර පදිංචිව ජිවත් වන්නේය. මගේද මිත්රයකු වන ඔහු නමින් ඩියුක්ය. හිතවතා... රසවතා... කලාකමියා....
දිනක් අතීතයේ තම පවුලේ හා බැදී ඇති රසවත් තොරතුරු කිවේ සිනහා වෙමින් හා මතකයන් සිදුවීම් ඇසුරෙන්ය. ලංකාව පුරා සුදු නෝනලා මහත්තුරු රට වටේ අරන් ගිය ටැක්සි රියදුරෙක් වන මගේ තාත්තාද, බතික් ෂොප් එකක් කළ ඔහුගේ අම්මා ගැන කිවේ හරිම ආඩම්බරයෙන් හා භක්තියකිනි
ජර්මනියේදී සංගීත ප්රසංගයක් අතර අඟර දඟර නැටුම් දමමින් මා අසළ සිටි ඔහු
"ගල්කිස්සේ හොටෙලේ ළග ආතර් අයියා හොටෙලේ ළග..." බයිලා ගීතය සන්ෆ්ලවර් සංගීත කණඩායමේ නායක නිල් වර්නකුලසුරිය ගායනය කරන විලාසය දෙස නෙත් යොමා අතීතය සිහි කරමින් හැගුම්බරව ලන් වී කිවේ මෙසේය.
"මචෝ ජගා...
හිමේ හිටියත් එම් එස් අංකල්ගේ ගයන මේ සිංදු එක්ක කට හඩත්, අම්මාගේ තාත්තාගේ උණුසුමත්, දහඩියේ සුවදත් මට දැනෙනවා මචං..."
සනී පොඩ්ඩක් අඩියක් ගහන මනුස්සයා .ප්රසංග වේදිකාවේ පිළිවෙලට සුදට සුදේ ඇදුමින් හා හිසකෙස් තදින් පීරා බඹර හඩින් බයිලා ගී ගායන විට ඒ තෙම්පෝ රිද්මයටම තම හිස වනමින් අත් සලමින් තමාටම අවේනික රංගන විලාශයකින් ප්රේක්ෂකයෝ වන අප අමන්දානන්දයට පත් කරනවා.
මම ටැක්සි කාරයා, බෝල බෝල මැටි, සිත සුළං අවට හමන්නේ, ගෙදර හිට්ය රෝස කැකුළු රෝසා, අහා හැඩයි රූපේ බෝනික්කා වගේ සොබනා වැනි වේගරිද්ම බයිලා ගීත නට නටා ගායනා කරන හැටි ප්රසංග වේදිකා වල සජීවීව මා දැක තිබෙනවා.
බයිලා කීවත් ඔහු "කස්තුරි සුවඳ" චිත්රපටයෙන් සරත් දසනායකයන්ගේ සංගීතයෙන් කරුණාරත්න අබේසේකර ලියූ ගීතයක් ගයන්නේ විශිෂ්ට ගණයේ ගායකයන් දෙදෙනෙක්ද එකතුවය.
අසහාය ගායක එච්.ආර් ජෝතිපාල ගීත කෝකිලයා හා වික්ටර් රත්නායක ශුරින්ගේ සමග එකට එක් වී බයිලා චක්රවර්ති එම් එස්ය.
මල් වයසේ මධු සිහිනේ ආදර මාළිගයේ...
ඒ ගීතයයි.
එම ගීතය එදා මෙදා ජනප්රිය ගීතයක් වේ. ගීත පටිගත කිරීමේදී එදා තිබුණු තාක්ෂණයත් සමග වාදකයන් නැවුම් රා මුටිටියට බබරුන් ඇවිත් මත් වෙන්නාසේ අපද වාදනෙන් ගායනෙන් මත් නොවුනේ නම් පුදුමයකි. ඔහුගේ ගීත ට්ර්ම්පට් වාදනය කළ සෙබස්තියන් ප්රනාන්දු නම් ශිල්පියා නැත්නම් මෙවන් තාල තරංග බිහි නොවනුමානය.
තවද "මරුවා සමග වාසේ" චිත්රපටියේ ප්රේමකීර්ති ද අල්විස් පද රචනා කළ අර්නස්ට් සොයිසා සංගීතවත් කළ බයිලා චක්රවර්ති එම් එස් ප්රනාන්දු සමග අසහාය ගායක එච් ආර් ජෝතිපාලයන් මියුරු හඬින් ගායනා කළ "තැටිය මැද්දෙ කළු කරාපු" ගීතය එදත් අදත් හෙටත් සිංහල චිත්රපට ගීත ගොන්නේ අමතක වේග රිද්මය ඉරා මකා නැටවෙන ගීතයක් වේ.
70 දශකයේ සහ ඉන් පෙර දිවයින පුරා ජනතාවට සිය රටේ අසල්වැසි රටවල සිදුවන දෑ දැන කියා ගැනීමට තිබුනු එකම විද්යුත් මාධ්යය වු ගුවන් විදුලියේ ඒ වෙනුවෙන් වෙන්කර තිබුනු විනාඩි 10 ක තරම් කෙටි කාලය ඇරඹුනේ දිනපතා මධ්යයන 12 45 ටය. ඊට පෙරාතුව ගෙවිගිය තත්පර නවසියයක කාලය තත්පර ගණනින් එසේම වැදගත් වු ශරාවක රසික සමූහයක් සෑම ඉරුදිනකම දහවල් 12 30 ට ඒ වටා රොක්විය.
ඒ සංගීතමය වැඩසටහන ඔවුනට එතරම්ම වැදගත් වුයේ මුඵ සතිය පුරාවටම සිය පරියතම වේගරිද්ම ගීත 04 ක් පමණක් රස විඳින්නට එයින් ලැබු ඉඩකඩ නිසාවෙනි.
කාලහෝරාව හැගවෙන සීනු නාදය හඞවා එය මෙසේ හඳුන්වාදුනි නම් එකී රසිකයන්ගේ අමන්දානන්දය දෙගුණ තෙගුණ වෙයි. කිමද යත් ඔහු ඔවුන්ගේ ගීත කලාවේ අසහාය විරවරයාණන් බැවිනි.
’මෙතැන් සිට බයිලා ගී තිරයක් ..ආරම්භ කරමින් එම් එස් පරනාන්දු ගැයූ ගීතයක්....’
සුපුරුදු ලෙස එම් එස් ලකුණ හෙබවූ සංගීත රස වෑහෙයි. ටරම්පට් - සැක්සෆෝන් - ඩරම්ස් වාදන කට්ටලයේ විසිතුරු රිද්ම රටා පරයමින් මහගමගේ සැම්සන් පරනාන්දු ගේ හඞ නැග එයි.
සීත සුළං අවට හමන්නේ
සුදු වළාකුලයි කන්දේ හැපෙන්නේ
නුවර එළිය යන්නේ
විවේකයක් ගන්නේ
ඇගේ පතේ සුවේ දැනෙන්නේ ...
(ටරම්පට පෙළකින් නංවන අන්තර් වාදන ඛන්ඩය)
ඉරුදින දිනකර පවා රගදෙන එම් එස් ගීතරසයේ අනන්යතාවය එසේ ඇසෙන ටරම්පට් නාදයමය.
ටිකිරි ටිකිරි ටිකිරි ලියා
කවුද කියල බලමු එයා
නැති කෙනෙකුගේ නමක් අහලා
ඇගේ ගෙට ගියා ............
සැණකෙළි බිමේ තැන තැන ඉදිවුනු මෙරි - ගෝ - රවුමේ තුරගෙකු ආරා නැගයන සිගිති රසිකයන් ගේ සවන් පිනවන ටරම්පට් නාදය ඔවුන්ට ආගන්තුක නොවේ.
මේ ඇසෙන්නේ අද දහවලේ රේඩියෝ එකේ ඇහුනු එම් එස් ගේ අසවල් සිංදුව නොවේද ?
කැකිරි පැලෙන ටිකිරි හිනාවයි ....
ඔබේ ගමන බිමන නාරිලතාවයි ....
කිකිණි කිකිණි කිකිණි කිකිණි කිකිණි කතාවයි ............
රම්පටය නම් එම් එස්ය. එම් එස් නම් ටරම්පටය මය යැයි ගීත ලෝලියෙකුට හැගී යන්නේ නම් එය අරුමයක් නොවේ. කිමද යත්, ඔහුට නිතර ඇරසන එම් එස් හඞ නැගෙන්නේ ඒ නාදය අතරිනි.
රසංග වේදිකාවේ සැණකෙළි බිමේ ඔහුව හඳුන්වාදෙන නිවේදකයා ගේ මුවින් නොගිළිහෙන වදන් යුගළය නම් "බයිලා චකරවර්ති"වදන් පෙළය.
රසිකයෝ නරඹන්නෝ අත්පොළොසන් මෙන්ම විසිල් හඬවල් නගන්නේ ඒ නම ඇසූ පමණින් කෑ කෝ ගසමින්ය.
එක්තරා අවස්ථාවක නිර්ව්යාජ සැබෑ එම් එස් පරනාන්දු දැක දැන හැඳින මතුකරගත්තේ ආචාර්ය කේමදාසයන්ය. 1976 කේ ඒ ඩබ්ලිව් පෙරේරා ශූරීන් ටී බී ඉලංගරත්නයන්ගේ නවකථාවක් ඇසුරෙන් තිරයේ මැවු ’නෑදෑයෝ’ හිදී එම් එස් තමා කවරෙකුදැයි මාධ්යවේදී ජොර්ජ් ලෙස්ලි රණසිංහ කළ පබැඳුමක් ඔස්සේ හෙළ ගීත රසිකයන් වෙත හඳුන්වා දුන්නේය.
ඒ රන් කඳ පෙම් හඞ ...
ගුම් දිදී...
ඒ රන් කඳ පෙම් හඞ
රැුව් දිදී ...
කේමදාසයන් එම් එස් ව නිසිලෙස හඳුනාගන්නට හේතුභූත වන්නට ඇතැයි අනුමාන කෙරෙන මුල්වු සැබෑ කාරණය හා සබැඳි නිමිත්ත මතු වන්නේද ඔහුගේ බයිලා වෙළඳ තැටි ගී වාදනය කළ ’ගුවන් විදුලියෙනි’.
එදාමෙදාතුර බහුතර එම් එස් රසිකයන් පවා නොහැඳිනගත් ඔවුන් ගෙන් පවා වසන් ව ගිය එකී සොඳුරු සරළ ගී ගායකයා උපත ලැබුවේ ලංකා ගුවන් විදුලියේ සරළ ගී හඞ පිරික්සුම් කරමවේදයෙනි. ඒ 1970 දශකයේ මුල් වසර දෙක තුන ගෙවි යද්දීය.
වෙළඳ තැටි ව්යාපාරිකයන් ගේ අශිර්වාදයෙන් ගුවන් විදුලියේ සම්මත කරමවේදයෙන් බැහැරව ඊට අභීයෝග කරන ලද්දා වූ ගායක ගායිකාවන් නිතිපතා දිනපතා දොරට වඩිද්දී බයිලා චකරවර්තී නාමධාරි වේගරිද්ම සංගීත ලෝලී තරුව වු ඔහු නිහතමානීව ගුවන් විදුලි නිතිරිති පද්ධතියට යටත්ව එහි පිරික්සුම් නිලදරු සබාව ඉදිරියේ පෙනීසිට ’සරළ ගී ශ්රේණීගත’ පරික්ෂණයෙන් සමත් විය.
ඒ අනුව තමන්ට ලැබුනු ’සරළ ගී’ වැඩසටහනට නොපමාව පෙනිසිටිමින් උත්තර භාරතීය ශිල්පකරමවේදය ගුරුකොට සැළකු ගුවන් විදුලි සාම්පරදායික වාද්ය වෘන්දය ට අනුගතව ගීත 04 ක් පටිගත කලේය.
එයින් තැටිගත වු ගීත ඔස්සේ ලාංකීය රසිකයා ’නැවත උපන් එම් එස් පරනාන්දු’ හැඳිනගත්තේය.
සිය සුපුරුදු ලතාවෙන් මුඵමනින්ම නොමිදි ඔහු ’ඩොල්කිය’ විසින් නංවන තාලයට අවනතව මෙසේ ගැයුවේය.
මාලේ සදාගෙන ඔ්ලු මලින්
ගෙලේ දමාගෙන රුවට රුවින්
මැණිකා එනකොට නියර උඩින්
නිල්වන් ගොයමේ කරල් පැසෙන් ...
සිතාරය - වයලින් - තබ්ලා ඇසුරේ යළිත් රැඳෙමින්
බෝල බෝල මැටි එක එක ගෙනෙනවා
ගුවන් යානයක් වාගේ පියඹං
උඵවස්සේ පොඩි ගෙයක් හදනවා
කා කැන්දන් එන්නද කුඹලෝ ...
යළිදු වරෙක සිය හඩ හිලෑ කරගනිමින් මනාව හසුරුවා ගනිමින් ඉතා සංයමයෙන් පුර්ණ ගුවන් විදුලි සරළ ගී ආකෘතියට සම්පුර්ණයෙන් නතු වූ ඔහු එදා මෙදා තුර ඒ දක්වා ගැයූ සිය ගිතාවලියේ නොමැකෙන සිහිවටනයක් ගොඩනැංවු අරුමයයි මේ. උඩැක්කි ඇතුඵ දේශිය වාද්ය භාන්ඩයන් හි අනුසාරයෙන් ගැයෙන මේ ගීතයේදී ඔහු සිය ගායන කලාවේ නව මානයකට පිවිසෙමින් තම නිසග පරතිභාව මනාලෙස මතුකර දක්වයි.
උදයට හිරු පායනවා
අඳුර මැකෙනවා
සවසට සඳ පායනවා
කිරි බැබළෙනවා
මහ මුහුදෙන් වටිනා මාණික හමුවෙනවා
කතරගමේ කඳ කුමරුන් අපව රකිනවා ...
ඔහු විශේෂ අවස්ථාවල රන් නෙළුම් මානයක් පැළඳ සිටියා ඔහුට ලැබුණු මතක සටහන් අතර 1975 වර්ෂයේ ගීත දහසක් භාෂා 5කින් තැටිගත කිරීම සහ සිංහල චිත්රපටි සීයක පමණ පසුබිම් ගායනා කිරීම වෙනුවෙන් කොළඹ කලා කවිය දුන් තිළිණයයි.
එවක ජනාධිපති විලියම් ගොපල්ලව මැතිතුමා රජගෙදරට ඔහු කැඳවා තේපැන් සංග්රහයක් දී උපහාර දැක්වූවා ඔහු සමග ඡායාරූප එකට ද පෙනී සිටියා. ඔහුගේ විශේෂ ජීවිතයේ විශේෂ අවස්ථා වට සටහන් වෙනවා.
මා තරඟ බයිලා ගායකයෙක් සමහර දවස් වලට වෙසක් දවස් වලට බයිලා කියන්න අවස්ථා මට ලැබෙනවා එතැනදී මට කියන්න වෙනවා බුදුගුණ මම ඉතිපිසෝ ගාථාව තේරුම් සහිත බයිලා වලින් කියනවා.පලවෙනි ශාස්ත්රීය සංගීතය ඉගෙනගත්තේ විශාරද ජේ ඒ සත්යදාස මහතා මහතාගෙන් වුණත් ඒ අතරතුර බයිලා සංගීතයට විලියම් පොන්සේකා ඩබ්ලිව් ජයතිස්ස ගුරුවරුන්ගෙන්ද ඉගෙන ගත්තා.
ශාස්ත්රීය හා බයිලා තාල මිශ්රකර මා අදට උචිත විදියට ගීත ගායනා කළා.
මාල ගිරවි, බෝල බෝල මැටි, හලෝ ගර්ල් එවැනි ගීත වේ ඒවා ්රේක්ෂකයෝ අතර ජනප්රිය වුණා. මාල ගිරවි ගීතය ගැන මඩකලපුවේ පෘතුගීසි රම්පරාවෙන් පැවත පිරිසක් එය ඔවුන්ගේ තනුවක් ප්රකාශ කළා. නමුත් එම තනුව පදමාලා මගේ පිලිප්ස් තැටියකින් එදා මම එදා පටිගත කළා. පසුව ඔවුන් මේ පදමාලාට පෘතුගීසි වචන යොදා තිබුණු බව පසුව පිළිගත්තා.
බයිල චක්රවර්තී එම් එස් ප්රනාන්දු මහතා වරක් මේ බව රූපවාහිනී මගින් පටිගත කළ වැඩසටහනකදී ප්රකාශකලා.
බයිලා ගීතවල පදමාලා වල වචන හරඹ නැතිබව බයිලා සංගීතයේ විවේචනය කරපු අය එදා සිටියා ඒ ගැන ඔහු තවදුරටත් එම වැඩසටහනෙ මෙසේ ප්රකාශ කළා
"සංගීතයට තර්ජනයක් වෙයි කියලා සමහරු සිතුවත්..."
"බයිලා සම්ප්රදාය මම හිතන්නේ නෑ තර්ජනයක් කියලා බයිලා සංගීතය වෙනම සංගීතයක් දේශීය සංගීතය වෙනම දෙයක් ඉතින් එකට ජීවත්වෙන්න පුළුවන් ලෝකේ හැම තැනම එවැනි සංගීත ක්රම තිබෙනවා ඉන්දියාවේ පුස් සංගීතයේ තියෙනවා බයිලා කියන්නේ පොප් සංගීතය අලුත් විදිහට හැදිච්ච දෙයක් පදමාලාවල හරවත් වචන නැති බව බයිලා සංගීතය විවේචන කරපු අය එදා හිටියා" ඒ ගැන ඔහු එහෙම කිව්ව කියනවා.
බයිලා චක්ර වර්ති එම් එස් මහතා ගැන මතකයන් අතර මට ගමේ සිදුවීම් කිහිපයක් මතක්වේ.
නිර්ධන පන්තියේ උන්ගේ දැනෙන්න පෑගෙන දුගී මගි අහිංසක ජනයා වෙනුවෙන් පෙරමුණෙන් ඔද වැඩී සිටි අපේ ගමේ තැපැල් රත්නයේ අයියා විශාරද නන්දා මාලනීයන්ගේ හා විශාරද කපුගේ පමණක් ගීත ඇසීමට බොහෝ ප්රිය කළාය. ඒ පසුපස ගියේය. එකල ගමෙන් ගිරාතලානට දීග ගිය පුෂ්පාගේ අක්කාගේ ඇට්ටෝර්න් ගෙදර තිබුණු මගුල් මේසයේදී අල්ලපු ගමට ගොස් ගම කැවාය.
දහවලට තිබුණු කෑම සාදයට සහභාගී වන ලෙස ඔහුටද බුලත් අතක් දී අරදනා කර තිබුණා.
මගුල් ගෙදර ගිය ඔහු මදක් වස විස පානය කළ ඇඟ රත් වී දගර නැටුම් දමා බමන මතින් ඉන්නා මොහොතේ ඉන්න තැන අමතක වී කෑගැසුවේ, එම් එස් ගේ බයිලා ගීතක් දමන ලෙසය. කොබෙයිගනේ හන්දියේ පරාක්රම සවුන්ඩ් අයිතිකරු වූ පරාක්රම අයියා ඔහුගේ තැටිය හදිසියේ කර කැවුණු ප්රමාදවීම හේතුවෙන් රත්නේ අයියා එදා මුළු මඟුල් ගෙදර එම් එස් ප්රනාන්දුගේ ගීත පොල් ගසේ බැද තිබු ලවුස් පිකර්යෙන් ඇසෙන තුරු ගේම ඉල්ලූ හැටි මට මතක්වේ.
පසුව ඔහු මුණ ගැසෙන විට ගම්මු "රත්නේ මලේ" වෙනුවට එම් එස් කියන්ඩ මිනිස්සු පුරුදු වී සිටියේය. රත්න අයියා අහිංසක සිනහවක් පාමින් එවිට බිම බලා ගන්නේය.
තවත් කතාවක් මට සිහි වේ.
ගමේ පාසලේ එකට ඉගෙන ගත් සුබසේතගම මහින්දයාගෙ දෙමව්පියන්ට මුදල් හදල් තිබුණ නිසා ඔහු පසු කාලයක කොළඹ ඩී එස් සේනානායක විද්යාලයට ඇතුළත් කළා. නමුත් ඔහුට ඉගෙනීමට වඩා කලාවට ආස කළා. විශේෂයෙන්ම බයිලා කලාවට. 90 දසකයෙ කොළඹ සරවනමුත්තු ඛෙත්තාරාම හා පාසල් ක්රීඩාංගන තුළ කොළඹ නගරේ ප්රමුඛ පාසල් අතර ක්රිකට් තරගාවලියදි ඔහු මෝලං කණ්ඩායම් සමඟ එම බිග් මැච් බයිලා ගීත වලින් නටමින් ගයමින් වර්ණවත් කළා.
ඔහු එම ආභාසය ලබා තිබුණේ එම් එස් ප්රනාන්දු මහතා සමඟ ඇති කරගත් වයසට නොගැළපෙන මිත්ර කමයි. පසුව ඔහු එම් එස් ප්රනාන්දු මහතාට ඇවිටිලි කරමින් බයිලා පදමාලා සමග කැසට් පීස් එකකුත් නිකුත් කළා. මහින්ද වීරවංශ ගමේ හිතවතා එම් එස් ප්රනාන්දු මහතාගේ ගීත වලට බොහෝසෙ ආදරය කළා. මහින්දයා ඒ ඇසුර හා ඔහුගේ ජීවන තොරතුරු පැවසූ හැටි මට මතක් වේ.
බයිලා චක්රවර්ති එම් එස් ප්රනාන්දු කලා ශිල්පියා අද ජීවතුන් අතර නැතිවුනත් ඔහුගේ බයිලා ගීත ඇසෙන විට ඔහු අප හද තුළ ජීවත් වෙන බව දැනේ.
ඔහුගේ දයාබර පුතු සුසිල් ප්රනාන්දු සහ සහෝදරයකු වන වෝල්ටර් ප්රනාන්දු මේ මහා කලා ශිල්පියාගේ කලා රසය ඉදිරියට ගෙන යෑමට දෙස් විදෙස් ප්රසංග වේදිකාවලදී ඉදිරිපත් වීමත් තුළින් ප්රේක්ෂකයන් වන අපට සතුටු ගෙන දෙන්නකි.
"මරුවා සමග වාසේ" චිත්රපටයෙ කසිප්පු වාඩියෙ පාටියෙ ඉබේ නැටවෙන මේ සුන්දර ගීතය මට මතක් වේ.
තැටිය මැද්දේ කළු කරාපු
පහන් තිරය මැදට දාපු
හනුමන්ටත් පුදුම හිතෙනවා...
රාමාටත් බැරි උනාලු... සිතාටත් බැරි උනාලු..
අපිව දැකලා එයා අඩනවා... ඇයි කවුද එයා...
නෑ නෑ දැන් එයා මෙහේ නෑ...
ලිපියේ සමහර තොරතුරු ප්රභාත් රාජසුරිය මහතාගෙන්, මාර්ක් සකර්බර්ග් මහතා සහ ඉහත ලිපියේ සඳහන් එම් එස් ප්රනාන්දු මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ හා මාගේ අතීත මතකයන් සහ ලිපි ඇසුරෙනි.







Friday, November 13, 2020

දුප්පතාගෙ හිතවතා - කොළඹ තෝසෙ රජා...

 චීස් බීස් හැම් බේකන් පස්ට පිස්ටා චීන නූඩ්ල්ස් බුරියානි වගේ පෝෂ් කෑම අතේ නොගෑවී හැඳි, ගෑරුප්පු ගිලින උදවියද, මුහුණ සඟවා හොරෙන් රිංගන ආමර් වීදියේ දුප්පතාගේ අවන්හලෙ කල්දේරම් බඩු ඇඟිලි තුඩුවලින් මිරිකා අනා සාම්බාරු හොදි පෙරි පෙරි ඒ බඩජාරි නැති බැරි මැද සතුට ඉහ වහා ගිය එදා අතීතය මට සිහිවේ...

සාම්බාරු හොද්දේ සුවඳට පාටට රසයට අහක බලපු උදවියට මෙන්න තවත් කොළඹ අංක එකේ තෝසේ, සාම්බාරු, මසල වඩේ හෝටලයක වගතුග...
කෑවොත් දියාරු පරිප්පු හොදි සමග රසම් හොදි ,
බඩ කට අවයව, නියඟයේ වැවේ අහුවුනු නෙළුම් අලයක් වගේ තමා...
ඒ වෙන කොහේවත් නොව ආමර් වීදියෙ "ශ්රී වානි විලාස්" වෙජිටෙරියන්...
හා හා හා හා හා හා...
මෙතන බොලේ හරි ජරමර...
කොලොම්පුරේ ශ්රියා...
වානි එකේ ඇතුලේ බොම්බේ බාසර් වගේ, රේඩියෝ සිලෝන් එකේ ගිය ඒ කාලේ එහෙම සින්දුත් ඇහෙනවා...
තෝසේ මසල වඩේ
සම්බෝලෙ ටික ටික
සම්බාරූ ගොඩ ගොඩ
එකට ආනාලා... කාලා යන්නේ...
තෝසේ මසල වඩේ...
සිංහල සිනමාවේ විකට නළුවෙකු වූ එඩී ජයමාන්න ශූරීන් සහ පසුව නව රිද්මයට බයිලා ගායක ඩෙස්මන් ද සිල්වා ගායනා කරන පැරණි සූප්රසිද්ධ ගීතයද එහි වැඩ කරන වේටර් අයියලා කැඩිච්ච සිංහලෙන් තාලයට හිමිහිට මුමුණනවා මා දැක තිබෙනවා.
එහි සේවකයෝ කම්මැලි නොවී ඒ පන්ච තාලයට තමයි සියලුම දෙනා කඩියෝ වගේ වැඩ කරන්නේ.
හැබැයි තමන් හෝටලයේ කැෂියර් එක ලඟින් දේදුනු පාට පැණි රස දකිමින් බොම්බේ ස්වීට් පිළිවෙලකට තබා ඇති වීදුරු රාක්කය ලඟින් හෝටලයට ඇතුළු වන්නේ ඇතුළතින් එන රසම් සුවඳ හමනා විටදීය.
ඔබ එන බව කෑගසා ඇනවුම් කරත්, කෑම කන්න හැඳි ගෑරුප්පු පිඟන් පීරිසි හට්ටි මුට්ටි මැටි භාජන බෙලෙක් පිඟන් ඕනේම නැත්තං වානා...
නැත්නම් මොකා ගියත් කෙහෙල් කොලේට බඩු. වගතුවක් නැතුව විසිකරන සාම්බාරු හොද්ද සමග තොසෙ කෙහෙල් කොළයට විසි කරන්නේ හරියට කවපෙත්ත විසි කරනවා වගේය. මල පනිනවා වෙලාවකට... ඒත් පෙරේතකමට බඩගින්නට ඒවා සල්ලම් හොඳේ...
සීවලී මහ රහතන් වහන්සේගේ පින්තූරය සමග කතරගම දෙවිඳු, පුල්ලෙයාර් සාමි, සාන්ත මුනිදුන් පියතුමාගේ පින්තූර බිත්තියේ පිළිවෙලකට එල්ලා, ඒ රාමු මත සේපාලිකා මල් වලින් තැනූ මාල දවටා පුද පූජා කර ඇත.
රතු සුදු ඉදිආප්ප, පරාට, චපාට්, මසල උළුදු වඩේත් උණු උණුවේ තියනවා.
නාන බාල්දියක දමාගෙන ගෙනෙන සාම්බාරු හොදි ඇගට විසි වුණත් කරන්න දෙයක් නෑ. ඒවට සූදානම් වෙලා යන්න ඕනා.
ප්රශ්න අහන්න බැහැ. හරියට වවුලා ගේ ගෙදර ගියා වගේ. කන්න නේ ආවේ.
තෝසේ අතින් අනලා කාලා ඉවර උනාට අන්තිමට දෙන රසම් බිව්වහම කාපු ඒවා කොහෙද කියලා හොයා ගන්නත් නෑ බඩේ.
අත හෝදන්න ලඟට සබන් ෂැම්පො "ඔන්" කියලා ලඟට ගෙනත් දෙන්නෙත් නෑ.
තමුන්ම ගිහිල්ලා කුස්සියට අත හෝද ගන්නත් ඕන. ඒ නීති වලට සූදානම් නම් බඩජාරියො අපි කෑවා ගෙව්වා නොගෙව්වා සයිඩ් අවුටි වෙන්න ඕනා.
තොල කට පුපුරන ඇලුමිනියම් කරඩියේ දෙන උණු උණුවේ ළඟට එන කිරි තේ එක බිව්ව නම් බයිලා කිය කියා මේසෙ ලඟ තවත් වාඩි වෙලා ඉන්ඩ බෑ... ඉක්මනින්ම නැගිටිලා පිටත ඉන්න බාල තරුණ මහලු පෝලිමේ අයට ඉඩ දෙන්න ඕන.
කෙසෙල් කොලේ සමග තොල ගෑ සූප්පු කළ ඉතිරි වූ ඉඳුල් වන මුරුංගා සහ වට්ටක්කා පොතු , කරපිංචා නැටි, කුරුඳු පට්ටේ , කරදමුංගු එනසාල් හපෙ වගේ දේවල් කෙසෙල් කොලේ සමග ඔතලා කුණු බක්කියට විසි කරාම නළලේ තිලක තබා තිබෙන වේටර්ගෙන් අත පිසදාන්න කඩදාසි කොළයක් ලැබෙනවා. හැබැයි,
ඒක සිංහල දෙමළ ඉංග්රීසි පරණ පත්තර කෑල්ලක් කියවන්නෙම යන්න එපා. කාපු බීපු බීල කියලා හොඳේ.
ඔහුට සිනහවී "නල්ල සාපුඩින්ග අයියා..." කිව්වොත් ඒ වචනය සතුට ඔහුට හොඳටොම ඇති...
කැෂියර් කූඩුව ළඟ සූදුරු මහදුරු ඉඟුරුපියලි ලට පට පොඩි පීරිසියක් තිබෙනවා.
ඇඟිලි තුඩුවලින් එයින් ටිකක් ගෙන බුලත් විටක් හපනවා වගේ හැපුවොත්.
ගත සිත හිත ඒ ඖෂධ සුවඳින් පිනා යයි.
ප්රවේසමෙන්...
වානි හෝටලයෙන් කෑම කන්න යනවා නම් ඒ අවට ඒ වගේම හෝටල් දෙක තුනක් තියෙනවා හොර ඒවා. ඒවාගෙන් ඉල්ලන් කන්න එපා. දන්නවනේ ආමර වීදිය. අපට දොස් කියන්නත් එපා...